ඩ්‍රැගන්ෆෘට් අද වෙනකොට ගොඩක් ජනප්‍රිය පළතුරක්නේ. ශරීරයට ගොඩක් ගුණදායක වගේම ශරීරයේ සීනි මට්ටම අඩු කරන, කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළන, හදවත් රෝග රැසකට හොඳ ඖෂධයක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම ආහාර ජීර්ණය පහසු වෙන්න, හිසකෙස් වල නිරෝගිකමට වගේම ආතරයිටිස් රෝගයටත් ගොඩක්ම හොඳයි කියලා තමා පොතපතේ සඳහන් වෙන්නෙ. ඉතින් මේ වගේ ලෙඩ ගොඩකට හොඳ ඩ්‍රැගන්ෆෘට් හදාගන්න විධි ටිකක් ගෙනාවා අපි. ඔයාලා කැමති විදියට හදලා කෑමට ගන්න පුළුවන්.
1. ඩ්‍රැගන්ෆෘට් ජූස්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩ්‍රැගන්ෆෘට් ගෙඩියක්
- අයිස් කැට
- සීනි
- කිරිපිටි ටිකක්
- ලුණු
- අයිස්ක්‍රීම්
- ඩ්‍රැගන්ෆෘට් මදය සුරලා අරන් බ්ලෙන්ඩර් එකට දාලා ඒකට අයිස්කැට, සීනි, කිරිපිටි, ලුණු දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. තික් වැඩි නම් තව වතුර ටිකක් දාගන්න. උඩින් අයිස්ක්‍රීම් දාලා බොන්න ගන්න.
2. ඩ්‍රැගන්ෆෘට් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩ්‍රැගන්ෆෘට් ගෙඩි 2
- කෝන්ෆ්ලා කෝප්ප 1/2
- සීනි කෝප්ප 1/2
- කිරි කෝප්ප 1/2
- පොල්කිරි කෝප්ප 1/2
- ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 2
- පොඩි කරගත් ස්ට්‍රෝබෙරි කෑලි
- ඩ්‍රැගන්ෆෘට් ගෙඩි 2ක මදය හූරලා අරන් බ්ලෙන්ඩ් කරගන්න. පෑන් එකක් අරන් ඒකට සීනි හා කෝන්ෆ්ලා දාලා විස්ක් කරගන්න. ඒකට කිරි එකතු කරගෙන පොල්කිරි හා ෆ්‍රෙශ් ක්‍රීම් ටිකකුත් දාගෙන හොඳට විස්ක් කරගන්න.
- දැන් මේක අඩු ගින්දරේ ලිපේ තියන්න. ලිපේ තියන ගමන් හොඳට හැඳිගාන්න. දැන් හදාගත්තු ඩ්‍රැගන්ෆෘට් පියුරේ එක මේකට දාගන්න. ස්ට්‍රෝබෙරි කැබලි ටිකත් එකතු කරගන්න.
- හොඳට තික් වෙනකල් විස්ක් කරලා බෝල් එකකට දාලා පැය 2ක් විතර ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.
3. ඩ්‍රැගන්ෆෘට් අයිස් ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩ්‍රැගන්ෆෘට් ගෙඩි 2
- මිල්ක්මේඩ් ටින් 1 (370g)
- විප්ඩ් ක්‍රීම් හෝ ෆ්‍රෙශ් ක්‍රීම් මේස හැඳි 8ක්
- අයිස්ක්‍රීම් හදන්න සුදුසු භාජනයක් අරගෙන මිල්ක්මේඩ් එක කඩලා දාගන්න. ඒ ටින් එකෙන්ම වතුර එකකුත් දාගන්න. මේ දෙක හොඳට කලවම් කරගන්න.
- ඩ්‍රැගන්ෆෘට් ගෙඩි දෙකේ මදේ හූරලා අරන් බ්ලෙන්ඩ් කරගන්න. මෙහෙම බ්ලෙන්ඩ් කරගත් ඩ්‍රැගන්ෆෘට් ටික මිල්ක්මේඩ් මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරලා භාජනයකට දාලා, ලන්ච්ශීට් එකකින් වහලා ෆ්‍රීස් කරන්න. අඩුම පැය 5ක්වත් තියන්න ඕනේ.
- ඊට පස්සෙ ෆ්‍රිජ් එකෙන් එලියට අරගෙන අයිස් පොඩ්ඩක් අඩුවෙනකල් ඉඳලා හයිස්පීඩ් බීට් කරන්න. බීට් කරන ගමන් ඒකට ෆ්‍රෙශ් ක්‍රීම් හරි විප්ඩ් ක්‍රීම් හරි එකතු කරගන්න. හොඳට බීට් කරගෙන ආයේ භාජනේ කවර් කරගෙන ෆ්‍රීස් කරන්න. පැය 4කින් විතර නැවත එලියට අරන් විනාඩි 10ක් වගේ බීට් කරන්න.
- ඔය වගේ 3 – 4 පාරක් කරගන්න.හොඳට ක්‍රීම් වෙන්න බීට් කළාම තමා අයිස්ක්‍රීම් එක හොඳට එන්නෙ.
- අන්තිමට අයිස්ක්‍රීම් එක සෙට් වෙන්න ආයෙ ෆ්‍රිජ් එකේ දාලා කෑමට ගන්න.
4. ඩ්‍රැගන්ෆෘට් ස්මූති
අවශ්‍ය ද්‍රව්‍ය
- ඩ්‍රැගන්ෆෘට් ගෙඩි 1
- බ්ලැක්බෙරි ටිකක්
- රාස්බෙරි ටිකක්
- යෝගට් 1
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2
- දෙහි යුෂ ටිකක්
- කසකසා ඇට ටිකක්
- බ්ලෙන්ඩර් එකට ඩ්‍රැගන්ෆෘට් ගෙඩිය සූරලා දාගන්න. ඒකට බ්ලැක්බෙරි, රාස්බෙරි, යෝගට්, දෙහි යුශ ටික හා කිරි ටිකක් එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න.
- ස්මූති එක ගොඩක්ම තික් නම් තව කිරි ටිකක් එකතු කරගන්න. හැබැයි ගොඩක් නෙමෙයි. කසකසා ටික වතුරේ දියකරන් ස්මූති එක උඩින් දාගෙන පානය කරන්න.
5. ඩ්‍රැගන්ෆෘට් පෑන්කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1/2
- ඩ්‍රැගන්ෆෘට් සෝස් කෝප්ප ½ (මේක හදාගන්න හැටි පහතින් කියා තියනවා)
- කිරි කෝප්ප 1/8
- බිත්තර 1
- සීනි තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1
- බටර් / තෙල් ටිකක්
ඩ්‍රැගන්ෆෘට් සෝස් එකට
- පොඩි කරගත් ඩ්‍රැගන්ෆෘට් මේස හැඳි 4ක්
- සීනි මේස හැඳි 2
- වැනිලා ටිකක්
සෝස් එක හදාගන්න හැටි.
- මෑශ් කරගත් ඩ්‍රැගන්ෆෘට් ටික පෑන් එකකට දාලා රත් කරන්න. සීනි ටිකත් එකතු කරගන්න. අඩු ගින්දරේ තියාගන්න. හොඳට කුක් වෙන්න දෙන ගමන් වැනිලා ටිකක් එකතු කරන්න. අඩිය අල්ලන්න නොදී හොඳට හැඳි ගාන්න.
- දැන් මේක නිවෙනකල් ඉඳලා බ්ලෙන්ඩ් කරගෙන සෝස් එක හදාගන්න (සීල් කරපු කන්ටේනර් එකක දාලා ෆ්‍රිජ් එකේ දාලා පස්සෙ යූස් කරන්නත් පුළුවන්)
පෑන් කේක් එක හදන හැටි
- පාන්පිටි වලට ලුණු, සීනි එකතු කරලා විස්ක් කරගන්න. ඒකට බිත්තර කඩලා දාලා තවත් හොඳට කලවම් කරන්න. දැන් ඩ්‍රැගන්ෆෘට් සෝස් එකයි කිරි ටිකයි දාගෙන උකු බැටර් එකක් හදාගන්න.
- දැන් පෑන් එකට බටර් ටිකක් දාලා හැන්දෙන් එක ගාණෙ දාලා පෑන් කේක් එක පිළියෙල කරගන්න.
Leave a Reply