“සුරතාන්තය යනු ලිංගික ප්‍රතිචාර චක්‍රය තුලදී සමුච්චිත ලිංගික ආතතිය ක්ෂණිකව මුදාහැරීම වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් උකුළු පෙදෙසෙහි රිත්මයානුකූල මාංශ පේශි හැකිලීම් හා සමගින් රතිය අතිමහත් ලෙසින් සංවේදනයක් සිදුවෙයි”
මේ ටික කියෙව්වම ඔයාව හොල්මන් වෙලා ගියා නේද? ගණන් ගන්න එපා, මාවත් හොල්මන් වෙලා ගියා. මේ සටහන තියෙන්නෙ සුරාන්තය ගැන සිංහල විකිපීඩියා පිටුවේ. සටහන ලියලා තියෙන්නේ පාරිභාෂික වචන භාවිතා කරලා. සරලව කාටත් තේරෙන්න සුරාන්තය කියන්නේ මොකක්ද කියලා කියනවා නම් “ලිංගික එක්වීමකදී දෙදෙනාම උපරිම තෘප්තියට පත් වීම කියලා සරලව කියන්න පුළුවන්” පිරිමියෙකුගේ සුරාතාන්තය “ශුකාණු පිටවීම” මගින් සිදු වෙනවා. ගැහැණු අයගේ සුරතාන්තයේදීත් තරලයක් පිටවීම මගින් සිද්ධ වෙනවා. පිරිමින්ට සාපේක්ෂව ගැහැනු අයගේ සුරතාන්තයට පත්වීම ඉතා ප්‍රමාද ව සිද්ධ වෙනවා. බොහෝ කාන්තාවන් තමන්ගේ විවාහ ජීවිතය තුළ දී සුරතාන්තයට පත් වෙන්නේ නෑලු. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ පිරිමියා කලින් සුරතාන්තයට පත් වීම. සමහර අවස්ථා වල ක්ෂණික මෝචනය වැනි ප්‍රශ්න නිසාත් පිරිමින් අපහසුතාවයට පත් වෙනවා. මේ නිසා අපි අද හිතුවා සුරතාන්තය පමා කරන උපක්‍රම කීපයක් ගැනත් කතා කරන්න .මේ ලිපියට ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගන්නේ පිරිමින්ව. හැබැයි ගැහැනු අය කියෙව්වා කියලත් වැරැද්දක් නෑ ඉතින්.
ඊට කලින් පිරිමි කෙනෙක්ගෙ සුරතාන්තය ඇති වෙන විදිහ ගැන පොඩි දැනුවත් බවක් ලබා ගන්න එක හොඳයි කියලා හිතනවා. පුරුෂ ලිංගයේ ශිෂ්ණ මුණ්ඩයේ සංවේදී ස්නායු රාශියක් පිහිටලා තියෙනවා. මේ ස්නායු උත්තේජනය වීමේ අවසාන ප්‍රතිඵලය විදිහට තමයි ශුක්‍ර පිටවීම සිද්ධ වෙන්නේ.
1 .පොඩ්ඩකට නවත්තන්න
මේ ක්‍රමය හරිම සරල ක්‍රමයක්, තමන්ට ශුක්‍රාණු පිට වෙන්න ලඟයි කියල දැනුනම කරන කාර්යය නවත්තලා විනාඩියක වගේ විවේකයක් ගන්න. මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් ඇති තරම් වෙලාවක් කැමති විදිහට මහන්සි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ක්‍රමය අනුගමනය කරද්දී තමන්ගේ සහකාරියට වදයක් නොවන විදිහට මේ ක්‍රමය අනුගමනය කරන්න වග බලා ගන්නත් අමතක කරන්න එපා.
2. පොඩ්ඩක් මිරිකන්න
මේ ක්‍රමයත් ලේසි ක්‍රමයක්, මේ ක්‍රමයේදී කරන්න ඕන තමන් සුරතාන්තයට ලං වෙලා කියල දැනුනම ශිෂ්ණ මුණ්ඩයේ අග කොටස ඇඟිලි වලින් මිරිකන එක. සාමාන්‍යයෙන් විනාඩි භාගයක් මෙහෙම කරාම ප්‍රමාණවත්.ඊට පස්සේ ඉතින් ආපහු වැඩේට එන්ටර් වෙන්න තියෙන්නේ. හැබැයි කලින් ක්‍රමයේදි කිව්වා වගේම මේ ක්‍රමයත් අනුගමනය කරන්න ඕන තමන්ගේ සහකාරියට ඇණයක් නොවන විදිහට.
3. විදිහ වෙනස් කරන්න
මෙතනදි විදිහ කියල අපි අදහස් කරන්නේ ලිංගික ඉරියව්ව. සමහර ලිංගික ඉරියව් වලින් එකතු වෙද්දි සුරතාන්තයට පත්වීම වේගයෙන් සිද්ද වෙනවා කියලා සමහරුනම් අත්දැකීමෙන් ම දන්නවා. විශේෂයෙන් Missionary සහ Doggy ඉරියව්වලින් ලිංගිකව එක් වෙද්දි. මේකට විකල්පයක් විදිහට Woman on top සහ Spooning වගේ ඉරියව් භාවිතා කරන්න පුළුවන්. නමුත් අර ප්‍රශ්නේ තියෙනවයි කියලා හැමදාම එකම ඉරියව්වෙන් නම් වැඩේ කරන්න හිතන්න එපා. මොකද ලිංගික එක්වීම්වලින් දෙදෙනාටම තෘප්තියක් ලැබෙන්නේ විවිධත්වයක් තිබුණම කියන එක අමතක කරන්න එපා.
4. ආරක්ෂිත කොපු පැළඳීම
ආරක්ෂිත කොපුවක් පැළඳීම මගින් සුරතාන්තයට පත්වීම පාලනය වෙනවා. මේකට හේතුව වෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආවරණය වීම නිසා එහි ස්නායු උත්තේජනය වීම ප්‍රමාද වීම මගින්. උපත් පාලනය සිදුකිරීමට බලාපොරොත්තු වන අඹුසැමි යුවළකට හැර සාමාන්‍ය අඹුසැමි යුවලකට මේ උපක්‍රමය භාවිතා කිරීම එතරම් ප්‍රායෝගික වෙන්නේ නෑ.
5. ආලේපන භාවිතය
සුරතාන්තය ප්‍රමාද කරන ජෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් සංසර්ගයට පෙර භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සමහර ආරක්ෂිත කොපුවලත් ඒ වගේ ජෙල් සහ ක්‍රීම් වර්ග අඩංගු වෙනවා. නමුත් මේවා භාවිතය නිසා සහකාරියට කෙසේ වෙතත් පිරිමියාට නම් උපරිම තෘප්තියක් ලැබෙනවා ද කියන එක ගැන නම් ගැටළුවක් තියෙනවා. මොකද මේවා මගින් ශිෂ්ණ මුණ්ඩ ප්‍රදේශය හිරි වැටීමකට ලක් කරන නිසා.
6. පීඩනයක් දෙන්න
මේක ක්‍රමයෙදි සිද්ධ වෙන්නේ වෘෂණ කෝෂ ආශ්රිත ප්‍රදේශවලට පීඩනයක් යෙදීම මගින් ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කර ගැනීම. පීඩන යොදන්න පුළුවන් කලාප දෙකක් තියෙනවා. ඒ තමයි වෘෂණ කෝෂ වලට පහලින් ගුදය දක්වා ඇති ප්‍රදේශය. ඒ ප්‍රදේශය ඇඟිලි වලින් උත්තේජනය කරන්න පුළුවන්. එය අවශ්‍යනම් සහකාරියට වුණත් කියලා කරගන්න. වෘෂණ කෝෂවලට ඉහළ ප්‍රදේශයෙන් අල්ලා සෙමින් පල්ලෙහාට ඇදීම මගිනුත් කාර්යය ප්‍රමාද කරගන්න පුළුවන්.
7. හිත වටේ යවන්න
දැන් ඕගොල්ලො හිතනව ඇති නේද හිත වටේ යවනවා කියන්නේ මොකක්ද කියලා. මේකත් හරි සරල ක්‍රමයක් .තමන්ට ශුක්‍රාණු පිට වෙන්න ලඟයි කියල කියලා දැනෙන පළවෙනි අවස්ථාවේදීම අදාළ නැති දෙයක් ගැන හිතන්න. උදාහරණයක් විදියට ජනාධිපති තුමා කියපු විහිළු කතාවක් වගේ දෙයක්. මේකෙන් වෙන්නේ පොඩි මානසික අල්ලසක් ලබා දීමක් වගේ ක්‍රියාවලියක්. මේ හරහා මොළයේ අවධානය වෙනතකට අපිව යොමු කරනවා. අවසාන ප්‍රතිඵලය වන්නේ ශුක්‍රාණු පිට වීම තාවකාලිකව නතර වීම.
හොඳයි එහෙනම් වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර අනුව “සුරතාන්තය පමා කරන ව්‍යායාම කීපයක්” ගැනත් අපි ලියන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඒ ගැන ලියන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ආටිකල් එකට ලැබෙන ප්‍රතිචාර මත.
Leave a Reply