සෙක්ස් ලයිෆ් එකේ නොගැලපීම්ද? එහෙමනම් මේ උපදෙස් පිළිපදින්න!

සෙක්ස් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ප්‍රසිද්ධියේ කථා බහ කරන්න මැලි වෙන මාතෘකාවක්නේ. සමහරු මේ කසාද බැඳලත්, තමන්ගේ ගෑණි එක්ක හරි මිනිහා එක්ක හරි සෙක්ස් ගැන, තමන් සෙක්ස් කරන්න කැමති විදිය ගැන කථා කරන්න කැමති නෑ. ඉතින් එහෙම හාදයින්ට සෙක්ස් ලයිෆ් එකක් තිබ්බොත් තමයි පුදුමේ. හරි. දැන් අපි එක එක මිනිස්සු එක එක විදියනේ. ඒ නිසා එක එක මිනිස්සු සෙක්ස් සම්බන්ධයෙන් දක්වන රුචි අරුචි කම් වුනත් එක එක විදියයි. හැබැයි ඉතින් දෙන්නෙක් එකට ජීවත් වෙනකොට ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි මේ එකිනෙකට වෙනස් ලිංගික රුචි අරුචිකම් හැප්පෙන එක. කොටින්ම කිවුවොත් එයා සෙක්ස් කරන්න ආස විදියට මෙයා කැමති නෑ, මෙයා සෙක්ස් කරනකොට කරන්න කැමති සමහර දේවලට එයා කැමති නෑ වගේ ප්‍රශ්න. දැන් එකට ඉන්න දෙන්නෙක් නම් එහෙම ප්‍රශ්න තියෙනවා කියලා සෙක්ස් අතෑරලා දාලා ඉන්න බැහැනේ. ආන්න ඒ නිසා කරන්න වෙන්නේ ඔය ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරන එක. ඒකට පොඩි උදවුවක් තමයි මේ.

 

1. සන්නිවේදනය වැදගත්

මෙන්න මේක තමයි එකිනෙකට වෙනස් ලිංගික රුචිකත්වයන් සම්බන්ධයෙන් වුනත්, එකිනෙකට සමාන ලිංගික රුචිකත්වයන් සම්බන්ධයෙන් වුනත් මූලිකවම වැදගත් කාරණාව. එකිනෙකා එක්ක පැහැදිලිව, නොසඟවා කතා කරන එක. මෙතනදී දෙන්නම මතක තියාගන්න ඕන මේ කථා කරන්නේ එකිනෙකාගේ ජීවිතේ තියෙන රහසිගත දේවල් ගැනය කියන එක. ඒ වගේම දෙන්නම මතක තියාගන්න ඕන අනික් කෙනාගේ ආසාවන් කිසිම වෙලාවක විනිශ්චය නොකරන්න. උදාහරණයක් විදියට හස්බන්ඩ් කිවුවොත් මම ආසයි තව අයට පේන විදියට එළිමහනේ සෙක්ස් කරන්න කියලා, වයිෆ් ඒක තවත් එක් සෙක්ෂුවල් ෆැන්ටසි එකක් විදියට විතරක් බාර ගන්න ඕන. එහෙම නැතුව “ඊයා මූ මහා වලත්තයෙක්” කියලා හිතුවොත් වැඩේ එතනම හබක්.

 

2. මැද තැනකදි මුණගැහෙමු?

සාමාන්‍ය වශයෙන් එකිනෙකාගේ නොගැලපෙන ලිංගික රුචිකත්වයන් සම්බන්ධයෙන් කරන්න පුළුවන් දෙයක් තමයි දෙන්නම අනික් කෙනාගේ විදියට පොඩ්ඩක් හැඩගැහෙන එක. උදාහරණයක් විදියට බොන්ඩේජ් වලට, ඒ කිව්වේ ලණු වලින් එහෙම ගැටගහලා සෙක්ස් කරන්න ආස මනුස්සයෙක්ට පුළුවන් ඒක පොඩ්ඩක් අඩු මට්ටමකට ගේන්න. උදාහරණයක් විදියට කිවුවොත් බිරිඳගේ තනපටයෙන්ම බිරිඳගේ අත් ගැටගහන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම වැනිලා සෙක්ස් වලට කැමති බිරිඳට ලොකුම ගැටළුවක් නැති නම් එතනට එන්න පුළුවන්. ආන්න ඒ විදියට දෙන්නම කථා බහ කරලා මැද තැනකට එන්න උත්සාහ ගන්න එක වෙනස් ලිංගික රුචිකත්වයන් පිළිබඳ ප්‍රශ්නේ විසඳගන්න සාර්ථක ක්‍රමයක්.

 

3. හෙමිහිට පුරුදු කරලා ගමු?

සමහර වෙලාවට සමහරු අතර ඇත්තටම තියෙන්නේ ලිංගික නොගැලපීමක් නෙවෙයි. සරලවම එක්කෙනෙක් කැමති විදියේ ලිංගික ක්‍රියාකාරකම් වලට අනික් කෙනා නොදන්න නිසා ආස නැහැ. එහෙම නැතිනම් අප්‍රියයි කියලා හිතන නිසා ආස නෑ. ඕකට ජනප්‍රියම උදාහරණයක් තමයි, මුඛ ලිංගික සංසර්ගයට කැමති අය සහ අකමැති අය එකට පවුල් කන්න සෙට් වීම. මෙතනදී දෙන්නටම අති පිරිසිදුව ඇඳට එන්න පුළුවන් නම්, ලිංගිකත්වයේදී ඇඟේ අප්‍රියයි කියලා තැන් නැහැයි කියලා තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ විසඳගන්න හැකියි. කරන්න තියෙන්නේ හදිසි නොවී, හෙමි හෙමිහිට පුරුදු කරලා ගන්න එක. ඔය ගුද සංසර්ගය වගේ දෙයක් සම්බන්ධයෙන් වුනත් එහෙම තමයි. ඒකට අකමැති තමන්ගේ සහකරුවාව හරි සහකාරියව හරි ඒකට පුහුණු කරවා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මුලින් කැමති කරවගන්න ඕන.

 

4. බ්ලූ ෆිල්ම්ස්?

එකිනෙකාට නොගැලපෙන ලිංගික රුචි අරුචිකම් විසඳගන්න සාර්ථක ක්‍රමයක් විදියට පෝර්නෝග්‍රැෆි, එහෙමත් නැතිනම් අසභ්‍ය ලිංගික චිත්‍රපට භාවිතා කරන්න පුළුවන්. හරි, මෙව්වා නරකයි කියලා හැමෝම කියනවා තමයි, නීතිමය ප්‍රශ්නත් තියෙනවා තමයි. හැබැයි සෙක්ස් වලදී තියෙන ප්‍රශ්න විසඳගන්න මෙව්වා පරිස්සමට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු වයිෆ් ආස නෑ ඔය කොස්ටියුම් ප්ලේ වගේ සීන් වලට කියලා. ඒ කියන්නේ ඔය එක එක විදියේ ඇඳුම් ඇඳගෙන ඇවිත් සෙක්ස් කරන එකට. අන්න එතකොට හෙමිහිට වයිෆ් එක්ක කථාබහ කරලා, බ්ලූ ෆිල්ම් එකක් බලන්න කැමති කරවගෙන, කොස්ටියුම් ප්ලේ තියෙන ෆිල්ම් එකක් දෙකක් බලන්න දෙන්න පුළුවන්. එහෙම බලනකොට ගොඩක් වෙලාවට මේක වෙනස් විදියේ දෙයක් කියලා සලකලා වයිෆ් ඕක අත්හදා බලන්න කැමති වෙන්න පුළුවන්!

 

5. සෙක්ස් කාලසටහන

මේක අති සාර්ථක විසඳුමක්, ඔය සෙක්ස් ඩ්‍රයිව් එකේ සෑහෙන වෙනස්කම් තියෙන දෙන්නෙක්ට පවුල් කන්න නම්. ඒ කියන්නේ දෙන්නම එකඟ වෙලා සෙක්ස් කරන්න කාල සටහනක් හදා ගන්නවා. ඇත්තටම බැඳපු දෙන්නෙක්ට වුනත් හැමදාම රෑට සෙක්ස් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් දවසක් ඇර දවසක් හරි, සතියේ දවස් දෙකක් හෝ තුනක් හරි සෙක්ස් වලට වෙන් කරන්න. මෙතනදී ගොඩක් සෙක්ස් කරන්න ඕන පාට්නර්ට හෙට සෙක්ස් කරනවා කියන බලාපොරොත්තුව නිසා හොඳ උත්තේජනයක් ලැබෙනවා. ඒ වගේම ඒ තරම් සෙක්ස් ඕන නැති පාට්නර් ‘හෙට තමයි සෙක්ස් කරන්නේ, අදයි අනිද්දයි නෑ’ කියලා දන්න නිසා හිත කරදර කරගන්නෙත් නෑ! 

 

6. ස්වයං වින්දනය නරක විකල්පයක් නෙවෙයි!

සාමාන්‍යයෙන් වැඩිහිටියන් අතරේ ස්වයං වින්දනය ගැන තිබුණේ හොඳ අදහසක් නෙවෙයි. ඒත් දැන් දැන් ඉස්සරට වඩා සෑහෙන පිරිසක් ස්වයං වින්දනය කරනවා. හැබැයි තනියෙන් ඉන්නකොට ස්වයං වින්දනය කරන ගොඩක් දෙනෙක් තමන් විවාහ වුනාට පස්සෙ හරි, සහකරුවෙක් සහකාරියක් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තහම හරි ස්වයං වින්දනයේ යෙදෙන එක නවත්තනවා. හැබැයි අපි කියන්නේ එහෙම කරන්න එපා කියලා. තමන්ගේ සහකරුවා හරි සහකාරිය හරි ස්වයං වින්දනයේත් යෙදෙන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධයෙන් අනිකා ඕකේ වෙන්න ඕන. ඒ වගේම එක්කෙනෙක්ට සෙක්ස් කරන්න බෑ කියලා හිතෙන වෙලාවක අනික් කෙනාට සෙක්ස් ඕන නම්, එයාට ස්වයං වින්දනය කරන්න නිදහස තියෙන්න ඕන. මේ තත්ත්වයට එන්න හොඳම ක්‍රමයක් තමයි දෙන්නා එක්කම සමහර වෙලාවට එකිනෙකා දිහා බලාගෙන ස්වයං වින්දනය කරන එක! 

 

7.  ගලපගන්නම බැරි නම්?

ඇත්තම කිවුවොත් මේ වගේ අවස්ථාත් මතුවෙනවා. උදාහරණයක් ගමු. සමහර මිනිස්සු ඉන්නවා බොහොම රළු විදියට ලිංගිකව හැසිරෙන්න කැමතියි. මේ අයට ලිංගික උත්තේජනය ලැබෙන්නේ තමන්ගේ බිරිඳට තදින් රිදවීමෙන්, වදවේදනා දීමෙන්. හැබැයි බිරිඳට අවශ්‍ය බොහොම සුමුදුව, සුමටව, හෙමිහිට ගලාගෙන යන විදියේ ලිංගික අත්දැකීමක්. දැන් දෙන්නා කොයි තරම් උඩ කියපු විදියේ පියවර අනුගමනය කළත්, දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඊට එහා දේකට අනුගත වෙන්න බැහැයි කියමු. එතකොට ඉතුරු වෙන්නේ විකල්ප තුනයි. එක්කෝ ලිංගිකත්වය අමතක කරලා පවුල් කන්න ඕන. එක්කෝ පවුල් ජීවිතේ දෙන්නත් එක්ක යාලුකමෙන් ගෙනියන අතරේ තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් සංතෘප්ත කරගන්න වෙනත් ක්‍රම හෝ වෙනත් අය හොයාගන්න ඕන. එහෙමත් නැතිනම් කණගාටුවෙන් වුනත් වෙන් වෙන්න ඕන. 

Cover Image Source – medicalnewstoday.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *