කාර්යබහුල ජීවන රටාවත් එක්ක කෙටි කෑම වලටම පුරුදු වෙලා ඉන්න අපිට මයික්‍රොවේව් අවන් එකක් තියන එක ගොඩක් වටිනවා. ඒ අපිට බොහෝමයක් කෑම ලේසියෙන් මිනිත්තු කීපයකින් පිසගන්න පුළුවන් නිසා. ඒ වගේම මයික්‍රොවේව් අවන් එකක් තිබිලත් ඒක පාවිච්චි නොකරන අය මෙන්න මේ රසම රස රෙසිපි ටික ට්‍රයි කරලා බලන්න.
1. මග් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි මේස හැඳි 3
- සීනි මේස හැඳි 2
- චොක්ලට් පව්ඩර් මේස හැඳි 2
- බේකින් පව්ඩර් තේ හැඳි 1/4
- ලුණු
- ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3
- වැනිලා තේ හැඳි 1/2
- එළවළු තෙල් මේසහැඳි 2
- කෑලි කරගත් චොක්ලට්
- ඉහත ද්‍රව්‍ය වලින් චොකලට් කැබලි හැර වියලි ද්‍රව්‍ය වෙනමත්, තෙත ද්‍රව්‍ය වෙනමත් මිශ්‍ර කරගන්න.
- දැන් ඒ මිශ්‍රණ දෙකම එකට කළවම් කර මයික්‍රොවේව් කළ හැකි මග් එකක දමා අවසානයේ චොක්ලට් කෑලි උඩින් ඉස මයික්‍රොවේව් අවන් එකේ හයිපවර් විනාඩි 2ක් තබා ගන්න. (එක එක මයික්‍රොවේව් වල පවර් එක අනුව උෂ්ණත්වය වෙනස් වෙන නිසා ලඟ ඉඳන් බලලම ගන්න) හරි ලේසියි හරිම රසයි.
2. කුකීස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි මේස හැඳි 4
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- සීනි මේස හැඳි 1
- පීනට් බටර් මේස හැඳි 2
- කිරි කෝප්ප 1/4
- චොක්ලට් චිප්ස්
- ඉහත සියල්ලම දමා හොඳින් මිශ්‍ර කර උකු බැටරයක් හදාගන්න.
- අවසානයේදී චොක්ලට් චිප්ස් එකතු කර කලවම් කරගන්න.
- මයික්‍රොවේව් කළ හැකි තැටියක දමා විනාඩි1 1/2ක් වගේ මයික්‍රොවේව් කරගන්න.
3. බ්ලූබෙරි/ ස්ට්‍රෝබෙරි ෆ්‍රෙන්ච් ටෝස්ට්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 1
- ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 2
- වැනිලා
- කුරුඳු කුඩු (කැමතිනම් )
- කොටුවට කපාගත් පාන් කැබලි ටිකක්
- ෆ්රෝසන් බ්ලූබෙරි හෝ ස්ට්‍රෝබෙරි ටිකක්
- මයික්‍රොවේව් මග් එකක් අරගෙන ඒකට පාන් කෑලි ටික දාලා ඊට උඩින් බ්ලූබෙරි ටික දාගන්න.
- දැන් වෙනම කප් එකකට බිත්තර 1, කිරි, වැනිලා හා කුරුඳු කුඩු දමා කලවම් කර පෙරා පාන් සහ බ්ලූබෙරි කප් එකට දාන්න. විනාඩි 1 1/2ක් වගේ මයික්‍රොවේව් කර කෑමට ගන්න.
4. මග් ඔම්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 2
- චොප්කරගත් බෙල්පෙපර් (පාට දෙකකින්)
- පොඩියට කපාගත් සොසේජස්
- පොඩියට කපාගත් බේකන්
- ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක්
- ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 2
- ගම්මිරිස්කුඩු
- ලුණු
- මග් එක අරගෙන ඒකට බිත්තර 2 කඩල දාල ඒකට පිළිවෙලින් බෙල්පෙපර්, බේකන්, සොසේජස් සහ චීස් දාගන්න.
- උඩින් ෆ්‍රෙශ් මිල්ක් ටිකක් දාගෙන හොඳින් ගෑරප්පුවකින් කලවම් කරගන්න.
- දැන් රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කර විනාඩි 3ක් මයික්‍රොවේව් කරගන්න.
5. මයික්‍රොවේව් පොටෑටෝ වෙජස්
අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි 2
- මිරිස්කුඩු
- කහකුඩු
- කොත්තමල්ලි කුඩු
- පාස්ලි කොළ
- ලුණු
- අලගෙඩි දෙක හීනි තීරු කපාගන්න. දැන් මේක වතුර භාජනයකට දාලා හොඳට හෝදලා තෙත හිඳගන්න.
- තෙත ගියාට පස්සෙ අල තීරු වලට ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු, හීනියට ලියාගත් පාස්ලි කොළ හා ලුණු කුඩු දාලා හොඳින් කලවම් කරගන්න.
- දැන් මේ ටික බේකින් ට්‍රේ එකකට දාලා විනාඩි 10ක් මයික්‍රොවේව් කරගන්න.
6. මග් පැස්ටා
අවශ්‍ය ද්‍රව්‍ය
- පැස්ටා ටිකක්
- ෆ්‍රෙශ් මිල්ක්
- පාමසාන් චීස්
- චෙඩාර් චීස්
- ගම්මිරිස්කුඩු
- මයික්‍රොවේව් මග් එකකට පැස්ටා දාලා වතුර ටිකක් දාලා විනාඩි 2-3ක් මයික්‍රොවේව් දාන්න.
- දැන් ඒකට ෆ්‍රෙශ් මිල්ක් ටිකක් දාලා උඩින් ග්‍රේට් කරගත් චෙඩාර් චීස් හා පාමසාන් එක්ක ගම්මිරිස් කුඩු දාලා ආයෙ තප්පර 30ක් මයික්‍රොවේව් දාගන්න.
7. බ්‍රවුනීස්
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් මේස හැඳි 3
- ඩාක් චොක්ලට් කෑලි 6-7
- බිත්තර 2
- සීනි කෝප්ප 1
- පාන්පිටි කෝප්ප 1/2
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- උඩින් ඉස ගැනීමට චොක්ලට් කෑලි
- මුලින්ම බටර් හා ඩාක් චොක්ලට් මයික්‍රොවේව් දමා මෙල්ට් කරගන්න.
- බිත්තර 2 වෙනම භාජනයකට දමා සීනි සමඟ විස්ක් කරගන්න.දැන් පාන්පිටි වලට බේකින් පව්ඩර් දමා ඒක හලාගෙන බිත්තර මිශ්‍රණයට එකතු කරන්න.
- මෙල්ට් කරගත් චොක්ලට් ටිකත් එකතු කරලා බීට් කරගන්න.
- දැන් මයික්‍රොවේව් ට්‍රේ එකකට බටර් ටිකක් ගාලා මිශ්‍රණය අතුරගෙන උඩින් චොක්ලට් කෑලි ඉහලා විනාඩි 5ක් වගේ මයික්‍රොවේව් කරගන්න.
Leave a Reply