ලොව ජයගත් අපේ රටේ සංගීත තරු

ලංකාවට වඩා ජාත්‍යන්තරය තුළ තමන්ගේ නම ඔසවා තියාගන්න සමත් වෙච්ච කලාකරුවන් අඩු ගාණයි අපේ රටේ ඉන්නේ. හැබැයි අපි නොදන්න​ව වුණාට ලංකාවේ ඉපදිලා වෙනත් රටවල ජනප්‍රිය වෙච්ච සංගීත තරු කීප දෙනෙක් ඉන්නවා. හැබැයි මේ අය ගැන අපේ රටේ අය නම් දන්නෙවත් නෑ. මේ ලිපියෙන් එහෙම අය කීප දෙනෙක් ගැන අපි කතා කරනවා. ගොඩක් වෙලාවට මේ අය ගැන ඔයා කියවන, අහන පළවෙනි අවස්ථාව මේක වෙන්න පුළුවන්.

 

1. ඒ. ඊ මනෝහර්

“සුරංගනී, සුරංගනීට මාළු ගෙනාවා”

ඔයා අපි හැමෝම දන්න සිංදුවක්. හැබැයි මේ සිංදුවේ මුල් ගායකයා කවුද කියලා ඔයා දැනගෙන හිටියද? ඔහු නමින් ඒ. ඊ මනෝහර්. හැබැයි ඉන්දියානුවන් අතර ඔහු ජනප්‍රිය වුණේ “සිලෝන් මනෝහර්” කියලා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රැකියාවක් කරපු මනෝහර්ට වාසනාව ගෙන ආවේ අපි ඉස්සෙල්ලා කියපු සුරංගනී සින්දුව. පස්සෙ කාලෙක මනෝහර් විවිධ භාෂාවලින් මේ ගීතය ගායනා කරනවා. ගායකයෙක් වගේම නළුවෙක් විදිහට දක්ෂතා දක්වන මනෝහර්ගේ දක්ෂතා වලින් උපරිම  ප්‍රයෝජන ලබා ගන්නේ දකුණු ඉන්දීය සිනමාකරුවනුයි.

 

 

2. සිරිමා වීරතුංග 

1964 පෙබරවාරි 14 වැනිදා ශ්‍රී ලාංකික පියෙකුට සහ ප්‍රංශ ජාතික මවකට දාව සිරිමා වීරතුංග ලංකාවේදී උපත ලබනවා. අවුරුදු අටේදී දෙමව්පියන් එක්ක එංගලන්තයට සංක්‍රමණය වන සිරිමා තමන්ට වයස 18 සැපිරීමත් එක්ක ප්‍රංශයේදී නව ජීවිතයක් ආරම්භ කරනවා. ප්‍රංශ ජාතික සංගීතඥයකු වන Jean-Jacques Goldmanගේ අවධානයට යොමු වීමෙන් අනතුරුව ඇය සංගීත ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඇය ගායනා කරන ගීත ප්‍රංශයේ ජනප්‍රියත්වයට පත් වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස 1989 දී ඇය තමන්ගේ සහකරුගේ පිහිපාරක් නිසා ජීවිතයෙන් සමු ගන්නවා 

මේ ඇගේ ගීත ඇල්බමයක්.

 

 

3. මිනෝන් රත්නම්

“කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී” වගේ කියන ගීතය අපේ හැම හැම මඟුල් ගෙදරකදිම අනිවාර්යයෙන් ම සෑහෙන අහන්න ලැබෙන ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ මිනෝන් රත්නම් කියලා බොහෝ දෙනා දන්නවා. හැබැයි ඔයාල දැනගෙන හිටියද මේ ගීතය ජාත්‍යන්තරවත් ජනප්‍රිය වුණු ගීතයක් කියලා .1969 දී EMI Records UK සහ  Keith Prowse Music London සමග ගිවිසුමක් ඇති ඇති කර ගත්ත පළවෙනි ශ්‍රී ලාංකිකයා වුණේ මිනෝන්. ඒ මේ ගීතය වෙනුවෙන් 

 

 

ඇය විවිධ ජාත්‍යන්තර සම්මාන උළෙලවල දී සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් ගීත ගායනා කරලා රටට ජයග්‍රහණ රාශියක් දිනා ගෙන දීලා තියෙනවා.

 

4. උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි 

උතුරු ඉන්දීය රාගධාරී සංගීතයට අලුත් රාග කීපයක් හඳුන්වා දුන්න ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා නම්, ඒ එකම ශ්‍රී ලාංකිකයා උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි විතරයි. “මයිහාර් රාග්”, “හේම් ගෝපිකා”, “දුර්ඝාවතී” රාග ඔහු විසින් හඳුන්වා දෙනු ලැබුවා. කුලියාපිටියේ අස්වැද්දුම කියන්න ගමේ උපත ලබන ඩේවිඩ් පොඩි අප්පුහාමි ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගිහිල්ලා සංගීතය ගැන වැඩිදුර වැඩිදුර හදාරනවා. ඊට පස්සේ මයිහාරයේ උස්තාද් අලව්දීන් ඛාන් යටතේ තව දුරටත් සංගීතය හදාරන ඩේවිඩ් පොඩි අප්පුහාමි කොච්චර දක්ෂයෙක් වෙනවා ද කියනවා නම් දක්ෂ සංගීතඥයන්ට පමණක් ලැබෙන උස්තාද් නාමය ඔහු විසින් ලබාගන්නවා.

 

5. නිමල් මෙන්ඩිස් 

නිමල් මෙන්ඩිස්ව අපි දන්නේ ” ගඟ අද්දර මා සිහිල් සෙවනෙහි සැනසී”, “රන් ටිකිරි සිනා”, “මාස්ටර් සර්” වගේ ජනප්‍රිය ගීත රැසක නිර්මාපකයා විදිහට. ඒත් නිමල් මෙන්ඩිස් මහා බ්‍රිතාන්‍යය තුළ ජනප්‍රිය සංගීතඥයෙක් වුණා කියලා බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඔහු Decca Records සමග ගීත අටක් පටිගත කරනු ලැබුවා. මේ ඔහු නිර්මාණය කළ තවත් එක් ගීතයක්.

 

 

6. දේවාර් සූරියසේන

නිදහස් සටනේ පුරෝගාමියෙකු වුණු ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ පුත්‍රයෙකු වුණු හර්බ්ට් චාල්ස් ජේකොබ් පීරිස් ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගෙනගිය පළමුවැන්නා කිව්වොත් වැරැද්ද්ක් නෑ. මුලුමුනින්ම දේශීයකරණය වුණු ඔහු තමන්ගේ නමත් “දේවාර් සූරියසේන” කියලා වෙනස් කරගත්තා. තමන්ගේ බිරිඳ වුණු නෙළුම් දේවී සමග ලොව වටා සංචාරය කරමින් ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට හඳුන්වා දෙන්න ඔහු උත්සාහ කළා.

මේ සිංහල ජනනාද රටා ඇසුරෙන් කරපු නිර්මාණයක්

 

 

7. කිෂාණි ජයසිංහ

කිෂාණි ජයසිංහගේ නම අපේ රටේ ආන්දෝලනයකට ලක් වෙන්නේ නිදහස් උලෙළ වෙනුවෙන් පැවැත්වුණු සංස්කෘතික ප්‍රසංගයක්දි “දන්නෝ බුදුන්ගේ” ගීතය වෙනස් විදිහකට ගායනා කිරීම එක්ක. ඇගේ ගායන විලාසය හඳුනා නොගත්ත බොහෝ දෙනෙක් ඇයට පහරපිට පහර දෙන්න ගත්තා. නමුත් රාජකීය ඔපෙරා ශාලාවට පිවිසෙන්න හැකියාව ලැබුණු එකම ශ්‍රී ලාංකික කාන්තාවටයි තමන් ඒ පහරදුන්නේ කියලා බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නෑ.

මේ කිෂාණිගේ ජාත්‍යන්තර මට්ටමේ එක ඉදිරිපත් කිරීමක්

 

 

එහෙමනම් ඉතින් ඔබේ වටිනා අදහස් කමෙන්ට් තීරුවේ බෙදාගන්න ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න කියලත් ආරාධනා කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *