මේ ආටිකල් එක අපි ලියන්නේ තනිකරම කොල්ලන්ට! ඒ කියන්නේ ගෑණු ළමයි දිහා බලන කොල්ලන්ට. ගෑණු ළමයින්ට වුනත් මේ ආටිකල් එක කියවන්න කිසිම තහනමක් නෑ. ඕන නම් මේක කියවලා තමන් දිහා කැත විදියට බලන කොල්ලෙක්ට ටොක්කක් ඇනලා හරි විදියට කෙල්ලෙක් දිහා බලන්නේ මෙහෙමයි කියල කියලා දෙන්නවත් පුළුවනිනේ!
දැන් මොකද්ද ඔය කෙල්ලෙක් දිහා හරියට බලනවා කියන්නේ? ඒකට තමයි අර ‘චෙක්-අවුට්’ කරනවා කියන්නේ. ඒ කිව්වේ ගෑණු ළමයෙක්ගේ සුන්දරත්වය දිහා බලන එක. දැන් ගෑණු ළමයින්ට කැමති කොල්ලෙක් වෙලා ගෑණු ළමයෙක් දිහා බලන්නෙ නැහැ කියන එකම ලෙඩක්නේ. ඉතින් එහෙම ගෑණු ළමයි දිහා ගොඩක් වෙලාවට කොල්ලෙක් බලනවා. ඒක සොබාවික දෙයක්. හැබැයි එහෙම ගෑණු ළමයෙක්ගේ සුන්දරත්වය දිහා බලන කලාවක් තියෙනවා. ආන්න ඒ කලාව ගැන තමයි අපි මේ කියලා දෙන්න යන්නේ!
1. ගිලින්න හදන්න එපා!
සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් දැක්කහම ඇස් වලින් ගිලින්න වගේ බලාගෙන ඉන්නේ. එහෙම මුලු ලෝකෙටම පේන විදියට කෙල්ලෙක් දිහා කෙළ හලාගෙන බලන එක හරිම කැතයි. ඒ විතරක් නෙවෙයි, ඒ ගෑණු ළමයා ඒක දැක්කහමත් එයාට ඇතිවෙන්නේ බොහොම අප්‍රසන්න හැඟීමක් සහ අපහසුතාවයක්. ඒ විතරක් නෙවෙයි, එහෙම ගෑණු ළමයෙක්ව ගිලින්න වගේ එයා දිහා බලන කොල්ලෙක්ව දකින බාහිර සමාජයටත් ඇතිවෙන්නේ අප්‍රසන්න හැඟීමක්. ආන්න ඒ නිසා කොයිම වෙලාවකවත් එහෙම කෑදර බැල්මෙන් කෙල්ලෙක් දිහා බලන්න යන්න එපා.
2. සූව එපා!
දැන් ගොඩක් වෙලාවට ඔය කොල්ලෝ සෙට් එකක් එහෙම ඉන්නකොට කෙල්ලෙක් එතනින් යනකොට ඔය කොල්ලෝ සෙට් එකම ඒ කෙල්ල දිහා බලනවනේ. එහෙම බලනවා විතරක් නෙවෙයි, කෙල්ලට පොඩි සද්දයක් එහෙමත් දානවා. එක්කෝ “ෂ්ෂ්ෂ්” එකක් දායි, එහෙම නැතිනම් විසිල් එකක් ගහයි, එහෙමත් නැතිනම් “ආ නංකී” එකක් දායි. අපි කියන්නේ නම් ඒවාත් හරියන්නෙ නෑ කියලා තමයි. මොකද එහෙම සූව දැම්මා කියලා කෙල්ලෙක් හරී ආස වෙන්නෙ නෑ ඒකට. ගොඩක් වෙලාවට වෙන්නේ නං කෙල්ලෙක්ට ඔය වගේ සීන් එකකට තද වෙන එක තමයි. ඒකට හේතුව ඔහොම කොල්ලෝ සෙට් එකක් සූව දානකොට කෙල්ලෙක් අපහසුතාවයකට පත් වෙන එක. ආන්න ඒ නිසා කොල්ලෝ සෙට් එකක් ඉන්නවා නං සෙට් එකම පිටින් ෂේප් එකේ කෙල්ල දිහා බලන එක වෙනම වැඩක්. ඒත් සූව එපා!
3. බල බල පස්සෙන් යන්නත් එපා!
මේකත් තව චාටර් බැලිල්ලක්. දැන් ඔය බස් එකක එහෙම ලස්සන කෙල්ලෙක් දැක්කහම සමහර කොල්ලෝ ඉන්නවා බස් එකේ ඉන්න වෙලාවෙත් කෙල්ලව උඩ ඉඳලා පහළට ස්කෑන් කරලා, ඒ මදිවට කෙල්ල බස් එකෙන් බැස්සට පස්සෙත් බල බල පස්සෙන්ම යන. ඔන්න ඕක නම් චාටර් විතරක් නෙවෙයි, ටිකක් අවදානම් වැඩක්. මොකද කෙල්ලෙක්ට තේරුණොත් තමන් නොදන්න කොල්ලෙක් තමන්ගේ පස්සෙන් අමුතු විදියට එනවා කියලා, කෙල්ල අපහසුතාවයට පත් වෙනවටත් වඩා කලබල වෙන එක තමයි වෙන්නේ. ඉතින් එහෙම කලබල වෙලා ලඟ පාත ඉන්න දන්න අඳුනන කාට හරි කිවුවොත් එහෙම සඳ ගුටි කාලා තමයි නතර වෙන්න සිද්ධ වෙන්නේ. ආන්න ඒ නිසා කෙල්ල කොච්චර ලස්සන වුනත් ෂේප් එකේ බලනවා මිසක්, පස්සෙන් යන්න උත්සාහ කරන්න එපා! අපිට ඒ ගෑණු ළමයා ඉන්න තැන හොයාගන්න ඕන නම් ඒක වෙන විදියකට කරන්න පුළුවන්.
4. ඇසෙට්ස් දිහා බලන්නත් එපා!
මොනවද ඔය ඇසෙට්ස් කියන්නේ? සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔය ඇසෙට්ස් කියලා කියන්නේ ගෑණු ළමයින්ගේ අංගෝපාංගයන්ට. ඒ කියන්නේ පියයුරු, පසුපස ප්‍රදේශයට එහෙම. දැන් සමහර කොල්ලෝ ඉන්නවා කෙලින්ම චෙක්-අවුට් කරන්නේ කෙල්ලෙක්ගේ ඔය කියපු ගැජට් බැජට් තමයි. මේ මූණ ඉස්සරහා ඉන්න කෙල්ලෙක් දිහා බැලුවත් ඇස් මුලින්ම යන්නේ කෙල්ලගේ මූණට නැතුව පියයුරු වලට නම්, ඒක ටිකක් කැතයි. විශේෂයෙන්ම ගෑණු ළමයෙක්ටත් තමන්ගේ ඇසට්ස් දිහාම බලන පිරිමියෙක් ගැන පිළිකුලක්, නොපහන් හැඟීමක් එක්ක ලොකු අපහසුතාවයක් දැනෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ. ආන්න ඒ නිසා මතක තියාගන්න ගෑණු ළමයෙක්ගේ අංගෝපාංගයන් දිහා සෘජුව නොබලන්න.
5. අවධානයක් නොදෙන්න
මෙන්න මේක තමයි ගෑණු ළමයෙක්ව චෙක්-අවුට් කරන්න තියෙන සාර්ථකම විදිය. දැන් අපේ ඇස් වලට පේන කෝණය වෙන්නේ අංශක කීපයක් නෙවෙයිනේ. සාමාන්‍යයෙන් අපිට හොඳටම ෆෝකස් එක තියෙන්නේ ඉස්සරහට අංශක තිහක කෝණයකින් වුනාට, ප්‍රායෝගිකව ගත්තහම මිනිස් ඇස් දෙකටම ඉතා විශාල දර්ශන පරාසයක් තියෙනවා. අපි කියමු අංශක 120 ක් කියලා. දැන් ඔන්න අපි ඉස්සරහා ගෑණු ළමයෙක් ඉන්නවා. අපිට එයා දිහා බලන්නත් ඕන. හැබැයි අපි කෙලින්ම එයා දිහා බලන්න හොඳ නෑ. සාමාන්‍යයෙන් අපි ඉන්න තැන ඉඳන් වට පිටාව බලන්න. ඒ අතරේ ඒ ගෑණු ළමයව අපේ ඇහැට අහුවෙන්න ඉඩ දෙන්න. විශේෂයෙන්ම ගෑණු ළමයා අපි දිහා නොබලන අවස්ථාවක එයාව චෙක්-අවුට් කරන්න. බැරිවෙලාවත් අහම්බෙන් දෙන්නගේම ඇස් මුණගැහුනොත් සුහදව හිනා වෙලා ආයෙමත් වෙන පැත්තකට අවධානය යොමු කරන්න. අන්න ඒක තමයි ක්‍රමේ!
6. සන්ග්ලාසස්!
අව් කණ්ණාඩි කියන්නේ ගෑණු ළමයි දිහා බලන්නම හදාපු උපකරණයක්. එහෙම ගෑණු ළමයි දිහා නොබලන වෙලාවට අපිට අවුවෙන් ඇස් බේරාගන්නත් අව් කණ්ණාඩි දාන්න පුළුවන්! සාමාන්‍යයෙන් මේ වැඩේට හොඳටම ගැලපෙන්නේ අර පාරදෘෂ්‍ය නොවෙන අව් කණ්ණාඩි. ඒ කියන්නේ ඒ අව් කණ්ණාඩි අපි දැම්මහම පිට ඉන්න කෙනෙක්ට අපේ ඇස් පේන්නේ නෑ. දැන් අපිට ඇස් කණ්ණාඩි දෙක දාගෙන කොයි පැත්ත වුනත් ෂේප් එකේ බලන්න පුළුවන්. ලඟ පාතක ගෑණු ළමයෙක් ඉන්නවා නම්, අපිට එයා දිහා කෙලින්ම බලන්නෙ නැතුව, එයාගෙන් අංශක කීපයක් එහා දිශාවක් දිහා ඔලුව හරවගෙන බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි අපේ ඇස් නාභිගත වෙලා තියෙන්නේ ගෑණු ලමයගේ දිශාවට. ඒත් එයාටවත්, පිට ඉන්න වෙන කාටවත් පේන්නෙ නෑ අපි බලාගෙන ඉන්නේ ගෑණු ළමයා දිහා කියලා. හරිම සරලයි!
7. දුරින් හිඳ ඔබ දෙස බලන්නම්!
ඔව්, මේ මෙතඩ් එක ගැන සිංදු පවා ලියවිලා තියෙනවා. ඇත්තටම මේ මෙතඩ් එක තමයි අර කලින් කිව්ව මෙතඩ් එකක්වත් කරගන්න බැරි නම් හරියන්නේ. හැබැයි ඉතින් ඒ තරම් වැඩක් මේ මෙතඩ් එකෙන් කරගන්නෙ බෑ. ඒත් ඉතින් නැති කමට ඒත් මදෑ. පොඩ්ඩක් දුරක ඉඳලා වුනත් හැබැයි කෙලින්ම ගෑණු ළමයා දිහා බලන එක කේස්. ඒ නිසා ඇඟට නොදැනෙන්න, වෙන පැත්තක් බලන විදියට දුරක ඉඳන් ගෑණු ළමයා දිහා බැල්ම හෙලන එක ආරක්ෂාකාරීයි.
හැබැයි මේ කොයි විදියට ගෑණු ළමයෙක් දිහා බැලුවත් මතක තියාගන්න ඕන තවත් කාරණයක් තියෙනවා. එතන ඉන්නේ ඔබයි ගෑණු ළමයයි විතරක් නෙවෙයි. තව මිනිස්සු ඉන්න පුළුවන්. ඒ මිනිස්සුන්ටත් ඇස් තියෙනවා. එතකොට අපි ගෑණු ළමයාව චෙක්-අවුට් කරනවා නම් ඒ මිනිස්සුන්ටත් පේනවා. ඒක හැම මොහොතකම සිහියේ තියාගන්න ඕන. ආන්න ඒ නිසා තමයි අපි 5 වෙනි පොයින්ට් එකේ කියපු කෙලින් නොබලා කොණෙන් බලන මෙතඩ් එක වඩාත් සාර්ථක වෙන්නේ!
Leave a Reply