අපේ රටේ දෙවිවරු විදිහට අදහන බොහෝ දෙවිවරු “ඉම්පෝටඩ්” අය. ඒ කියන්නේ අපේ වන්දනාමානයන්ට පාත්‍ර වන ප්‍රධාන දෙවිවරුන්ගේ මුල් බිම ඉන්දියාව. හින්දු ආභාෂය නිසා අපේ රටෙත් වන්දනා කරන්න පටන් ගත්ත අය.
සමහර වෙලාවට මේ ඉම්පෝටඩ් දෙවිවරු නිසා ලෝකල් දෙවිවරු රීප්ලේස් වෙලත් තියෙනවා. උදාහරණයක් විදිහට උපුල්වන් දෙවියන්ව විෂ්ණු දෙවියන් කියලා සැලකීමත් කතරගම දෙවියන්ව ස්කන්ධ දෙවියන් විදිහට සැලකීමත් ගන්න පුළුවන්. ඒත් අපේ රටේ පළාතෙන් පළාතට ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ඉන්නවා. මේ අය සීයට සීයක් ම ලංකාවේ විතරක් අදහන දෙවිවරු. ඉතින් අපි අද ඒ වගේ දෙවිවරු කිහිපදෙනෙක් ගැන දැන කියා ගමු.
1. මංගර දෙවියෝ
මංගර දෙවියන්ගේ උපත පිළිබඳව ජනකතා රාශියක් තියෙනවා, ඒවා එකිනෙකට එකක් පරස්පරයි. උදාහරණයක් විදිහට එක ජන කතාවක කියවෙන විදිහට මංගර දෙවියෝ නාග පෙණෙන්, මවු කුසෙන්, දෙපියයුරු මැද්දෙන් ආදී වශයෙන් සත්වාරයක් ඉපදිලා තියෙනවා.
අත් හතරක් තියෙන මංගර දෙවියෝ එක අතක ගිනි කබලක්, අනෙක් අතේ පොල්මලක්, ඊළඟ අතේ ආශිර්වාදාත්මක මුද්‍රාවක් නිරූපණය කරන ගමන් අවසාන අතේ කඩුවක් දරනවලු. වාහනය විදිහට බැටළුවෙක්ව පාවිච්චි කරනවලු.
කිරි හරකුන් බාරව සිටින දෙවියන් විදිහට සලකන මංගර දෙවියෝ වෙනුවෙන් සබරගමුව කිරි මඩුව සහ මංගර මඩුව කියන ශාන්තිකර්ම සිදු කරනු ලබනවා.
2. රන්වල දෙවියෝ
ජීවතුන් අතර සිටියදී විවිධ පින්කම් කිරීම හේතුවෙන් දේවත්වයට නැගුණු සාමාන්‍ය පුද්ගලයෙක්ට හොඳම උදාහරණයක් තමයි රන්වල දෙවියෝ. එතුමා දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ රන්දෝලිස් නමින් රන්වල ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. කැලණි ගඟ ආශ්‍රිතව ජීවත්වෙන ජනතාව වෙනුවෙන් රාත්‍රි කාලයේ මඟ පෙන්වන්න සහ අනතුර අඩු කරන්න මේ රන්දෝලිස් පුහුල් පහන් පත්තු කරලා තියෙනවා. සිල්වත් ජීවිතයක් ගත කරපු රන්දෝලිස්ව මරණයෙන් පස්සේ ජනතාව “රන්වල දෙවියෝ” විදිහට වන්දනා මාන කරන්න පටන්ගන්නවා. රන්වල දෙවියන් වෙනුවෙන් කැප වුණු දේවාල කීපයක් කැලණි මිටියාවත ආශ්‍රිතව මේ වෙන කොට පිහිටලා තියෙනවා.
3. පිටියේ දෙවියෝ
උඩරට ප්‍රදේශවල පුද සත්කාර ලබන පිටියේ දෙවියන්ගේ උපත ගැන උප්පත්ති කථා රාශියක් තියනවා. එක උප්පත්ති කතාවක කියවෙන විදිහට එළාර රජ්ජුරුවො තමන්ගේම පුතාව වසු පැටියෙක්ව තමන්ගේ රථයට යට කොට මරා දැමීම නිසා ඒ රථයටම යට කරලා මරණයට පත් කරනවා. මේ කුමාරයා පස්සේ පිටියේ බණ්ඩාර විදිහට උප්පත්තිය ලබනවා.
තවත් කතාවක කියවෙන විදියට ඉන්දියාවෙන් ලංකාවට එන පිටියේ දෙවියෝ ඒ කාලේ දුම්බර මිටියාවතට අධිපතිව හිටපු නාථ දෙවියෝ එක්ක ගැටුමක් ඇති කරගන්නවා. අවසානයේදී පරාද වෙන නාථ දෙවියො දුම්බර මිටියාවතේ අධිපතීත්වය පිටියේ දෙවියන්ට බාර දීලා දළදා මාලිගාවේ නාථ දේවාලයට යනවා.
4. මොරටු දෙවියෝ
ගවයෙක් හරි කුඩා දරුවෙක් හරි නැති උනාම සමහර ප්‍රදේශවල අය මොරටු දෙවියන් වෙනුවෙන් භාරහාර වෙනවා. මොරටු දෙවියෝ දින කීපයක් ඇතුළත නැතිවුණු ගවයා හෝ දරුවා ව තමන් ළඟට ගෙනත් දෙනවා කියලා මේ අය විශ්වාස කරනවා. ජන කතාවක කියවන විදිහට මොරටු දෙවියෝ කලින් හේන් ගොවියෙක්. දවසක් පැල් රකිමින් ඉද්දි ඔහුගේ පැළට එන හිඟන්නෙක් එදා රෑ නවාතැන් ඉල්ලනවා. එදාම පැළට ගිනි ගන්නවා. හිඟන්නා මේ ගින්නට අසු වෙලා මිය යනවා. ඇඳුම් වලට ගිනි ඇවිලීම නිසා කැලේට දුවන් යන ගොවියා කැලේ අතරමං වෙනවා. මේ අතරතුරේ දී ගොවියා ගේ ඥාතීන් මේ කිසිම දෙයක් දන්නේ නැතුව හිඟන්නගේ සිරුර වැරදිලා භූමිදාන කරනවා. නිරුවතින් ඉන්න හින්දා රෑ ගෙදර එන ගොවියා නිවැසියන්ට කතා කරත් මේ අවතාරයක් කියලා නිවැසියෝ බය වෙනවා. තමන් මිය ගිය පුද්ගලයෙක් විදිහට හැම දෙනාම හිතනවා කියලා දැනගන්න මේ ගොවියා ජීවත් වෙන්න අපුරු උපක්‍රමයක් යොදනවා. ඒ තමයි කෙනෙක්ගේ ගවයෙක්ව හොරකම් කරලා මහ රෑ අදාළ නිවසට ඇවිත් දොරට තට්ටු කරලා ගවයව හොයාගන්න නම් මේ මේ පුද පඬුරු තමන්ට දෙන්න ඕන කියලා කියන එකත් ඉන් පස්සේ ගවයා ඉන්න තැන කියන එකත්. මේ ගොවියා මිය ගියායින් පස්සේ මොරටු දෙවියෝ විදිහට දේවත්වයට පත් වෙනවා.
5. අයියනායක
දැදුරු ඔය ඉහළ ප්‍රදේශය පුරාවටම අයියනායක දෙවියෝ තමන්ගේ බල පරාක්‍රමය පතුර ගෙන ඉන්නවා. හැබැයි ඒ වුණාට අයියනායක දෙවියන් ගැන මුළු ලංකාව ම දැනගන්නේ විමලරත්න කුමාරගම කවියගේ අයියනායක කවි පන්තිය හින්දා. අයියනායක දෙවියන් වෙනුවෙන් කැපවුණු දේවාලයක් නැහැ. නමුත් උතුරු මැද පළාතේ කැලේ වදින මිනිස්සු වගේම අයියනායක දෙවියන් වෙනුවෙන් විවිධ බාරහාර වෙන අය සම්ප්රදායක් විදිහට අතු රිකිල්ලක් කඩල ඒක ගහේම එල්ලලා උන්වහන්සේ වෙනුවෙන් යාතිකා කරනවා.
6. තනියවැල්ලේ දෙවියෝ
කෝට්ටේ යුගයේ රජ කෙනෙකු වුනු ධර්ම පරාක්‍රමබාහු රජතුමාගේ දෙවන බිසවක ගේ පුතෙක් තමයි තනිය වල්ලභ කුමාරයා. එතුමා එවකට මාදම්පා ප්‍රදේශය පාලනය කරලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් එතුමා අතින් ඉෂ්ටවෙලා තියෙනවා. එක්තරා යුද්ධයක් පැවතුණු අවස්ථාවකදි රජතුමා මිය ගියාය කියලා අහන රජ බිසව සියදිවි හානි කරගන්නවා. මේක අහන්න ලැබෙන තනිය වල්ලභ රජතුමාත් සිය දිවි හානි කර ගන්නවා. මරණින් පස්සේ තමන්ට සෙත සැලසූ රජතුමාව දේවත්වයෙන් අදහන්න ප්‍රදේශයේ ජනතාව කටයුතු කරනවා. කොළඹ හලාවත මාර්ගයේ යද්දී තිනිපිටිය වැව ඉස්සරහ තනියවල්ලභ දේවාලය පිහිටලා තියෙනවා.
7. හත් රජ්ජුරු බණ්ඩාර
හත්රජ්ජුරු බණ්ඩාර විදිහට වන්දනාමානයට පත්වෙන්නේ මහසෙන් රජතුමාව. එතුමාව මින්නේරිය දෙවියන් විදිහටත් වන්දනා මාන කෙරෙනවා. ජනප්රවාදයක කියවෙන විදිහට මින්නේරිය වැව පිහිටපු ස්ථානයේ වැවක් හදන්න ඊට කලින් රජවරු හත් දෙනෙක් උත්සාහ කරල තියෙනවා. මේ කිසිම රජකෙනෙක්ට නිම කරන්න බැරි වුණු මේ වැව මහසෙන් රජ්ජුරුවෝ නිම කරන්න සමත් වෙනවා. මේ නිසා එතුමාව හත්රජ්ජුරු බණ්ඩාර විදිහට දේවත්වයට නංවන්න ජනතාව කටයුතු කරලා තියෙනවා.
මේ ආටිකල් එකෙන් අපි කතා කරේ ප්රාදේශීයව වන්දනාමානයට ලක්වන දෙවිවරු කීපදෙනෙක් ගැන විතරයි. ඔබ දන්න ඒ වගේ දෙවිවරු ගැන කමෙන්ට් තීරුවෙන් අනිත් අයට අයටත් දැනගන්න සඳහන් කරන්න. ඒ වගේම ඒ අය වෙනුවෙන් ආර්ටිකල් එක ෂෙයාර් කරන්න කියලත් කාරුණිකව ඉල්ලනවා.
Leave a Reply