රට හැර ගිය කලාකරුවෝ

අද අපි කතා කරන්න යන්නේ කලාකාරයෝ කීපදෙනෙක් ගැන. විශේෂත්වය වෙන්නේ මේ අය සියල්ලන්ම අද වන විට වන විට ලංකාව අත්හැරල විදේශ ගත වෙලා තියෙන්නේ. මෙහෙම විදේශ ගත වෙන්න මේ අයට විවිධ හේතු බලපාලා තියෙනවා.

 

1. ලක්ෂාන් 

මීට අවුරුදු ගණනාවකට කලින් රොමේෂ් ලක්ෂාන් කියලා නම අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රිය නමක් වුණා.භාතිය සන්තුෂ් වගේ පෙරළිකාර නොවුණත් ක්ෂේත්‍රයේ කෙටි කාලයක් තුළ නමක් දිනා ගන්න ඔවුන් දෙදෙනා සමත් වුණා. නමුත් හදිස්සියේම රොමේෂ් ලක්ෂාන් දෙදෙනාම එකවර වේදිකාවෙන් අතුරුදහන් වුණා. ඉන් වසරකට විතර පස්සෙ  රොමේෂ් සුගතපාල වේදිකාවට ආවා. රොමේෂ් කිව්වේ ලක්ෂාන් අධ්‍යාපන කටයුතු සහ පදිංචිය සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත ගියයි කියලා. හදිස්සියේ ලක්ෂාන් මෙසේ යෑම නිසා ඔවුන් දෙදෙනා එකතු වෙලා කරන්න තිබ්බ නිර්මාණ බොහොමයකට තිත තබන්න වුණා කියලා රොමේෂ් කිව්වා. ඉන්පස්සෙ රොමේෂ් ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක නිරත වුණා. සෑහෙන කාලයකට පස්සේ ලක්ෂාන්ව අමෙරිකා එක්සත් ජනපදයේදී රුවන් හෙට්ටිආරච්චි ට සහ ෂෙරිල්ට මුණගැහිලා තිබ්බා. හැබැයි ලක්ෂාන් මේ වෙනකොට ටිකක් විතර වයසට ගිහිල්ලා. 

 

2. ලින්ටන් සේමගේ

පාදඩයා, මී හරකා වගේ සිංහල චිත්‍රපටවල​ට රංගනයෙන් හා නිෂ්පාදනයෙන් දායක වුණු ලින්ටන් සේමගේ අවස්ථා කීපයකදීම මෙරට දී සම්මානයට ලක් වුණා. ඔහුගේ රංගන හැකියාව පිළිබඳව කිසිවකුගේ ප්‍රශ්නයක් තිබ්බේ නෑ. පසු කාලයකදී ඔහු ලංකාව හැර දාලා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගියා. ඇමරිකා එක්සත් ජනපදයේ දී ඔහු Blue නමින් චිත්‍රපටියක් නිෂ්පාදනය කළා. එහිත් ඔහු රංගනයෙන් දායකත්වය වෙලා තිබ්බා. නමුත් ඒ චිත්‍රපටිය  මගින් ශ්‍රී ලංකා රජය සහ යුද්ධ හමුදාව කෙරේ වැරදි ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට ඇති කිරීමට ඔහු උත්සාහ දරා තිබ්බා. 

 

3. සොමී රත්නායක

සොමිනන්ද රත්නායක කියන නම උප්පැන්නෙ තිබ්බට මේ නළුවා අපි අතර ජනප්‍රිය වුණේ සොමී රත්නායක විදිහට. සම්භාව්‍ය සිංහල සිනමාවට ඔහු නැතුවම බැරි නළුවෙක් වෙලා හිටියා. හුලවාලි චිත්‍රපටයේ ඔහු සිදු කළ රංගනය අති විශිෂ්ට එකක් වුණා. බව දුක සහ බව කර්ම, උතුමාණෙනි, සුද්දිලාගේ කතාව ඔහු තවත් රංගනයෙන් දායකත්වය ලබා දුන් චිත්‍රපට කීපයක්. සම්භාව්‍ය සිංහල සිනමාව පරිහානියට පත් වෙද්දී ඔහු ටෙලිනාට්‍ය කිහිපයකටත් දායක වුණා. “දළ රළ පෙළ” ඒ අතරින් එකක්. එහිදී සමිතා මුදුන්කොටුව සමඟ ඔහු රංගනයෙන් දායක වුණා. ජීවිතයේ විවිධ හැල හැප්පීම් නිසා මේ වන විට ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙනවා.

 

4. ජයන්ත බෝපේආරච්චි 

රෝයි ද සිල්වා කියන්නේ අපේ සිනමාවට නවක මුහුණු බොහොමයක් හඳුන්වා දුන් පුද්ගලයෙක්. රෝයි ද සිල්වාගේ තවත් සොයා ගැනීමක් වුණේ ජයන්ත බෝපේආරච්චි. කෙටි කාලයක් තුළ ජයන්ත වාණිජ සිංහල සිනමාවේ සහ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය ඇතුළේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. බොහෝ විට පෙම්වතාගේ චරිතය ඔහුට ලැබුණා. නමුත් ජයන්ත තම රංගන ජීවිතයේ උපරිම අවධියේ දී සියල්ල හැර දාලා පවුලත් සමග ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගියා.

 

5. ලීනා ද සිල්වා

ඇය සිංහල සිනමාවේ පෙම්වතියගේ චරිතය වගේම මවගේ චරිතයක් නිරූපණය කළ,  දශක ගණනාවක් සිංහල සිනමාව තුළ තුළ රැඳුණු තැනැත්තියක්. සුරතලී චිත්‍රපටයෙන් සිංහල සිනමාවට එක්වුණු ඇය සුන්දර බිරිඳ, සුනීතා වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඉන්පසුව ඇය සිංහල සිනමාවේ දෙවැනි ගමන ආරම්භ කළේ ගඟ අද්දර චිත්‍රපටයේ වසන්ති චතුරාණීගේ මවගේ චරිතය රඟපාමින්. සුජාතා, අවරගිර, අනුරාගයේ අනන්තය, පොරොන්දුව ඉන් පසුව ඇය රඟපෑ චිත්‍රපට .ටෙලිනාට්‍ය කීපයකටත් තම රංගන දායකත්වය ලබා දුන් ඇය පසුව තම දරුවන් සමඟ කැනඩාවට සංක්‍රමණය වුණා. මේ වෙනකොට ඇගේ නිත්‍ය පදිංචිය කැනඩා​වේ.

 

6. ජීවරාණි කුරුකුලසූරිය 

සිංහල සිනමාව බැබැළවු කුරුකුලසූරිය සොයුරියන්ගෙන් වැඩිමහල් සහෝදරිය වුනේ ජීවරාණි කුරුකුලසූරියයි. රන්මුතු දූව, වීර විජය වැනි චිත්‍රපටිවලින් සිනමා රසිකයන්ගේ සිත් පැහැර ගැනීමට ඇය සමත් වුණා. එවකට අතිශය කාර්ය බහුල නිළියක් බවට පත් වුණු ඇය විවාහයෙන් පසුව සිනමාවෙන් සමු ගත්තා. මේ වන විට ඇගේ නිත්‍ය පදිංචි​ය වෙලා තියෙන්නෙ ඔස්ට්‍රේලියාව. නමුත් ඇය ශ්‍රී ලංකාව සමග සමග සබඳතා අත්හැර නෑ. විටින්විට ශ්‍රී ලංකාවට පැමිණෙන ඇය කාලය ඇති පරිදි කලා උත්සවවලට තම සහභාගිත්වය ලබා දෙනවා.

 

7. පුණ්‍යා හීන්දෙනිය 

ඇය සිංහල සිනමාවේ බොහෝ චරිත නිරූපණය කරලා තිබ්බත් ඇය අමරණීය වෙන්නේ ගම්පෙරළියේ නන්දාගේ චරිතය රඟපෑම නිසා. සම්භාව්‍ය සිංහල සිනමාවට වැඩි දායකත්වයක් ලබා දුන් ඇය වාණිජ සිනමාවට දායකත්වයක් ලබා දුන්නේ නැති තරම්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලංකාව හැර ගිය ඇය මහා බ්‍රිතාන්‍යයේ පදිංචි වෙලා ඉන්නවා. නමුත්  ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කලියුගය චිත්‍රපටය නිෂ්පාදනය කරන බව ඇසූ විට ඇය තම සියලු කටයුතු පසෙකලා එය​ට රංගනයෙන් ද දායක වීමට ලංකාවට පැමිණියා.

 

මේ ලැයිස්තුවට ඇතුළත් කරපු කලාකරුවන් ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. ඒ වගේ ම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *