දැන් කාලේ කාගෙ අතේද ස්මාට්ෆෝන් එකක් නැත්තේ? ඇත්තටම දැන් කාලේ අපි කාට වුනත් ස්මාට්ෆෝන් එකක් අතේ තියෙන එක සෑහෙන්න පහසුවක්. මොකද අපේ එදිනෙදා වැඩ සෑහෙන්න පහසු කරගන්න ස්මාට්ෆෝන් එකකින් සෑහෙන සේවයක් සැලසෙනවා. හැබැයි ඉතින් ස්මාට්ෆෝන් එකක් ගන්න කලින් හිතන්න ඕන දේවල් තියෙනවා. කීයක් වෙයිද? අලුත්ම ඩිසයින් එකක් ගන්න පුළුවන් වෙයිද? හොඳ ස්පෙක්ස්, ඒ කිව්වේ හොඳ හාඩ්වෙයාර් කෑලි බෑලි සහ හොඳ වැඩ කෑලි තියෙනවද වගේ දේවල් තමයි කෙනෙක් ස්මාට්ෆෝන් එකක් ගන්න තීරණය කරලා මුලින්ම හිතන්නේ. ඔය ඩිසයින් එක ගැන හිතනකොට නම් ගොඩක් දෙනෙක් ආසයි දැන් කාලේ තියෙන ඔය ෆුල් ස්ක්‍රීන්, නොච් ඩිසයින් වගේ එව්වලට. නොච් ඩිසයින් කිව්වේ අර සෙල්ෆි කැමරාවට විතරක් ස්ක්‍රීන් එකේ උඩ හරි මැද පුංචි ඉඩක් ඉතුරු කරලා තියෙන විදියේ එව්වලට. ඉතින් ඒ නිසා අපි හිතුවා රුපියල් 50,000 ට අඩුවෙන් ගන්න පුළුවන්, හොඳ ෆීචර්ස් තියෙන, notch හරි ඊට සමාන ඩිසයින් එකක ස්මාට්ෆෝන් කීපයක් ඉදිරිපත් කරලා අලුතෙන් ස්මාට්ෆෝන් එකක් ගන්න කෙනෙක්ට පොඩි උදවුවක් දෙන්න.
1. Samsung Galaxy A50
මේ අවුරුද්දේ මාර්තු මාසේ රිලීස් වුණු මේ ෆෝන් එකේ තියෙන්නේ පුංචි යූ හැඩයේ නොච් එකක්. ඒ වගේම මේ ෆෝන් එක ප්ලාස්ටික් නිමාවකින් යුක්ත වුණත්, විශේෂයෙන්ම පසුපස පැනලය වීදුරු නිමාවකින් යුක්තයි වගේ තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම වීඩියෝ ක්‍රීඩා වලටත් හොඳ සහායක් ලබාදෙන මේ ෆෝන් එකේ කැමරාවත් ඉතා හොඳයි. ප්‍රධාන කැමරා පද්ධතියේ සෙන්සර් තුනක් තියෙනවා. බැටරියත් එක ආරෝපණයකින් සෑහෙන වෙලාවක් අල්ලලා තියෙනවා. හැබැයි ජලයට ප්‍රතිරෝධී නම් නෑ!
තිරය: Super AMOLED 6.4”
ප්‍රොසෙසරය: Exynos 9610 (10nm) Octa-core
මෙහෙයුම් පද්ධතිය: Android 9.0 Pie
රැම් මතකය හා අභ්‍යන්තර මතකය: 4GB/64GB, 4GB/128GB, 6GB/128GB
ඉහළ දැමිය හැකි බාහිර මතකය: Up to 1TB
ප්‍රධාන කැමරාව: 25 MP, f/1.7, 26mm (wide) | 8 MP, f/2.2, 13mm (ultrawide) | 5 MP, f/2.2, depth sensor
සෙල්ෆි කැමරාව: 25 MP, f/2.0, 25mm (wide)
මිල: රුපියල් 42,000+
2. Oppo F11 128GB
ඔප්පෝ ස්මාට්ෆෝන් ඉතාම කෙටි කාලයක් ඇතුළත ඉහළ අවධානයක් සහ ජනප්‍රියත්වයක් ලබාගන්න සමර්ථ වුණේ, මේ ස්මාට්ෆෝන් වල තියෙන ඉහළ හැකියාවන් සහ සුන්දර නිමාව නිසා වගේම සාපේක්ෂව දරන්න පුළුවන් මිල ගණන් නිසා තමයි. මේ F11 ස්මාට්ෆෝන් එකෙත් තියෙන ඉහළ හැකියාවන් සහ gradient නිමාවකින් යුක්ත පසුපස පැනලය ඇතුළු සුන්දර නිමාව ගැන බොහෝ දෙනෙක් හිත යොමු කරනවා. මේකෙත් බොහොම කුඩා නොච් එකක් තියෙන්නේ. ද්විත්ව සෙන්සරයන් සහිත ප්‍රධාන කැමරා පද්ධතියක් තියෙන මේකේ කැමරා හැකියාවනුත් ඉහළයි.
තිරය: LTPS IPS LCD 6.53”
ප්‍රොසෙසරය: Mediatek Helio P70 (12nm) Octa-core
මෙහෙයුම් පද්ධතිය: Android 9.0 Pie – ColorOS 6
රැම් මතකය හා අභ්‍යන්තර මතකය: 4GB/64GB, 6GB/128GB
ඉහළ දැමිය හැකි බාහිර මතකය: Up to 256 GB
ප්‍රධාන කැමරාව: 48 MP, f/1.8, (wide), 1/2.0″, 0.8µm, PDAF | 5 MP, f/2.4, 1/5″, 1.12µm, depth sensor
සෙල්ෆි කැමරාව: 16 MP, f/2.0, 1/3.1″, 1.0µm
මිල: රුපියල් 43,000+
3. Huawei P30 lite
සාමාන්‍යයෙන් මීට මාසෙකට දෙකකට විතර කලින් නම් Huawei ෆෝන් එකක් ගන්න කථා කරනකොට කට්ටිය කෙලින්ම බෑ කියනවා. හැබැයි දැන් ට්‍රම්ප් ගොයියත් එක්ක ප්‍රශ්නේ ඉවර නිසා ආයෙමත් Huawei ෆෝන්ස් වල ගැටළුවක් ඇත්තෙම නෑ. මේ Huawei P30 lite එකත් P30 එකේ වගේම ප්‍රබල හැකියාවන් සහ විශේෂයෙන්ම ගේමින්ග් වලට ලබාදෙන හොඳ සහායක් එක්ක තමයි මේ වසරේ අප්‍රේල් මාසේ එළිදැක්වුණේ. හැබැයි මේක වඩා මිල ගණන් වලින් අඩුයි වගේම තිර ප්‍රමාණයෙන් කුඩායි. චූටි අඩ කවයක ආකාරයේ නොච් එකක් තියෙනවා. කැමරා තුනක ප්‍රධාන කැමරා පද්ධතියකුත් තියෙනවා. බැටරියත් හොඳයි.
තිරය: LTPS IPS LCD 6.15”
ප්‍රොසෙසරය: Hisilicon Kirin 710 (12 nm) Octa-core
මෙහෙයුම් පද්ධතිය: Android 9.0 Pie – EMUI 9.0
රැම් මතකය හා අභ්‍යන්තර මතකය: 4GB/128GB, 6GB/128GB
ඉහළ දැමිය හැකි බාහිර මතකය: Up to 1TB
ප්‍රධාන කැමරාව: 24 MP, f/1.8, (wide), PDAF | 8 MP, 13mm (ultrawide) | 2 MP, f/2.4, depth sensor
සෙල්ෆි කැමරාව: 32 MP, f/2.0
මිල: රුපියල් 44,400+
4. Xiaomi Redmi Note 7 Pro
මේ අවුරුද්දේ මාර්තු මාසේ රිලීස් වුණු මේ Xiaomi Redmi Note 7 Pro ෆෝන් එකෙත් බොහොම පොඩි අර්ධ කවාකාර නොච් එකක් තමයි තියෙන්නේ. මේකේ නිමාවත් බොහොම සිත් ඇදගන්නා සුළුයි. විශේෂයෙන්ම පසුපසත් වීදුරු පැනලයක් සහිතව නිර්මාණය කරලා තියෙන මේ ස්මාට්ෆෝන් එක ගොඩක් දෙනෙක් විශ්වාසයෙන් යුතුව රෙකමන්ඩ් කරනවා. විශේෂයෙන්ම මේක බජට් මාකට් එකේ තියෙන ෆ්ලැග්ෂිප් කොලිටි එකේ ස්මාට්ෆෝන් එකක් කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ.
තිරය: IPS LCD 6.3”
ප්‍රොසෙසරය: Qualcomm Snapdragon 675 (11 nm) Octa-core
මෙහෙයුම් පද්ධතිය: Android 9.0 Pie – MIUI 10
රැම් මතකය හා අභ්‍යන්තර මතකය: 4GB/64GB, 6GB/64GB, 6GB/128GB
ඉහළ දැමිය හැකි බාහිර මතකය: Up to 256 GB
ප්‍රධාන කැමරාව: 48 MP, f/1.8, (wide), 1/2″, 0.8µm, PDAF | 5 MP, f/2.4, depth sensor
සෙල්ෆි කැමරාව: 13 MP
මිල: රුපියල් 49,500+
5. Vivo Y95
මේ ෆෝන් එක නම් ටිකක් පරණයි. ගිය අවුරුද්දේ නොවැම්බර් වල රිලීස් වුණේ. හැබැයි සාමාන්‍ය මිඩ් රේන්ජ් ෆෝන් එකක් අඩුවට හොයන කෙනෙක්ට ගැලපෙනවා. සාමාන්‍යයෙන් විවෝ ෆෝන්ස් වල චූට්ටක් විතර අර චයිනීස් ලුක් එක තිබ්බට, මේවාත් හොඳ කොලිටි එකකින්, අඩුවට මාකට් එකට එන ස්මාට්ෆෝන්. කෙනෙක්ට සාමාන්‍යයෙන් තියෙන ස්මාට්ෆෝන් අවශ්‍යතාවලට මේක හොඳටම ගැලපෙනවා.
තිරය: IPS LCD 6.22”
ප්‍රොසෙසරය: Qualcomm Snapdragon 439 (12 nm) Octa-core
මෙහෙයුම් පද්ධතිය: Android 8.1 Oreo – Funtouch 4.5
රැම් මතකය හා අභ්‍යන්තර මතකය: 4GB/64GB
ඉහළ දැමිය හැකි බාහිර මතකය: Up to 256 GB
ප්‍රධාන කැමරාව: 13 MP, f/2.2, PDAF | 2 MP, f/2.4, depth sensor
සෙල්ෆි කැමරාව: 20 MP, f/2.0
මිල: රුපියල් 35,750+
6. Nokia 6.1 Plus
අපේ ලිස්ට් එකේ තියෙන පරණම ෆෝන් එක තමයි මේක. 2018 අවුරුද්දේ අගෝස්තුවේදී තමයි Nokia 6.1 Plus ෆෝන් එක එන්නේ. ටිකක් ලොකු නොච් එකක් තියෙන මේ ෆෝන් එක ගිය අවුරුද්දේ ප්‍රීමියම් ලුක් එකක් විදියට පාස් වුණත්, මේ අවුරුද්දේදී නම් පොඩ්ඩක් පරණ ඩිසයින් එකක් විදියට හිතෙන්න පුළුවන්. හැබැයි තාමත් මේකේ කොලිටි එක නම් ඉහළයි. වීදුරු පසුපස පැනලයකින් යුතුව නිමා කරලා තියෙන මේ ෆෝන් එක තාමත් වටිනවා.
තිරය: IPS LCD 5.8”
ප්‍රොසෙසරය: Qualcomm Snapdragon 636 (14 nm) Octa-core
මෙහෙයුම් පද්ධතිය: Android 8.1 Oreo, upgradable to Android 9.0 Pie – Android One
රැම් මතකය හා අභ්‍යන්තර මතකය: 4GB/64GB
ඉහළ දැමිය හැකි බාහිර මතකය: Up to 400 GB
ප්‍රධාන කැමරාව: 16 MP, f/2.0, 1.0µm, PDAF | 5 MP, f/2.4, 1.12µm, depth sensor
සෙල්ෆි කැමරාව: 16 MP, f/2.0, 1/3.1″, 1.0µm
මිල: රුපියල් 37,950+
7. Samsung Galaxy A30
මේ අවුරුද්දේ මාර්තුවේදී රිලීස් කරපු Samsung Galaxy A30 ස්මාට්ෆෝන් එක තිරයේ ඉහළ මැද ඉතාම පුංචි අර්ධ කවාකාර නොච් එකක් එක්ක තමයි ඇවිත් තියෙන්නේ. අඩු බජට් එකේ A10 ෆෝන් එකේ ඉඳලා ඉහළ-මැද බජට් එකේ A80 ෆෝන් එක අතර ස්ථානගත වෙන මේ ස්මාට්ෆෝන් එක සාපේක්ෂව අඩු මිලකට අලෙවි වීම වැදගත් කාරණයක්. අපි මුලින්ම කියපු A50 ස්මාට්ෆෝන් එකට සෑහෙන්න මේක සමානයි. හොඳ නිමාවක් සහිතව, හොඳ කැමරා කොලිටියක් සහිතව වෙළෙඳපොළට ඉදිරිපත් වෙලා තියෙන මේ ෆෝන් එකේ බැටරි බලයත් නරකම නැහැ.
තිරය: Super AMOLED 6.4”
ප්‍රොසෙසරය: Exynos 7904 (14 nm) Octa-core
මෙහෙයුම් පද්ධතිය: Android 9.0 Pie – Samsung One UI
රැම් මතකය හා අභ්‍යන්තර මතකය: 4GB/64GB, 3GB/32GB
ඉහළ දැමිය හැකි බාහිර මතකය: Up to 1TB
ප්‍රධාන කැමරාව: 16 MP, f/1.7, PDAF | 5 MP, f/2.2, 12mm, (ultrawide)
සෙල්ෆි කැමරාව: 16 MP, f/2.0
මිල: රුපියල් 35,450+
Leave a Reply