කාම සූත්‍රයෙන් ලිංගික ජීවිතයට උගන්ව​න වැදගත් පාඩම්

පහුගිය දවසක අපි කාම සූත්‍රය ගැන ලියපු ආර්ටිකල් එකට ඔබෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා.

ඒක කියවන්න බැරි වුණා නම් මෙන්න ලින්ක් එක – අපි නොදන්න කාම සූත්ත​රේ

 

මේ නිසා අපි හිතුවා කාම සූත්‍රය දෙවැනි ආටිකල් එකක් ලියන්න. මේ ආටිකල් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණොත් තුන්වෙනි ආටිකල් එකකුත් අපි ලියනවා.

හැබැයි ප​ළවෙනි ආටිකල් එකේ අපි කිව්වා වගේ ලිංගික ඉරියව් ගැන නම් නෙමෙයි මේ ආටිකල් එකේ ලියන්නේ. මේ ආටිකල් එකෙන් මූලික අවබෝධයක් පමණයි ලබා දෙන්නේ.

 

1. ලේඩීස් ෆස්ට් 

කාම සූත්‍රයෙන් උගන්නන වැදගත්ම ලිංගික පාඩම තමයි ලිංගික සංසර්ගයකදී මුලින්ම සුරතාන්තය ලබා ගන්න ඕන කාන්තාව කියන එක. බොහෝ වෙලාවට පුරුෂයන් ඉක්මනින්ම සුරතාන්තයට ලඟා වීම නිසා කාන්තාවන්ට සුරතාන්තය ලබා දීම මගහැරී යනවා. මේ නිසා  කාම සූත්‍ර​ය කාන්තාවන්ට සුරතාන්තය ලබා දිය හැකි ක්‍රම කීපයක් කියලා දෙනවා. ඒ වගේම කාන්තාවක් සුරතාන්තයට ලඟා වීමෙන් පසුව වුණත් තමන්ගේ පුරුෂයාගේ තෘප්තිය වෙනුවෙන් ලිංගික සංසර්ගය නතර නොකළ යුතුයි කියලා කාම සූත්‍රය කියනවා.

 

2. හරකෙක් ද හාවෙක්ද 

පුරුෂයෙකුගේ ලිංගේන්ද්‍රයේ ප්‍රමාණය අනුව වෘෂභ සහ සස වශයෙන් පුරුෂයන් වර්ග කිරීමක් ගැන කාම සූත්‍රය කියනවා. මේ  වර්ග කිරීම අනුව එකිනෙකා ලිංගික තෘප්තිය වෙනුවෙන් කළ යුතු දේවල් වගේම නිවැරදි සහකාරයන් සොයා ගන්නා ආකාරයත් වෙනස් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.

 

3. තොල්පෙති විතරක් හාදුවෙන් තෙමන්න එපා!

ලිංගික සංසර්ගයක් ආරම්භ කිරීමේදී සිප ගැනීම් වල ඇති වැදගත්කම ගැන කාමසුත්රය කතා කරනවා. සිප ගත හැකි විවිධ ඉරියව් සහ සිප ගැනීම් වර්ග ගැ​න දීර්ඝ විස්තරයක් මේකට ඇතුළත් වෙනවා. ඒ වගේම මේ සිපගැනීම් තොල් පෙති වලට විතරක් සීමා නොවී ඇගේ නළල, හිසකෙස්, කලව, පියයුරු, ක්ලීටෝරසය දක්වා ගෙන යන්න ඕනෑ කියලා සඳහන් වෙනවා.

 

4. හූරන්න, හපන්න

ලිංගික තෘප්තිය උපරිමයටම ලබා ගන්න පුළුවන් තවත් දෙයක් විදිහට කාම සූත්‍ර​ය නිර්දේශ කරන දෙයක් වෙන්නේ සිරීම. සංසර්ගයේ උච්චතම අවස්ථාවලදී තමන්ගෙ සහකාරයගෙ පිට කලවා හූරන්න කියලා කාන්තාවන්ට කාම සූත්‍රය උපදෙස් දෙනවා. එහෙම කරන්න ඕන රටාවන් කිහිපයකුත් සඳහන් වෙනවා. උදාහරණයක් විදිහට වෘත්තාකාරව, අඩ සඳක් හැටියට හූරන්න පුළුවන්ලු. මේ සීරීම් වලට ප්‍රතිචාර දැක්වීමක් විදියට පිරිමි පාර්ශ්වයට සහකාරියව හපන්න පුළුවන්. මේවා අවශ්‍ය නම් මාරුවෙන් මාරුවට කර ගන්න නම් පුළුවන්. හැබැයි ඉතින් මේ මොනවා කිව්වත් මේවා වල සීමාව තම තමන් දැනගන්න ඕන.

 

5. දැනගෙන කරන්න 

කාන්තාවක් හෝ පිරිමියෙකු තමන්ගේ සහකාරයා හෝ සහකාරියව හොඳින් අධ්‍යයනය කළ යුතු බවත් ඒ අනුව ලිංගික සංසර්ගයේදී තෘප්තිය ලබාගත යුතු ආකාරය තීරණය කළ යුතු බවත් කාම සූත්‍රය කියනවා. මේ නිසා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ලිංගික අධ්‍යාපනය වැදගත් කියන එක වටහාගන්න පුළුවන්. ස්ත්‍රීනුත් කාමසූත්‍රය කියවීම වැදගත් වෙන්නේ ඒ නිසයි.

 

6. පිරිසිදු කම අංක එක 

කාම සූත්‍රය ලිංගික සංසර්ගය ගැන වගේම පුද්ගල පිරිසිදුකම ගැනත් කතා කරනව. පුරුෂයකු නම් තිබිය යුත්තේ රැවුල පමණක්ම නෙමෙයි කියන එක කාමසූත්‍රය අවධාරණය කරනවා. කොටින්ම තමන්ගේ මුහුණ වගේම අදාළ ප්‍රදේශත් රැක බලාගන්න ඕන කියන එක අපිට උගන්වනවා. මේ පාඩම කාන්තාවන්ටත් වලංගුයි. ඒ ප්‍රදේශ සුවඳ කැවීම පවා කළ යුතුයි කියලා සඳහන් වෙනවා.

 

7. සංසාරගත ප්‍රේමය 

කාම සූත්‍රය ගැන නොදන්න බොහෝ දෙනාගේ වැරදි මතයක් තියෙනවා කාම සූත්‍රය මගින් අනියම් සම්බන්ධතාවලට රුකුල් දීමක් සිද්ධ වෙනවා කියලා. නමුත් මේ කතාව අර්ධ සත්‍යයක්. විවාහයක ඇති වැදගත්කම පිළිබඳව කාමසූත්‍රය කියලා දෙනවා. එහිදී තමන්ට ගැලපෙන පුරුෂයකු හෝ ස්ත්‍රීයක් සොයා ගැනීම වගේම ඔහු හෝ ඇය සමග ජීවිතය සාර්ථක කරගත යුතු ආකාරය ගැන කාම සූත්‍රය කතා කරනවා. එහි දී ඔවුන් දෙදෙනා අතර ලිංගික සම්බන්ධතා වගේම ඔවුන්  දෙදෙනා අතර සිදුවන ගැටුම් සහ ඇති වන ගැටලු තුන්වැනි පාර්ශ්වයකට හෙළිදරව් නොකළ යුතුයි කියලා වටිනා උපදේශයක් කාමසූත්‍රය ලබා දෙනවා.

 

එහෙමනම් කාම සූත්‍රයේ සඳහන් වෙන ලිංගික ඉරියව් සහ අනෙකුත් තොරතුරු ඇතුළත් තවත් ආටිකල් එකක් ඔබට අවශ්‍ය නම් ඒ ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. ඒ වගේ ම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *