අද අපි කතා කරන්න යන්නේ සින්දු කීපයක් ගැන. මේ සින්දු වල විශේෂත්වය වෙන්නේ මේ සින්දු කියලා තියෙන්නේ එක්තරා කෙනෙක්ව හෝ කීප දෙනෙක්ව ඉලක්ක කරලා. හැබැයි ඉතින් එහෙම එයාලව ඉලක්ක කරගත්තට අපිට රස විඳින්න නම් කිසි අවුලක් නෑ. ඇත්තටම කිව්වොත් මේ ගොඩක් ගීත අපේ ජීවිතවලට දැඩි විදියට සමීප වෙලා තියෙනවා.
1. දීලීප අබේසේකර
දිලීප අබේසේකර කියන්නේ මේ වෙනකොට දැන්වීම්කරණ ක්ෂේත්රයේ පතාක යෝධයෙක් බවට පත් වෙලා තියෙන කෙනෙක්. ඒ වගේම පරිවර්තකයෙක් සහ ගී පද රචකයෙක් විදිහටත් දිලීප ප්‍රසිද්ධ වෙලා තියෙනවා. හැබැයි දිලීපට කවදාවත් තමන්ගේ තාත්තාව නම් අභිබවා යන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න අමාරුයි. ඒක දිලීපත් පිළිගන්නවා ඇති. දිලීප අබේසේකරගේ පියා වෙන්නෙ අපේ රටේ හිටපු ජනප්‍රිය නිවේදකයෙක් සහ ගී පද රචකයෙකු වුණ කරුණාරත්න අබේසේකර මහතා. මව වෙන්නේ ඉරානි අබේසේකර මහත්මිය. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කතාවත් චිත්‍රපටියක් වගෙයි. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට ඉරානි අබේසේකර මහත්මියගේ පාර්ශ්වයෙන් විරුද්ධ වීම නිසා ඇයව නිවාස අඩස්සියට පත්වෙනවා. ඇයව හම්බවෙන්න කිසිම අවස්ථාවක් නොලැබුණු තැන කරුණාරත්න අබේසේකර මහත්මයා මෙහෙම ගීයක් ලියලා ගුවන්විදුලිය හරහා ප්‍රචාරය කරනවා ඇයට ඇහෙන්න .
අවසානයේ දී සියළුම බාධක බිඳ දාලා ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. ඔවුන් දෙදෙනාට දරුවෙක් ලැබෙන්නේ විවාහ වෙලා අවුරුදු 10කින් පසුව. ප්‍රීතියෙන් පිනා යන කරුණාරත්න අබේසේකර මහත්මයා තමන්ගෙ පුතාට “දිලීප ජගදීශ් අබේසේකර” කියන නම තියෙනවා. ඒ වගේම පුතා වෙනුවෙන් කවි පන්තියක් ලියනවා. කවි පන්තිය නෙත ගැටෙන ක්ලැරන්ස් විජේවර්ධන ඒ කවි පන්තිය සින්දුවක් විදිහට කරුණාරත්න අබේසේකර මහත්මයාට කියලම සකසාගෙන මේ විදියට ගායනා කරනවා.
2. සමරවීර මුදලිගේ දොන් රුචිරා සුරංගි ප්‍රේමකීර්ති ද අල්විස්
වෙඩි හඬකින් නිහඬ කළත් අපේ හදවත් තුල සදා රැඳෙන ගී පද රචකයෙක් ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නේ. ප්‍රේමකීර්ති ගේ පළමු විවාහයේ දියණිය වුණේ සුරංගි අල්විස්.
ඒ පිළිබඳ සටහන මේ ලින්ක් එක ක්ලික් කර කියවන්න.
ප්‍රේමකීර්ති ඇයට දැඩිව ආදරය කරලා තියෙනවා. තමන්ගේ නල දත දුවටත් උරුම වීම ගැන අපමණ සතුටට පත්වෙච්ච ප්‍රේමකීර්ති ඇයට කියලා තියෙනවා සමරවීර මුදලිගේ පරම්පරාවේ සියලු දෙනාටම නල දත් උරුමවෙලා තියෙනවා කියලා.
තමන්ගෙ දුවගේ කණ විදීම අවස්ථාවේ දුවට දැනුණු හැඟීම් ප්‍රේමකීර්ති මේ විදිහට ගීතයකට නැගුවා.
3. කල්‍යාණි පෙරේරා
අදට වැඩිය හෙට හොඳයි, ආත්ම පූජා වගේ චිත්‍රපටවල අමිතා ලියනගේ කියලා නිළියක් රඟපෑවා. මේ නිළිය පිළිබඳව සිතක් ඇතිකරගෙන එක්තරා ගායකයෙක් හිටියා. ඇගේ අත තමන්ට නොලැබුණහොත් තමන් සිය දිවි හානි කර ගන්නා බවටත් මේ ගායකයා ප්‍රකාශ කළා.මේ කාලය තුළදී ඔහු විසින් ඇය වෙනුවෙන් මේ ගීතය ගායනා කළා.
මේ ගායකයා කවුද කියලා ඉතින් හඳුන්වල දෙන්න ඕනේ නැහැ නේද? දැන් ඔයා කල්පනා කරනවා ඇති එතකොට මේ අමිතා ලියනගේ කියන්නේ කවුද කියලා. ඇත්තටම ඇගේ නම කල්‍යාණි ලියනගේ, සිනමාපටවලට පමණක් අමිතා ලියනගේ කියන නම භාවිතා කළා. කල්‍යාණි ලියනගේ, මිල්ටන් පෙරේරාව විවාහ කරගෙන කල්‍යාණි පෙරේරා වූ දවසේ මිල්ටන් පෙරේරා ඇය වෙනුවෙන් ගීතයක් ගායනා කළා. මේ ගීතය රචනා කරලා ඔවුන්ට මංගල තෑග්ගක් විදිහට ලබා දුන්නේ කරුණාරත්න අබේසේකර මහත්මයා.
4. දිල්හානි කොරයා
Moonstone නමින් තමන්ගෙ නව සංගීත කණ්ඩායමක් පටන් ගත්ත දක්ෂ ගායකයෙක් වගේම සංගීතඥයෙක් පුහුණුවීම් සඳහා පාවිච්චි කරන්නේ තමන්ගේ හිතවතෙකු වුණු සිරිසඟබෝ කොරයා මහතාගේ නිවස. සිරිසඟබෝ කොරයා මහතාගේ බිළිඳු දියණිය වුණු දිල්හානි නිතරම අඬනවා. මේ හැඬුම් හඬ ඇහෙන ගායකයා ඇගේ තොටිල්ල පදවමින් ගිටාරය වාදනය කරනවා. ඔහුගේ ගිටාර් හඬ අසමින් ඇය ඇඬුම නවත්වනවා. මේ වගේ ඇයව නලවන අවස්ථාවක ඔහුගේ හිතට ගී පද වගයක් ගලාගෙන එනවා. ඔහු මේ ගී පදවලට තනුවක් යොදලා තමන්ගේ ළඟම හිතවත් ගායිකාවක් ලවා ගායනා කරවනවා. මේ සංගීතඥයා වුණේ ක්ලැරන්ස් විජේවර්ධන, ගීතය ගායනා කළ ගායිකාව බවට පත්වුණේ ඉන්ද්‍රාණි පෙරේරා.
5. ඒකනායක මුදියන්සේලාගෙ කොයින් මැණිකේ
එක්තරා ගායකයෙක් ගායනා කරන වේදිකාව අසලට කොත්මලයේ ඉඳන් ආපු ගැමි තරුණියක් එනවා. පෙර සංසාරේ බැඳීමක් හින්ද ද මං දන්නෑ මේ දෙන්නා එකිනෙකා දැකපු වාරයේදීම එකිනෙකා කෙරෙහි ළං වෙනවා. මේ වෙනකොට ඔවුන් දෙදෙනාටම දරුවන් ඉන්න විවාහ දෙකක් තිබුණත් ඒ සියල්ල අත් ඇරලා ඔවුන් දෙදෙනා අඹු සැමියන් විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා. තමන්ගේ කොළඹ ජීවිතයට සමුදෙන ගායකයා මුලින්ම කොත්මලේටත් එයටත් පසුව ඇය සමග තඹුත්තේගම ප්‍රදේශයටත් යනවා. මැණිකේ නම් ඇය වෙනුවෙන් ඔහු ගීත රාශියක් ගායනා කරනවා. මේ ඒ අතරින් එකක්.
ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය මල්ඵල ගැන්විලා දියණියක් ඉපදෙනවා. “මිහිරි නිසංසලා ජෝතිපාල” විදිහට ඇයට නම් තබන ඔහු ඇය වෙනුවෙන් ගීත දෙකක් ගායනා කරනවා. “මගේ නිසංසලා දුවේ” සහ “මිහිරි මිහිරි දුවේ මිහිරි” ඒ ගීත දෙකයි. නමුත් මේ ගීත දෙක නම් මේ වන මේ වනවිට අන්තර්ජාලයෙන් සොයා ගන්න බැහැ. මේ ආටිකල් එක කියවන කවුරුහරි ගාව ඒ ගීත තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට ඒවා එකතු කරන්න කියලත් අපි ඉල්ලීමක් කරනවා.
6. ඇන්ජලිනා රේචල් ද ලැනරෝල්
හෙන්රි ද ලැනරෝල් සහ ක්ලැරිස් රේචල් තම දරුවන් දහදෙනාටම කලා හැකියාවන් ඔප් නංවා ගැනීමට තම අතහිත දුන්න දෙමව්පියන් යුවළක්. මේ නිසා ම ඔවුන් ප්‍රදේශයේ ජනප්‍රිය පවුලක් වුණා. මේ පවුලේ ගැහැණු දරුවන් වෙනුවෙන් වොලී බැස්ටියන් මහතා ගීතයක් ගායනා කළා. මේ ගීතයේ එන අයරින්, ජොසපින්, රොසලින් සහ කැතරින් එතරම් ප්‍රකට නොවුණත් ඇන්ජලින් නම් මුළුමහත් ලංකාවෙම ජන හදවත් දිනා ගත්තා.ඒ ඇන්ජලීන් ගුණතිලක කියන නමින්
7. අසෝකමාලා
රන්ජන් මේ සිංදුවෙන් කියන අසෝකමාලා කවුද කියලා අපි කියන්නේ යන්නේනෑ. ඒ ගැන දැනගන්න අපේම මෙන්න මේ ආටිකල් එක කියවන්න.
ලංකාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ සිදු නොවුණු විවාහ
රන්ජන් මේ සිංදුව අසෝකමාලා වෙනුවෙන් ලියාගෙන තියෙන්නේ ආනන්ද පද්මසිරි මහතාගෙන්.
Leave a Reply