බජට් එක​ට වාහනයක් ගන්​න හොයන අයට ගැලපෙනම කාර් 7ක්

අවුරුදු ගා​ණක් ඉස්කෝලේ ගිහිල්ල යන්තම් ජොබ් එකක් හොයාගත්ත ගමන් කොල්ලෙක්ට නම් ඉතින් ඉස් ඉස්සෙල්ලම හැදෙන පිස්සු වලින් එකක් තමයි වාහන පිස්සුව කියන්නේ. ඒ වගේ පිස්සුවක් හැදුනම ​ඒක හොඳ කරගන්න පොඩි තල්ලුවක් වෙන දෙයක් ගැනයි අද කතාව. ඒ කියන්නේ ඉස් ඉස්සෙල්ල වාහනයක් ගන්න හදන කෙනෙක්ට ලේසියෙන් තමන්ගේ හීනෙ හැබෑ කරගන්න පුළුවන් වාහන කීපයක් ගැන විස්තර කියන්නයි හදන්නේ. අපි කතා කරන්නේ කාර් ගැන විතරයි. ඒ කියන්නේ කාර් හීනෙ හැබෑ කරගන්න ඉන්න අයට තමා මේ ආටිකල් එක. අනිත් එක මේකෙදි අපි කතා කරන්නේ වාහනයේ මිල, තෙල් කාර්යක්‍ෂමතාවය සහ නඩත්තු පිරිවැය කියන කාරණා වලට වැඩි බරක් තියලයි. ඉතින් ඔන්න පහලින් දාල තියෙනවා බජට් කැටගරි එකේ තියෙන කාර් 7ක්. 

 

 

1. මරුටි ඇල්ටෝ

ඕනම කෙනෙක්ට තමන්ගේ ප​ළවෙනි වාහනේ විදිහට ගන්න පුළුවන් හොඳ වාහනයක් තමයි ඉන්දියන් ඇල්ටෝ එක. මේකේ 2014 ඉඳන් එන්නේ අලුත් මොඩල් එක. එන්ජින් එක ගැන කිව්වොත් 800cc EFi එන්ජින් එකක් එන්නේ. 2014 හොඳ කාර් එකක් ලක්ෂ 17කට වගේ ගන්න පුළුවන්. මේකේ vxi කියල මොඩල් එකක් එනවා. ඒකෙ ඩ්‍රයිවර් එයාර් බෑග් එකක් තියෙනවා. 2018 උනත් ලක්ෂ 23කට වගේ ගන්න පුළුවන්. තෙල් කිරිල්ල ගැන කිව්වොත් ටවුන් එකේ ට්‍රැෆික් වල 13ක් වගේ තෙල් වැඩ කරනවා. අවුට්ස්ටේෂන් 18කට කිට්ටු වෙන්න වැඩ කරනවා. ඉතින් බජට් වාහනයක තියෙන්න ඕන මුලිකම කාරණාව ඕකනේ. ඒ අතින් ඇල්ටෝ එක ටිකක් උඩින් ඉන්නවා.  මාසෙකට නඩත්තු වලට රුපියල් 3000ක් වගේ වෙන් කරන්න පුළුවන්නම් මේක හො​ඳ ඔප්ෂන් එකක්. පාර්ට්ස් එහෙම ඉතා සුලබයි සහ ඉතාම අඩු ගණන් වලට තියෙනවා. ඒ නිසා ඇක්සිඩන්ට් එකක් උනත් ලොකු වියදමක් නැතුව ගොඩ දාගන්න පුළුවන්. 

අඩුපාඩු ගැන කිව්වොත් ක්ලච් එකේ අවුලක් තියෙනවා ඇල්ටෝ වල. ඒ නිසා ඉක්මනින් ක්ලච් එක රීප්ලේස් කරන්න වෙන කේස් එකක් තියෙනවා. වෙන නම් කියන්න අඩුවක් නෑ.

 

 

2. රෙනෝල්ට් ක්විඩ්

ක්විඩ් එක කියන්නෙත් ඇල්ටෝ එක ගෙන්නන AMW එකම ගෙන්නන තව කාර් එකක්.  මේකෙත් එන්ජින් එක 800CC. ඇල්ටෝ එකේ ගණන් වගේම තමයි මාර්කට් එකත්. හැබැයි ඇල්ටෝ එක තරම් ජනප්‍රිය නැහැ. මොකද ඇල්ටෝ එක තරම් මේක මාර්කට් එකට ඇවිත් ලොකු කාලයක් නෑ. කොහොම උනත් බ්‍රෑන්ඩ් නිව් මේ කාර් එක ලක්ෂ 23කට ගන්න පුළුවන්. පාර්ට්ස් වලත් ලොකු ගා​ණක් නෑ. AMW එකෙන්ම අඩුවට ගන්න පුළුවන්. අනිත් එක හොයාගන්න අමාරුත් නෑ. මේක නම් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවට වඩා බ්‍රෑන්ඩ් නිව් ගන්න ට්‍රයි කරන එක වඩා හොඳයි.  

මේකේ කිසිම වේරියන්ට් එකක එයාර් බෑග් එන්නේ නෑ. ප්ලාස්ටික් වලින්ම හදන්න උත්සාහ කරපු වාහනයක් කියල කියන්න වෙන තරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් මේකට යූස් කරලා තියෙනවා. ඒක තව අඩුපාඩුවක්. හැමෝම කියන විදිහට වාහනේ දෙදරුම ඇතුළට හො​ඳට දැනෙනවලු. ඒක ඉතින් ගොඩක් ලොකු අඩුපාඩුවක්. 

 

 

3. ඩට්සන් රෙඩි ගෝ

කලින් ඒවා වගේම 800cc එන්ජින් එකක් තියපු හැච් බැක් කාර් එකක් තමයි රෙඩි ගෝ කියන්නේ. මැනුවල් ගියර් සිස්ටම් එකක් තියෙන්නේ උඩ වාහන දෙක වගේම. කොම්පැනි එකෙන් කියන විදිහට ලීටරේට කි.මී. 22ක් වැඩ කරනවලු. එත් ඇත්තටම එච්චර වැඩ නොක​ළට 14ක් වගේ වැඩ කරනවා. මේක බ්‍රෑන්ඩ් නිව් ම ලක්ෂ 20කට චුට්ටක් අඩුවෙන් ගන්න පුළුවන්. පෙනුම නම් එච්චරම ලස්සනක් නැති උනාට අතේ තියෙන ගා​ණට ගොඩක්ම අඩුවෙන් ගන්න පුළුවන් බජට් කාර් එකක් තමයි මේ. පාර්ට්ස් නම් ටිකක් ගණන් උඩින් කියපු දෙකටම වඩා. මාසෙට නඩත්තුව කියල ලොකු ගා​ණක් වෙන් කරන්න ඕනෙත් නෑ. ඇල්ටෝ එකටත් වඩා අඩු ගා​ණකින් නඩත්තු කරන්න පුළුවන්. හැබැයි මේකේ ඇතු​ළේ අපොස්ටින් ගොඩක් අඩුවෙන් පාවිච්චි කරලා තියෙන්නේ. සමහර තැන් වල තහඩුව එහෙම්පිටින්ම පේන්න තියෙනවා. අනිත් එක මේකට එන්නේ තනි වයිපර් එකක්. ඔන්න ඔය අඩුපාඩුත් තියෙනවා. 

 

 

4. මයික්‍රෝ පැන්ඩා

Micro Cars සමාගම ලංකාවට ආනයනය කරලා එකලස් කරන වාහනයක් තමයි පැන්ඩා කියන්නේ. 1000cc  එන්ජින් එකක් තියෙන්නේ. බජට් වාහනයක් වෙලා මේ වගේ එන්ජින් එකක් තියෙන එක ගොඩක් වටිනවා. මේකේ මොඩල් නම් කීපයක් තියෙනවා. අපි උඩ කියපු වාහන හැම එකටම වඩා මේ වාහනේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඔටෝ ගියර් සිස්ටම් එකක් එක්ක එන මොඩල් එකක් තියෙනවා සහ එයාර් බෑග් තියෙනවා. ඉතින් සේෆ්ටි පැත්ත බලන කෙනෙක්ට මේක හො​ඳ ඔප්ෂන් එකක්. අනික ABS බ්රේක් සිස්ටම් එහෙමත් තියෙනවා කිව්වොත් කට්ටිය ගොඩක් සතුටු වෙයි. ඒ වගේම ගියර් ලිවර් එකක් වෙනුවට කරකවන නොබ් එකක් තමයි මේකේ ඔටෝ මොඩල් එකේ එන්නේ. ඒකත් විශේෂ දෙයක්. හැබැයි ලක්ෂ 25ක් විතර වෙනවා වියදම නම්. 

අඩුපාඩු විදිහට කියන්න තියෙන්නේ පිටිපස්සේ දෙන්නෙක් දැම්මොත් වාහනේ ගොඩක් පාත් වෙනවා. වෙන නම් ලොකු අඩුපාඩුවක් නෑ.

 

 

5. කියා පිකැන්ටෝ

කියා වාහන කියන්නේ ලංකාවේ හොඳ මාකට් එකක් නැති උනාට ලෝකේ පුරා හොඳ මාර්කට් එකක් තියෙන වාහන වර්ගයක් තමයි. කොරියන් සමාගමක් උනාට තාක්ෂණය ඉහළම විදිහට පාවිච්චි කරලා තමයි වාහන නිපදවන්නේ. පාර්ට්ස් හොයාගන්න ටිකක් අමාරු නිසා සහ ලංකාවේ විකෘති වාහන මාර්කට් එක නිසා කියා වාහන පොඩ්ඩක් අඩුවෙන් තමයි විකි​ණෙන්නේ. කොහොම උනත් කියා සමාගමෙන් බජට් වාහනයක් විදිහට එලියට දාපු එකක් තමයි පිකැන්ටෝ කියන්නේ. හොඳ දේවල් ගැන කිව්වොත් මේකේ 1000cc එන්ජින් එකක් තියෙන්නේ. ABS සහ එයාර් බෑග් එනවා. ඔටෝ ගියර් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. බජට් වාහනයක් කිව්වට ගාණ නම් ටිකක් විතර වැඩියි වගේ. එත් ඉතින් ඒ වාහනේ ඒ මිලට වටිනවා කියල බය නැතුව කියන්න පුළුවන්. කියන්න තරම් අඩුපාඩුවක් ඇත්තෙත් නෑ. 

 

 

6. හයුන්ඩායි ඉයෝන්

හයුන්ඩායි සහ කියා කියන සමාගම් දෙකම දැන් එක සමාගමක් විදිහට එකතුවෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මාර්කට් එකේ ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා මේ දෙකටම. කියා එකේ නම දාල පිකැන්ටෝ ගහද්දි හයුන්ඩායි එකේ නම දාල ඉයෝන් වාහනේ හදනවා. හැබැයි සම්පුර්ණයෙන් වෙනස් වාහන දෙකක්. මේකට හයි කරලා තියෙන්නේ 800 ක එන්ජින් එකක්. ගා​ණත් ලක්ෂ 25ක් විතර වෙනවා. මැනුවල් ගියර් සිස්ටම් එකක් තමයි තියෙන්නෙත්.  ABS සහ එයාර් බෑග් එන්නෙත් නෑ. ඉතින් සමහර වෙලාවට අනිත් ඒවත් එක්ක බලද්දී ඒ ගා​ණට පාඩුද කියලත් හිතෙනවා. එත් කවුරු මොනා කිව්වත් ඔයාට හිතට සෙට් වෙන්න පුළුවන් මේකේ ලුක් එක නිසා.

 

 

7. විවා එලයිට් (පෙරඩුවා)

කලින් කියපු ඔක්කොම වාහන අපි කිව්වේ බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් ගණන්. හැබැයි ලංකාවට හොඳටම අල්ලලා ගිය සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් තමයි මේක. ඔටෝ මැනුවල් දෙකම තියෙන මොඩල් කීපයක්ම තියෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට ආස කෙනෙක්ට හොඳම ඔප්ෂන් එකක් කියන්න පුළුවන්. ගන්නවානම් ඔටෝ එකක් ගන්න උත්සාහ කරන්න. ABS සහ එයාර් බෑග් තියෙනවා. සහ පවර් ෂටර්ස් පවර් මිරර්ස් පවා තියෙනවා. හැබැයි මේ වාහනේ බ්‍රෑන්ඩ් නිව් එන්නේ නෑ දැන්. ඒ කියන්නේ Discontinued. එත් ලංකාවේ මාර්කට් එකේ හොඳට විකි​ණෙන වාහනයක්. ලක්ෂ 23කට හොඳ එකක් ගන්න පුළුවන් හොඳට හොයල ගත්තොත්. ඉඩකඩ චුට්ටක් විතර මදි ගතිය ඇරෙන්න වෙන අඩුවක් නම් කියන්න නැති තරම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *