ඉන්දියන් රයිස් වර්​ග 5ක් ගෙදරදීම හදාගෙන රස බලන්න රෙසිපි මෙන්න!

ලංකාවෙ අපි හැමදාම කන්නෙ ලංකාවේ කෑම බීමනේ. වෙනසකටත් එක්ක අල්ලපු රටේ බත් වර්ග ටිකක් හදන්න ට්‍රයි කරමුද? කලින් හදල නැත්තම් ඔන්න අදම ට්‍රයි එකක් දෙන්න.  වෙනස් රස වලින් වෙනස් පෙනුමට හැදෙන මේ රයිස් රෙසිපි වලට පවුලෙ අයත් ගොඩක් ආස වෙයි. වැඩි වැඩ දාන්න ඕනෙත් නෑ ලේසියෙන් හදාගන්නත් පුළුවන්.

 

1. තාවා පුලාව්

Image Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සූදුරු තේ හැන්දක්
  2. චොප්කරගත් අමුමිරිස් තේ හැඳි 1
  3. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  4. චොප්කරගත් ඉඟුරු ටිකක්
  5. චොප්කරගත් ළූණු ගෙඩියක්
  6. අඹරාගත් රතු මිරිස්
  7. තක්කාලි පියුරි
  8. චොප් කරගත් තක්කාලි ගෙඩියක්
  9. ලුණු 
  10. මිරිස් කුඩු 
  11. තුනපහ කුඩු 
  12. ග්‍රීන්පීස් කෝප්ප 1/2
  13. චොප්කරගත් බෙල්පෙපර් ගෙඩියක්
  14. පිසගත් බත් කෝප්ප 3
  15. බටර් පුරවාගත් මේස හැඳි 2ක්
  16. ලෙමන් ජූස් ටිකක්
  17. කොත්තමල්ලි කොළ ටිකක්

 

  • මුලින්ම පෑන් එකට තෙල් ටිකක් දාලා ඒකට සූදුරු ටික දාලා ෆ්‍රයි කරන්න. ඊලඟට ඒකට චොප්කරගත් අමුමිරිස්, සුදුළූණු, ඉඟුරු සහ ළූණු ටික දාගෙන කලවම් කරගන්න. දැන් අඹරගත්ත රතු මිරිස් ටික දාගෙන ඒත් එක්කම තක්කාලි පියුරි එක  සහ චොප් කරගත් තක්කාලි ගෙඩිය දාගන්න. 
  • රස අනුව ලුණු දාගන්න. මිරිස්කුඩු හා තුනපහ එකතු කරලා අඩිය අල්ලන්න නොදී කලවම් කරන්න. ඒකට ග්‍රීන්පීස් ටික එකතු කරන්න. ඊටපස්සෙ චොප්කරගත් බෙල්පෙපර් ගෙඩිය එකතු කරන්න.
  • දැන් බත් ටික එකතු කරලා කලවම් කරන ගමන් බටර් ටිකක් එකතු කරන්න.
  • ලිපෙන් ඉවත් කරගන්න කලින් ලෙමන් ජූස් ටිකක් උඩින් ඉහගෙන කොත්තමල්ලි කොළ ටිකක් හීනියට ලියලා දාල කලවම් කරගන්න. 

 

2. ජීරා රයිස්

Image Source – droolingfoodies.com

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බාස්මතී බත් කෝප්ප 2
  2. ගිතෙල් මේස හැඳි 2
  3. සූදුරු තේ හැඳි 1
  4. ලුණු
  5. කොත්තමල්ලි කොළ ටිකක්

 

  • බාස්මතී එක බෙරි නොවෙන්න ලුණු සහ බටර් ටිකක් දාල උයාගන්න.
  • පෑන් එකට ගිතෙල් ටික දාලා රත් වෙනකොට සූදුරු ටික දාලා ෆ්‍රයි කරගන්න. අවශ්‍ය නම් යන්තමින් කහ ටිකක් එකතු කරගන්න. 
  • දැන් බත් ටික කලවම් කරන්න. 
  • අවසානයට කොත්තමල්ලි කොළ ටිකක් කලවම් කරන්න.

 

3. මුම්බායි මස්ත් ටොමැටෝ පුලාව්

Image Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැන්දක්
  2. චොප්කරගත් ළූණු ගෙඩියක්
  3. චොප්කරගත් තක්කාලි ගෙඩි 2
  4. චොප්කරගත් කොළපාට බෙල්පෙපර් කෝප්ප 1/2
  5. තක්කාලි කෙචප්
  6. ලුණු
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. මිරිස්කුඩු තේ හැඳි
  9. ගරම් මසාලා තේ හැඳි 1
  10. පිසගත් බත් කෝප්ප 3

 

  • පෑන් එකට තෙල් ටිකක් දලා ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාගන්න. ඊල​ඟට චොප්කරගත් ළූණු ටික දාගන්න.
  • මේ ටික මද ගින්දරේ පිසගන්න. මේකට චොප්කරගත් තක්කාලි ගෙඩිය එකතු කරලා හොඳට කලවම් කරලා විනාඩි 5ක් වහලා තියන්න. 
  • තක්කාලි කේචප් දාගන්න. ඉන්පසු බෙල්පෙපර් ටික දාලා කලවම් කරගන්න. දිගටම හැඳි ගාලා විනාඩි 2ක් අඩු ගින්දරේ වහලා තියන්න.
  • දැන් මේකට ලුණු එකතු කරලා කහකුඩු ,මිරිස් කුඩු හා ගරම් මසාලා දාගන්න. හොඳට කලවම් උනාම බත් ටික දාගන්න.
  • දැන් හොඳට කලවම් කරලා උඩින් කොත්තමල්ලි කොළ ටිකක් හීනියට ලියලා එක් කරන්න.

 

 

4. ඉන්දියන් කහ බත්

Image Source – budgetbytes.com

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. හාල් ග්‍රෑම් 500
  2. පොල්කිරි කෝප්ප 1
  3. කහකුඩු තේ හැන්​දක්
  4. සේර කෑල්ලක්
  5. දෙහි කොළ 2-3
  6. ඉඟුරු අඟල් දෙකක්
  7. වතුර කෝප්ප 1/2

 

  • ඉඟුරු ටික හා දෙහි කොළ ටික තරමක කෑලි කපාගන්න. භාජනයකට සෝදාගත් හාල් ටික දාලා පොල්කිරි දාගන්න.
  • දැන් වතුර ටිකත් දාලා ඉඟුරු, දෙහි කොළ හා සේර ඒකට එකතු කරන්න.
  • ලුණු හා කහකුඩු දාගන්න. කලවම් නොකර ලිප තබාගන්න. බත තැම්බීගෙන එනකොට වගේ රවුමට කලවම් කරගන්න.
  • දැන් අඩු ගින්දරේ බත උයාගන්න. බත තැම්බුනාම ලිපෙන් බාලා විනාඩි 10ක් තියන්න. ඉඟුරු ,සේර, දෙහි කොළ වල සාරය බතට උරාගත්තට පස්සෙ ඒ කෑලි අයින් කරලා බත පිලිගන්වන්න.

 

5. කොකනට් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔලිව් ඔයිල් තේ හැඳි 1
  2. අබ තේ හැඳි 1
  3. රතු පරිප්පු තේ හැන්දක්
  4. කඩල පරිප්පු තේ හැන්දක්
  5. උඳු පරිප්පු තේ හැන්දක්
  6. කරපිංචා 
  7. කපා ගත් වියලි රතු මිරිස් කරලක් දෙකක්
  8. අමුමිරිස් කරල් 2
  9. තලාගත් ඉඟුරු ටිකක්
  10. කජු කෑලි 10-12
  11. ගාගත් පොල් කෝප්ප 1
  12. ලුණු
  13. පිසගත් බත් කෝප්ප 2

 

  • පෑන් එකකට ඔලිව් ඔයිල් ටිකක් දාලා රත් වෙන කොට අබ ටික දාගන්න. දැන් කලින් කී පරිප්පු වර්ග 3ම  එකතු කරන්න. කරපිංචා හා වේලුණු මිරිස් කරල් එකතු කරන්න.
  • හොඳට කලවම් කරගන්න. දැන් අමු මිරිස් ටික දාගන්න. ඉඟුරු ටිකත් දාගෙන හොඳට කලවම් කරගන්න. 
  • දැන් කජු ටික එකතු කරන්න. කජු රන්වන් පාට වෙනකොට ගාගත් පොල් ටික එකතු කරන්න. විනාඩියක් විතර ෆ්‍රයි වෙන්න ඇරලා බත් ටික එකතු කරන්න.
  • දැන් රස බලා ලුණු එකතු කරන්න. බත් ඇට නොකැඩෙන සේ කලවම් කරන්න. තවත් විනාඩි 2ක් වගේ පිසගෙන කෑමට ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *