දැන් පිරිමියෙක් වුනහම සාමාන්‍යයෙන් ගත්තහම සමරිසි නෙවෙයි නම් ගැහැණුන්ටනේ ආස කරන්නේ. ඒ කියන්නේ සොබාවිකත්වයට අනුව සමරිසි නොවෙන පිරිමියෙක් නම් ආකර්ෂණය වෙන්නේ ගැහැණුන්ට. ඒක අනික් පැත්තටත් එහෙමයි. එතකොට මොකද්ද මේ අසීමිතව ගැහැණුන්ට ආසා කිරීම කියන්නේ? ඒ කියන්නේ සීමාවකින් තොරව කාන්තාවෝ එක්ක ලිංගික සම්බන්ධකම් තියාගන්න ආස කිරීම. එහෙම කෙනෙක්ට තමයි ස්ත්‍රී සොඬෙක් කියලා කියන්නේ. ඒ වගේ හාදයෙක්ට එක කාන්තාවක් එක්ක ආදරෙන් බැඳිලා, එක කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධකමක් තියාගෙන තෘප්තිමත් වෙන්න බැහැ. ඒ නිසා එහෙම කෙනෙක් කාන්තාවෝ හොය හොයා යනවා. ඒක ඉතින් වැරැද්දක්මයි කියන්න බැහැ. මොකද මේ අය කාන්තාවන්ට බලහත්කාරකම් කරනවා නෙවෙයිනේ. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මේ විදියේ ගැහැණු සොඬාලා තමන්ගේ සිතැඟි ඉෂ්ට කරගන්න ගැහැණුන්ව රවට්ටන්න, නොමඟ යවන්න පටන් ගත්තහම. ආන්න ඒ නිසා කෙනෙක් ගැහැණු සොඬෙක්ද කියලා දැනගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා නම් වටිනවා!
1. මට ඔයාව තේරෙනවා!
සාමාන්‍යයෙන් එහෙම මිනිස්සුන්ව, විශේෂයෙන්ම කාන්තා පාර්ශවේ තේරුම් ගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒත් ගැහැණු සොඬෙක් කාන්තාවක් එක්ක කථාබහ කරන්න පටන් ගත්තු ගමන් වුනත් කියන්නේ ‘මට ඔයාව තේරෙනවා’ කියන එක. ඇත්තටම කාන්තාවෝ කැමතියි තමන්ව තේරුම් ගන්න පිරිමියෙක්ට. හැබැයි ඇත්තටම ගැහැණු සොඬෙක් කරන්නේ විවිධ ආකාරයේ කාන්තා කැටගරි වල තියෙන පොදු ලක්ෂණ අල්ලන එක. ඒක තේරුම් ගැනීමක් නෙවෙයි. එහෙම පොදු ලක්ෂණ ඕනම කාන්තාවකට තිබුණත්, කාන්තාවක් ගැඹුරින් තේරුම් ගන්න නම් සෑහෙන්න ආශ්‍රය කරන්න ඕන. ඒත් ගැහැණු සොඬෙක්ට ඒ තරම් සෑහෙන කාලයක් කාන්තාවක් ආශ්‍රය කරන්න තරම් ගැඹුරු සම්බන්ධතාවයකට යන්න වෙලාව නෑ!
2. ඕන ලව් එකක් ටික කාලෙකින් බෝරින්!
සාමාන්‍ය මනුස්සයෙක් හොයන්නේ පුළුවන් නම් ජීවිත කාලයක් පවතින්න පුළුවන් ආදරයක්. එහෙම ආදරේක තමයි සාමාන්‍යයෙන් මනුස්සයෙක් හොයන සතුට, සැපත තියෙන්නේ. ආදරයක් ජීවිත කාලයක් නොපවතින්න පුළුවන්, ඒත් කෙනෙක් පටන් ගන්නේ එහෙම හිතලා තමයි. හැබැයි ගැහැණු සොඬෙක්ට එහෙම දීර්ඝ කාලීන ආදර කතන්දර වුවමනා නෑ. ඇත්තටම මේ අයට ලව් එකක් පටන් ගත්තහම මාරම උද්යෝගෙකින් කරගෙන යන්න පුළුවන්. ඒත් ටික කාලයක් යනකොට මේ අයට ලව් එක බෝරින් වෙන්න පටන් ගන්නවා. ඔන්න එතකොට වෙන කෙනෙක් ගැන හිත යනවා. එතකොට අර ලව් එක නවතිනවා.
3. ආදරේ… ආදරේ…
අපි එක එක මිනිස්සුන්ට එක එක විදියට ආදරේ කරනවා. අම්මට තාත්තට එක විදියක්. සහෝදර සහෝදරියන්ට එක විදියක්. යාලුවන්ට තව විදියක්. හැබැයි ඔය ප්‍රේමය කියලා අපි කියන ආදරේ ඔය හැම එකකටම වඩා වෙනස්. ගොඩක් වෙලාවට ඔය ප්‍රේමය ලේසියෙන් ඇතිවෙන්නෙ නෑ. ලේසියෙන්ම ඇතිවෙන්නේ ආකර්ෂණය. ඒ නිසා තමයි දැක්ක ගමන් “මම ඔයාට ආදරෙයි” කියන අයව විශ්වාස කරන්නත් බැරි. ඒත් ගැහැණු සොඬෙක් නම් බොහොම නිදහසේ මේ ආදරෙයි කියන වචනේ පාවිච්චි කරනවා. සාමාන්‍ය තරමට වඩා කෙනෙක් තව කෙනෙක්ට ආදරෙයි කියනවා නම්, සම්බන්ධයක් පටන් ගන්න අර අඳින මුල් කාලෙම දවසෙන් දෙකෙන් ආදරෙයි කියන්න පටන් ගන්නවා නම් අන්න ඒක පොඩ්ඩක් සැක සහිතයි. එක්කෝ ඒ කෙනා ආදරේ කියන්නේ මොකද්ද කියලා දන්නෙ නෑ. එහෙම නැතිනම් එයා ගැහැණු සොඬෙක්!
4. සුමට කථාබහ
සාමාන්‍යයෙන් කෙනෙක්ට කාන්තාවෝ ආකර්ෂණය කරගන්න නම් මොනවා හරි දේවල් තියෙන්න ඕන. බාහිර පෙනුම, බලය, ප්‍රියමනාප කම, ඥාණය වගේ දේවල් තිබුණත් නැතත්, මෘදු කථාබහ කියන්නේ අනිවාර්යයෙන්ම කාන්තාවන් වසඟ කරගන්න අවශ්‍ය දෙයක්. ගොඩක් වෙලාවට ගැහැණු සොඬුන් ගත්තහම ඒ අයට මෘදු කථාබහ හැකියාව තියෙනවා කියන එක දකින්න පුළුවන්. ඇත්තටම මෘදු, සුමට, සිලිටි කථාබහක් තියෙන ඕනම මනුස්සයෙක් ගැහැණු සොඬෙක් වෙන්නෙ නෑ. හැබැයි ගැහැණු සොඬෙක් මේ මෘදු කථාබහ පාවිච්චි කරන්නේ අව්‍යාජව නෙවෙයි. එහෙම කෙනෙක් තමන්ගේ මුදු මොළොක් කථාබහෙන් හැම තිස්සේම කාන්තාවක් වර්ණනා කරනවා නම් ඒක පොඩ්ඩක් පරිස්සම් විය යුතුයි කියලා කියන ලකුණක්!
5. හැමතිස්සේම ඇස් එහේ මෙහේ
සාමාන්‍යයෙන් අපි අනෙක් මිනිස්සු ඉන්න තැනක ඉන්නවා නම්, එක්කෝ අපේ පාඩුවේ අපේ වැඩක් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපි අනික් මිනිස්සු දිහා බල බලා ඉන්නවා වෙන්නත් පුළුවන්. අපි කියමු අනික් මිනිස්සු ඉන්න තැනක අපි කවුරුහරි අපේ කෙනෙක් එක්ක ඉන්නවා කියලා. ඒ කියන්නේ ආදරේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට අපේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ ඒ කෙනාට. වටේ පිටේ ඉන්න අය දිහා බල බලා ඉන්න අපිට වෙලාවක් තියෙන්නෙ නෑ. හැබැයි ස්ත්‍රී සොඬෙක් තමන්ගේ පෙම්වතිය එක්ක පොදු තැනක හිටියත් එයාගේ ඇස් හැමතැනම දුවනවා කියන එක දකින්න පුළුවන්. එයාගෙ ඇස් දුවන්නේ අනික් කාන්තාවෝ පස්සේ. ඒක තමන් කවුරු හරි එක්ක හිටියත්, තනියෙන් හිටියත් ස්ත්‍රී සොඬෙක් කරන දෙයක්. එයා හැමතිස්සේම කාන්තාවන්ව ස්කෑන් කරමින් තමයි ඉන්නේ!
6. දුකට පිහිට වෙන වෙදාණෝ!
අපි ඕනම කෙනෙක්ට දුක් කම්කටොලු එනවනේ. අපිට ජීවිතේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්, ආදරේ කරපු අය දාලා යන්න පුළුවන්. ඔය වගේ අවස්ථාවකදී අපි දුකට පත් වෙලා ඉන්නවා. දැන් කාලේ නම් ෆේස්බුක් එකේ එහෙම ලියනවා. ඔන්න ඔය වෙලාවට සමහරු මතුවෙලා අපිව අස්වසනවා, අපිත් එක්ක සමීප වෙලා අර අපිව දාලා ගියපු කෙනාගේ අඩුව පිරිමහන්න උත්සාහ කරනවා. එහෙම කරන කෙනෙක් අපිව දන්න හිතවන්තයෙක්, යාලු මිත්‍රයෙක් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිව කවදාවත් නොදන්න කෙනෙක් අහම්බෙන් මතු වෙලා, අපේ ප්‍රශ්න දිහා බලලා පිහිට වෙන්න උත්සාහ කරන එක, අපේ දුක අහගෙන ඉන්න එක සහ විශේෂයෙන්ම අපිව කෙනෙක් දාලා ගිහින් ඉන්න වෙලාවක ඒ අඩුව පුරවන්න උත්සාහ කරන එක සැකසහිතයි. මොකද මේක ස්ත්‍රී සොඬෙක්ගේ ජනප්‍රිය උපක්‍රමයක්. දුකෙන් ඉන්න අයට ලංවෙන එක.
7. මුණගැහෙන්න තියෙන හදිසිය
සාමාන්‍යයෙන් අපි දැන් කාලේ මිනිස්සුන්ව මුණගැහෙන්නේ සයිබර් අවකාශයෙන්, හරියටම කියනවා නම් සමාජ ජාල වලින්. එහෙම මුණගැහිලා ටික කාලයක් ගියහම ඔන්න ඇත්තටම මුණගැහෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇත්තට මුණ නොගැහී සයිබර් අවකාශයේම සම්බන්ධතාවය තියෙන්නත් පුළුවන්. හැබැයි ස්ත්‍රී සොඬෙක්ට නම් සමාජ ජාලයකින් මුණගැහෙන මනුස්සයෙක්ව වුනත් ඇත්තට දකින්න ලොකු හදිසියක් තියෙන්නේ. කොහොම හරි පටන් ගැන්මට කෝපි එකක් බොන්න, ෆිල්ම් එකක් බලන්න යන්න වගේ දේකට මුණගැහුනා කියමුකෝ. ඊට පස්සේ දෙන්නත් එක්ක ‘නිදහස් තැනකට’ යන්න, ට්‍රිප් එකක් යන්න එහෙම මාරම හදිසියක් තියෙන්නේ. ආන්න එහෙම මුණගැහිලා දෙන්නට දෙන්නා හරියාකාරව අඳුනගන්නත් කලින් ‘නිදහස් තැන් වලට’ යන්න කථා කරනවා නම් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි. එයා අනිවාර්යයෙන්ම ස්ත්‍රී සොඬෙක්!
Leave a Reply