1887 දී අයිෆල් කුළුන හදන තුරු වසර 4000කට අධික කාලයක් තිස්සේ මිනිසා විසින් ලොව තැනූ උසම නිමැවුම ලෙස පැවතුනේ ගීසා හි පිරමීඩයි. එකක් ආසන්නව මෙට්‍රික් ටොන් 2.5ක් බර වන ගල් කුට්ටි මිලියන 2.5ක් හෙවත් ලක්ෂ 25ක් මේ ගීසා පිරමීඩ තැනීමට යොදාගෙන තියෙනවා. ගීසා පිරමිඩයේ උස මීටර 146.7ක් වෙනවා.
1. දියුණු කරගත් දැනුම
ඊජිප්තුවේ ඒ විශාල ගීසා පිරමිඩ් හදන්න කලින් පාරාවෝ යුගයේ මුල් කාලේ හදාපු පිරමිඩ තියෙනවා. ඒවා මැදක් හදන් යද්දි ආනතිය වැඩිවෙලා. ඒ නිසා ස්ථාවර භාවය තියාගන්න ගැටළු මතුවුණු අවස්ථා ඇතිවෙලා තියනවා. ඉන් පස්සෙ පිරමිඩයේ ඉතිරි කොටස පසුව ආනතිය අඩුවෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මුලින්ම හදාපු පිරමිඩ තට්ටු තට්ටු වශයෙන් වෙන් වෙන් වශයෙනුත් හදලා තියෙනවා. ඒ පිරමිඩ වගේම ඊජිප්තුවන්ගේ නයිල් නදී වාරිකර්මාන්ත ආදියේදිත් ඔවුන්ට වැරදුනු තැන් පුරාවිද්‍යාඥයින්ට හමු වෙලා තියෙනවා. අපිට අද එක හා සාර්ථක නිර්මාණ ගොඩක් විදියට පෙනුනාට මේ පිරමිඩ සහ ඊජිප්තු අතීත නිර්මාණ වසර සිය ගාණක් තිස්සේ දැනුම විදියට ඔවුන් දියුණු කරගත් හැකියාවන් ඔස්සේ නිර්මාණය වෙන්නට ඇති.
2. ශ්‍රමය
ගීසා වල පිරමීඩ හදන්න වහල් මිනිස් ශ්‍රමය යොදගෙන තියෙනව කියල මිනිස්සු කාලයක් විශ්වාස කළා. ඒත් අද වනවිට හොයාගෙන තියෙන කරුණු අනුව හමුදාවක් මගින් මනාව සංවිධානය වූ ඊජිප්තුවරුන්ම පිරිසක් තමයි මේ ගීසා පිරමිඩ හදල තියෙන්නේ. ඔවුන් ගත්ත ආහාර පාන වගේම ඔවුන්ගේ අස්ථි ආදිය, ඔවුන් නවාතැන් ගෙන වැඩ කළා යැයි සැලකෙන ස්ථානත් පුරා විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. හොඳට කෑම බීම, බෙහෙත් හේත් වලින් සංග්‍රහ කරලා වැඩ ගත් ක්‍රමයක් තිබිල තියෙනවා කියලා තමයි පුරාවිද්‍යා සාධක වලින් කියවෙන්නෙ. සමහර ඇට කැබලි කැඩිලා බද්ධ කරලා තියෙනවා. ඒ කාලෙත් ශල්‍ය කර්ම ආදිය කරපු බවටත් සාධක ඒ අවට අස්ථි ආදිය පරික්ෂා කර බැලීමේදී සනාථ වෙලා තියෙනවා. නිර්මාණයක් සැලසුම් කිරීමේදී ශ්‍රමය කියන්නෙත් එක්තරා වැදගත් සාධකයක්. අපිට ගෙයක් හදාගන්න වුනත් හරියට බාස්ලා ඇතුළු සේවකයින් නැත්නම් වෙලාවට ඒක සම්පූර්ණ කරගන්න ලැබෙන්නෙ නැහැ. දහස් ගාණක් සෙනග එක්ක ගනුදෙනු කරන පිරමිඩ වගේ දැවැන්ත නිර්මාණයකදී අනිවාර්යෙන්ම දියුණු මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේද ආදිය තියෙන්න ඇති.
3. ගල් උඩට ගෙනිච්චේ කොහොමද?
අඩි 480ක් උස පිරමිඩය උඩට ඒ හදා තියෙන ගල් ගෙනිහින් තියෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මත කීපයක් තියෙනවා. ගල් මිලියන 2.5ක් ඒ වගේ උසකට ගෙනයන එක මේ කාලෙදිත් මහ විසාල ව්‍යාපෘතියක්. මේ ගල් ගෙනියන්න වෙනමම ආනත වේදිකාවක් වැනි මාර්ගයක් තියෙන්න ඇති කියලා එක මතයක් තියෙනවා. අනෙක් මතයෙන් කියන විදියට අපි කන්දක් නගිනවා හා සමානව වටෙන් සහ දැනට දහ අට වංගුව තියෙන ආකාරයට ගල් උඩට ගෙනියන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ ගල් එකක් දෙකක් නෙමෙයි මේ තරම් සුවිශාල ප්‍රමාණයක් වසර විසි තුනක් වගේ කෙටිකලක් තුළ ඒ අදාළ මහා පිරමිඩය වෙනුවෙන් ගෙනගියේ කොහොමද? එය අදටත් උපකල්පන විතරක් තියෙන ප්‍රශ්නයක්. අද අපි පාලමක් හැදුවත්, ලොකු බිල්ඩිමක් හැදුවත් එය හදන්නට දොඹකර අට්ටාල ආදිය පාවිච්චි කරනවා. මීට වසර 4500කට පෙර අතීතයේ දැනට පවතින නවීන තාක්ෂණ කිසිවක් නැතිව ගල් ලෝඩ් එක මෙච්චර උඩට ගෙනගියේ කොහොමද? අනාගතයේදි මේ සඳහා වඩාත් සාධාරණ උත්තරයක් ඒවි.
4. ජලයේ සහාය
මේ ඊජිප්තුවේ නයිල් නදිය අසබඩ ඇති පිරමිඩ පළාත මීට වසර දහස් ගාණකට පෙර ජලයෙන් යටවුනා. ගංවතුර උවදුරින් සෑම අවුරුද්දකම බැට කෑ ඊජිප්තු ජාතිකයින්ට ගංවතුර ඔස්සේ වැඩගැනීම ගැන අදහසක් එන්නට ඇති. ඈත සිට ගල් පිරමිඩ බිමට ගෙන ඒමට මෙන්ම පිරමිඩයේ අභ්‍යන්තර කුටීර වලට ජලය පුරවා ගල් ඒ තුලින් ඉහලට පාකර ගන්නට ඇති බවටද මතයක් තියෙනවා. ගල් ඉහලට ගැනීමේ මතය කෙසේ වෙතත් ඈත තැනක සිට විශාල ගල් කුට්ටි පිරමිඩ වැඩබිම කරා ගෙන එන්නට ඊජිප්තු ජාතිකයින් ජලයේ සහාය ලබාගන්න ඇති.
5. වේගය
ගීසා පිරමිඩය තැනීමට වසර විසිතුනක් ගතවී යැයි නිගමනය කළත් දිනකට පැය 12ක් වැඩ කළත් මේ එක ගලක් පිලිවෙලට නූලට තබන්නට එක ගලකට ඔවුන් වැය කර ඇත්තේ විනාඩි තුනකටත් අඩු කාලයක් පමණයි. වර්තමාන පොඩි කාර් එකක් සයිස් වුනු ටොන් එක හමාරේ ගලක් විනාඩි තුනකට අඩු කාලයක් යද්දි ගෙනල්ලා තියලා ඒ මදිවට ඒ ගල ගාණට ෆික්ස් කරලාත් තියෙනවා. මේ කාලෙදි හැදුනේ පිරමිඩ විතරක්ම නෙමෙයි. ඒ ජනයාට අවශ්‍ය කරන ආහාර පාන නිපදවීම වගේම වෙනත් ඉදිකිරීම් සහ නිර්මාණ ආදියටත් ඊජිප්තු ජාතිකයින් කාලය වෙන් කරන්නට ඇති. ඒ අතින් බලන විට ඔවුන්ගේ ගල් තැබීමේ වේගය නම් ඇත්තටම පුදුමාකාරයි නේද? ඊජිප්තු ජාතිකයින් පිරමිඩ හදනවිට දිනකට ඔලිම්පික් ස්විමින් පූල් එක්ක පිරෙන සයිස් තරමේ ගල් තොගයක් එහා මෙහා කරලා තියෙනවා.
6. ඒලියන් සපෝට් එක තිබුනද?
ගීසා හි පිරමිඩ තැනීමට භාවිතා කළ තාක්ෂණයට සාපේක්ෂව අද කාලේ ඇති යන්ත්‍ර සූත්‍ර වලින්ද ඒ තරම් විශාල වේගයකින් වැඩ ගැනීමට අප සමත් වී නැත. දැනට ලෝකයේ විස්මිත නිර්මාණ කරන කොන්ක්‍රීට් වලින් නිර්මාණ කිරීමේදී පවා පිරමිඩ තැනූ කාලයේ කළ තරම් දිනකට වැඩ තොගයක් සිද්ද කිරීමට විශාල පිරිවැයක් සහ කාලයක් වැය වෙනවා. එසේම පිරමිඩ හැරුනු කල ඒ කාලයේ ඒ පළාතේ නිර්මාණය කර ඇති ප්‍රතිමා සහ නිර්මාණ ආදියද පුදුමාකාර නිරවද්‍යතාවයකින් නිර්මාණය කර තියෙනවා. 1991 දී එදා විශ්වාස කළ ආකාරයට කුඩා පිරමිඩයක් තනමු යැයි පිරිසක් එකතු වුනා. එහෙත් ඔවුන්ට එම වැඩය කරගන්නට නොහැකි වුනා. සාමාන්‍යයෙන් අපට කළ නොහැකි ස්වභාවික නිර්මාණ එදා ලෝකයේ මිනිස්සු දෙවියන්ගේ වැඩ යැයි හැඳින්වූවා. එසේම අද කාලයේ දෙවියන් තැනුවාය යන්න තරමක් පරණ බැවින් ඒලියන්ස්ලා හෙවත් පිටසක්වල උදව්වෙන් මේ පිරමිඩ තැනුවේ යැයි පිරිසක් විස්වාස කරනවා.
7. ගීසා හැර වෙන කොහේද?
දකුණු ඇමරිකාවත් අප්‍රිකාවත් අතර මුහුද මැද ඊස්ටර් දිවයින නැමැති දිවයිනක් තියෙනවා. එහි අති විශාල ගල් පිළිම කිහිපයක් මුහුදට මුහුණලා ස්ථාපිත කරලා තියෙනවා. දිවයිනේම කොනක තිබෙන ගල් කොරියකින් නිමවා ගන්න ලද ඒ ගල් පිලිම සම්පූර්ණ පිළිමය පිටින්ම ගෙනැවිත් මුහුද අයිනේ සවිකර ඇති විදිය පුදුමාකාරයි. එසේම අප්‍රිකාවේ මාචා පිචු හි නිර්මාණද ඊජිප්තුවේ ගීසා පිරමිඩ නිර්මාණ කරන ලද වකවානුවට අයත් වේ යැයි සැලකෙනවා. මේ නිර්මාණ තුන එක පේළි කිහිපයකින් සඳහන් කළද මේවා එකිනෙකට කිලෝමීටර දහස් ගණනක් ඈතින් තියෙන්නේ. ගීසා පිරමිඩ, මාචා පිචු සහ ඊස්ටර දිවයින් වල පෞරාණික නිර්මාණ වලට පොදු සාධක තියෙනවා. විශාල ගල් කුට්ටි එහා මහා ගෙනගොස් සුවිශාල බිත්ති තනාගැනීම ඒ නිර්මාණ තුනේදිම සිදුවී තියෙනවා. බැලූ බැල්මට ඒනිර්මාණ කාර්යයන් තුනේම ගල් කුට්ටි වලින් බිත්ති තැනීමේ නිර්මාණ වල සමානකම් තියෙනවා. එනම් ඒ යුගයේදි පෘථිවිය තුළ යම් දියුණු තාක්ෂණික ක්‍රමවේද පැවතුනා විය හැකියි කියලා විද්‍යාඥයින් මත පළකරනවා.
පිරිමිඩ මෑත අතීතයේ පමණක් නොව නූතන ශිෂ්ඨාචාරයේ ආරම්භය ලෙස සැලකෙන ග්‍රීකයන්ගේ කාලයේදී පවා ලොවට පැහැදිලි කරගත නොහැකි මහ පුදුමයක් වුනා. මේ මහා විශ්වකර්ම නිර්මාණය ගැන විවිධ මතවාද ගොන්නක් ඇතත් ඒ සෑම එකකම පාහේ අඩුපාඩු දැක්වෙනවා. පිරමිඩ නිර්මාණය ගැන දැනගැනීම අපේ අතීතය සොයායෑමක්. ඒ හරහා ඒ පුරාණ තාක්ෂණය අපිට තේරුම්ගත හැකි වුවහොත් ඒ හරහා නවීන තාක්ෂණික ක්‍රමවේද ද අපිට දියුණු කරගත හැකි වනු ඇති.
Leave a Reply