විද්‍යාව හා තාක්ෂණය

පෙර ගෙවුම් ස​බඳතා අත​ර විප්ලවීය වෙනස ‘කතාබස්’ ගැන ඔබ දැනුවත්ද?

අද කාලෙ ජංගම දුරකථනයකින් කරන්න පුළුවන් වැඩ අසීමාන්තිකයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් ජංගම දුරකථනයකින් මූලිකවම සපුරගන්න තිබුණ අවශ්‍යතාවය තමයි දුරකතන ඇමතුමක් දීල කතා බහක නිරත වෙන එක. කොහොම වෙතත් මේ වෙද්දි වැඩි දෙනෙක් දුරකතන ඇමතුම් වලින් සෑහෙන්න දුරස් වෙලා. චැට්, කෙටි පණිවුඩ සේවාවන්ට වැඩිපුර යොමු වෙලා. හැබැයි ඒ මොන සේවාවන් තිබ්බත් අර පරණ තාලෙට කෙල්ල එක්ක වරු ගණන් මලක් කඩන්න, යාලුවො එක්ක කදයක් බයිටක් දාගන්න හොඳම සහ හදවතට සමීපම ක්‍රමය වොයිස් කෝල් කියන එක අපිට පිළිගන්න වෙනවා. ඒත් ඉතින් දැන් තියෙන මොන පැකේජ් එක වුණත් කාඩ් එක දාන පරක්කුව විතරයි. “දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි, කෝල් දෙකයි සීයම ඉවරයි” කියල තමයි කියන්න වෙන්නෙ අන්තිමේදි. හැබැයි දැන් තත්ත්වය වෙනස් වෙන්න යන්නේ. එයාර්ටෙල් සමාගම විසින් දැන් හඳුන්වලා දීලා තියනවා විප්ලවීය වෙනසක්. 

1. මොකක්ද මේ වෙනස?

“මාසෙකට​ම ඇමතුම් රුපියල් 98ක් විතරයි!”

පුදුම හිතුනද? ටයිපින් මිස්ටේක් එකක් කියල හිතුනද? නෑ හිතවතුනි, එයාර්ටෙල් ගෙන එන මේ අලුත් විප්ලවීය වෙනසින් ඇත්තටම සූටි රුපියල් 98කින් එයාර්ටෙල් දුරකථන ජාල අතර සීමා රහිත, එහෙමත් නැතුව දන්න සිංහලෙන් කිවුවොත් අන්ලිමිටඩ් කෝල් පහසුකම හිමිවෙනවා. මාසෙට රුපියල් 98ක් හැටියට හරි දවසට රුපියල් 3ක් හැටියට හරි මේ සේවාව සක්‍රීය කරගන්න ඔයාලට පුළුවන්. ‘කතාබස්’ නමින් හඳුන්වලා තියන මේ වෙනසත් එක්ක ඔබේ ප්‍රීපේඩ් මොබයිල් අත්දැකීම මෙතෙක් අත්විඳ නැති අලුත් මානයකට ඔබව කැඳවන් යනවා නිසැකයි!

2. තව මොකුත් වාසි නැද්ද?

ඇයි නැත්තේ? මේ පැකේජය ඇක්ටිවේට් කරගත්තට පස්සෙ ඒකට හම්බුවෙනවා නොමිලේ එස්.එම්.එස් දාහක් යැවීමේ පහසුකමත්. ඒ වගේම මෙගාබයිට් 100ක ඩේටාත් මාසයක කාලයකට නොමිලේම හිමිවෙනවා.

3. ලංකාවේ වෙනත් අන්ලිමිටඩ් පැකේජයන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන්

ලංකාවේ ප්‍රධාන පෙ​ළේ ජංගම දුරකථන සේවා සැපයුම්කරුවන්ගේ අන්ලිමිටඩ් පැකේජයන් එක්ක සංසන්දනය කරලා බැලුවහොත් එයාර්ටෙල් කතාබස් වල ඇති වාසියේ තරම ඔබට වටහා ගන්නට පහසුවෙන්ම පුළුවන් වනු ඇති. උදාහරණයක් හැටියට කිවුවොත් මේ වන විට ලංකාවේ ප්‍රමුඛ දුරකථන සමාගම් ජාල වලින් ලබා දෙන අන්ලිමිටඩ් පැකේජ රුපියල් 777 සිට රුපියල් 1500 සහ රුපියල් 3999ක් තරම් වන ඉහළ මිලක් දක්වා විහිදෙනවා.

4. කොහොමද මම මේ පැකේජය පාවිච්චි කරන්න ගන්නේ?

දිවයින පුරා විසිරී තියෙන ඕනෑම එයාර්ටෙල් ස්ටෝර් එකකින් මේ කාඩ්පත් ඔබට ලබා ගන්නට පුළුවන්. ඊට පස්සේ MyAirtel App එක හරහා හෝ facebook.com/airtellife/ වෙ​ත පිවිසීමෙන් හෝ https://recharge.airtel.lk/ හරහා පැකේජය සක්‍රීය කරගන්නට හැකියාව තියනවා.

5. වියදම ගැන හිතලා තව දුරටත් ඇමතුම් සීමා කරගන්නට අවශ්‍ය නැහැ

“අපගේ පාර්භොගිකයින් නොබිඳුනු සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙන්නෙ ඔවුන්ගේ කාර්යබහුල ජීවන රටාවට සහයක් ලබාදීමටයි. මෙම විප්ලවීය රීචාර්ජ් පැකේජය ඇත්ත වශයෙන්ම සැලසුම් කරලා තියෙන්නෙ පාරිභෝගික අත්දැකීම් සරල කරන්න වගේම සෑම කෙනෙක්ටම වැඩි යමක් ලබා දෙන්නයි. මුදල් ඉතිරි කිරීමේ පරමාර්ථයෙන් පාරිභෝගිකයන්ට තවදුරටත් ඔවුන්ගේ දුරකථන ඇමතුම් අවම අවම කිරීමට අවශ්‍ය නැහැ.”

එ වගේම මේ අලුත්ම කතාබස් විප්ලවීය වෙනස පෙර ගෙවුම් ජංගම දුරකථන පාරිභෝගිකයන් අතර දැඩි ආකර්ෂණයක් ඇති කරනු ඇති බවට තමයි විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්​තේ. 

තමන්ගේ සමීපතමයන් එක්ක හිතේ හැටියට නිදහසේ කතාබස් කරන්න දැන් තවදුරටත් වියදම ගැන හිත හිත ඉන්න දෙයක් නැහැ. දැරිය හැකි මිල, පහසු​ව සහ සරළභාවය සමගින් කවදත් පාරිභෝගිකයන්ට සහනදායී, වාසිදායී වෙනසක් ගෙන එන්නට ක්‍රියා කරන එයාර්ටෙල් සමාග​මේ මේ අලුත්ම පියවරෙන් ඔබත් උපරිම ප්‍රයෝජන ලබාගන්න එහෙනම්.

අදම airtel network එකට සෙට් වෙන්න (Order airtel SIM) https://bit.ly/2FwytSj

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago