අද කතා කරන්න යන්නේ අපේ රටේ කවි ලියලා නම තියපු කාන්තාවන් කීප දෙනෙක් ගැන. කැටපත් පවුරේ පවුරේ සීගිරි ගී ලියපු කාන්තාවෝ ගැන සෙනරත් පරණවිතාන මහත්මයා පැහැදිලි කරලා තියෙනවා. ඒ අතරින් බතී ප්‍රසිද්ධ චරිතයක්. හැබැයි බතී ගැනවත් කැටපත් පවුරේ කවි ලියපු අනිත් කාන්තාවෝ ගැනවත් වෙන විස්තරයක් අපිට ලැබෙන්නේ නැහැ.
ඊට අමතර දැනට ඉතිරි වෙලා තියෙන පැරණි සාහිත්‍ය කෘති අතර කාන්තාවක් විසින් කරපු කිසිම සාහිත්‍යය කෘතියක් අපිට හමුවෙන්නේ නෑ. සමහරවිට ඒ පන්සල් ආශ්‍රිතව රැකුණේ හාමුදුරුවරු ලියපු පොත පත හින්දා විතරක් වෙන්නත් පුළුවන්. නමුත් පොත පත ලියන්න අතහිත දීපු කාන්තාවෝ කීප දෙනෙක් ගැන අපිට කියවන්න ලැබෙනවා.
කව්සිළුමිණ ලියන්න ආරාධනා කරන්නේ කලිකාල සරසවි කියලා බිසවක්. කාව්‍යශේඛරය ලියන්න තොටගමුවෙ රාහුල හාමුදුරුවන්ට ආරාධනා කරන්නේ හයවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ දියණියක වූ උලකුඩය දේවිය. සීතාවක යුගයේ දී සුභාෂිතය ලියන්න අලගියවන්න මුකවෙටි පඬිතුමාට ආරාධනා කරන්නේ මැණික් සාමි නම් කුමරියක්.
මෙහි සඳහන් නම් ඇරුණාම කිවිඳියෝ විදිහට ලංකාවේ ජනප්‍රියත්වය ලබාගන්න පුළුවන් වෙන්නේ අතලොස්සක් වුණු කාන්තාවන් පිරිසකට. අපි ඒ අය අතරින් හත් දෙනෙක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ
1. රංචාගොඩ ළමයා
රංචාගොඩ ළමයා ගැනත් වැඩි දුර විස්තරයක් අපට නැහැ. රන්සෑගොඩ ප්‍රදේශයේ ජීවත් වෙලා හිටපු නිසා ඇයට රංචාගොඩ ළමයා කියනවයි කියල මතයක් තියෙනවා. සමහරු කියන විදිහට ඇය ඉපදිලා තියෙන්නේ වෙනත් ප්‍රදේශයක කියලා සැක කරන්නේ ඇගේ කවිවලින් තමන්ව රුහුණු රටට විවාහ කරදීම ගැන යම්කිසි අමනාපයකින් කතා කරන නිසා. ඇයගේ විවාහ ජීවිතයේ යම් යම් හැලහැප්පීම් තිබ්බා කියලත් අපිට ඇගේ කවි වලින් තේරුම් ගන්න පුළුවන්. “ගජමන් පුවත” වේදිකා නාට්‍යයේ කතා පුවත මගින් රංචාගොඩ ළමයා සහ ගජමන් නෝනා අතර යම් විරසකයක් තිබූ බවට සඳහන් කෙරුණා. නමුත් මේක ජනප්‍රවාදගත කරුණක් විනා මේකට සාක්කි නෑ. රංචාගොඩ ළමයාගෙ කවි කීපයක් අපි දැන් බලමු.
එහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රුහුණු රටට මං දීලා ඉලව්වේ
කතරගම ගොහින් නැහුණා පිහියේ මිට
ආචාරියෙක් නෑ ගිරුවා පත්තුවට
අනේ සුසානෝ මම කොළඹ යන කොට
බල්ලොත් නොකන වැල වරකා ගල්කිස්සේ
දෙමට පොතු කකා කට හම යනවා ය
හැම දෙවියෝ මගෙ වාහේ රකෝ රකෝ
බුලත් විට කන්න වත්කමක් නැති අය තමයි දෙමට පොතු කෑවෙ ඉස්සර. ඒ වගේම වෙළෙන්දෙකු වුණු රංචාගොඩ ළමයාගේ සැමියා ගල්කිස්සේ කාන්තාවක් එක්ක පැවැති අනියම් සම්බන්ධතාවක් ගැන දෙවැනි කවියෙන් ඉඟි කරනවා.
මේ කවි වල විශේෂත්වය තමයි පිළිගත් විරිතක් අනුව මේ කවි රචනා වෙලා තියෙන්නේ නැති එක.
2. රූණ හාමිනේ
රූණ හාමිනේ කිවිඳිය ගැනත් අපිට ලොකු විස්තරයක් හම්බ වෙන්නේ නෑ. නමුත් ඇය උගත් කාන්තාවක් බවත්, මේ නිසා කුඩා දරුවන් ඇය වෙත ඉගෙනීම සඳහා පැමිණි බවත් සඳහන් වෙනවා. දෙමව්පියන් මිය යෑමත්, ගැබිණියකව සිටියදී සැමියා හැර යාමත් නිසා ඇයට තනි වන්නට සිදු වුනාලු. කවි ලිවීමෙන් සහ දරුවන්ට අකුරු ඉගැන්වීමෙන් ඇය ජීවිකාව ගෙනගිය බව සඳහන් වෙනවා.
එවකට සුප්‍රකට හිමි නමක් උණ නමක් වුණු වතුරේ ගම ධම්මාධාර හිමියන් වෙත රූණ හාමිනේ මෙහෙම ලියල යවනවා.
නෙකමුණි ගුණ දරණ වතුරේගම තුමනා
දැක ගන පින් ලබන ලෙසම සිතුවිය මනා
එක දවසක් සමිද දුටුවොත් යුවලැසිනා
ලක රජ ඉසිරු සැක නොව ලැබුවා ලෙසිනා
උන් වහන්සේ පිළිතුරු කවියක් මෙන්න මේ විදිහට ලියනවා.
නෙක රටවල ඇවිද මා දැකපු විසිතුරු
එක මුවකින් කියා නිමවන බැරි අයුරු
මෙතකට සම ලියක් නොදුටිමි මම මිතුරු
ලක රජ මහිමි නම් අද දෙමි නෙක ඉසිරු
තමන්ගේ විවාහ ජීවිතය ගැන ඇය සදහන් කරපු කවිය අදටත් ජනප්‍රියයි.
සැතපුන මුත් ඉදින ගරු තපසුන් වාගේ
මොක කීවත් ගසති ගැටයක් ගලවා ගේ
රස දුන්නත් කියති වස දුන්නා වා ගේ
සෙවනැල්ලත් ඇදලු අත හැරෙනා දීගේ
3. ගජමන් නෝනා
ගජමන් නෝනා අපේ රටේ බිහිවෙච්ච ජනප්‍රියම කිවිඳිය කිව්වොත් වරදක් නෑ. දෝන ඉසබෙල් කොරනේලියා විදිහට කොළඹ කොල්ලුපිටියේ දී ඉපදුණු ඇය පියාගේ රාජකාරි ස්ථානය මාරු වීමත් එක්ක මාතර වේරගම්පිටියට පදිංචියට යනවා. විවාහ කීපයකම සැමියන් මියයාමත් එක්ක දරුවන් කීපදෙනෙක් එක්ක ඇය තනිවෙනවා. සමහරු කියන විදිහට අවසානයේදී ඇය සියදිවි හානි කර ගන්නවා. ඇයගේ අත පතා පැමිණි ඇලපාත මුදලි හා ඇය අතර හුවමාරු වුනු කවි අතිශයින් රසවත්.
මේ ඇලපාත මුදලි සහ ඇය අතර ඇතිවුණු කවි සංවාදයක්.
ඇලපාත මුදලි
පාලා සරඹ ජය කොඩි බඳිති සැම දෙනේ
සීලාචාර සේ කම් පාන අට ගුනේ
බාලා අඟනුන්ගෙ තව් කපන තොරපනේ
ගාලා කොතැන මුවහත් කරම් ද නෝනේ
ගජමන් නෝනා
පසන් නැණ ගුණැති හිමි සදිනි සසො බනේ
පසන් පිරිමින්ගේ ඔද බඳින ජල මනේ
වසන් කර තිබෙන මගෙ පළිඟු ගල් වනේ
නිකන් ගා දිනන්නට නොදෙමි තොර පනේ
ඇලපාත මුදලි
රුති රති ලද ලියෙහි අප අසන පැනකිය
නැතිවිය බාල කාලේ සිට රති කෙළිය
ඇතිවිය දැන් මෙමට සිල් රැකපු අවදිය
රති සැප විඳින හැටි මට කියව ලද ලිය
ගජමන් නෝනා
වහා තිබූ සළුව උනමින් කර අහකා
රහා ලෙස අමුතු බොජුනක් බුදින ලකා
පගා නොව හඬන කොවුළිඳු හඬ වලකා
කහ කොටන වැනි ඉඳගෙන මිරිස් කකා
ඇලපාත මුදලි
රූබර දිගැසියන් වෙල් මැදට බසිමිනේ
ආදරයෙන් කරල් මිටි රැගෙන යන තැනේ
වා සරයෙන් ඉන ඇඳි වත ඉවත් වුනේ
වාහර මුව සෙ නැබ මුල සුරති ගති පෙනේ
ගජමන් නෝනා
කේසර එන්ට පෙරතුරු ගජකුගෙ දැක්සේ
වේ සර හට වුවොත් කුරුලුට වෙයි දුක් සේ
ඒ සැර ලියෝ ඇසුවොත් මේ වග දක්සේ
වානර මුව උලති හම යනකන් හොස්සේ
4. බලවත්තල මැණිකේ
උඩරට ප්‍රදේශයක ජීවත් වුණු බලවත්තල මැණිකේ සමහර තැන්වල බලවත්තල මහත්තයෝ කියලත් සඳහන් වෙනවා. ඇය විසින් අනුරාග මාලය නමින් අතිශය ශෘංගාරාත්මක කවි ඇතුළත් සංග්‍රහයක් පළ කරනවා. එහි තමන්ගේ සැමියා පැමිණෙන තෙක් අනුරාගයෙන් දැවෙන ස්ත්‍රියකගේ සිතුම් පැතුම් විස්තර කෙරෙනවා. ඒ වගේ ම ඔහු හා සිදු කරන සංසර්ගයක් යම්තාක් දුරකට එහි විස්තර වෙනවා.
5. මොනිකා රුවන්පතිරණ
ගජමන් නෝනාට පස්සේ ඒ හා සමාන ජනප්‍රියත්වයක් ලබා ගන්න පුළුවන් වුණු එකම කිවිඳිය මොනිකා රුවන්පතිරණ. මේ නිසාම ඇයව නූතන ගජමන් නෝනා විදිහටත් ඇතැම් අය හැඳින්වූවා.
තහනම් දේශයෙන්, අංගුලිමාලගේ සිහින, ඔබ යෙහෙළිය ඇය ගැහැණිය, විසි වසක ශේෂ පත්‍රය, අසන් පත්තිනි දේවතාවි, අලූත්ම සිහිනය, හිපොක්‍රටීස් සහ රෝගිනිය ඇය ලියූ කවිපොත් අතරින් කීපයක්.
මේ ඇගේ එක් කවි පන්තියක්.
දිසාපති කාමරයේදී
එක් යුගයක ජීවිතයේ සරතස නිවු මා සුමිතුර
දුර හිඳිනා ඔබ දකින්න ආයෙමි දිගු කලකට පසු
බමන විදුලි පංකාවෙන් වා ගැබ කැළඹෙන හඩ මිස
එසඳ ඔබේ මුවග නැඟුණු සාද තෙපුල් නෑසේ මට
මේසය මත ලිපි ගොනු රැස සුළෙඟ නොයාදී රකිමින්
ඒ මත හිඳිනා ගල සේ මා අබියස නිහඩය ඔබ
බිත්තියෙ ඇති සේයා රූ එකිනෙක එබි එබී
බලයි
නැතියෙන් ඔබෙ වත හසරැලි මදෙස බලා සිනා නඟයි
බාලේ අපි ගම් දොර කෙළි මඩුලූ මැදින් ආ ගමනේ
මහදේ ඇති ඔඛෙ සිතුවම කොහි සැඟවිණි දැයි නොදැනේ
එක යුගයක ජීවිතයේ සරතස නිවු මා සුමිතුර
ඔබ අසලින් බැහැරට යමි කුමටද ඔබගේ අවසර
6. ජීන් අරසනායගම්
ජීන් අරසනායගම් කිවිඳිය පසුගිය දා අප අතරින් සමු ගත්තා. බර්ගර් ජාතික කාන්තාවක් වුණු ඇය විවාහ වුණේ දමිළ ජාතික පුද්ගලයෙක් සමග. මේ නිසාම ඇයට විවිධ කරදර වලට මුහුණ දෙන්නට සිදු වුණා .නමුත් ඒවා පිළිබඳ උපේක්ෂාවෙන් සිටි ඇයත් තමන්ගේ හැඟීම් තමන්ගේ මව්බස වුණු ඉංග්‍රීසි බසින් කවියට මුසු කරා. මිය යන විට ඇය කාව්‍ය සංග්‍රහ 12ක් පළ කර තිබුණා. ඒවා නම්,
Kindura,Poems of Season Beginning and a Season Over, Apocalypse ’83 (1984), The Cry of the Kite, A Colonial Inheritance and Other Poems, Out of Our Prisons We Emerge, Trial by Terror, Reddened Waters Flow Clear, Shooting the Floricans, Nallur, Ruined gopuram,Mother-in-law
මේ ඇය ලියූ කවියක්
Apocalypse
Gutted houses
Gutted lives
Charred wood
Charred flesh
Shattered brick
Shattered glass
Hammer blows of fists
Iron rods
Breaking walls
Breaking doors
Clubs, poles
Pulped flesh smoke choked breath
Slashed limbs, stab wounds, human
Torches blazing in the streets
Eyes wild frenzied of the mob brutal
Cries blood curdling screams human
Bloodhounds scenting alien blood
Marauding gangs stalking the innocent
Blood wells up, flows disgorged
From gashed fountains and springs
In charred gardens
Wine dark blood streams
In sunlit air crimson buds
Newly open swiftly crumple
Pervasive odour of scorched
Flesh charred and blackened
Stumps like broken statuary
Strewn on burnt out lawns
Flames soar licking hot with pulsing tongue
Each edifice consumed by fires of hate
Lust for death makes rapid panthers
Springing from dark lairs
Flanks freshly steaming with the heat
Of hunt the unarmed defeated
Skulk in jungles fleeing from
The orgiastic love for death
Hiding among the ‘mana’ grasses, thorn
Thickets tea bushes or seeking
Cover in homes that grant temporary
Asylum to those who crossed
A borderline to this brief safety
We are prisoners of fear
Crouching in dark locked rooms
Drawing each breath in blood
Heart leaping at each
Closer murderous cry,
Some fall at doorsteps as they flee
Stabbed to the heart, axed down
And poled frail birds whose wings
Foiled in their flight were crushed,
Melted like wax in mounting fires.
Yet whom they destroy?
Those who to each other are unknown
Who know not nor will ever know
Each others histories or personal
Loves and hates, no longer to equate
A child’s toy with a human life
As cradles burn
As beds of lovers go up in flames
The only ecstasy is death
Bathed in the blood of murderer
Even the guilty now absolved
Of every sin, become saints.
Whom do we destroy?
Wrenching apart like broken fingers
Fractured bones unclasped from palm,
They go back to their lairs and dens
Piled with loot clothe themselves in
Other skins.
They have destroyed themselves
Yet do not know it
Waiting for the next call
To stream into the streets with burning
Brands and bombs and clubs and poles
They make their gleeful beds on carnage.
In each man who is alien
To their tongue and speech
They see both enemy and prey.
Within the flames of burning cities
Writhe and twist their purgatorial souls
Within the fire great monsters rise
Hulks of dark brutal giants bruited
Against the fearful midget-kind diminished
By fear, who make no stand, no gesture of defence.
What chance, what hope
When all is wrecked.
A dead body floats
In the calm waters of the lake,
Beaten and mutilated,
Beggars still hold out their empty palms
To all who pass, they alone in poverty can see
No difference.
Perished on pyres with rituals of hate
Or immolated within the walls of burning rooms
A few survivors hold in their hands
Corpses of husbands, wives and children
Pieces of charred and broken brick.
Here there is no longer any home
For those of alien breed.
7. යැස්මින් ගුණරත්න
ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම සම්මානයක් වන “Order of Australia” සම්මානය දිනා ගත්ත එකම ශ්‍රී ලාංකික කාන්තාව වන්නේ යස්මින් ගුණරත්න මහත්මියයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන ඇය දිගු කාලයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියත් මව්බිම කෙරෙහි අසීමිත ආදරයක් දක්වන තැනැත්තියක්. ඉංග්‍රීසි භාෂාවෙන් කවි ලියන ඇය මේ වන විට කාව්‍ය සංග්‍රහ කීපයක් රචනා කර තිබෙනවා.
මේ 1983 ජූලි කලබලය ගැන ඇය ලියූ කවිය…
Big Match 1983
Glimpsing the headlines in the newspapers,
tourists scuttle for cover, cancel their options
on rooms with views of temple and holy mountain.
‘Flash point in Paradise.’ ‘Racial pot boils over.’
And even the gone away boy
who had hoped to find lost roots, lost lovers,
lost talent even, out among the palms,
makes timely return giving thanks
that Toronto is quite romantic enough for his purposes.
Powerless this time to shelter or to share
we strive to be objective, try to trace
the match that lit this sacrificial fire
the steps by which we reached this ravaged place.
We talk of ‘Forty Eight ‘and ‘Fifty Six’,
of freedom and the treacherous politics
of language; see the first sparks of this hate
fanned into flame in Nineteen Fifty Eight,
yet find no comfort in our neat solution,
no calm abstraction, and no absolution.
The game’s in other hands in any case.
These fires ring factory, and hovel,
and Big Match fever, flaring high and fast,
has both sides in its grip and promises
dizzier scores than any at the oval.
In a tall house dim with old books and pictures
calm hands quit the clamouring telephone.
‘It’s a strange life we’re leading here just now,
not a dull moment. No one can complain
of boredom, that’s for sure. Up all night keeping watch,
and then as curfew ends and your brave lands
dash out at dawn to start another day
of fun, and games, and general jollity,
I send Padmini and the girls to a neighbor’s house.
Who, me? – Oh I’m doing fine. I always wa
a drinking man you know and nowadays
I’m stepping up my intake quite a bit,
the general idea being that when those torches
come within fifty feet of this house don’t you see
it won’t be my books that go up first, but me.’
A pause. Then, steady and every bit as clear
as though we are neighbors still as we had been
In Fifty Eight. ‘Thanks, by the way for ringing.
There’s nothing you can do to help us but
it’s good to know some lines hLaven’t yet been cut.’
Out of the palmyrah fences of Jaffna bristle a hundred guns.
Shopfronts in the Pettah, landmarks of our childhood
Curl like old photographs in the flames.
Blood on their khaki uniforms, three boys lie dying;
a crowd looks silently the other way.
Near the wheels of his smashed bicycle
at the corner of Duplication Road a child lies dead
and two policemen look the other way
as a stout man, sweating with fear, falls to his knees
beneath a bo-tree in a shower of sticks and stones
flung by his neighbor’s hands.
The joys of childhood, friendships of our youth
ravaged by pieties and politics
screaming across our screens her agony
at last exposed, Sri Lanka burns alive
Leave a Reply