පාටි එකක් රසවත් කරන්​න හදන්න සුදුසු ස්වීට්ස් වර්ග 7ක රෙසිපි මෙන්​න

පාටි එකක් කිව්ව ගමන් අපේ මතකයට එන්නෙ කෑම ගොඩක්නේ. අපි හරි ආසයිනේ අපේ ගෙදර පාටි එකක් හරි අපේ බබාලගෙ හරි බර්ත්ඩේ පාටි එකක් ඇරෙන්ජ් කරන්න. ඒ නිසාම ඔයාලා ආස කරන වගේම හදන්නත් හරිම ලේසි කෑම වර්ග ටිකක් ගෙනාවා. විශේෂයෙන්ම පොඩි බබාලගෙ බර්ත්ඩේ පාටි වලට පාට පාටින් හැඩ කරගෙන හදාගන්න පුළුවන් රසම රස රෙසිපි ටිකක් තමයි මේ. ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ.

 

1. ඩෝනට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 500
  2. යීස්ට් තේ හැඳි 4
  3. දිය කරගත් බටර් ටිකක්
  4. බිත්තර 1
  5. ලා රස්නෙ වතුර ටිකක්
  6. කිරි කෝප්ප 1
  7. සීනි කෝප්ප 1/2
  8. ලුණු

 

  • පාන්පිටි මේස හැඳි 3කට යීස්ට් ටික මිශ්‍ර කරලා ඒකට ලා රස්නෙ වතුර ටික දාලා කලවම් කරන්න ඒක උකුවට හදාගන්න ඕනේ. දැන් ඒක විනාඩි 20ක් වහලා තියන්න.
  • ඒ අතරතුර භාජනයකට ඉතිරි පාන්පිටි ටික, සීනි, ලුණු, බිත්තරය හා දියකරගත් බටර් ටික දාලා අනාගෙන පිටි මිශ්‍රණය හදාගන්න. ඒකට යීස්ට් මිශ්‍රණය එකතු කරන්න. අතේ ඇලෙන මිශ්‍රණයක් තමයි එන්නෙ. දැන් ටික ටික කිරි එකතු කරගෙන හොඳට අනාගෙන  තෙත රෙද්දකින් වහන්න පැයක් වගේ.
  • ඇරලා බලනකොට පෙනෙයි හොඳට පිපුණු පිටි මෝලිය. දැන් ලෑල්ලකට පිටි ටිකක් ඉහලා ඩෝ එක තුනී කරගෙන ඩෝනට් කටර් එකකින් හෝ වෙන ඕනම රවුම් කටර් එකකින් කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
  • බැදගත් ඩෝනට්ස් ටික තෙල් බේරෙන්න තියන්න. 

 

චොක්ලට් සෝස්

  • ඩාක් චොක්ලට් කෑලි 4-5ක් ඩබල් බොයිල් කර ඒකට කිරි ටිකක් එකතු කර උකු මිශ්‍රණයක් හදාගන්න.
  • ඩෝනට් එකින් එක චොක්ලට් සෝස් වල පොඟවා ස්ප්‍රින්කල්ස් ඉහගන්න.

 

2. කේක් පොප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුඩු කරගත් කේක් කෝප්ප 1
  2. ඩබල් බොයිල් කරගත් ඩාක් චොක්ලට් ටිකක්
  3. ලොලිපොප් ස්ටික්ස්
  4. ස්ප්‍රින්කල්ස් 
  5. වයිට් චොක්ලට් ටිකක් හෝ මිල්ක් චොකලට් 

 

  • කේක් කුඩු ටිකට ඩාක් චොක්ලට් එකතු කරලා කලවම් කරන්න. කුඩා බෝල හදාගන්න පුළුවන් අතේ නොඇලෙන පදමට ගන්න. 
  • දැන් මේ බෝල ටිකට ලොලිපොප් ස්ටික්ස් ගහල විනාඩි 15ක් ෆ්‍රිජ් එකේ දාගන්න. මේ අතරතු​ර වයිට් චොක්ලට් ටික හෝ මිල්ක් චොක්ලට් ඩබල් බොයිල් කර දියකර සෝස් එක හදාගන්න. 
  • දැන් ෆ්‍රිජ් එකෙන් කේක් බෝල අරන් වයිට් චොක්ලට් හෝ මිල්ක් චොක්ලට් සෝස් වල ඔබලා ස්ප්‍රින්කල්ස් ඉහලා ආයෙම ෆ්‍රිජ් එකේ දාගන්න.

 

3. සිනමන් ස්ටික්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 2
  2. කිරි කෝප්ප 1
  3. හෙවි ක්‍රීම් මේස හැඳි 2ක්
  4. පාන් පෙති කිහිපයක් 
  5. වැනිලා තේ හැන්​දක් 
  6. සීනි කෝප්ප 1/4
  7. කුරුඳු කුඩු ටිකක් 

 

  • බිත්තර, කිරි හා හෙවි ක්‍රීම් එකතු කර හොඳින් විස්ක් කරගන්න. වැනිලා ටිකත් එකතු කරගන්න. දැන් පෙති කපාගත් පාන් දිග තීරු  කපා ගන්න. දැන් මේ පාන් ස්ටික්ස් ටික බිත්තර කිරි මිශ්‍රණයේ පොඟවා බටර් ටිකක් දාලා රත් කරගත්ත පෑන් එකක හැම පැත්තක්ම ෆයි වෙන විදියට හරවමින් බැදගන්න.
  • සීනි හා කුරුඳු කුඩු එකට දාල හොඳට කලවම් කරගන්න. ෆ්‍රයි කරගත් පාන් ටික උණුවෙන්ම කුරුඳු හා සීනි වල දවටගන්න.

 

4. කිසස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බිත්තර 5ක සුදු මද
  2. සීනි කෝප්ප 1/2
  3. කලරින් 
  4. බේකින් ශීට් එකක්

 

  • මුලින්ම බිත්තර සුදුමද ටික හොඳට බීට් කරගන්න. බෝල් එක අනික් පැත්ත හැරෙව්වම නොවැටෙන පදමට බිත්තර සුදුමද ටික බීට් කරගන්න. දැන් මේකට සීනි ටික ටික දමමින් බීට් කරන්න. හැන්දෙන් ගත්තම උඩට ඉස්සිලා එන පදමට බීට් කරගන්න. 
  • දැන් වෙන වෙනම භාජන වලට මිශ්‍රණය දාල කලරින් දාගන්න. 4B  හෝ 2D නොසල් එකකින් බේකින් ශීට් එකකට පයිප් කරගන්න. දැන් සෙල්සියස් අංශක 189°ට විනාඩි 40ක් වගේ බේක් කරගන්න.

 

5. බටර් කුකීස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි ග්‍රෑම් 250
  2. සීනි ග්‍රෑම් 200
  3. කිරි මේස හැඳි 2
  4. බටර් ග්‍රෑම් 125
  5. බේකින් පව්ඩර් තේ හැන්දක්
  6. බේකින් සෝඩා තේ හැදි 1/4
  7. ලුණු ස්වල්පයක්

 

  • බටර් හා සීනි හොඳට බීට් කරන්න. පාන්පිටි හා බේකින් පව්ඩර් එකට මිශ්‍ර කරගෙන දෙපාරක් හලාගන්න. බටර් ක්‍රීම් මිශ්‍රණයට පිටි ටික ටික දානගමන් බීට් කරන්න. දැන් වැනිලා හා ලුණු එකතු කරන්න.හොඳට මිශ්‍ර කරන ගමන් කිරි මේස හැන්දක් එකතු කරන්න. මදි වගේ නම් තව ටිකක් දාගන්න. 
  • දැන් අතේ නොඇලෙන පදමට හදාගත්තු ඩෝ එක තුනී කරලා කුකී කටර්ස් වලින් කැමති ඩිසයින් වලට කපාගන්න. තැටියකට බටර් ටිකක් ගාලා කුකීස් ටික තියලා සෙල්සියස් 180°ට මිනිත්තු 15ක් වගේ බේක් කරගන්න. 

 

6. කප් කේක්

​අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන්පිටි ග්‍රෑම් 250
  2. සීනි ග්‍රෑම් 250
  3. බිත්තර 4
  4. බටර් ග්‍රෑම් 250
  5. උකුවට සාදාගත් කිරි කෝප්ප 1/2
  6. බේකින් පව්ඩර් තේ හැඳි 2
  7. වැනිලා තේ හැඳි 1

 

  • සීනි හා බටර් හොඳට ක්‍රීම් වෙනකල් බීට් කරන්න. 
  • බිත්තර එකින් එක වෙනම භාජනයකට කඩාගන්න.
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් එකතු කර 4 පාරක් හලාගන්න. 
  • සීනි හා බටර් හොඳට බීට් උනාම බිත්තර එකතු කර බීට් කරන්න. දැන් පාන්පිටි ටික ටික එකතු කර ලී හැන්දකින් හෝ පත්තකින් එක පැත්තකට පෙරලමින් මිශ්‍ර කරගන්න. වැනිලා එකතු කරන්න. කිරි කෝප්ප 1/2 එකතු කර කලවම් කරන්න.
  • කප් කේක් ලයිනර්ස් අතුරාගත් මෆින් ට්‍රේ එකකට මිශ්‍රණය දමා 180°ට විනාඩි 20ක් බේක් කරගන්න.
  • ඊට පස්සෙ ඔයාලා කැමති පාටකින් බටර් ක්‍රීම් ​ෆ්‍රොස්ටින් එකක් දාගන්න.
  • බටර් ක්‍රීම් ෆ්‍රොස්ටින් එ​ක හදන ආකාරය ගැන මේ ලින්ක් එක ක්ලික් කරලා දැනගන්න!

 

7. මාශ්මෙලෝස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ජෙලටින් මේස හැඳි  1
  2. උණුවතුර කෝප්ප 1/2
  3. සීනි ග්‍රෑම් 200
  4. වතුර කෝප්ප 1/2
  5. අයිසින් ෂුගර් ටිකක්
  6. කෝන්ෆ්ලා ටිකක්

 

  • මුලින්ම ජෙලටින් වලට උණුවතුර දාලා කලවම් කරන්න. දැන් භාජනයකට සීනි ටික දාලා ඒකට වතුර කෝප්ප 1/2 එකතු කර මද ගින්දරේ උණු කරන්න.
  • සීනි සිරප් එකේ පදම බලාගන්න. වතුර භාජනයකට සිරප් බිඳු කිහිපයක් දැම්මම වතුරේ දිය නොවී බෝල හැදෙනව නම් අන්න පදම. දැන් ලිපෙන් බාගන්න.
  • ජෙලටින් මික්ස්​චර් එක වෙනම භාජනයකට දාලා හොඳට බීට් කරගන්න. දැන් බීට් කරන අතරතුර සීනි සිරප් එක එකතු කරලා හොඳට බීට් කරන්න විනාඩි 7-8ක්වත්. හොඳට ක්‍රීමි ගතියට ආවම කැමති කලර් එකක් එකතු කරගන්න. වැනිලා එකතු කරන්න. තවත් හොඳට ක්‍රීම් වෙනකල් බීට් කරන්න.
  • දැන් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දාලා ඒකට අයිසින් ෂුගර් හා කෝන්ෆ්ලා ඉසගන්න. මිශ්‍රණය දාලා සෙට් වෙන්න සාමාන්‍ය කාමර උෂ්​ණත්වයේ තියන්න. සෙට් උනාම උඩිනුත් කෝන්ෆ්ලා හා අයිසින් ෂුගර් ඉසගෙන, කෑලි කපාගෙන නැවත කෝන්ෆ්ලා හා අයිසින් ෂුගර් වල දවටා ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *