බෝතලේ ඉවරවුණාට පස්සේ අමුතුම ආතල් දෙන යාලුවෝ වර්ග 7ක්

කොල්ලොනේ, බොනවනේ… දැන් ඉතින් කෙල්​ලොත් බොනවා තමයි. අපි මේ කියන්න යන්නේ බොන එක ගැනම නෙමෙයි. කොල්ලො කට්ටිය සෙට් වෙලා බෝතලේකට දෙකකට වග කිවුවට පස්සේ කොයි වෙලාවෙ හරි බෝතලේ අඩිය හිස් වෙනවනේ (සමහර වෙලාවට ඊට කලින් කට්ටිය කට් වෙන වෙලාවලුත් නැත්තෙ නෑ. හික්) අන්න එහෙම බීල ඉවර වුණාට පස්සේත් සෙට්වීමෙ ආතල් එක ඉවර වෙන්නෙ නෑ සමහර යාලුවන්ට. මේ කියන්න යන්නෙ අන්න ඒ විදිහෙ යාලු චරිත 7ක් ගැන.

 

1. තව ගේමු යාලුවා

මේ පොර කොයි වෙලාවකවත් බීල ඇතිවෙන ජාතියෙ ඩයල් එකක් නෙමෙයි. කට්ටිය කුදු කුදාර් වෙන්න නප්පියට ගසල කන් සාක්කු වල වැටිල කබරගොයි අල්ලලා හිටියත් මෙයා අන්තිම ෂොට් එකත් ඉවර වුණාට පස්සේ දාන ඒ වර්ඩ් එක තමයි මේ. “තව ගේමු” කියන එක. මේකට දවල්ද, රූද, බාර් ඇරලද කියන එක අදාළ නෑ. තව ගේන්න තමයි ඕනෙ. ඉතින් කරුමෙට එකෙක් හරි ඕකට හා කිවුවොත් ඉතින් ආයෙ යනවා ණය වෙලා, බඩු උගස් තියලා හරි බොන්න ගේන්න. අනිත් උනුත් මේස උඩ වැටිලා තනි ඇහෙන් හරි බලාගෙන ඉන්නවා.

 

2. අද නම් එළිවෙනකම් සින්දු කියනවා

ඔන්න අනිත් පොර. මද පමණින් සිරුර සැනසීගෙන එද්දි කොයි කොල්ලටත් තමන් ආස සින්දුවක් මතක් වෙනවා, පොඩ්ඩක් පද වැලක් මිමිණෙනවා. සමහරු සින්දුවකට දෙකකට හිමීට තාල අල්ලන්නත් පටන් ගන්නවා. තව සමහරු කෙලින්ම බජව් දානවා. හැබැයි හුඟක් වෙලාවට බෝතලේ ඉවර වෙලා ටික වෙලාවක් යනකල් විතරයි මේ සංගීත සාජ්ජ පවතින්නෙ. හැබැයි අපි මේ කියන යාලුවට එහෙම බෑ. සූර් එක තදවේගෙන එද්දිම එයා ගන්නවා තද තීරණයක්. ඒ තමයි අදනම් එළිවෙනකම් සින්දු කියලා පට්ට ෆන් එකක් ගන්නවා​ය කියලා. මේ සීන් එක ඉතින් හුඟක් වෙලාවට කාගෙ හරි ගෙදරක සෙට් වෙද්දි තමයි සිද්ද වෙන්නෙ.

 

3. සර්කස් පැසිෆියා

මේ කියන විදිහේ යාලුවට සැඟවුණු කුසලතා එළියට එනවා බෝතලේ ඉවර වුණාට පස්සේ. ඊට පස්සේ පොර කරන්නේ වටේ ඉන්න උන්ට එක එක මැජික් සහ සර්කස් පෙන්නන එක. බෝතලේ අල්ලට අලෝලා කරකෝලා පොර බෝතල් කුඩු කරන අවස්ථාත් එමටයි. එහෙම නැත්නම් ගිනි පෙට්ටියකින් හරි වැඩ පෙන්න​නවා. ඒත් නැත්නම් අහල පහල ඉන්න එකෙක් එක්ක රෙස්ලමේනියා කරන්න යනවා. අන්න එහෙමයි පොරගෙ විස්තරේ

 

4. කෝ ගෑණු?

මේං මේ යාළුවට පෝඩ්ඩක් ඇඟපත රත්වෙලා සිතුවිලි පිබිදීගෙන එද්දි මතක් වෙන්නෙ ස්ත්‍රී ශරීරයක පහස තමයි. ඊට පස්සෙ පොර හිතනවා මේ වෙලාවෙ ස්ත්‍රී සෞන්දර්යයක් විඳින්න තිබ්බනම් තමයි පට්ට ආතල් එක කියලා. පොර ඉතින් වටේ පිටේ ඉන්න උන්ටත් අයිඩියා එක දානව. ස්පා යන්න කතා කරනවා. දන්න සීන් කෝන්ස් වලට මැසේජ් ගහනවා, කෝල් කරනවා. එක විකාරයයි.

 

5. පළිගැනීමේ මෙහෙයුම

මේ කියන බුවාට සෙට් වීම අතරතුරදී එක මොහොතකදී එනවා පැරණි අසුන්දර මතකයක්. කවුරු හරි කරපු අවුල් සීන් එකක් ගැන පොර කියවන්න ගන්නවා. ඒත් එක්කම පළිගැනීමේ චේතනාව උඩ ගහනවා. ඊට පස්සෙ සෙට් වීම ඉවර වුණාම පොරගෙන් ගේම ඉල්ලන්න තමයි ලෑස්තිය. ඉතින් ඒකට පිරිස් එක් රැස් කරනවා. අදාළ බුවාට කෝල් කරන්න හදනවා එක විකාරයයි.

 

6. නොස්ටැල්ජික් මතක සාගරේ

මේ පොරට ඕනෙ බීල ඉවර වුණ අරක්කු මතත් එක්ක අතීත මතක ස්මරණයක යෙදෙන්න. ඒක තනියෙන් කරන එකක් නෙමෙයි. පරණ යාලුවොත් ඉන්න ඕනෙ ඒකට අත්වැල් සපයන්න. පොර ඉතින් කියෝනවා දශක ගාණක මතක. “මතකද මචන් ඒ කාලෙ? ඒ කාලෙ තමයි කාලෙ… අපි කොත්තුවක් කන්න කොච්චර නම් දුරක් ඇවිද්දද?” , “ උඹට මතකද ඒ කාලෙ රේ​ල්වේ ඇවිනියු එකේදි මට ලයින් වේගෙන ආපු උස කළු කෙල්ල? ඒකි දැන් බැඳල ළමේකුත් ඉන්නව යකෝ!” ආදී කතා ​සාගරයයි. සමහරුන්ට නම් මේ යාලුවා ටිකක් ඇණයක්. 

 

7. සුදු වෑන් සීන්

මේ යාලුවට තියනවා ඉතාම දුක්බර බිඳුණු පෙම් කතාවක්. සමහර වෙලාවට පොරගෙ මත්වීමේ ආශා​වේ මූලයත් මේ බිඳුණු කතන්දරේ තමයි. ඉතින් පොරට බෝතලේ ඉවර වෙන්න ලං වෙද්දි වගේම ඉවර වුණාමත් මතක් වෙන්නෙ ඒ බිඳුණු පෙමේ හිමිකාරියව තමයි. ඉතින් පොර හොයනවා තමන්ට වැරදුණු තැන් හදාගන්න ක්‍රම, එහෙම හිතලා ආයෙ හම්බවෙන්න යන්නත් හිතන අවස්ථා තියනවා රූ දෙගොඩහරි ජාමෙ වුණත්. සමහර වෙලාවට කෙල්ලව උස්සන් යන්නත් කතා කරන අවස්ථා නැතිවා නොවේ මිත්‍රවරුණි!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *