සකර්බර්ග් ආනුභාවයෙන් ලංකාවේ බිහි වුණ පික්කෝ වර්ග 7ක්

බුකියට ම වෙලා අපි මොනවා කරනව ද කියලා ඇත්තට ම අපි දන්නේ නෑ. හැබැයි සමහරු දන්නවා තමන් මොකක් කරන්න ද මෙතෙන්ට ආවෙ කියලා. එහෙම හරියට ම දන්න පුද්ගලයන්ට යොදන නාමය තමයි පික්කා කියන්නේ. ඒක ගෞරව නාමයක්. එහෙම පික්කෝ කාටත් පදිරි නොවී තමන්ගෙ ජීවිතය බුකි සීමාවෙ පවත්වාගෙන යනවා. ඒත් මේ යක්කුන්ට මොළේ පුංචි මෙව්වා එකක් තියෙනවා. ඒ ගැන කතා කිරීම වටින්නේ හෙට උපදින පොඩි එකාත් පික්කෙකු මෙන් බලාගන්න ඕනි නිසා.

1. වහල් පික්කෝ

වහල් කෙරුවාව ලෝකයෙක් තුරන් වුණාට බුකි ලෝකය අස්සේ උපරිමේට ඉන්නවා ඒ වහල් සෙට් එක. ප්‍රධාන වශයෙන් ම මෙයාලා කරන්නේ තමන් බල්ලෙකුගේ තත්ත්වයට වැටිලා ස්වාමි දියණියක් ව මහා රාජිනිය විදියට පත් කිරීමයි. වහල් පික්කෝ තමන්ට ම කියලා පේජ් කෑලි එහෙම අටවගෙන ඉන්නවා. ඒ මදිවට තනි ඒවත් තියේ. පවුල්වලට ගිහිල්ලා ගෙවතු සුද්ද කිරිල්ලෙන් පටන් ගන්නේ. පොඩ්ඩ එහෙමෙහෙ වෙන ගමන් ඉඳලා ගෙදර ස්වාමි දියණියගෙ කකුල් එහෙම වැඳ වැටීගෙන ඉන්න හිතෙනවා. ඒ මදිවට ඒ ජලය බොනවා. මේවා ඇත්තට ම වෙන ඒවද කියලා හිතෙනවා. හැබැයි එහෙම නෑ කියන්න බැරි බුකියේ කොමෙන්ට් අතර මේ පික්කෝ තමන්ගේ ෆෝන් නම්මර එක්ක මේ වහල් බව ප්‍රදර්ශනය කරන එක.

2. යටිපතුල් පික්කෝ

යටිපතුල කියන්නේ තියන තරමක් ජරාව ගෑවෙන මනුස්ස ශරීරයේ එපා ම කරපු තැනක්. ඒ යටිපතුල්වට දේවත්වයක් දෙන්න කොහොමටවත් බැහැනේ. හැබැයි බුකී ආනුභාවයෙන් යටිපතුල් දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරුන් යටතේ ඉන්න එදා වේල ටුවර්ස් එකේ බලුගැත්තෝ ටික ඉන්නවා. අම්මෝ එහෙම ප්‍රොෆයිල්වල තියෙන්නේ ඉන්ටර්නෙට් එකෙන් බාගත්ත කකුල්වල පින්තූර. නළුනිළියන්ටවත් වැටෙන්නෙ නැති ලයික්ස් එහෙම ඒවට වැටෙනවා. බුකියේ අපි නොදකින පිළිකුල් සහගත පැත්තකුත් එහෙම තියනවා.


3. සෙක්ස් පික්කෝ

යටිපතුල් එකේ අප්ඩේට් එකක් විදියටත් මේ පික්කන්ව හඳුන්වන්න පුළුවන්. බුකිය කියන්නේ එයාලට මහන්සිය නැති කරගන්න තැනක් නෙවෙයි රාගී සිතුවිලි වඩවගන්න තැනක්. ගොඩක් වෙලාවට සෙක්ස් පික්කෝ එන්නේ ෆේක් ප්‍රොෆයිල්වලින්. දන්නැති අය ව, අනන්‍යතාව නොපෙන්වන අය ව යාළුවෙක් විදියට එක් කරගන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි. ප්‍රසිද්ධියේ කොමෙන්ටවල ඉතා ම කැත විදියට අදහස් ප්‍රකාශ කරන එක එකක්. අනික තමයි මැසේන්ජර් ඇවිත් චැට් කරන එක. අසහනයේ උපරිම.


4. සිඟිති පික්කෝ

විහිළුවට ගත්තට මේක නම් ඇත්තට ම ඛේදවාචකයක්. පොඩි වයසින් ජංගම දුරකථන පරිහරණයට පෙළඹෙනවා කියන්නේ මෙහෙම පික්කෙක් වෙලා නතර වෙනවා කියන එකයි. පිහි, මන්නා පෙන්නගෙන චේන් කෑලි බෙල්ලේ එල්ලගෙන මැරයෝ වගේ ඉඳලා සමාජයට පෙන්වන්න හදන්නේ මොකක් ද කියන එක අහස පොළව ගැටලා කල්පනා කරන්න ඕනි දෙයක්. ඉස්සර නම් පොඩි උන් කුණුහරුප කිව්වම අම්මලා උන්ගේ කටේ මිරිස් ගෑවා. දැන් ඉතින් බුකියෙ අම්මලා නැති නිසා මදි නොකියන්න කියෝ ගන්නවා.


5. එඩිට් පික්කෝ

සල්ලි හදිසියක් ද? කාර් එකක් ඕනි ද? අප්‍රිකාවේ සැවානා පැත්තේ ගිහින් එමු ද? හරි ලේසියි. කතුරකින් කැපුවා වගෙ තමන්ගේ රූපය ක්‍රොප් කරලා අරගෙන අදාළ පින්තූරය වෙත ඒක ගෙනියන්න. ඒක නම් ඇත්තට ම විකාරයක් හැබැයි එඩිට් පික්කට ඒක කලා නිර්මාණයක්. ඉන්දියාවේ වගේ ම අපේ රටෙත් එඩිට් පික්කලා බොහොමයි. වෙලාවකට නම් බයත් හිතෙනවා සමහර එඩිට්වලට.


6. බක් පික්කෝ

පික්කා කියන නාමය සමාජගත කරේ බක් පික්කෝ ටික එකතු වෙලා තමයි. පාඩුවේ පාරේ ගියපු බස් තොරොම්බල් කරත්ත කොරවලා ඒවට වෙන ම බුකි පේජ් හැදුවා. ඊට පස්සේ වීඩියෝ කෑලි දාන්න ගත්තා. කෝච්චිවලටවත් නොදාපු නම් දැම්මා. දැන් නම් ඒ බක් උන්මාදය පොඩ්ඩක් අඩු වෙලා තියෙන බවක් පේනවා. ඒත් එක පොඩි සිද්ධියකින් වතුරට ඔබපු රබර් බෝලේ වගේ උඩට මතුවෙන්න පුළුවන්. මේ බස් ළඟ ඉඳන් ප්‍රී ෂූට් හෙම කරපු ඒවත් බුකියට දාලා තිබ්බා.


7. වදන් පික්කෝ

‘උඹේ බහට රැවටිච්ච මා හට – දීපන් වස මිශ්‍ර කහට’ ඔව් ඒ එහෙම වදනක්. සුද්දගේ motivational quotes කොන්සෙප්ට් එක උස්සලා වදන් ගහන්න ගියාට මොකෝ තැටිය රත් වෙලා හොඳට ම රොටිය කර වෙන සිද්ධියක් තමයි වුණෙ. ඇත්තට ම ලංකාවේ තියන ඔක්කොම වදන් පේජ් කරන කට්ටිය අතරේ බෙදිලා ගිය නිසා අන්තිමේ සමාජෙට දෙන්න හොඳ වදනක් නැති වුණා. ඉතින් මොකෝ වුණේ? බල්ලොවත් අහන් ඉන් නැති රෙද්දවල් කියන වදන් පික්කො බිහි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *