ඔය සුද්දගේ ක්‍රමේට සෙක්ස් ඩ්‍රයිව් එක වැඩියි කියලා කිව්වට, අපේ ක්‍රමේට ඕකට කියන නං සෑහෙන්න තියෙනවා. එක්කෝ මදනයා ඉහට ගහලා කියයි, එක්කෝ මදන විසේ කියයි, එක්කෝ මෝල් අමාරුව කියයි. හැබැයි මේ සෙක්ස් ඩ්‍රයිව් එක වැඩියි කියන්නේ ඔය වගේ තාවකාලිකව නැගලා ඇවිත් බැහැලා යන තත්ත්වයක් නෙවෙයි. සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගේ ලිංගික ආශාවන්ගේ ප්‍රමාණය ගැන තමයි ඔය කියන්නේ. සාමාන්‍ය වැඩුණු, නීරෝගී මනුස්සයෙක්ට ලිංගිකාශාවන් නැතිවීමත් ප්‍රශ්නයක්. ඒ වගේම ඉතාම ඉහළ ප්‍රමාණයකින් ලිංගිකාශාවන් තිබීමත් ප්‍රශ්නයක්. හැබැයි ඉතින් ඉහළ ලිංගිකාශාවන් කියන්නේ තමන්ටම විසඳාගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒක කොච්චර සෙක්ස් කළත් තෘප්තිමත් වෙන්න බැරි ලෙවල් එකක තියෙනවා නම් තමයි වෛද්‍ය උපදෙස් ලබාගන්න වෙන්නේ.
හරි ආයේමත් ටොපික් එකට ආවොත්, වැඩි සෙක්ස් ඩ්‍රයිව් එක නැතිනම් ඉතා ඉහළ ලිංගිකාශාවන් තියෙන කෙනෙක්ට, ඕක ජීවිතේට ප්‍රශ්නයක් කරගන්නෙත් නැතුව, තමන්ට ප්‍රශ්නයක් කරගන්නෙත් නැතුව, වෙන මනුස්සයෙක්ට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙත් නැතුව, තමන්ගේ සහකාරයාට හරි සහකාරිට හරි ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙත් නැතුව ගොඩදාගන්න විදිය තමයි මේ කියලා දෙන්න යන්නෙ!
1. ස්වයං පාලනයක් ඇති කර ගැනීම
මේ ස්වයං පාලනය කියන්නේ තමන්ගේ ඇතුළේ තියෙන සෙක්ස් ඩ්‍රයිව් එක මුළුමනින්ම යටපත් කිරීම නෙවෙයි. මේ කියන්නේ ඊට වෙනස් දෙයක්. හිතන්න, සමහරුන්ට මේ අධික සෙක්ස් ඩ්‍රයිව් එකත් එක්ක තැන නොතැන අමතක වෙනවා වෙන්න පුළුවන්. තවත් සමහරුන්ට සමාජයේ අසම්මත, නීතියට අනුව නොකළ යුතු ලිංගික හැසිරීම් වලට යන්න හිතෙනවා වෙන්න පුළුවන්. ආන්න ඒ කොයික වුනත් අනිවාර්‍යයෙන්ම පාලනය වෙන්න ඕන. ඒකේ දෙකක් නැහැ. ආන්න ඒ ගැන තමයි මේ ස්වයං පාලනයෙන් කියන්නේ. ඒ ස්වයං පාලනය ඇති වෙන්න නම් තමන්ට තියෙන ලිංගිකාශාවන් මොනවද, තමන් තෘප්තිමත් වෙන්නේ කොහොමද කියන එක ගැන අදහසක් තියෙන්න ඕන.
බැරි වෙලාවත් මේ ස්වයං පාලනය පවත්වා ගන්න බැරි නම්, කෙලින්ම හත් වෙනි කාරණයට යන්න සිද්ධ වෙනවා!
2. සහකරුවා/සහකාරිය සමගින් එකඟතාවයකට පැමිණීම
මේක ඇත්තටම ෂෙඩ්‍යුල් එකක් හදාගැනීමක්. ගොඩක් වෙලාවට අධික සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙනකොට ඒක ගැටළුවක් වෙන්නේ තමන්ගේ සහකරුවට හෝ සහකාරියට ඒ විදියේ ඉහළ සෙක්ස් ඩ්‍රයිව් එකක් නැති වුනහම. එතකොට ඒ කෙනාට සෙක්ස් කියන දේ කරදරයක් වෙලා නවතින්න පුළුවන්. අපිට සෙක්ස් නැතුව ආතතිජනක මනෝභාවයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි මධ්‍යස්ථ ලිංගික ජීවිතයක් සැලසුම් කරන එක. උදාහරණයක් විදියට අපිට කියන්න පුළුවන් සතියකට තුන් වතාවක් කියල. මෙතනදී සෙක්ස් ඩ්‍රයිව් එක අඩු පාට්නර්ට ඒක කරදරයක් වෙන්නෙත් නෑ, මොකද එයා දන්නවා සෙක්ස් කරන්න එකඟ වුණු දවස්. අනෙක් අතට සෙක්ස් ඩ්‍රයිව් එක වැඩි පාට්නර්ට ඒක හොඳ උත්තේජනයක්. මොකද එයා සෙක්ස් කරන්න එකඟ වුණු දවස් දන්න නිසා උත්තේජනයකින් ඉන්නේ!
3. ස්වයං වින්දනය ඇබ්බැහි නොවී භාවිතා කිරීම
මෙන්න මේකත් බොහොම සියුම්ව භාවිතා කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ ස්වයං වින්දනය හිතකර විදියට යොදාගැනීම. සමහරු හිතනවා ස්වයං වින්දනය පාපයක් කියලා. සමහරු ස්වයං වින්දනය කළත්, විවාහ වුනාට පස්සේ නොකළ යුතුයි කියලා හිතනවා. හැබැයි ඉහළ සෙක්ස් ඩ්‍රයිව් එකක් තියෙන කෙනෙක් ස්වයං වින්දනය තමන්ගේ ජීවිතේට අනුගත කරගත්තට කමක් නෑ. හැබැයි ඒකටත් පාලනයක් තියෙන්න ඕන. දීර්ඝකාලීනව එකම දිනචරියාවකට අනුව ස්වයං වින්දනය නොකරන එක හොඳයි. අන්න එහෙම ගාණට මිම්මට, ඇබ්බැහියක් නොවී ස්වයං වින්දනය ජීවිතේට තියෙනවා නම්, ඒක ඉහළ සෙක්ස් ඩ්‍රයිව් එක පාලනය කරන්න හොඳ උපකාරයක් වෙයි.
4. ශක්තිය වෙනතක යෙදවීම
තමන්ගේ ඇතුළේ එකතු වෙන ලිංගික පීඩනය ඇත්තටම ශක්තියක්. ඒක බොහොම පහසුවෙන් වෙනත් ප්‍රයෝජනවත් දේකට යොදාගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට පුළුවන් ක්‍රීඩාවක නිරත වෙන්න. කඳු නැගීම්, ඔරු පැදීම් වගේ එළිමහන් ක්‍රියාකාරකම් සිද්ධ කරන්න පුළුවන්. සමාජ සත්කාර්‍යයන් කරන්න පුළුවන්. වෙනත් තමන් ආස කරන ඕනම ක්‍රියාකාරකමක නියැළෙන්න පුළුවන්. එහෙම තමන්ගේ එදිනෙදා ජීවිතේ දුවන රූට් එකට අමතරව තවත් ක්‍රියාකාරකම් තියෙන කොට, අර යන්න තැනක් නැතුව පීඩනයක් විදියට එකතු වෙන ලිංගිකාශාවන් ශක්තිය විදියට වැය වෙයි. අන්න ඒකෙන් අර පාලනය කරන්න බෑ කියලා හිතෙන ලිංගික ආශාවන් දන්නෙම නැතුව පාලනයකට නතු වෙයි.
5. මනස සැහැල්ලු, ඒකාග්‍ර කරනා උපක්‍රම භාවිතය
මේ කියන්නේ භාවනා ක්‍රම ගැන. හැබැයි භාවනා කියපු ගමන් කකුල් දෙක එරමිණිය ගොතාගෙන මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව කිරීම ගැන හිතන්න එපා. ඒ වගේ භාවනාවක් වුනත් හොඳයි. හැබැයි මේකට බෞද්ධ භාවනාවක් වෙන්නම ඕන නෑ. දවසේ පොඩි වෙලාවක් නිදහස් තැනක වාඩි වෙලා හිත ඒකාග්‍ර කරගන්න යොදවන්න පුළුවන් නම් ඒක ඉහටත් උඩින්. මේ වෙනුවෙන් විවිධාකාරයේ ස්මාට්ෆෝන් ඇප්ස් එහෙමත් තියෙනවා. Meditation Apps කියලා සර්ච් කරපු ගමන් ඕන තරම් එහෙම එව්වා හොයාගන්න පුළුවන්.
6. ඔබේ ලිංගික ගැටළු විසඳාගැනීම
මේ ලිංගික ගැටළු කියන එක විවිධාකාරයි. සමහරුන්ට ක්ෂණීක මෝචනය තියෙනවා වෙන්න පුළුවන්. සමහරුන්ට ප්‍රමාද මෝචනය තියෙනවා වෙන්න පුළුවන්. තවත් සමහරු තමන්ගේ ශරීරය සහ ලිංගික අවයව ගැන අනාරක්ෂිත හැඟීම් වලින් පෙලෙනවා වෙන්න පුළුවන්. දැන් මේ විදියට නිදන්ගත වුණු ලිංගික ගැටළු අපේ මානසික සෞඛ්‍යයට බලපෑම් කරන්න පුළුවන්. අපේ ලිංගිකත්වය ගැන, අපේ ලිංගික හැකියාවන් ගැන බොහොම දරුණු අනාරක්ෂිත හැඟීම් ඇතිකරවන්න පුළුවන්. ඒ නිසාම අධික ලිංගිකාශාවන් ඇතිවෙන්නත් පුළුවන්. ඇත්තටම මෙහෙම ඇතිවෙන ලිංගිකාශාවන් කිසිසේත්ම සෞඛ්‍යයට හිතකර නෑ. මොකද මේ ආසාවන් මතුවෙන්නේ අනාරක්ෂිත හැඟීම් සංතෘප්ත කරන යාන්ත්‍රණයක් විදියට නිසා. ආන්න ඒ හින්දා මේ ලිංගික ගැටළු අපි විසඳාගන්න ඕන. ඒකට අවශ්‍ය නම් මානසික උපදේශනයට වුනත් යොමු වෙන්න පුලුවන්.
7. මානසික උපදේශනය
මේක තමයි අවසාන තුරුම්පුව. සමහර වෙලාවට අධික ලිංගිකාශාවන් අපිටම පාලනය කරගන්න පුළුවන් වුනත්, සමහර අවස්ථා වලදී අධික ලිංගිකාශාවන් අපේ එදිනෙදා ජීවිතේට, අපේ රැකියාවට, අපේ පවුල් ජීවිත වලට, අපේ සමාජ ජීවිතේට බලපෑම් කරනවා. ආන්න ඒ තැනට ඇවිත් කියන්නේ තව දුරටත් ඒක සරල ගැටළුවක් විදියට අඳුනගන්න බැහැයි කියන එක. අනිවාර්‍යයෙන්ම උපදේශන සේවාවකට හරි, තත්ත්වය වඩාත් බරපතල නම් මනෝ චිකිත්සකවරයෙක් වෙතට හරි යොමු වෙන්න වෙනවා. හැබැයි මතක තියාගන්න, ඒ වගේ වෘත්තිමය කෙනෙක්ගේ සේවය ලබාගැනීමෙන් මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. ආන්න ඒ නිසා ලැජ්ජා වෙවී ඉඳලා, එහෙම නැතිනම් මාන්නයෙන් ඉඳලා මේ ප්‍රශ්නේ විසඳගන්න බැහැ!
Leave a Reply