බොලිවුඩයට අගයක් එක් කරන ව්‍යවසායක තරු

වැලේ වැල් නැති මිනිස්සු ගොඩයන්න තෝරගන්න ක්‍රමයක් විදියට චිත්‍රපට කර්මාන්තය දිහා දකින්න පුරුදු වෙලා ඉන්නවා නම් මෙයාලාගේ කතා ඒ දැක්ම වෙනස් කරයි. ඉන්දියාවේ මොන තරම් අපත දේවල් සිද්ධ වුණත් අදහන්න වටින මිනිස්සු සහ දේවලුත් තියෙනවා. ඉන්දීය සිනමා කර්මාන්තය සහ ඒ ආශ්‍රිත මිනිස්සු කියන්නේ අන්න එහෙම ලල් එකක්. සිනමාව ජීවිතයේ එක් පැත්තක් පමණක් කරගත්තු නමුත් සිනමාලෝලීන්ට ජීවිතයක් ම වුණ මේ තරුවලට ජීවිතය කියන්නේ සාර්ථකත්වය විතරමයි.



1. ෂාරුක් ඛාන්

Image Source – twitter.com



ඔව් ඉතින් මෙතනින් ම පටන් ගන්නේ වෙන පටන් ගන්න තැනක් නැති නිසයි. ෂාරුක් ඛාන් කියන්නේ ම නිකන් බ්‍රෑන්ඩ් එකක් වගේ දෙයක් නේ. ඇඩ්වලට පෙනී ඉන්න එකෙන් වෙන ම ආදායමක් හොයනවා. ඒත් ඒ ගැන නෙවේ මේ කියන්නේ. ෂාරුක් ඛාන් තමන්ට ම කියලා ළඟා කරගත් ව්‍යාපාර ගැනයි. ගොඩක් චිත්‍රපට හදන කොම්පැණිය විදියට Red Chilies Entertainment කියන නම වැටෙනවා. ඒක ෂාරුක්ගෙයි එයාගේ නෝනාගෙයි කොම්පැණිය. මීට අමතරව ඒකට අයිති තවත් පොඩි පොඩි ආයතන ගණනාවක් ම ෂාරුක්ට අයිතියි. ඒ වගේ ම IPL තරඟාවලියේ ඉතාම ඉහළ වටිනාකමක් තියෙන කණ්ඩායමක් වන Kolkata Night Riders හි සම අයිතිය ඔහුට හිමියි.



2. සුෂ්මිතා සෙන්

Image Source – moneycontrol.com



සුෂ්මිතාව අද වෙනකොට නිළියකට වඩා ව්‍යවසායිකාවක් විදියට තමයි දකින්න පුළුවන් වෙන්නේ. වයස අවුරුදු 19 දී මිස් යුනිවර්ස් වෙනවා. එතැනින් රංගනයට අත ගැහුවත් ඈ ඇයට හිමි දේ හොයාගත්තේ පසුකාලීනවයි. ඒ තමයි ව්‍යාපාර ලෝකය. අද වෙනකොට ඇය ව්‍යාපාර කීපයකට ම අත ගහලා තියනවා. Tantra කියන නමෙන් ප්‍රොඩක්ෂන් කොම්පැණියක් තියනවා. තව ඉතින් හෝටල් කර්මාන්තයට අත ගහන්න යනවා කියලත් ආරංචියක් තියෙනවා. නොයෙක් දේවල් අත්හදා බලන්න ඈට තිබිලා තියෙනවා ආසා හිතෙන පිස්සුවක්. ඉතින් අන්න ඒකෙන් කෑම කඩේකට අත ගහලා තියනවා. ඒක හරි ගියේ නැති නිසා ආභරණ සම්බන්ධ ව්‍යාපාරයක් දැන් පටන් අරගෙන ඩුබායි පාදක කරගෙන පවත්වාගෙන යනවා.



3. ජෝන් ඒබ්‍රහම්


අදටත් කිසිම ගින්නක් නැතුව කලින් වගේ ම ජවයකින් රඟපාන මේ තරුව සතු ව්‍යාපාරික ඥානය ගැන ඔබ දැනුවත් ද? ජෝන් රඟපාන්න එන්න කලින් නිරූපණ ක්ෂේත්‍රයට අයිති කෙනෙක්. එහෙම අයට රඟපාන්න බෑ කිව්වට මොකෝ ජෝන් ඒබ්‍රහම් ඔය එකක්වත් ගණන් ගත්තේ නෑ. අන්තිමේ ගිහින් නැවතුණේ ප්‍රොඩක්ෂන් කොම්පැණි එකක. එසේ මෙසේ එකක් නෙවෙයි ජාතික සම්මාන පවා ලබපු කොම්පැණියක්. ඊට අමතරව කායවර්ධනය සඳහා ඔහුගේ ඇති දැඩි කැමැත්ත එක්ක ඒ සම්බන්ධ වැඩකට අත ගහන්න ඉන්නවා කියලා ආරංචියි.



4. අර්ජූන් රාම්පාල්

Image Source – dnaindia.com



Dil Ka Rishta එකේ අයිෂ්වර්යා එක්ක රඟපාපු, Om Shanthi Om එකේ දීපිකා අක්කව ගිනි තියා දාලා මරාපු අර්ජූන් වඩාත් සාර්ථක ව්‍යවසායකයෙක් විදියටයි. ඔහු රංගනයෙන් දායක වුණ චිත්‍රපට එහෙම නම් ව්‍යාපාරය ගැන කවර කතා ද? ඉතා විශාල භූමි ප්‍රදේශයක පැතිරුණ රෙස්ටොරන්ට් එකක් ඔහුට හිමියි. තැන දිල්ලිය. නම LAP. ඊට අමතර ව Chasing Ganesha කියන ප්‍රොඩක්ෂන් කොම්පැණියත් ඔහුගේ.



5. ප්‍රීති සින්ටා

Image Source – brecorder.com



ප්‍රිටි වුමන්. කම්මුල් වල ගැහෙන, දැක්කම කටේ දාගෙන සූප්පු කරන්න හිතෙන ප්‍රිටි වුමන්. කලක් ඉතා සාර්ථක ව රංගන කටයුතු කරගෙන ඉඳලා අත ගැහුවා බිස්නස්වලට. IPLවල Kings XI Punjab කියන කට්ටිය සම්බන්ධ සම අයිතිකාරිත්වය ඇයට හිමියි. ඉස්සෙල්ලා ම තිබුණේ PZNZ Media කියන ප්‍රොඩක්ෂන් කොම්පැණිය විතරයි. IPL කතාවෙන් ​පස්සේ ක්‍රිකට්වලට ආසා හිතිලා දකුණු අප්‍රිකානු ලීගයක Stellenbosch කියන කණ්ඩායමත් තමන්ගේ කරගන්නවා.


6. ලාරා දත්තා

සුෂ්මිතාගෙන් පස්සෙ මිස් යුනිවර්ස් වුණ කෙලී. බොහෝ දෙනෙක්ට වගේ ඇයටත් Beegi Basanti යන නමින් ප්‍රොඩක්ෂන් කොම්පැණියක් තියෙනවා. ඊට අමතරව Arias කියන නාමයෙන් ඇය රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරන බ්‍රෑන්ඩ් එකක් පටන් අරන් තියෙනවා. එකක් කියලා නෑ සාරිත් විකුණනවා.



7. සුනිල් ෂෙට්ටි

Image Source – jobvacanciesdubai.com



ජීවිතය ජිම් එක කරගත්තු පොරවල් ඉන්නවා හැබැයි ජිම් එකක් හොයන් යන එක වෙන ම ආතල් එකක් කරගත්තු තවත් පිරිසක් ඉන්නවා. සුනිල් කියන්නේ වයින් වගේ නාකි වුණ කෙනෙක්. ඉතින් තමන් වගේ ම අනෙක් ඉන්දීය සහෝදර පිරිසත් ගොඩ දාන්න හිතාගන ජිම් ලෝකයක් ඉන්දියාවේ ඇති කරලා ජීවිතය ජය ගත්තා.

Cover Image Source – campaignasia.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *