කාන්තාවන් තනපට ඇඳීමෙන් වළකින NoBra රැල්ල දකුණු කොරියාව කලඹයි

Bra කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අපේ බ්‍රාපති තුමා. හැබැයි අපි අද කියන්න යන්නේ එතුමා ගැන කතාවක් නම් නෙමෙයි. මේ දවස්වල දකුණු කොරියාවේ යන රැල්ලක් ගැන. ඒ තමයි බ්‍රා එකක් නැතුව කාන්තාවෝ සමාජ මාධ්‍යජාලවලට ඡායාරූප එකතු කරන එක. දැන් ඉතින් ආටිකල් කියවන්නේ නැතුව සර්ච් කරන්න හිතුණා නේහ්? කමක් නෑ සර්ච් කරලා ආවත් කමක් නෑ. කැමති අයට ඕනේ නම් ආටිකල්  එක කියවලා සර්ච් කරන්නත් පුළුවන්.

 

1. තිසරපට ඉවත ලූ සුල්ලි

මේ NoBra  රැල්ල පටන් ගන්නේ දකුණු කොරියාවේ ජනප්‍රිය නිළියක් සහ ගායිකාවක වන සුල්ලි (Sulli) විසින් #NoBra (හෑෂ්ටැග් NoBra) එක්ක තමන්ගේ තනපට රහිත පොටෝ එකක් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයට මුදා හැරීමත් එක්ක. හැබැයි මේකේ තේරුම සුල්ලි නිරුවතින් ඉන්නවා කියන එක නෙමෙයි. එයා තමන් සාමාන්‍ය පරිදි ඇඳුම්වලින් ඇඟ ආවරණය කරගෙන හිටියත් තමන්ගේ හංසයන්ට පූර්ණ නිදහස ලබා දීලා තියෙන්නේ.

 

2. සුල්ලිට ගහපු ගල්

දකුණු කොරියාවෙයි ලංකාවෙයි කියලා වෙනසක් නෑ  ඉතින්. හැමතැනම ඉතින් ඔය වගේ දෙයක් කළාම කාන්තාවට බැණවදින පිරිසක් ඉන්නවනේ. ඉතින් කොරියාවේ ඒ වගේ අය නම් කියන්න ගත්තේ සුල්ලි කියන්නේ අවධාන ගණිකාවක් කියලා. සමාජ මාධ්‍ය රසිකයන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා කියලා සුල්ලිට චෝදනා එල්ල කරන්න මේ අය පටන් ගත්තා. “අපිට ඔයා කාන්තාවක් වීම ගැනත් ලැජ්ජයි, ඔය විදිහට පන්සලකට පල්ලියකට යන්න පුළුවන්ද?” මෙහෙම කාන්තා පාර්ශවයේ අයම අහන්න ගත්තා (සිංහලෙන් නම් නෙමෙයි කොරියන් බාසාවෙන් හොඳේ) ඒ වගේම සමහරුන්ට ප්‍රශ්නේ තිබ්බේ සුල්ලී තනපට අඳින්නේ නැති එක නෙමෙයි, ඒ නිසා එයාගේ පියයුරු කැපී පේන්න සමාජ මාධ්‍ය ජාලාවල පෙනී සිටින එක.

 

3. සුල්ලී ගිය මග ගිය හ්වාසා(Hwasa)

සුල්ලීගේ අඩිපාරේම තවත් අය යන්න ගත්තා. සමහරු නම් කියන්නේ සූල්ලි නිසා ඒ අය නොමග ගියා කියලා. කොරියාවේ ජනප්‍රිය ගායිකාවක වන හ්වාසා (Hwasa) විදේශ රටක ප්‍රසංගයකට සහභාගී වෙලා නැවත එද්දි තනපට නොඇඳ සිටි ආකාරය දැක්වෙන පොටෝස් සහ වීඩියෝස් දින කීපයක් තුළ වයිරල් වෙන්න ගත්තා. සුල්ලීගෙන් සහ හ්වාසාගෙන්  ධෛර්‍යය ලැබුණු අනෙකුත් කොරියානු කාන්තාවොත් මේ (නො?)ම​ග ගියා.

 

4. සුල්ලීට කලින් පටන් ගත්ත වැඩේ

හැබැයි මේ රැල්ල සුලී පටන් ගත්තට සමහරු කියන්නේ පහුගිය අවුරුද්දේ පාර්ක් ඉසියුල් නම් නිරූපිකාව තනපටක් රහිතව ව්‍යායාම් කිරීම පිළිබඳව වීඩියෝවක් කළා සහ ඒ නිසා කොරියානු කාන්තාවෝ තනපට වෙනුවට wireless soft cup bralettes (මේකට හරි සිංහල වචනයක් නම් නෑ) පාවිච්චි කරනවා කියලා. මේ වීඩියෝවත් සෑහෙන්න වයිරල් වුණා.

 

5. කලින් තිබුණු රැල්ල

මේ රැල්ල ගැන අධ්‍යනය කරන අය කියන්නේ කොරියානු සමාජය තුළ කාන්තාවන්ට කැමති දෙයක් ඇඳීමේ නිදහස වෙනුවෙන් මේ දේ සිදුවෙනවා කියලා. මීට පෙර කොරියානු කාන්තාවෝ රූපලාවන්‍ය නිෂ්පාදනවල ප්‍රමිතිය බාල බව කියමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ රැල්ලක් ඇති කළා. එම කාලය තුළ කිසිදු බාහිර ආලේපනයකින් සැරසීමෙන් තොරව ඔවුන් ප්‍රසිද්ධියේ පෙනී සිටියා. ඒවගේම කොණ්ඩ කපා දැමීමත් සිදු වුණා. මේ සියල්ලම වක්‍රකාර‍යෙන් සහ ඍජුවත් පුරුෂ මූලික කොරියානු සභ්‍යත්වයට කාන්තාවන් තම විරෝධය පළ කිරීමක් විදිහට සිද්ධ වෙන්නේ.

 

6. NoBra වලට එල්ලවන බාධක

සමහර කාන්තාවෝ කියන විදිහට ඔවුන් තනපට රහිතව ගමන් කරන්න කැමති වුණත් පුරුෂ පක්ෂයේ  අනවශ්‍ය ආකාරයේ අවධානයට ලක් වේ යැයි බිය නිසා එසේ කිරීමෙන් වැළකිලා තිබෙනවා. ලංකාවේ එතරම් කතාබහට ලක් නොවෙන Gaze Rape පිළිබඳව කොරියානු සමාජයේ යම් කතාබහක් තියෙනවා. ඒ මගින් අදහස් කරන්නේ බැලීමක් මගින් කෙනෙක්ව අපහසුතාවයට ලක්කොට මානසික අපහරණයකට ලක් කිරීමයි.

 

7. තනපට ඉවත් කිරීමේ සෞඛ්‍ය අවදානම

තනපට ඉවත් කිරීමෙන් විශාල සෞඛ්‍ය අවදානමක් ඇති නොවන බව මේ වෙනකොට කොරියානු  සෞඛ්‍ය විශේෂඥයන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් ව්‍යායම්වලදී සහ ක්‍රීඩාවලදී කාන්තාවන් තනපට භාවිතා කළ යුතු බව නම් ඔවුන් විශේෂයෙන් අවධාරණය කරලා තියෙනවා.

 

එහෙනම් ඉතින් කොරියාවේ NoBra ව්‍යාපාරය ගැන දැනගත්තනේ,  ලංකාවෙත් මෙහෙම NoBra ව්‍යාපාරයක් පටන් ගත්තොත් කොහොමද? ඔබේ අදහස් කමෙන්ට් කරන ගමන් කට්ටියට මේ ගැන දැන ගන්නත් එක්ක ෂෙයාර් පාරක් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *