සොසේජස් කියන්නෙ පොඩි බබාලා වගේම ලොකු බබාලත් කන්න ආස කෑමක්නේ. සොසේජස් වලින් හදාගන්න පුළුවන් රසම රස ඒ වගේම ලේසිම කෑම ටිකක් ගැනයි. ඉතින් පොඩි අයගේ පාටි එකකට, ලොකු උන්නැහෙලාගේ සෙට් වීමකට, කම්මැලි දවසක හවසකට මේ කොයිකට උනත් ගැලපෙන මේ රෙසිපි ටික ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔයාලට. කඩෙන් සොසේජස් ගන්න අකමැති නම් අපේ ගෙදරම සොසේජස් හදගන්න හැටි ගැන තියෙන මේ ලිපිය බලන්න.
1. සොසේජ් කැසරෝල්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා කොටුවට කපාගත් අල ග්‍රෑම් 500
- සොසේජස් 10ක්
- ඔලිව් ඔයිල්
- චොප්කරගත් ළූණු
- ග්‍රීන්පීස් ටිකක්
- තක්කාලි සෝස්
- කෑලි මිරිස් ටිකක්
- පෑන් එකට තෙල් ටිකක් දාලා සොසේජස් ටික ෆ්‍රයි කරගන්න. දැන් කෑලි කපාගන්න. පෑන් එකට තව ඔලිව් ඔයිල් ටිකක් දාලා චොප්කරගත් ළූණු ටික දාගන්න.
- දැන් මේකට කෑලි මිරිස් ටික දාගන්න. තක්කාලි සෝස් ටිකක් යහමින් දාගන්න. හොඳට කලවම් උනාම ඒකට අල ටික හා සොසේජස් ටික දාගෙන කලවම් කරගන්න.
- වතුර කෝප්ප 1ක් මේකටම මික්ස් කරලා විනාඩි 6-7ක් තැම්බෙන්න දෙන්න. දැන් මේකට ග්‍රීන්පීස් ටික එකතු කරන්න. උකු ගතියක් එනතිරු හිඳෙන්න තියල ලිප ඕෆ් කරගන්න.
2. කෝන් ඩෝග්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- සොසේජස්
- පාන්පිටි කප් 1
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- ලුණු තේ හැන්දක්
- බිත්තර 1
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
- සොසේජස් වල දිග අතට කෙලවරින් කෙබාබ් ස්ටික්ස් ගසාගන්න.
- බෝල් එකක් අරන් ඒකට පාන්පිටි, බේකින් පව්ඩර්, ලුණු, බිත්තර හා ෆ්‍රෙශ් මිල්ක් ටික දාගෙන හොඳට විස්ක් කරගන්න.
- විශේෂම දේ ගොඩක්ම උකු නැති ඒත් දියාරුම නැති බැටර් එකක් තමයි අපිට හදාගන්න ඕනේ.
- දැන් උස ග්ලාස් එකක් අරන් ඒකට බැටර් එක පුරවන්න. කෙබාබ් ස්ටික්ස් වල ගහගත්තු සොසේජස් එකින් එක මේ බැටර් එකේ ඔබලා ටිකක් වෙලා තියාගන්න.
- හොඳට කෝට් වෙනකල් පොඩ්ඩක් කරකවලා අරන් වැඩි බැටර් ගසලා කෙලින්ම ගැඹුරු තෙලේ දාලා බැදගන්න.
3. සොසේජ් බ්‍රෙඩ් රෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පෙති කිහිපයක්
- සොසේජස්
- බිත්තර 2
- ලුණු
- ගම්මිරිස් කුඩු
- පාන්පෙති එකින් එක අරගෙන රෝලින් පින් එකෙන් තුනී කරගන්න. දැන් සොසේජ් එක මැද්දෙන් තියලා රෝල් කරගන්න. ලෙහෙන්න වගේ නම් ටූත්පීක් එකක් ගහගන්න.
- බිත්තර 2 කඩලා ඒකට ලුණු හා ගම්මිරිස් කුඩු දාලා හොඳට ගසාගන්න. දැන් පාන් එක්ක රෝල් කරගත් සොසේජ් එකින් එක මේ බිත්තර මිශ්‍රණයේ දවටා තෙලේ බැදගන්න.
4. සොසේජ් පකෝරා
අවශ්‍ය ද්‍රව්‍ය
- සොසේජස්
- ලියාගත් ළූණු ගෙඩි 1
- කඩල පිටි කෝප්ප 1
- හාල්පිටි කෝප්ප 1/2
- මිරිස් කුඩු තේ හැඳි 1 1/2
- අමුමිරිස් කරල් 3-4
- තලාගත් ඉඟුරු, සුදුළූණු තේ හැඳි 1
- ගරම් මසාලා තේ හැඳි 1
- කරපිංචා
- ලුණු
- තෙල් ටිකක්
- වතුර
- සොසේජස් තරමක් මහත පෙති කපාගන්න. වෙනම බෝල් එකක් අරගෙන ඒකට ලියාගත් ළූණු, ලුණු, කරපිංචා, චොප් කරගත් අමුමිරිස්, ඉඟුරු, සුදුළූණු, මිරිස් කුඩු හා ගරම් මසාලා ටික එකතු කරන්න.
- මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න. දැන් මේකට හාල්පිටි හා කඩල පිටි ටික දාගන්න. වතුර ටික ටික එක්කරමින් උකු බැටර් එකක් හදාගන්න. වතුර ගොඩක් දාලා දියාරුවට හදාගන්න එපා. එහෙම උනොත් සොසේජ් ටික කෝට් කරන්න බැරි වෙයි.
- දැන් මේ බැටර් එකට සොසේජස් ටික එකතු කරලා කලවම් කරන්න. තෙල් ලිපේ රත්වෙන්න තියල සොසේජ් මැදිවෙන විදියට මිශ්‍රණය ටික ටික අරන් තෙල් භාජනයේ තැන් තැන් වලින් දාලා බැදෙන්න අරින්න.
5. ස්පයිරල් සොසේජස්
අවශ්‍ය ද්‍රව්‍ය
- සොසේජස්
- කෙබාබ් ස්ටික්ස් ටිකක්
- පැටිස් ඩෝ එක
- මුලින්ම සොසේජ් එක හරහා දික් අතර කෙබාබ් ස්ටික් එක ගහගන්න. දැන් පිහියක් අරන් සොසේජ් එකේ අයිනක ඉඳලා රවුමට කපාගන්න සොසේජ් එක වෙන් නොවෙන විදියට.
- මේ විදියට මුලු සොසේජ් එකම කපාගත්තට පස්සේ ඒක ටිකක් දිගෑරගන්න.
- දැන් පැටිස් ඩෝ එක අනලා දික් අතට පටියක් රෝල් කරලා අර කපාගත් සොසේජ් එකේ හිඩැස අතරින් මුල ඉඳලා අගටම යවාගන්න.
- දැන් මේක ගැඹුරු තෙලේ බැදගන්න.
6. සොසේජ් බෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- සොසේජස් පැකට් එකක්
- චෙඩාර් චීස් ටිකක්
- පාන්පිටි ග්‍රෑම් 200
- බිත්තර 1
- ලුණු පින්ච් එකක්
- සොසේජස් ටික අඹරාගන්න. ඒකට පාන්පිටි, ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ටික, ලුණු හා බිත්තරය දාලා හොඳට අනාගන්න.
- මේ මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල හදාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
7. පොටෑටෝ රැප්ඩ් සොසේජස් බයිට්
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් අල ග්‍රෑම් 200
- සොසේජස් ටිකක්
- පාමසාන් චීස් ටිකක්
- ලුණු
- ගම්මිරිස් කුඩු
- ගාලික් පව්ඩර්
- ඔරිගානෝ
කෝට් එකට
- බිත්තර 2
- බිස්කට් කුඩු
- සොසේජස් ටික තරමක් මහත පෙති වලට කපාගන්න.
- බෝල් එකක් අරන් සොසේජ් සහ කෝට් එකට අවශ්‍ය ද්‍රව්‍ය හැර ඉතිරි ඔක්කොම දාලා හොඳට අනන්න.
- අල මිශ්‍රණයෙන් ටිකක් අරන් ඒක මැදට සොසේජ් කෑල්ලක් තියලා කවර් කරගන්න.
- බිත්තර 2 හොඳට ගසාගෙන ඒකට අල වලින් කවර් කරගත් සොසේජ් එකින් එක දමමින් බිස්කට් කුඩු වලද තවරගන්න. දැන් මේ ටික ගැඹුරු තෙලේ බැදගන්න.
Leave a Reply