ජනප්‍රියම ඩේටින්ග් සයිට් එකක් වෙන okCupid හරහා ගොඩයන්න ක්‍රම සහ විධි මෙන්න!

මේ ආටිකල් එකෙන් ප්‍රයෝජනයක් ලබන්න නම් ඇත්තටම කෙනෙක් මුලින්ම ඩේටින් සයිට් ගැන දැනගෙන ඉන්න ඕන. ඒක නොදන්න කෙනෙක් මේ කාලේ ඉන්ටර්නෙට් එනවා කියලා හිතන්න අමාරුයි, ඒත් සරලවම කියනවා නම්, ඩේටින් සයිට් එකක් කියන්නේ දෙන්නෙක්ගේ කැමැති අකමැති කම් අනං මනං සංසන්දනය කරලා බලලා දෙන්නෙක්ට සැට් වෙන්න ඉඩ හදලා දෙන අන්තර්ජාල සේවාවකට. ඔහොම ඩේටින් සයිට් අටෝරාසියක් තියෙනවා. හැබැයි ඒවයිනුත් සල්ලි අනං මනං ඉල්ලන්නෙ නැති, වාත සීන් නැති, සරල, ඒ වගේම ඇත්තටම ගොඩ යන්න වැඩි ඉඩක් හදලා දෙන ඩේටින් සේවාවක් තමයි OKCupid කියන්නේ. 

මේ ලින්ක් එක ක්ලික් කරලා ඒ සයිට් එකට යන්න පුළුවන්!

ඉතින් OKCupid ගැන නොදන්න උදවිය මුලින්ම ඒ සයිට් එකට ගිහින් මූලික ප්‍රොෆයිල් එකක් හදලා, සයිට් එක වට පිට ඇවිදලා වැඩේ කොයි වගේද කියලා බලලා එන්න. වැඩේ දන්න උදවිය කෙලින්ම වැඩේ ගොඩදාගන්න හිතලා අපේ ටිප්ස් ටික කියවලා එන්න!

 

1. මූණත්තහඩුව හරියට

මේ කියන්නේ ප්‍රොෆයිල් පික්චර් එක ගැන තමයි. OKCupid සයිට් එකේ ප්‍රොෆයිල් බලන කෙනෙක්ගේ ඇහැ මුලින්ම යන්නේ පින්තූරෙට. එතකොට ඒ පින්තූරෙට පූසෙක්ගේ, බල්ලෙක්ගේ ෆොටෝ එකක් දැම්මට වැඩක් වෙන්නෙ නෑ. ඒ වගේම හරියට පැහැදිලි නැති ෆොටෝ එකක් දැම්මත් වැඩක් නැහැ. හොඳම දේ තමයි හොඳට පාට පේන්න තියෙන, පැහැදිලි දීප්තියකින් යුක්ත, හොඳට මූණ පේන්න තියෙන ෆොටෝ එකක් දාන එක. හැබැයි අර අයිඩෙන්ටි කාඩ් ෆොටෝ එකක් දාලා හරියන්නෙත් නෑ. බොහොම කැෂුවල් ෆොටෝ එකක් තමයි ගැලපෙන්නේ. ඇස් පේන්න තියෙනවා නම් හොඳයි. එතනින් එහාට ඔය බීච් එකේ ඉඳන් ඈත බලාගෙන ඉන්න, කාර් එකේ වාඩිවෙලා ඉන්න ෆොටෝස් දෙවනුවට එකතු කළාට කමක් නෑ. ඒත් ප්‍රොෆයිල් පික්චර් එකට ඕන පැහැදිලි ෆොටෝ එකක්!

 

2. පටන් ගැන්ම ගින්දර වගේ!

මෙන්න මෙතනදී තමයි පොඩ්ඩක් නිර්මාණශීලීත්වය වුවමනා වෙන්නේ. OKCupid සයිට් එකේ තමන්ගේ ප්‍රොෆයිල් එකේ ඉහළින්ම තමන් ගැන කෙටියෙන් පොඩ්ඩක් ලියන්න වෙනවා. මේකේ ගොඩක් අය ලියන්නේ මයිසෙල්ෆ් රචනාවක්. මම දොස්තර කෙනෙක්, මම කඳු නගිනවා, මට කාර් එකක් තියෙනවා, මට බල්ලෙක් ඉන්නවා වගේ කතන්දර තමයි ඕකේ ලියවෙන්නේ. හැබැයි ඉතින් එහෙම ඉන්ට්‍රොඩක්ෂන් එකක් කියවන්න අපිටත් කම්මැලියි. ඒත් ඔය විස්තරම ටිකක් නිර්මාණශීලී විදියට ලියන්න බැරිද? “මට අනාගතේ දකින්න පුළුවන්, මගේ ජොබ් එක මිනිස්සුන්ගේ මම දකින අනාගතේ හොඳ පැත්තට හරවන එක. ඒ අතරේ ඔය බේතක් හේතක් එහෙමත් මම දෙනවා”! ඔය වගේ ජොලි කතන්දරේකින් පටන් ගන්න බැරිද? හැබැයි ඉංග්‍රීසියෙන්!!

 

3. ඉතුරු ටිකත් එහෙමම ලියන්න

OKCupid වෙබ් සයිට් එකේ තමන්ගේ ප්‍රොෆයිල් එකේ ලියන්න නම් ඕන තරම් දේවල් තියෙනවා. තමන් නිකන් ඉන්න වෙලාවට හිතන්නේ මොනවද? ආසම මියුසික් මොනවද? කියවන්න ආස පොත් මොනවද? නැතුවම බැරි දේවල් හයක් මොනවද? හොඳටම කරන්න පුළුවන් දේවල් මොනවද? සාමාන්‍යයෙන් සිකුරාදා දවසක හවස කරන්නේ මොනවද? මේ වගේ නොයෙකුත් දේවලට අපිට විස්තරාත්මක උත්තර දෙන්න පුළුවන්. ඒවා තමයි අපේ ප්‍රොෆයිල් එක වෙන්නේ. සමහරු මේවලට උත්තර දෙන්න කම්මැලියි. හැබැයි එහෙම කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකට තව කෙනෙක් ගියොත් එයාටත් බෝරින් කියලා තමයි හිතෙන්නේ. ආන්න ඒ නිසා ප්‍රොෆයිල් එක හැකිතාක් දුරක සම්පූර්ණ කරන එක වැදගත්. ඒ වගේම තමන් ගැන අවංකව, නිර්මාණශීලීව දේවල් ලියන තරමට ඒ ප්‍රොෆයිල් එකට ලැබෙන ආකර්ෂණයත් වැඩියි.

 

4. ආකර්ෂණීය විස්තර

දැන් අපි උඩින් කිවුවනේ ප්‍රොෆයිල් එකේ ලියන්න තියෙන හැම දෙයක්ම ලියන එක, ඒ ලියන දේවල් අවංකව සහ නිර්මාණශීලීව ලියන එක ඉතාම වැදගත් කියලා. සරලවම කියනවා නම්, තමන්ගේ OKCupid ප්‍රොෆයිල් එකට එන මනුස්සයෙක්ට ප්‍රොෆයිල් එකේ තියෙන විස්තර අවසානය වෙනකල්ම එක හුස්මට කියවන්න ආස හිතෙන්න ඕන. ඒ වගේම මේ ලියන දේවල් සෘණාත්මක හැඟීමක් කියවන කෙනා ගැන ඇතිකරවනවා නම් අන්න ඒක අප්සට්. එතකොට තමන්ව පහළට දාලා, ඕනෑවට වඩා නිහතමානී වෙන්න යන එකත් අප්සට්. එතකොට ඔය “හොඳ පුරවැසියෙක් විදියට ජීවත් වීමයි මගේ අරමුණ” වගේ සිරිමත් ටයිප් එකේ විස්තරත් කිසිම ආකර්ෂණයක් ඇති කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕන!

 

5. ප්‍රශ්නෝත්තර

OKCupid වෙබ් අඩවියේ තියෙන සිත් ඇදගන්නා සුළු අංගයක් තමයි ප්‍රශ්නෝත්තර. ඒ කියන්නේ OKCupid සයිට් එකෙන් අපිට විවිධාකාරයේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒවට උත්තර දෙකක් හෝ තුනක් අතරින් ගැලපෙනම උත්තරේ තෝරලා දෙන්නයි තියෙන්නේ. ඕන නම් ඒ උත්තරේ ලබාදෙන්න හේතුවත් සටහන් කරන්න පුළුවන්. ඇත්තටම මේක හරිම ජොලි වැඩක්. අපේ ආගමික විශ්වාස, සමාජ ජීවිතේ ඉඳලා ලිංගික ජීවිතය දක්වා ප්‍රශ්න OKCupid සයිට් එකෙන් අපිට ඉදිරිපත් කරනවා. හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න ඕන කියලා නියමයක් නැහැ. හැබැයි මේ ප්‍රශ්න වලට අපි දෙන උත්තර වලින් තමයි අපිට ගැලපෙනම අයව OKCupid සයිට් එකෙන් හොයලා දෙන්නේ. ආන්න ඒ නිසා ප්‍රශ්න වලට පුළුවන් තරමින් අවංකව උත්තර දෙන්න. ඒ වගේම පුළුවන් තරම් ප්‍රශ්න වලට උත්තර දෙන්න. OKCupid සයිට් එකේ ප්‍රශ්න කවදාවත් ඉවර වෙන්නෙත් නෑ!

 

6. වෙලා අරන් මැසේජ් කරන්න

දැන් ප්‍රොෆයිල් එක උඩ කිව්ව විදියට එල කිරි වගේ හැදුවා නම්, ඒකට මිනිස්සු එනකල් කියලා උඩ බලාගෙන ඉන්න වුවමනා නෑ. අපිට පුළුවන් අපිට මැච් වෙන අනික් ප්‍රොෆයිල් වලට ගිහිල්ලා ඒවලට මැසේජ් එකක් එහෙම දාන්න. මේ අපිට ගැලපෙන ප්‍රොෆයිල් හොයන්නත් අපිට විවිධ පරාමිතීන් ලබාදෙන්න පුළුවන්. එතකොට අපිට ගැලපෙන ප්‍රොෆයිල් ලිස්ට් එකක් එනවා. දැන් ගොඩක් දෙනෙක් කරන්නේ ඒ ප්‍රොෆයිල් වල ෆොටෝස් බලලා දිගටම මැසේජ් දාගෙන දාගෙන යනවා. ගොඩක් වෙලාවට “හායි ඩියර්”, “හෙලෝ” වගේ එව්වා තමයි යැවෙන්නේ. ආන්න ඒක තේරුමක් ඇති දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා OKCupid එකේ කෙනෙක්ට මැසේජ් එකක් යවන්න කලින් පොඩ්ඩක් හොඳට ප්‍රොෆයිල් එක චෙක් කරන්න. උඩ ඉඳලා පහළටම කියවන්න. ප්‍රශ්න වලට දීලා තියෙන උත්තර බලන්න. දැන් ඒ ප්‍රොෆයිල් එකට විශේෂ දෙයක් හරි එයාටත් අපිටත් පොදු සුවිශේෂී දෙයක් හරිත් සඳහන් කරලා මැසේජ් එකක් ලියන්න. රචනාවක් නොවුණත්, ටිකක් දීර්ඝ, සිත් ගන්නා සුළු මැසේජ් එකක් ලියන එක තමයි වැදගත්!

 

7. තමන්ගේ ෆන් එක ගන්න

ගොඩක් වෙලාවට OKCupid සයිට් එකේ වුනත්, වෙන ඩේටින් සයිට් එකක වුනත් පුද්ගලයෙක්ට සිද්ධ වෙන ප්‍රධාන ගැටළුවක් තියෙනවා. ඒ තමයි තමන් හිතන විදියට තමන්ට ප්‍රතිචාර හම්බු නොවෙන එක. මේක කාන්තා පාර්ශවය සම්බන්ධයෙන් නම් ඒ තරමට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. කොහොම වුනත් තමන්ගේ මැසේජ් එකකට ප්‍රතිචාර නැති නම් දිගින් දිගටම මැසේජ් කර කර, වාත වෙන්න යන එක අප්සට්. තමන්ට කවුරුවත් රිප්ලයි කරන්නෙ නෑ කියලා හිත අප්සට් කරගන්න එකත් අප්සට්! අන්න ඒ නිසා OKCupid වගේ ඩේටින් සයිට් එකක් ගැන මනමාලියෙක් හෝ මනමාලයෙක් බලන්න යනවා වගේ සීරියස් හිතන්න එපා. ඒක තමන්ගේ ෆන් එකට කරන වැඩක් කියලා සලකන්න. අන්න එහෙම තමන්ගේ ආතල් එකේ ඉඳගෙන වැඩේ කරනකොට, OKCupid එකේ කෙනෙක්ට යවන මැසේජ් එකක් වුනත් ඕනෑවට වඩා සීරියස් පිට ලියවෙන්නෙ නෑ. ඇත්තටම OKCupid වගේ තැනක එහෙම මාර විදියට සීරියස් ඉන්න වුවමනාත් නෑ. එහෙම සීරියස් ඉඳලා තේරුමකුත් නෑ! 

 

තව දෙයක්. OKCupid ප්‍රොෆයිල් එකක් හදලා අවුරුද්දකට සැරයක් ඒක චෙක් කරනවට වඩා, නිරන්තරයෙන්ම OKCupid සයිට් එකට යන එන එකෙත් පොඩි වාසියක් තියෙනවා. ඒකෙන් තමන්ගේ ප්‍රොෆයිල් එක නිරන්තරයෙන් අවධානයට ලක් වෙන ඉඩ වැඩියි! එහෙමනම් සුභ OKCupid චාරිකාවක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *