ලිංගික සංසර්ග ක්‍රියාවන් නැරඹීම ලැජ්ජාවට කාරණාවක් ලෙස අද කාලයේ සඳහන් වෙනවා. ඒත් එදා රජ කාලෙයේදී සිටු මැතිවරුන් කිසි අවුලක් නැතුව ලිංගික ක්‍රියා නරඹලා තියෙනවා කියලා අතීතය බැලූවිට පේනවා. එකල ලිංගිකව හැසිරීමට මෙන්ම ඒ ලිංගික ක්‍රියාවන් නැරඹීමට සහ නැවත නැවත දැකීමට ද මිනිස්සු වඩාත් ආසා කළ බව පුරාවිද්‍යාත්මක සාධක අනුව පෙනීයනවා. ඒ පුරාණ කාලේ කාම දර්ශන තිබුන තැන් කිහිපයක් ගැන අපි ටිකක් සොයා බලමු.
1. විලන්ඩ්රොබ් හි කුමරිය
ඔස්ට්‍රියාවේ ඩැනුයුබ් නදියේ ඉවුරේ සැරිසැරූ දඩයක්කාරයෙකුට අඟල් 4.5ක් උසැති කාන්තා නිරූපණයක් හමු වුනා. එය පසුව කරන ලද පර්යේෂණ වලදී වසර 25,000 කට වඩා පැරණි නිර්මාණයක් බව සොයාගත්තා. විශාල තන් සහිත කාන්තාවක් නිරූපණය කර තිබූ එය අඟල් හතරහමාරක් උස නිරුවත් රුවක් ලෙස දකින්නට තියෙනවා. පියයුරු සහ කඳ බඩ විශාලත්වය අනුව මැදිවියේ මහත කාන්තාවක් ලෙස පෙනෙන මෙම පිළිමය ගැන විවිධ මතවාද පුරාවිද්‍යාඥයින් අතර තියෙනවා.
2. වසර 7,200කට එපිට ජර්මනියෙන්
ගල් යුගයේදී පවා මිනිසා ලිංගික චර්යාවන් නැවත නැරඹීමට කැමැත්තක් දැක්වූ බව ලොව වටා තැන් තැන්වල හමු වී ඇති පුරාණ චිත්‍ර ආදිය හැදැරීමෙන් පේනවා. වසර 7200කට එපිට දී ජෝඩුවක් ලිංගික ක්‍රියාවල නිරත වන ආකාරය දැක්වෙන මූර්ති කොටසක් ජර්මනියෙන් හමු වෙලා තිබුනා. මෙහිදී විද්‍යාඥයින්ට මුලින්ම හමුවුනේ පිරිමි පිළිම කොටස. එහෙත් පසුව කරන ලද කැණීම් වලින් එම පිළිමයේම ස්ත්‍රී කොටසද ඔවුන්ට හමු වි තිබුනා.
3. වාත්ස්‍යාන ගේ කාමසූත්ර
බුදු දහමේද ථෙරවාද දහම ලිංගික හැසිරීමේ ඇලීම කෙලෙස් ලෙස දුටුවද පසුකාලීනව ඇති වු මහායානය, තන්ත්රයානය ආදී දහම් කොටස් හි ලිංගික ක්‍රියාවන් තුලින්ද ජීවිතයේ පරම සහනය සලසා ගත හැකි බව සඳහන් වෙලා තියෙනවා. වාත්ස්යනගේ කාම සූත්‍රය ක්‍රි. පූර්ව 200-400 කාලයේදී බිහිවුනා. එය ලිංගික සුව ලබන ආකාර දැක්වෙන ලිංගික අත්පොතක් වැනි එකක් බව එය බැලූ අය කියනවා. ඒ තුල වර්තමානයේ සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩකයින්ට පවා අත්හදා බැලීමට අපහසු ලිංගික චර්යාවන් තියෙනවා.
4. පොම්පෙයි නගරයේ පුරාණ වැඩ
ක්‍රිස්තු වර්ෂ 79 දී රෝමානු යුගයේ සක්‍රිය නගරයක් වූ පොම්පෙයි නගරය එකවරම සක්‍රිය වූ විසූවියස් ගිනිකන්දට යට වුනා. පොම්පෙයි නගරය විනාස වන අවස්ථාවේ පවා ඇතැමුන් ලිංගික සුව විඳිමින් ඉඳලා තියෙනවා. වික්ටෝරියානු යුගයේ සොයාගත් මේ පොම්පෙයි නගරයේ ඇති ඇතැම් මූර්ති සහ කැටයම් අදද කාමර වලට දමා අගුළු දාලයි තියෙන්නෙ. මන්ද ඒ පිංතූර, පිළිම ආදිය මගින් එලිපිට පෙන්වීමට නොහැකි තරම් තදබල ලිංගික ක්‍රියා නිරූපණය වෙනවා. ඒ එක් පිළිමයක මනුෂ්‍යයෙකු සහ එළුවෙකු අතර ලිංගික ක්‍රියාවක් වඩාත් ශෘංගාරාත්මක ලෙස මතුකරලා තියෙනවා. පොම්පෙයි කැටයම් අතර කෘත්‍රිම ලිංගික අවයව මෙන්ම විවිධ අස්වාභාවික ලිංගික ඉරියව් සහිත කලාකෘති රැසක්ම හමු වෙලා තියෙනවා. ලිංගික සංසර්ගය දැක්වෙන පුරාණ සිතුවම්, මූර්ති, කැටයම් ආදිය 1800-1900 ගණන් වලදී ධනවතුන්ගේ රහස් කෞතුකාගාර වලට ඇතුලත් වුනා. සාමාන්‍ය සමාජයට ලිංගික ක්‍රියාවන් ප්‍රදර්ශනය තහනම් වුවත් ධනවතුන් පුරාවිද්‍යාත්මක සාධක ලෙස ඒවා තබාගෙන අනෙක් අයට පෙන්වමින් සතුටු වුනා.
5. ලිංගික සංසර්ගය මැජික් එකක් කළ වික්ටෝරියානු සංස්කෘතිය
ඉන්දියාව, චීනය, රෝම ග්‍රීක ආදී මුල් කාලීන දියුණු ඉතිහාසයක් ඇති සංස්කෘතීන් වල ලිංගික හැසිරීම් නිරූපණය කිරීම වරදක් උනේ නැහැ. රොබට් නොක්ස් වැනි මුල්කාලීන ඉංග්‍රීසි ජාතිකයින් දක්වා තිබෙන ආකාරයට නුවර යුගයේ දි පවා සිංහල ජනයා වඩාත් සැහැල්ලු සමාජීය ජීවිතයක් ගත කරලා තියෙනවා. එහෙත් වික්ටෝරියානු සමාජ සාරධර්ම තුල පෞද්ගලිකත්වයට වැඩි තැනක් දී තිබෙනවා. ඒ අනුව ලිංගික ක්‍රියා යනු කාමරයක් තුල දෙදෙනෙකු පමණක් සතුටින් රහසින් කරන කාර්යයක් බවට පත් වුනා. ලිංගික හැසිරීම් කතාන්දර ලෙසින්, චිත්‍ර ලෙසින්. මුර්ති ලෙසින් හෝ කවර ආකාරයකින් හෝ නිරූපණය කිරීමද එකල වරදක් උනා. ඒ අනුව ඒ අයහපත් ලෙස දක්වා ලූ ලිංගික ක්‍රියා නිරූපණය කිරීම පසුකලෙක පෝනොග්‍රැෆි ලෙස දැක්වුනා. එහෙත් පුරාණ කාලයේදී ලිංගික හැසිරීම් බෙහෙවින් සාමාන්‍ය වූ කාලයේදී ලිංගික හැසිරිම් කලාව තුලින් කෙලින්ම පෙන්වීම කිසිවෙකුට ගැටලුවක් නොවන්නට ඇති.
6. කජුරහෝ
දැනටද ඉන්දියාවේ දකින්නට තිබෙන කජුරහෝ ආරාම සංකීර්ණය ක්‍රි.ව 950 දී පමණ නිමකර තිබේ. එම ආරාම සංකීර්ණයේ පිටත බිත්ති වල ලිංගික සුව විඳින අනේකවිධ ඉරියව් නිරූපණය කරලා තියෙනවා. දැන් කාලේ පෝන් වල පවා පෙන්වන්නට අමාරු තදබල ලිංගික ඉරියව් පෙන්නලා තියෙන මේ කජුරහෝ කැටයම් බලන්න අදටත් සංචාරකයින් ඇදෙනවා. කාමසූත්ර ආදී පොත් පත් වල ලියවිලි විදියට තිබුනත් මේ විදියට පිළිම ආකාරයෙන් ඉතා පැහැදිලිව සංසර්ග ක්‍රියා නිරූපණය කිරීමෙන් එදා විසු ජනයා යම් වින්දනයක් ලබන්නට ඇති. එය අද අපි මොබයිල් ඩිවයිස් එකකින් හොර රහසේ විඳින පෝන් සුව වලට වඩා විවෘතව හැමෝටම දැකබලාගන්න හැකි විදියට හදලා තියෙනවා.
7. පෝනෝග්‍රැෆි නූතන යුගය
ලිංගික ක්‍රියාවන් නිරූපණය අතින් නූතන කාලයේ වඩාත්ම ජනප්‍රිය වන්නේ වීඩියෝ මාධ්‍යයයි. 1969 දි ඩෙන්මාර්කයත් 1973 දී ඇමරිකාවත් සංර්ගය උත්කර්ෂවත් වෙන පරිදි ලිංගික දර්ශන පෙන්වීමට තිබූ තහනම ඉවත්කළා. ඒත් එක්ක වීඩියෝ සහ චිත්‍රපටි නූතන ලෝකයේ ජනප්‍රිය වුනා. 1980-90 කාලයේ පෝන් වැඩිපුරම ආවේ වී එච් එස් කැසට් වල. ඒ කාලේ කැසට් කර්මාන්තය බොහොම ජනප්‍රිය එකක් වුනා. ස්කැන්ඩිනේවියානු රටවල සහ අමෙරිකාවේ තැනුන ලිංගිකමය වීඩියෝ සහිත රූපරාමු හොරරහසේ ලංකාවේ වීඩියෝ සෙන්ටර් වල පවා විකුණන්නට තිබුන බව ඒ කාලේ හිටි තරුණයින් කියනවා. සී ඩී සහ අන්තර්ජාලය එක්ක මේ පෝන් වීඩියෝ අන්තර්ජාලය සිසාරා සංසරණය වෙන්න ගත්තා. ඒ එක්ක පරණ වී එච් එස් කැසට් වලට ඈත් වෙන්න සිදු වුනා.
තවත් අය සිදුකරන ලිංගික ක්‍රියාවන් නැරඹීම හෙවත් පෝනොග්‍රැෆි වලට ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. එහෙම ඇබ්බැහි වීම තුල පවුල් සම්බන්ධතාවල ලිංගික ජීවිතය තුල ගැටලු ඇතිවෙනවා. ඒ වුනත් මිනිස්සු ලිංගික ක්‍රියාවන් බලලා සතුටු වෙන එක අද ඊයේ සුද්දා හඳුන්වා දීපු අලුත් සංකර පුරුද්දක් නෙමෙයි. මිනිස්සු එදා පටන්ම ලිංගික ක්‍රියාවන් කරන්න වගේම ඒවා නැවත නැවත නිරූපණ ඔස්සේ දැකගන්න ආසා කරන්න ඇති. ඒ නිසා කොයි තරම් තහනම් කළත් ජානගතව තියෙන ලිංගික ආසාව නිසා මිනිස්සු කොහෙන් හෝ හොරෙන් පෝන් බලන ක්‍රමයක් බිහිකරගන්නවා.
පොර්නොග්රැෆිවලට ඇබ්බැහි වෙලානම් එයින් මිදෙන්න මේ ලිපියේ කරුණු ඔබට වැදගත් වේවි!
Leave a Reply