පහුගිය සතිවල ෆීල්ඩ් මාෂල් නිලය ගැනත් ඊට පස්සේ ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් නිලය ගැනත් අපි කතා කළා. මේ නිලතල ගැන කතා කරන්න සිද්ධ වුණේ සති කීපයකට කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වසන්ත කරන්නාගොඩ මහත්මයාව ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් නිලයටත් රොෂාන් ගුණතිලකව මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් නිලයට උසස් කිරීමත් එක්ක.
අනෙක් නිල නාම දෙකට සාපේක්ෂව මාෂල් ඔෆ් ද එෆාර්ෆෝස් ඉතා මෑතකදී ගොඩනැඟුණු නිලයක්. මේකට හේතුව තමයි ගුවන් හමුදා යුද්ධ සඳහා භාවිත වෙන්න පටන් ගත්තේ පසුකාලයකදී වීම.
මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් නිලයට පහළින් පිළිවෙළින් එයාර් චීෆ් මාෂල්, එයාර් මාෂල් සහ එයාර් වයිස් මාෂල් නිල නාම තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ නිලනාමය සඳහා භාවිතා වෙන්නේ ජෙනරල් ඔෆ් ද එයාර්ෆෝස් කියන නිල නාමය.
අපි දැන් මේ නිල නාමය භාවිතා කරන්න අවස්ථාව ලැබුණු කීපදෙනෙක් ගැන දැන කියා ගමු.
1. හියු ට්රෙන්චර්ඩ්
හියු ට්රෙන්චර්ඩ්ව සැලකෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් ගුවන් හමුදාවේ පියා විදිහට. ඔහු මුලින්ම එකතුවෙන්නේ බ්‍රිතාන්‍ය පාබල හමුදාවට. නමුත් බෝයර් යුද්ධයේදී සිදුවන අනතුරකින් පස්සේ ඔහු සක්‍රීය සේවයෙන් කෙටි කාලයකට විශ්‍රාම ලබා ගන්නවා. එම කාලයේදී එවකට පැවැති සැහැල්ලු ගුවන් යානා පැදවීම පිළිබඳව ඔහු අධ්‍යයනය කරනවා. මේ වෙද්දි ගුවන් යානා භාවිතා කරන ලද්දේ නාවික හමුදාවට සහ පාබල හමුදාවලට සහායක සේවාවක් විදිහටයි. පළමුවන ලෝක යුද්ධයේදී ජර්මනිය මගින් සිය ගුවන් යානා යොදා ලන්ඩනයට ප්‍රහාර එල්ල කිරීමත් සමගම මහා බ්‍රිතාන්‍යය විධිමත් ගුවන් හමුදාවක අවශ්‍යතාවය වටහා ගන්නවා. මේ වගකීම විවිධ හේතු මත අකැමැත්තෙන් බාර ගන්න හියු ට්රෙන්චර්ඩ් මනා ලෙස බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ස්ථාපනය කරනවා. පසු කාලයක දී ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාව සකස් කිරීමටත් ඔහු තම උපදෙස් ලබා දෙනවා. 1919 දී ලොව පළමු මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් නිලයට පත් වූ පුද්ගලයා බවට ඔහු පත්වෙනවා.
2. හෙන්රි එච්. ආනෝල්ඩ්
හෙන්රි එච්. ආනෝල්ඩ් මේ දක්වා ඇමරිකානු එක්සත් ජනපද ගුවන් හමුදාවේ තරු පහක් හිමි ජෙනරල් ඔෆ් ද එයාර්ෆෝස් නිල නාමය ලබා ගත් එකම පුද්ගලයා. ඒ වගේම පාබල හමුදා තරු පහ හිමි ලබාගෙන තවත් හමුදාවක තරුපහක් ලබාගත්ත එකම නිලධාරියා. දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමට කුඩා කාලයකට පෙර ආනෝල්ඩ් එහි අණදීමට පත් කෙරුණා. ඔහු විසින් එතෙක් සෙබළුන් සියයකට පමණ සීමාවී තිබු ගුවන් හමුදාව 20,000 කට අධික ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කළා. ඒ වගේම ගුවන් හමුදා සංග්රාම ක්‍රමෝපාය සකස් කිරීමට සහ වැඩිදියුණු කිරීමට ඔහු තම දායකත්වය ලබාදුන්නා. හෘදයාබාධ කීපයකින් පස්සේ සිය සේවයෙන් විශ්‍රාම ගිය ආනෝල්ඩ්හට ලැබුණු එකම ආදායම විශ්‍රාම වැටුප පමණක් වුණු බව කියවෙනවා.
3. අර්ජන් සිං
අපේ අසල්වැසි ඉන්දියාවේ ගුවන් හමුදාවේ හිටපු එකම මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් නිලය දරපු එකම පුද්ගලයා වෙන්නේ අර්ජන් සිං. දෙවන ලෝක යුධ සමයේ සහ 1947 පළමු ඉන්දු පාකිස්තාන යුද්ධයේදී ඔහු දස්කම් දක්වනු ලැබුවා. එවකට ඔහු පහළ නිලධාරියෙක් වුණා. 1965 ඉන්දු පාකිස්තාන යුද්ධයේ දී ඉන්දීය ගුවන් හමුදාව මෙහෙයවමින් පාබල හමුදාවට ලබා දුන්න අනර්ඝ සහය නිසා ඔහු මුළු ඉන්දියාවෙම ගෞරවාදරයට පත් වුණා. මේ හේතුවෙන් 2002 වර්ෂයේදී ඔහුව මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් නිලයට උසස් කරනු ලැබුවා.
4. ඉටාලෝ බැල්බෝ
1930 වගේ කාලයකදී මහා පරිමාණයෙන් ගුවන් යානා නිපදවීමට Balbo කියන පදය ශබ්දකෝෂවලට එකතු වුණා. මේකට හේතුව වුණේ ඉතාලි ගුවන් හමුදාව ආරම්භ කළ ඉටාලෝ බැල්බෝ මහා පරිමාණයෙන් ගුවන් යානා නිෂ්පාදනය කිරීම. ඒ වගේම බැල්බෝ වරක් ගුවන් යානා සමූහයකින් අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකා එක්සත් ජනපදයට මිත්‍ර චාරිකාවක නිරත වුණා. මේ නිසා ඇමරිකා එක්සත් ජනපදය තුළ ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. එවකට ඉතාලියේ යටත් විජිතයක්ව පැවැති ලිබියාවේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කරද්දි සිදු වූ ගුවන් අනතුරකින් ඔහු මියගියා.
5. ශ්‍රීමත් ආතර් හැරිස්
1942 දී බ්‍රිතාන්‍ය කැබිනට්ටුව මගින් ජර්මානු නගර වෙත මහා පරිමාණයෙන් බෝම්බ හෙලීම සංග්රාමෝපක්රමයක් ලෙස ක්‍රියාත්මක කිරීම බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව වෙත පවරනු ලැබුවා. මෙහි වගකීම ලබාගත්තේ ආතර් හැරීස් විසින්. මේ නිසා ඔහුට බ්‍රිතාන්‍ය පුවත්පත් මගින් Butcher Harris සහ Bomber Harris යන නම පට බඳිනු ලැබුවා. ඉන් ඩ්‍රෙස්ඩන් නගරයට බෝම්බ හෙලීම මිනිස් සංහතියට එරෙහිව කරනු ලැබු අපරාධයක් ලෙස බොහෝ පාර්ශව සලකනු ලබනවා.
6. ජෝන් සෙලසර්
ජර්මානු යූ බෝට්ටු විනාශ කිරීමට දිගු දුර පරාසයක බෝම්බ ගුවන් යානා මගින් හෙලීම සිදු වුණේ ජෝන් සෙලසර්ගේ සැලසුම් අනුවයි. මිත්‍ර පාක්ෂික ගුවන් හමුදාවල මධ්‍යධරණී ප්‍රධානියා බවට පත්වුණු සෙලසර්, ඉතාලිය සහ යුගෝස්ලාවියාව මුදවා ගැනීමේ මෙහෙයුම්වලදී උපාය මාර්ගික දක්ෂතා පෙන්වනු ලැබුවා. බෝම්බ හෙලීම සංග්රාමෝපක්රමයක් ලෙස වර්ධනය කිරීම සහ න්‍යෂ්ටික බලවතෙකු ලෙස බ්‍රිතාන්‍යය ඔසවා තැබීම වැනි දෑ පිළිබඳව සෙලසර් ඉදිරිපත් කළ යෝජනා පසු කාලයක ඵල දැරුවා.
7. ආතර් ටෙඩර්
ආතර් ටෙඩර් විසින් බෝම්බ හෙලීමේ නව සංග්‍රාමික උපක්‍රමයක් හඳුන්වාදෙනු ලැබුවා. ඒ තමයි “Teddder Carpet” එහෙමත් නැත්නම් ලංකාවේදි නම් කාපට් බෝම්බ කියලා හඳුන්වන බෝම්බ හෙලීමේ ක්‍රමය .ඒ මගින් යම් තෝරාගත් ප්‍රදේශයක් කිසිදු දෙයක් ඉතුරු නොවන පරිදි බෝම්බ හෙලීම සිද්ධ වුණා. දෙවෙනි ලෝක යුද්ධ සමයේදී ඉතාලිය ආක්‍රමණය කිරීමේ මිත්‍ර පාක්ෂික මෙහෙයුමේදී සහ ප්‍රංශය මුදවා ගැනීමේ මිත්‍ර පාක්ෂික මෙහෙයුමේදී යුධ මෙහෙයුම් සැලසුම්කරණයට ටෙඩර් තම දායකත්වය ලබා දුන්නා.
එහෙමනම් ෆීල්ඩ් මාෂල්ලා ගැන සහ ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්ලා ගැන අපි ලියපු දේවල් ගැන කියවන්න පහත ලින්ක්වලින් පුළුවන්. මේ ආටිකල් එක ගැනත් ඔබේ අදහස් පල කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply