කෑම බීම ජීවිතේ කරගත් ඔබ අලුත හැදුණු මේ තැන්වලට ගියා ද?

කොළඹ අලුත් ම උන්මාදය තමයි කෑම. ඒ වටා අලුත් සංස්කෘතියක් පවා බිහි වෙලා තියනවා. කොළඹට ඒ ප්‍රදේශයට ම අනන්‍ය වුණ ෆුඩ් බ්ලොගර්ස්ලා පවා ඉන්නවා. ෆුඩ් බ්ලොගර් කෙනෙක් වේවා කන්න ම ඉපැදුණ කෙනෙක් වේවා තවමත් මේ කෑමවල රස විඳ නැත්නම් ඒකත් ලොකු අඩුවක්.

1. Peggy’s Cafe

කෙලින් ම කොළඹට එන්ටර් වෙන්න කලින් ගම්පහ බෝඩරේ කඩවත දී හිත නතර වුණා. හිපී කල්ට් එක තේමා කරගෙන ලංකාවෙ ඉස්සෙල්ලා ම නුවර කේන්ද්‍ර කර ගෙන Cafe the Vibe හැදෙනවා. එතන දී ලද අත්දැකීම ඊට නොදෙවෙනි විදියට දෙන එක තමයි පෙගීලගේ හපන්කම. කිරිල්ලවල ඉස්කෝලේ හරි කෙලින් ම පාරේ අනෙක් පැත්තට වෙන්නයි පෙගී ඉන්නේ. මෙතන ඕන ම කෙනෙකුට නිකරුණේ වුණත් හැසිරිලා යන්න පුළුවන්. කෑම ගැන කතා කළොතින් ලයිම් සෝඩා එකේ ඉඳන් ෆ්‍රීක් ෂේක් (පෙගීලාට ම අනන්‍ය) දක්වා ම ඩ්‍රින්ක්ස් තියනවා. ඊට අමතර ව පැස්ටා වර්ග, සබ් සහ බර්ගර් තියනවා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්වලට ලුණු දානවා නාන්න. අන්න ඒ නිසා ඒ ගැන ඕඩර් එකට කලින් කියන්න වේවි. වැඩකරන හාදයෝ නම් ඉතා ම මිත්‍රශීලියි.

2. FryDay

ගාලු පාර ගල්කිස්ස ඉසව්වේ අලුත් ම වැඩ කෑල්ල. දැන් නම හොයාගෙන තමයි කට්ටිය එන්නේ. ඉතින් ඒ තරමට වැඩ අල්ලලා තියනවා. නමින් ම තේරෙනවා මෙයාලා බදින සීන් එකේ ඉන්නේ කියලා. රහම ඉතින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සෙට් එක තමයි. ෆ්ලේවර්ස් ගොඩකින් ගන්න පුළුවන්. ගාණත් මාර ම සැටිස්. ෆ්‍රයිස්වලට අමතර ව රහම රහ බර්ගර් සහ හොට් ඩෝග් තියනවා. වටපිටාවත් ඉඩකඩ ඇතුව ඇහැට ප්‍රිය උපදවන ආකාරයට හදලා තියනවා. යාළුවෝ රංචු පිටින් එන්න පුළුවන්.

3. PappaRich

KFC, Pizza Hut, Burger King වගේ ෆ්‍රැන්චයිස් ගැන විතරක් අපි දැනගෙන හිටියට PappaRich කියන්නෙත් විශාල මැලේසියානු හෝටල් සමූහයක එකක්. පාක් වීදියේ එම්පයර් කුළුණු පහු කරගෙන ආවත් හරි මෙන්න ඉන්නවා දිලිසි දිලිසි. ඉන්දියානු සහ චීන කෑමත් තියනවා. බොන්නත් සැලකිය යුතු ප්‍රමාණයක් බීම තියෙන නිසා හිතට අල්ලපු Layer Tea එක ගැන සඳහන් කිරීම වටිනවා. අපි ලංකාවේ ඌරුවට බොන තේ එකයි මැලේසියානු ලේයර තේ එකයි ඉර හඳ වගේ. ඔරිමජිනල් නාසි ලෙමක් එකක් තියෙනවා ඛේට ග්‍රන්ථි රංචු පිටින් එළි බස්සන.

4. Arcadia Cafe & Restaurant

මැරීන් ඩ්‍රයිව් එකේ ඉස්සර ඉඳන් ම සුපිරි කෑම තිබ්බා. Arcadia එකට ඇතුල් වෙද්දී ඒ සුපිරි බව තව ටිකක් වැඩි කරලා ඇති බව දැනෙනවා. සමහර විට අපි මෙතනට පොෂ් මදි ද කියලා හිතෙන්නත් පුළුවන්. එන්න කලින් අවශ්‍ය අයට රිසර්වේෂන් එකක් හෙම සෙට් කරන්න පුළුවන්නේ. මාර ම ලස්සනට හදලා තියනවා. හොඳ ම වැඩේ තමයි මේ සියල්ලට සාපේක්ෂ්ව කෑමවල තියන මිල ගණන්වල අඩු බව අගය කරන්න ඕනි. ලෝබ නැතුව ඉස්සෝ ඩිෂස්වලට දාලා දෙනවා. උණුවෙන් බොන්න නම් මෙතන කැපෙන ම පානය තමයි මාෂ්මෙලෝ හොට් චොකලට් එක. කනවා නම් කොත්තුවේ ඉඳන් තියනවා.

5. Pizza Napolitana

බොරලැස්ගමුවේ දර පෝරණු පීසා කඩේ තමයි කඩේ. වින්ටේජ් විදියට වෙන මාර්කටින් පාර නිසා හිතුවෙවත් නැති විදියේ ජනප්‍රියබවක් ලබා ගත්තා. ගොඩක් අය පීසා ලොකු තැන්වලින් නොකන්නේ පිටි ගොඩ විතරයි කියලා. මෙතන පිටි නැත්තේ ම නැති තරම් ක්‍රස්ට් එකක් තියනවා. මෙතන ඉඩකඩ අපහසුව විතරයි පුංචි පරහකට තිවුණේ. පීසාවලට කියලා නයි මිරිස් කෑලි ටිකකුත් එකතු කරන්න පුළුවන්.

6. Street Burger

ආයෙත් මැරීන් ඩ්‍රයිව් එකට. කලින් මෙයාලා හිටියේ ෆුඩ් ට්‍රක් එකක් විදියට. පස්සේ ඉතින් හිමීට හිමීට දියුණු වෙලා දැන් විශාල අවන්හලක් බවට පත් කරවලා තියනවා. අපි සාමාන්‍යයෙන් ඇඩ් එකක දකින බර්ගර් එක තැනට ගියා ම පොඩියි. හැබැයි Street Burger එහෙම පෙන්වන එකටත් වඩා ලොකු බර්ගර්ස් අපිට ලබා දෙනවා. Haus Boom බෝතලයක් එක්ක ඇහැට කනට පේන්න තඩි ම තඩි බර්ගරයක් අඩු ම මිලට මෙතනින් විතරමයි.

7. Dindigul Thalapakatti

ෆ්‍රැන්චයිස් තියෙනවා නම් ඉන්දියාවේ ගමකින් වුණත් හැදෙන්න පුළුවන්. මේ වෙනකොට ඇමරිකාවෙත් තමන්ගේ නම රන්දපු මේ නාමය ලංකාවටත් ගානට රහ පදම බෙදනවා. Dindigul කියන ග්‍රාමයට අනන්‍ය වුණ ඉවීම් ක්‍රම වගේ ම ඉන්දියාවේ ප්‍රසිද්ධ වෙනත් ආහාර වර්ග මෙතන අලෙවි වෙනවා. ගොඩක් ප්‍රසිද්ධ බිරියානිවලට තමයි. එතනිනුත් මට්න් බිරියානි එක ලොවෙත් ගොඩ. සේවාව සහ රාජකීය පරිසරය කියන ඔක්කොම සලකා බලද්දී අයකිරීමේ සාධාරණ බව ඔබටත් තේරේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *