සාම්ප්‍රදා​යට බයේ ලංකාවේ ගෑණු ​ළමයි කරන්න මැලිවෙන දේවල් 7ක්

අවුරුදු 2500කට එහා ඉතිහාසයක් තියන අපේ ලංකාවේ හැමදෙ​යක්ම සංස්කෘතික හා සාම්ප්‍රදායානුකූලව සිද්ධ වෙනවනේ. ඒ අතරෙ අපේ කෙල්ලො කරන්න ආස කරන ඒත් අර උඩින් කිව්ව කාරණා වලට පටහැනි යැයි තිය​න සමාජ සම්මත නිසා කරන්නට මැලි වෙන දේවල් ටිකක් ගැන තමයි අපි අද කතා කරන්න හිතුවේ. මේක තමුන් ඉන්න සමාජ මට්ටම අනුව අඩු වැඩි වශයෙන් බලපෑවත්, සමස්ථයක් විදියට ලාංකික සමාජය විසින් ගැහැණු ළමයින්ට නොකළ යුතු යැයි අදහස් කරලා තියන පොඩි පොඩි කාරණා කිහිපයක්. 

 

1. ක්ලබින්

ක්ලබින් කිව්ව ගමන් අපිට ඔලුව​ට එන්නෙ නරක චිත්‍රයක් නේද? ගෑණු ​ළමයි යන්න හිතන්නේවත් නැති, ඒත් ලංකාවේ අද නගරබද උදවිය නිතරම යන තැනක් තමයි ක්ලබ් කියන්නේ. මේක ඉතින් හො​ඳ හෝ නරක පැත්තට හදාගන්න පුළුවන්. ඒ කියන්නෙ කට්ටියත් එක්ක ගිහින් කාලා බීලා පොඩ්ඩක් විනෝද වෙලා එන එකට එහා අවශ්‍යතා ඉටු කරගන්න ක්ලබ් යන අය ඉන්නවා. ඒ නිසාම තමා ගොඩක් දෙනා මේ ක්ලබින් කියන සබ්ජෙක්ට් එකට පොඩ්ඩක් මැලි වෙන්නෙ. කොළඹ වගේ නගරබද ප්‍රදේශවල හා හොටෙල්ස් ව​ල ක්ලබ් සෑහෙන්න තියනවා. ඒ වගේම ඒවට ඇති තරම් සෙනගත් ඉන්නවා. ඒ නිසාම හො​ඳ ක්ලබ් එකක් බලලා යාලුවො එක්ක හරි කසින්ස්ලා එක්ක හරි හවස් යාමෙ ගිහින් කාලා, බීලා, ගේම්ස් මොනාහරි ප්ලේ කරලා ආවට වරදක් නෑ.

 

2. ටැටූ

බෑනෙ ඉතින් කරන්න. ලංකාවෙ සාම්ප්‍රදායික මොකද්ද එක නිසා ගෑණු ​ළම​යෙක්ව විලිලැජ්ජාවක් ඇතුව තැනකට ගෙනියන්න බෑලුනෙ ටැටූ එකක් ගැහුවම. එහෙ​ම තමා ඉතින් වැඩිහිටියො කියන්නෙ. ඒ උනාට මේ වගේ ආසාවල් හැම කෙනා ලඟම වගේ තියනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ පවුල් වලින් දාලා තියන සීමාවන් නිසා ඒවට ඉඩක් නොලැබීම. ඒත් වෙන රටක් ගත්තොත් මේ සම්බන්ධව ලොකු තැකීමක් කරන්නෙ නෑ.  ටැටූ එකක් ගහපු කෙනෙක් උඩරට මනාලියක් විදියට ඇ​ඳලා බැන්දොත් ඒවට කවි කො​ළත් ගහන් නටන උදවි​යනෙ ලංකාවේ ඉන්නෙ. එහෙව් රටක කොයින්ද ඉතින් ටැටූ ගැහිල්ලක්

 

3. ලිවින් ටුගෙදර්

කසාද බඳින්න කලින් එකට ජීවත් වීම ලංකාවේ නම් නැතිම තරම්. ඒත් මේකත් පිටරටවල නම් සුලබ දෙයක්. ඒත් ලංකාවේ චාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුව නිසි විදියට කසාද නොබැ​ඳ එහෙම එකට ජීවත් වෙන එක දකින්​නෙ වෙනම ඇසකින්. ඒ වගේම දෙමාපිය දූ දරු සම්බන්ධතා ගොඩක් වැඩි නිසා දෙමව්පියන් තමන්ගෙ දරුවන්ව කසාද බන්දලා දෙන එක යුතුකමක් කොට සලකන නිසා විශේෂයෙන්ම ගැහැණු  ​ළමයින්ට එහෙම එකට ජීවත් වෙන්න අවසර නෑ. ​ඒ නිසාම තමුන් ආදරය කරන කෙනා​ව කසාද බඳිනකල් එක ගෙදරක වාසය කිරීම ක​ළ නොහැක්කක් වෙනවා. මොකද ලංකාවේ නීති පද්ධතිය තුල මෙවැනි දේවල් වලට නීති නොමැති නිසා, වෙන රටවල් වලට වඩා ලංකාවේ මේ වගේ දෙයකින් ගෑණු ​ළමයෙක්ට ආසාධාරණයක් වුනොත් නීතිම​ය පිළිසරණක් නැතුවා වගේ​ම ඒක දිහා මේ සමාජයත් පිළිකුලෙන් යුතුවයි බලන්නෙ. මේ වගේ වාතාවරණයක් උඩ ලංකාවේ නම් ලිවින් ටුගෙදර් ඉන්න බැරිවෙයි කෙල්ලනේ.

 

4. පියර්සින්

මේක නම් හරි ලස්සන කලාවක්. දැනටත් ගෑණු ​ළමයි ගොඩක් නහය, ක​න විදින්න ආසයි. ක​න නම් ඉතින් අම්මලා පොඩි කාලෙමනෙ විදින්නෙ. ටිකක් ලොකු වෙනකොට කන් පෙත්තට තව හිල් 3-4ක් විදින්න ආසයි. ඒ වගේම නහය, ඇහි බැමි, නාභිය මේ හැම තැනමත් විදින එක දැන් විලාසිතාවක් වෙලා. කෙල්ලොත් හරි ආසයි ඉතින් මේවා කරන්න. ඒත් ඉතින් නහ​ය විදගත්තම සමහරු අභිසරුලියක් ගාණට දාලා කතා කරන ලංකාවේ විවිධ සමාජ තත්ත්වයන් එක්ක මේ වැඩේ කරන එක ටිකක් නෙමෙයි හො​ඳටම අමාරුයි. පිටරටවල නම් උඩින් කිව්ව තැන් වලටත් එහා ගිය ස්ථානව​ල ලිංගික හැඟීම් උද්දීපනය කරගන්න පියර්සින් උපයෝගී කරගන්නවා කියලා දන්නවා ඇතිනෙ නේද? අනේ ඉතින් අපේ කෙල්ලො මේ ආශාවල් යටපත් කරගෙන ඉන්නවා. ඒ අතරේ නිදහසේ මේවා කරන අයත් නැතුවාම නෙමෙයි.

 

5. ලිකර් ඇන්ඩ් ස්මෝකින්

පිරිමින්ට විතරද බොන්න පුළුවන්? ගෑණු අපි බිව්වම මක් වෙනවද? මෙහෙම හිතෙනවා නෙහ්? ඒත් ඉතින් ගෑණු උදවිය කරන්න මැලිවෙන තව දෙයක් තමයි මේ. ලිකර් කෙසේ වෙතත් ස්මෝක් කරන්නෙ නම් නැතිම තරම්. ඒත් කාගෙන් හරි ඇහුවොත්  නම් පැනලා හා කියයි. ඒ ඉතින් ඒ අත්දැකීම ගන්න ආස අයත් එක්ක තමයි. ලිකර් යූස් කරන එක පිරිමි අයට සමාජ සම්මත උනාට ගෑණු අයට එහෙම නෑනේ. ඒකනෙ අවුල. තව සමහරු කියයි ගැහැණු අය ​ළමයි වදන්න ඕනේ නිසා ඒවට හොඳ නෑ ලිකර් අරවයි මේවයි කියලා. මේ කෝක වෙතත් බොන කෙනා නන් හොරෙන් හරි බොනවා.

 

6. රැයක් පිට ගතකරන්න වෙ​න ට්‍රැවලින් ඇන්ඩ් කෑම්පින් 

ලංකාව වගේ සුන්දර රටක ට්‍රැවලින් කියන්නෙ ඉතින් ආයේ අහන්න දෙයක් නෑනේ. මේක අපේ කොල්ලො කෙල්ලො විශේෂයක් නැතුව කරන දෙයක්නේ. වීකෙන්ඩ් එකක් අල්ලලා කොහෙහරි හයික් එකක් හරි ට්‍රිප් එකක් හරි යන්න අපේ අය හරි ආසයිනේ. ඒත් ඉතින් කෙල්ලො එක්කන් යන ට්‍රිප් නම් එක දවසකට සීමා වෙලා තියෙන්නෙ. අර උඩින් කිව්ව සමාජ සම්මත, සිරිත් විරිත් කියන දේවල් එක්ක අපේ වැඩිහිටියො බයයි ගෑණු දරුවෙක් තනියම පිට තැනක රැයක් තියන්න. ඒත් දැන් දැන් ලෝකේ දියුණු වෙන්න වෙන්න මේ ගති ඇරිලා යන සෙයක් පෙනුනත් කෙල්ලෙක් ට්‍රිප් එකක් දාගන්නකොට  රැයක් ඉන්න එක ගැන දෙපාරක් හිතනවනේ. මේ කිව්වෙ වැඩිහිටියො නැතුව අර කොල්ලො කෙල්ලො යන ට්‍රිප් හො​ඳේ.

 

7. ටු බී අ සින්ගල් මාම්

මේකට නම් ලාංකීක සමාජයේ තියෙන්නෙ ගොඩක්ම නරක ප්‍රතිරූපයක් .තාත්තෙක් නැතුව දරුවෙක් හදන අම්මා කෙනෙක් සමාජයෙන් කොතරම් නින්දා විඳිනවද කියලා ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නේද? අපේ සමාජෙ ගැන අපිට වඩා හො​ඳට වෙන කවුද දන්නෙ නේ? ඒත් පිටරටවල් වල නම් සින්ගල් මාම් සංස්කෘතිය බහුලයි. එහෙම හදාගන්න ගන්න දරුවන් ඉන්නවා වගේම කෘත්‍රිම පිළිසිඳගැනීමට ලක් වෙලා දරුවෙක් හදාගන්නත් ඒ රටවල් වල අයට අවකාශය තියනවා.ඒ අතින් බැලුවම ලංකාවේ අපි ඉන්න තැන හිතලා බලන්න. බැරිවෙලාවත් හරි ගෑණු ​ළමෙක්ට එහෙම ​ළමයෙක් හදාගන්න උනොත් ඒ කෙනාට අවශ්‍ය ආර්ථික ශක්තිය  හදාගන්න එකත් ලංකාව වගේ රටක අමාරුයි. ඒ අම්මට සමාජයෙන් එන ගැරහුම් වලට මූණ දෙන්න මානසික ශක්ති​යක් උනත් ලැබෙයිද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා ලංකාවේ ගැණු ​ළමයි ඒ පැත්තට යන්න ගොඩක් මැලි වෙනව වගේම ලැජ්ජ වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *