මුඛ සංසර්ගය හොඳද? නැද්ද?

ආටිකල් එකේ මාතෘකාව දැක්කම ක්ෂණිකව ක්ලික් කරන්න ඇති නේද? ඒ නිසා ඒ උනන්දුවට ගරු කරලා වැඩි කතා බතා නැතුව අපි කෙලින්ම මාතෘකාව ගැනම කතා කරමු.

1. මුඛ සංසර්ගය කියන්නේ මොකක්ද?

අපි මුලින්ම මුඛ සංසර්ගය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු. මුඛ සංසර්ගය සිද්ද වෙන්න නම් කෙනෙක්​ගේ මුඛයක් ස්ත්‍රී යෝනිය පුරුෂ ලිංගය හෝ ගුද මාර්ගය යන ස්ථාන තුන සමග ස්පර්ශ වීමක් සිද්ධ වෙන්න ඕන. ඒ විතරක් මදි. ඒ හරහා දෙදෙනාගෙන් එක් අයෙක් හෝ දෙදෙනා ම සුරතාන්තයට පත්වෙන්න ඕන. ඒ නිසා සිපගැනීම හෝ ලෙව කෑම මුඛ සංසර්ග ගණයට ගැනෙන්නෙ නෑ.

2. මුඛ සංසර්ගයේ ප්‍රභේද 

ලිංගික විද්‍යාඥයින් මුඛ සංසර්ගයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් හඳුනාගෙන තියෙනවා එයට පදනම වන්නේ ස්ත්‍රී පුරුෂ සාධකයි. ස්ත්‍රියකගේ භගමණිය සහ යෝනිය මුඛය මගින් උත්තේජනය කිරීම ඔවුන් හඳුන්වන්නේ භගලේහය නමින්. මේකට ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයේ දී කියන නම නම් සඳහන් කරන්න ඕනෙත් නෑ නේද? ඊට අමතරව පිරිමියෙකුගේ ශිෂ්ණය මුඛය මගින් උත්තේජනය කිරීම ෆෙලාෂියෝ නමින් හඳුන්වනු ලබනවා.

3. මුඛ සංසර්ගය ගැන නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම්

ගුද හෝ යෝනි මාර්ග සංසර්ග වලට සාපේක්ෂව ගත්තම මුඛ සංසර්ගය මගින් එච් අයි වී හෝ වෙනත් ලිංගිකව ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි රෝග වැළඳිය හැකි අවදානම සාපේක්ෂව අඩුයි. නමුත් මුඛ සංසර්ගය නිසා ඇතැම් විට උගුරේ පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ HPV වෛරසය මගින්. මීට අමතරව මුඛය හා උගුර ආශ්‍රිතව බැක්ටීරියා ආසාදන ඇතිවෙන්නත් පුළුවන්. මේ තත්ත්ව වළක්වා ගැනීමට කරන්න පුළුවන් එක දෙයක් වන්නේ පුද්ගලික සනීපාරක්ෂාව උපරිම මට්ටමෙන් පවත්වාගෙන යෑම සහ එක් අයෙකු සමග පමණක් ලිංගිකව එකතු වීම.

4. මුඛ සංසර්ගය සහ ගැබ් ගැනීම 

කාලෙකට කලින් සමාජ මාධ්‍ය ඔස්සේ එක්තරා පුවත්පතක වෛද්‍ය ගැටලුවක් ලෙස යොමු කළ ප්‍රශ්නයක් සංසරණය වුණා. එම ප්‍රශ්නය මගින් විමසා තිබුණේ තමන් මුඛ සංසර්ගයේ යෙදුනු බවත් ඒ මගින් තමන් ගැබ් ගනීද යන ප්‍රශ්නය තමන්ට ඇති බවත්. බොහෝ දෙනාට විනෝදාස්වාදයක් ගෙන දුන්නත් මේ ප්‍රශ්නය මඟින් පෙන්වනු ලැබුවේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව ඇති නොදැනුවත් භාවයයි. මුඛ සංසර්ගයේ යෙදීමේදී යම් අවස්ථාවක ශුක්‍රාණු ගිලී ගියහොත් එය කිසිසේත්ම ලිංගික පද්ධතිය වෙත ගමන් කිරීමක් සිද්ධ වන්නේ නැහැ.

5. මුඛ සංසර්ගයේ භාවිතයන් 

මුඛ සංසර්ගය කෙටි වේලාවක් තුළ සිදු කළ හැකි ලිංගික කාර්යයක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ක්ෂණිකව සූදානමකින් තොර අවස්ථාවකදී වුණත් මුඛ සංසර්ගය හරහා වින්දනයක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව ලිංගිකව එක්වීමේදී පූර්ව ආරම්භයක් විදිහට මුඛ සංසර්ගයේ යෙදීම දක්නට පුළුවන්. තම කන්‍යාභාවය ආරක්ෂා කර ගැනීමේ උපක්‍රමයක් විදියටත් යෝනි සංසර්ගය ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවට මුඛ සංසර්ගය සිදු කරනවා.

6. මුඛ සංසර්ගය පිළිබඳව පුරාණ අදහස් 

කාම සූත්‍රය ග්‍රන්ථය තුළ මුඛ සංසර්ගයට විශේෂ තැනක් ලබා දීම සිදුකරන්නේ නැහැ වත්ස්‍යා​න සඳහන් කරන්නේ මුඛ සංසර්​ගය ලිංගිකව එක් වීමට පෙර සිදු කිරීම සුදුසු නමුත් සම්පූර්ණ ලිංගික ක්‍රියාවලිය මුඛ සංසර්ගයට පමණක් සිදු කිරීම නොකළ යුතු බවක්. චීනයේ තාඕ දහම තුළ මුඛ සංසර්ග​යේ යෙදීම වරදක් නොවන බව උගන්වනු ලබනවා. පුරාණ රෝමය තුළ මුඛ සංසර්ගය පිළිගත්තත් මුඛ සංසර්ගයේ තමන් යෙදෙන ආකාරය අනුව උස් පහත් භේදයක් තීරණය කොට තිබෙනවා. නිදසුනක් විදිහට යම්කිසි පුරුෂයකුගේ ශිෂ්ණය තමන්ගේ මුවින් උත්තේජනය කරන කෙනා ඒ පුරුෂයාගේ ආධිපත්‍ය පිළිගන්නා පුද්ගලයෙකු ලෙස ඔවුන් සලකනු ලැබුවා.

7. සත්ව ලෝකයේ මුඛ සංසර්ගය 

සත්ත්ව ලෝකය තුළත් මුඛ සංසර්ගය දක්නට ලැබෙනවා. ඇතැම් වර්ග වලට නම් මුඛ සංසර්ගයේ යෙදීමට යෙදීමට වෙනත් සහකාරයෙක් හෝ සහකාරියකගේ අවශ්‍යතාවයක් ඇතිවන්නේ නෑ. ඔවුන්ගේ ශරීරයේ ස්වභාවය අනුව තමන්ගේම ලිංගේන්ද්‍රය මුඛය මත තබා මුඛ සංසර්ගයේ යෙදීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඇතැම් සත්ව විද්‍යාඥයන් මෙ​ය ස්වයං වින්දන ක්‍රියාවලියකට සමාන කරනවා. විවිධ මැසි වර්ග, ඇතැම් එළුවන් විශේෂ සහ වෘකයන් මෙබඳු ක්‍රියාවලියක යෙදෙනවා. ඊට අමතරව වවුල් වර්ගත් මුඛ සංසර්ගයේ යෙදෙනවා. 

මුඛ සංසර්ගය ගැන කියවලා ඉතිං මහන්සිත් ඇතිනේ ඇතිනේ එහෙනම් මේ ආර්ටිකල් එකට කමෙන්ට් එකක් දාලා ශෙයාර් පාරක් දීල අපිට සහයෝගයක් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *