හනිමූන් එකට තෝරාගන්න ලෝකේ ලස්සනම තැන් කිහිපයක්

සංසාරේ පුරාවට පතාගෙන ආපු ප්‍රේමවන්තයව කොහොමින් හරි හොයාගෙන පෙරුම් පුරල ලස්සන වෙඩින් එකක් ගත්තු හැම අළුත් යුවලකගේම ඊළඟ ආසාව තමයි ජීවිතේටම අමතක නොවෙන ලස්සන හනිමූන් එකක් ගතකරන එක. ඉස්සරනම් ඉතින් ඔන්න එක දවසකට දෙකකට හොඳ ස්ටාර් ක්ලාස් හොටෙල් එකක් බලල ගිහින් ඉන්න එක තමයි හනිමූන් කිව්වේ. ඒ උනාට අනිත් හැමදේම වගේම මේ පැණිහඳ බැලිල්ලත් දැන් අළුත් වෙලා. හැමෝම ට්‍රයි කරන්නේ තමන්ට පුළුවන් උපරිම ලස්සන විදිහට හනිමූන් ට්‍රිප් එකක්ම ලෑස්ති කරගන්න. ඒ අතරිනුත් හුඟක් අය කැමතියි ලංකාවෙන් පිට ලස්සන තැනක ඇවිදලා ඒ අත්දැකීමත් ජීවිතේට එකතු කරගන්න. මේක එච්චරම පොකට් එකට වාසිදායී ඔප්ෂන් එකක් නම් නෙමෙයි. හැබැයි පහුගිය සති කිහිපයේම අපි කතා කළානෙ අනවශ්‍ය වියදම් කපල දාල ලස්සනට වෙඩින් එකක් ගන්න විදිහ. අන්න එහෙම බජට් එක හදාගෙන කීයක් හරි ඉතුරු කරලා හනිමූන් එකට රට ටුවර් එකක් යන්න ඉන්න අයට ලෝකේ ලස්සනම හනිමූන් destinations කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. 

 

 

1.  සීෂෙල්ස් (Seychelles)

සීෂෙල්ස් කියන්නේ ඉන්දියානු සාගරයේ පිහිටලා තියෙන දූපත් සමූහයක්. හැබැයි අයිති වෙන්නෙ නැගෙනහිර අප්‍රිකාවට. කොහොම උනත් නිවර්තන කලාපීය ලක්ෂණත් එක්ක වෙනස්ම පරිසර පද්ධතියක් තියෙන ලස්සනම දූපත් සමුහයක් තමයි මේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වෙනුවෙන් ලොකු අවධානයක් දීපු දූපතක්. ඉතින් පරිසරය විඳින්න, පරිසරය එක්ක ජිවත් වෙන්න කැමති අපේ ලංකාවේ වගේම සෞම්‍ය දේශගුණයක් විඳින්න කැමති ඕනෑම කෙනෙක්ට උඩින්ම තෝරගන්න හොඳ තැනක් තමයි සීෂෙල්ස් කියන්නේ. ඇවිදින්න හුඟක් තැන්, බලන්න දේවල්, ඇක්ටිවිටීස් එහෙමනම් හුඟක් නැති උනාට පරිසරය විඳලා සුවදායක මනසක් ශරීරයක් අරගෙන අපහු එන්න කියාපු ප්ලේස් එකක්. 

සීෂෙල්ස් යනවනම් යන්න හොඳම කාලය තමයි අප්‍රේල් මැයි සහ ඔක්තෝම්බර් නොවැම්බර් කියන කාලය. 

 

 

2. බාලි (Bali)

බාලි කියන්නේ ඉන්දුනීසියාවට අයිති දූපතක්. තවමත් විනාශ නොවුන ලස්සන හරිත වර්ණ පරිසරයයි නිවර්තන කලාපීය සෞම්‍ය දේශගු​ණයයි එක්ක මේකත් සංචාරක පාරාදීසයක්. බාලි දූපත් වලත් හුඟක්ම බලන්න තියෙන්නේ පරිසරයේ ලස්සන තමයි. හැබැයි ඊට අමතරව බලන්න යන්න පෞරාණික පන්සල් විතරක් නෙමෙයි සංචාරකයෝ වෙනුවෙන්ම හදපු adventure parks සහ diving, snorkeling වගේ ඇක්ටිවිටීස් එහෙමත් මේ බාලි දූපත් වලට ගියොත් අත්දැකීම් විදිහට ජීවිතේට එකතු කරගන්න පුළුවන්. 

බාලි දූපතට සවාරියක් යන්න හොඳම කාලය විදිහට ජුනි අගෝස්තු අතරමැද කාලය හඳුන්වන්න පුළුවන්. 

 

 

3. මාලදිවයින (Maldives)

මාලදිවයින කියන්නේ තනිකරම සංචාරක පාරාදීසයක් වගේම හනිමූන් කපල්ස් අතර ප්‍රසිද්ධම ගමනාන්තයන්ගෙන් එකක්. ඉන්දියානු සාගරයේ පිහිටල තියෙන තවත් ලස්සනම දූපත් සමූහයක්. සංචාරක කර්මාන්තයම ටාගට් කරපු මේ මාලදිවයින් දූපත් වලට යන ගමන ටිකක් මිලෙන් ඉහල උනත් ලස්සන අත්දැකීම් ටිකක්නම් එකතු කරගන්න පුළුවන්. දූපත් වටේටම තියෙන මුහුද නිසා diving, snorkeling කරන්න වගේම ඉර බැහැගෙන යන සැන්දෑ යාමෙක මුහුදු වෙරල කිට්ටුව රොමෑන්ටික් ඩිනර් එකක අත්දැකීම විඳින්නත් පුළුවන්. මාලදිවයිනේ තවත් බලන්න තියෙන ලස්සනම දෙයක් තමයි රෑට පුදුමාකාර ලස්සනට දිලිසෙන මුතු වෙරළ. මුහුදේ තියෙන ඇල්ගී විශේෂයක ක්‍රියාකාරීත්වයක් නිසා වෙන දෙයක් උනත් සුරංගනා කතාවක ජීවත් වෙනවා තරම් ලස්සන හැඟීමක් දැනෙන දර්ශනයක්.

වසරේ දෙසැම්බර් ඉඳල අප්‍රේල් වගේ කාලසීමාව ඇතුලත තමයි මාලදිවයින පැත්තේ ගිහින් එනවනම් හොඳම කාලසීමාව කියල කියන්නෙ.   

 

 

4. සිංගප්පූරුව (Singapore)

පරිසරයේ සුන්දරත්වයටම විතරක් නැතුව ලංකාවේ නැති අලුත් දේක අත්දැකීම් ගන්න කැමති අයට තමයි දැන් ඔන්න කියන්න යන්නෙ. සිංගප්පූරුව කියන්නෙත් ආසියානු රටක්. රටක් කිව්වට අපේ රටේ ටිකක් ලොකු නගරයක් විතර සයිස් පුංචිම පුංචි ප්‍රදේශයක්. හැබැයි සිංගප්පූරුව කියන්නෙ තනිකරම සංචාරක පුරවරයක්. ගහක් කො​ළක්නම් දකින්න නැති උනාට ඇවිදින්න, ෂොපින් කරන්න වගේම ඩිස්නි වර්ල්ඩ්, යුනිවර්සල් ස්ටුඩියෝස් වගේ වෙනස්ම අත්දැකීම් විඳගන්නත්, ගෙවන මිලට උපරිම වටිනා අත්දැකීමක් ලබාගන්නත් කියාපු ප්ලේස් එකක්. 

වෙනසක් නැතුව අවුරුද්දේ ඕන කාලෙක යන්න පුළුවන් තැනක් තමයි සිංගප්පූරුව. 

 

 

5. ඉතාලියේ රෝමය (Rome, Italy)

ඔන්න ආසියානු දේශගුණය, සංස්කෘතිය කියන ඒවගෙන් ටිකකට මිදිලා වෙනස් අත්දැකීමක් ගන්න, යුරෝපීය රටක ඇවිදලා බලන්න හිතාගෙන ඉන්න අයට හරියන ලස්සන ගමනාන්ත කීපයක් තමයි දැන් කියන්න යන්නෙ. 

ඉතාලියේ රෝමය කියන්නේ කොහොමත් ආදරය ගැන කතාකරද්දී මුලටම එන මාතෘකාවක්නේ. රෝමය අතීතයේ ඉඳන්ම හැඳින්වෙන්නෙත් ආදරයේ නගරය කියලයි. රෝමයේ ගියාම ඉතින් තියෙන්නේ ඇවිදින්න තමයි. බොහොම පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිමවෙච්ච අදහගන්නත් අමාරු තරම් ලස්සන ගොඩනැගිලි බලල ශේක්ස්පියර්ගේ කතන්දර වල එන චරිත හිතින් මවාගෙන ලස්සන අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඒ වගේම වෙනසකටත් එක්ක යුරෝපීය සංස්කෘතිය ගැන අත්දැකීමක් ගන්නත් පුළුවන්. මිලනම් ඉතින් ආසියාව ඇතු​ළේ ඇවිදිනවට වඩා ටිකක් විතර ඉහලයි. වීසා ගන්නත් ලේසිම නැහැ ආසියානු රටකට වගේ. 

යනවනම් හොඳම කාලසීමාව තමයි ජූනි අගෝස්තු වගේ කාලය. හැබැයි මේ කාලෙට සීසන් එක නිසා ගුවන් ටිකට්පත් එහෙමත් ටිකක් මිලෙන් වැඩියි. 

 

 

6. ප්‍රංශයේ පැරිස් නුවර (Paris, France)

පැරීසිය කියන්නේ ප්‍රංශයේ අගනුවර. 12 වන ශතවර්ෂයේ තරම් ඈත ඉතිහාසයේ නිර්මාණය කරපු අයිෆල් කුලුනත්, 19 වෙනි ශතවර්ශයට අයිති නගර සැලසුම් නිසාත් සංචාරක ආකර්ෂණය දිනාගත්ත නගරයක් තමයි පැරීසිය කියන්නේ. මේ දේවල් වලට අමතරව භාෂා 250 කින් “I Love You” කියල ලියපු Wall of Love එහෙම නැත්තම් ආදරයේ බිත්තිය බලල, තමන්ගේ ආදරේ නමින් ලව් ලොක් එකක් දාල, වෙනස්ම විදිහක ෂොපින් අත්දැකීමක් විඳගෙන එන්න පුළුවන් නගරයක් මේ. 

දේශගුණික විපර්යාස වලින් ලොකුවට කරදරයක් නැති අප්‍රේල් ජූනි හෝ ඔක්තෝම්බර් නොවැම්බර් වගේ කාලවල තමයි යන්න හොඳම. 

 

 

7. කොර්ෆු, ග්‍රීසිය (Corfu, Greece)

කෝර්ෆු කියන්නේ ග්‍රීසියට අයිති දුපතක්. පරිසරයේ සුන්දරත්වය පැත්තට ටිකක් වැඩිපුර නැඹුරුවක් තිබ්බත් ආසියාතික නිවර්තන කලාපීය පරිසරයට වඩා වෙනස් පරිසර පද්ධතියක අත්දැකීම ගන්නත් පුළුවන්. බෝට්ටු සවාරියක් යන්න වගේම දුපත වටේ ටිකක් ඇවිදලා වෙනස් ගෘහ නිර්මාණයන් දැක බලාගන්නත් පුළුවන්. ඒ වගේම ඔලිව් සහ මී පැණි නිෂ්පාදනයන් වලට ප්‍රසිද්ධ මේ දුපතේ ඒ නිෂ්පාදන ගැන බලල අදහසක් ගන්නත් පුළුවන්. 

යනවනම් හොඳම කල සීමාව තමයි අප්‍රේල් මැයි සහ සැප්තැම්බර් නොවැම්බර් කාලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *