අද තියන ආර්ථික රටාවත් එක්ක පවුලකට එක පඩියකින් ජීවත් වෙන්න අමාරුයිනේ. ඒ නිසාම ගොඩක් දෙනා ගෙදරම ඉඳන් කරන්න පුළුවන් ස්වයං රැකියා ගැන සැළකිල්ලක් දක්වනවා. වැඩි ආදායමක් හදාගන්න ගෙදරට ශක්තියක් වෙන්න පුළුවන් හොඳම විදිය විදියට ඔයාලට ස්වයං රැකියාවක් පටන් ගන්න මොනාද කරන්න පුළුවන් කියලා දැනුවත් කරන්න අපි හිතුවා. බලන්න මේක කියවලා පටන් ගන්න අදහසක් තියන උදවිය වගේම දැනට කරගෙන යන අයටත් අලුත් අයිඩියාස් ගන්න පුළුවන් ද කියලා.
1. ස්වයං රැකියාවක් කියන්නෙ මොකද්ද?
ගෙදරට වෙලා ගෙදර වැඩක් පලක් කරගෙන ඉන්න අතරේ පුළුවන් විදියට ආදායම් මාර්ගයක් හදාගන්න තියනව නම් කොච්චර දෙයක්ද? ඒක පවුලටත් ලොකු ශක්තියක් වෙනවා. ඒ වගේ ලොකු ප්‍රාග්ධනයක් වැය නොකර සුළුවෙන් පටන් අරගෙන කරන්න පුළුවන් ගෘහස්ථ කර්මාන්තවලට තමයි ස්වයං රැකියාවක් කියන්නෙ. මේක ගැහැණු පිරිමි දෙපාර්ශවයම කරනවා වගේම කරන්න පුළුවන්. සමහරු අමතර ආදායම් මාර්ගයක් විදියට කළත් සමහරු යැපෙන්නෙම මේ ස්වයං රැකියා වලින්. විවාහයෙන් පස්සෙ දරුවන් ලැබුනම රැකියා වලින් ඉවත්වෙන කාන්තාවන්ට හොඳම අදහසක් තමයි මේ. ගෙදර ඉඳන් ළමයින්ගෙ වැඩත් කරගෙන ගොඩනගාගන්න පුළුවන් හොඳම ව්‍යාපාර ක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන්.
2. ස්වයං රැකියාවක් විදියට කරන්න පුළුවන් දේවල්
ඔයා කාන්තාවක්ද පිරිමි කෙනෙක්ද කියන එක අනුවත් තමන්ට කරන්න පුළුවන් ව්‍යාපාරය වෙනස් වෙනවා. ඒ වගේම යකඩ ගෑණුත් ඉන්නවා එන හැමදේම තනියම කරන්න බලාගෙන ඉන්න. කවුරු උනත් අඩු පිරිවැයකින් මෙන්න මේ වගේ බිස්නස් ටිකක් පටන් ගන්න පුළුවන්.
ආහාර වර්ග
පුඩින් නිෂ්පාදන
හකුරු නිෂ්පාදන
තක්කාලි සෝස්
යෝගට් නිෂ්පාදන
චට්නි වර්ග
ජෑම් වර්ග
බිස්කට් වර්ග
පැණි නිෂ්පාදන
බීම / කෝඩියල් නිෂ්පාදන
වයින් වර්ග
කේක් වර්ග
ඉටිපන්දම් නිෂ්පාදන
පාවහන් නිෂ්පාදන
ඇඳුම් මැසීම
බිම්මල් ව්‍යාපාරය
මල් පැළ ව්‍යාපාරය
3. මූලික අවශ්‍යතා ටික
මෙහෙමයි. මේ වෙනකොට ස්වයං රැකියා වලින් හොඳටම ජීවිතේ ගොඩනගාගත්තු අය ඕන තරම් ඉන්නවා. හැබැයි තමන්ට ඔබින ව්‍යාපාරය මොකක්ද, තමන්ට කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියන එක ඉස්සෙල්ලම තීරණය කරන්න ඕනේ. තමුන් ඉන්න ප්‍රදේශය අනුව සුලබ ව්‍යාපාර මොනවද? ඒ වගේම ඊට වඩා වෙනස් දෙයක් නිෂ්පාදනය කළොත් අලෙවි කරලා කොහොම වෙයිද? තමුන්ට තියන සම්පත් එක්ක නිෂ්පාදන පහසුද වගේ කාරණා ගැනත් හිතලා බලලා තමා සුදුසු ව්‍යාපාරය තීරණය කරන්න ඕනේ. තමුන්ට කරන්න පුළුවන් දේ හා ඒක පටන් ගන්න ඕනෙ අමුද්‍රව්‍ය, යන්ත්‍ර උපකරණ ආදිය ලෑස්ති කරගෙන වැඩේට බහින්න වෙනවා. කෑම වර්ග හදන්න ඉන්නවනම් ඕන කරන බඩු මුට්ටු පිටකොටුවෙන් ගන්න පුළුවන්. ඒ වගේම රෙදි වර්ග හැමදෙයක්මත්. ඒ වගේම ඔයාලගෙ ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් මේ හැම ව්‍යාපාරයකටම අදාළ උපදෙස් ලබා ගන්න පුළුවන්. ආහාර වර්ග වල රෙසිපි, වෙළෙඳපොළ හදාගන්න හැටි, ගැනුම්කරුවන් හොයාගන්න හැටි වගේම ස්වයං රැකියා පුහුණු වැඩසටහන් වලිනුත් අවශ්‍ය දැනුම වගේම කාර්මික පුහුණුව ලබා දෙනවා.
4. වෙළෙඳපොළ අවස්ථා හොයාගමු
නිෂ්පාදනයක් කළා වගේ නෙමෙයිනෙ ඒක විකුණගන්න වෙළෙඳපොළක් නැති නම්. ඒකයි අපි මුලින්ම කිව්වෙ හදන්න කලින් ඒ ගැනත් හිතන්න ඕනෙ කියලා. හිතන්න ඔයා ජෙලි පුඩින් හැදුවා කියලා. දැන් මේක විකුණගන්නත් එපැයි. ගේ ලඟ කඩවල් වලින් අහලා බලන්න. මුලින්ම නම් යන එකක් නෑ සමහරවිට. ඒත් අතින් පාඩුවට හරි කඩවල් වලට දාලා බලන්න. ඉතුරු උනාම අරන් එන්න. ඒ වගේම ඔයාලගෙ පැත්තෙ තියන ගාමන්ට්, ඉස්කෝල වල කැන්ටින් වල දන්න අයව අඳුනගෙන ඒ හරහා ඔයාගෙ බිස්නස් එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේමයි ආහාරමය නොවන දේවල් හැදුවා කියලා හිතමුකො. අපිට පුළුවන් දැන් නවීන මාකටින් ක්‍රමවේද පාවිච්චි කරලා අපේ ප්‍රඩක්ට් එක විකුණගන්න. ඒ කියන්නෙ සමාජ මාධ්‍ය හරහා දැන් ගොඩක් බිස්නස් වෙනවනේ. ඒක බිස්නස් ප්‍රමෝශන් වලට ගොඩක් හොඳ මාර්ගයක්. ෆේස්බුක් පේජ් එකක් හදාගෙන හරි ඔන්ලයින් සෙලින් ගෲප් වලට එකතු වෙලා හරි ඔයාගෙ බඩු විකුණ ගන්න පුළුවන්. ඔන්ලයින් මාකටින් කන්සෙප්ට් එක යූස් කරලා ගෙදරට බඩු යවන්න ක්‍රමයක් හදාගත්තා නම් බිස්නස් ගොඩක් වැඩි වෙනවා. ඒ වගේමයි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල, කාර්මික සංවර්ධන මණ්ඩලය වගේ රාජ්‍ය ආයතන මිනිසුන්ට වෙළෙඳපොළ අවස්ථා හදලා දීලා තියනව. ඒවලිනුත් නිෂ්පාදන අලවි කරගන්න පුළුවන්.
5. නීතිමය පසුබිම
ස්වයං රැකියාවක් කරනකොට ඒ හැමදෙයක්ම නියමිත ප්‍රමිතියකින් යුක්තව තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ ව්‍යාපාරය පටන් ගැන්මේ ඉඳලා පිළිවෙලකට කරගෙන ගියාම ලේසියිනේ. ඔයා පටන් ගන්න හිතන් ඉන්න නිෂ්පාදන මොනවද කියලා තීරණය කරලා ඔයා ඉන්න ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට යන්න. එතනින් ස්වයං රැකියාවක් රෙජිස්ටර් කරගන්න ඕනේ ලියකියවිලි සෙට් එක දෙනවා. ඒකෙන් පස්සෙ ගමේ ග්‍රාම නිළධාරියාට සහතික කරලා දෙන්න කොටසකුත් දෙනවා. ඒ වගේම කෑම සම්බන්ධ ව්‍යාපාරයක් නම් PHI සහතිකයක් ලබාගන්න ඕනෙ. ඒකට ඒ නිලධාරියා එනවා ගෙදරට. ව්‍යාපාරය කරන්න ගෙදරින් වෙනම කොටසක් වෙන් කරලා තියෙන්න ඕනෙ. එහෙම නැතිනම් ගෙදරම වෙන දේවල් වලට පාවිච්චි නොකරන කාමරයක් මේ වැඩේටම වෙන් කරලා ගන්න පුළුවන්. වැදගත්ම දේ මේ PHI සහතිකේ ගන්න එක. ඒ මත තමා හැමදේම තීරණය වෙන්නෙ.ඒ සහතිකයෙන් ඔයාගේ ව්‍යාපාරයට සුදුසු පරිසරයක් තියනව කියලා ඔප්පු උනොත් ඔයාට නම ලියාපදිංචි කරගන්න එක ලේසියි. එදාම රෙජිස්ට්‍රේශන් එක ගන්න පුළුවන්. හැබැයි එක එක පළාත් වල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල පොඩි පොඩි වෙනස්කම් වෙන්නත් පුළුවනි.
6. අන්තර්ජාලයෙන් උපදෙස් සහ වෙළඳපල අවස්ථා
ස්වයං රැකියා වලට යොමු වන අයට ෆේස්බුක් සමාජ ජාලය හරහාත් උපදෙස් සහ වෙළඳපල අවස්ථාවන් ලබාගන්න පුළුවන්කම තියෙනව. මේ තියෙන්නෙ එහෙම ෆේස්බුක් සමූහයන් කීපයක්.
ස්වයං රැකියා නිෂ්පාදන වලට මූලික දැනුම මේ පිටුවෙන් ලබාගන්න පුළුවන්. නිෂ්පාදන රැසක් සකස් කරගන්නා ආකාරය මේ පිටුවේ සඳහන්.
අවශ්‍ය උපදෙස් සහ තම නිෂ්පාදන සඳහා වෙලඳපල අවස්ථාවක් මේ සමූහයෙන් ලබාගන්න පුළුවන්.
ස්වයං රැකියා නිෂ්පාදන සහ දේශීය නිෂ්පාදන වෙළදපල
මේ සමූහයත් තමන්ගෙ නිෂ්පාදන සඳහා වෙළඳපල අවස්ථා ලබාදෙන සමූහයක්.
දිවියට සවියක් (මැහුම් ගෙතුම් ඇතුළු ස්වයං රැකියා)
මැහුම් ගෙතුම් වගේම අනෙකුත් ස්වයං රැකියා නිෂ්පාදන විකිණීම සඳහා මේ සමූහයේ සහය ලබාගන්න පුළුවන්.
කුඩා පරිමාණ ස්වයං රැකියා වෙළඳපල
කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අත්වැලක් සපයන මේ සමූහයෙනුත් තම නිෂ්පාදන සඳහා වෙළඳපල අවස්ථාවන් ලබාගන්න පුළුවන්.
ස්වයං රැකියා නිෂ්පාදන සඳහා වෙළඳපල අවස්ථාවන් ලබාගන්න මේ සමූහයෙනුත් අවස්ථාව සලසා දීල තියෙනවා.
Leave a Reply