ඉන්ස්ටාග්‍රෑම් කියන්නේ පුල් අයිලන්ඩ් ලයිප් එකේ ජීවත් වෙන කොල්ලෝ කෙල්ලොන්ගේ කික් එක. ඒක නම් කිව්වේ ඉතින් තාමත් ඉස්කෝලේ යන නංගි බබාලා මල්ලි බබාලා ඒක දකින්නේ එහෙම නිසා. හැබැයි ඉන්ස්ටාග්‍රෑම් කියන්නේ එහෙම සෝබන ජීවිත විතරක් ඉලක්ක කරගත්ත එකක් නෙවෙයි. කොහොම හරි ඉතින් පරිණාමයේ මේ නැවතිලා ඉන්න සන්ධිස්ථානයේ පොඩි කැටයම් වැඩවලට තමයි ඉන්ස්ටාග්‍රෑම් ගොඩක් ම පාවිච්චි වෙන්නේ. තමන්ගේ උපන්දිනේ දවසට ‘අනිවාර්ය පොටෝ එකක් හෙවත් mandatory post’ එකක් දාන අය ඉන්නවා. ඒක නිකන් ම සෙල්ෆියක් වගේ එකකින් ශේප් වෙන්නේ නැතුව පොඩි ලකයක් දාලා එළි බස්සවන්න වැඩ කෑලි ටිකක් තමයි මේ.
1. සැතපුම් කණු පෝස්ටුව
RDA එකේ මහත්තුරුන්ට පින් සිද්ධ වෙන්න ලංකාවේ තාර අතුරපු ඕනෑ ම පාරක තියෙනවා සුදු පාටට සැතපුම් කණු. ඕකේ ඉතින් ලියා තියනවානේ කළු පාටට ඉලක්කම්. යන එන ගමන් තමන්ගේ ඊළඟ උපන්දිනයට අදාළ වයස සඳහන් කණුවක් ගාවට ගිහිල්ලා දුක, සතුට, පුදුමය ඕනි එකක් පෙන්නන පෝස් එකක් දීගෙන අනාගතය සඳහා ෆොටෝ එකක් ගන්න පුළුවන්. කණුව පෙරළන්න යන්නේ නැතුව ඕනි එකක්.
2. ඉලක්කම් බැලුන්
අලුතෙන් එළි බහින ඕනෑම බර්ත්ඩේ පාටියක ඇල්බම් එකක අනිවාර්යෙන් ම උපන්දිනේ අයිතිකාරයා මේ බැලුන් දෙකක් උස්සගෙන ඉන්නවාමයි. ආයෙ ඉතින් හොම්බ දිග පොටෝග්‍රැපර් කෙනෙක් ගෙන්නගෙන ම ඕක ගහන්න කියලා එකක් නෑ. මේ ෆොයිල් බැලුන් ගන්න පාටි අයිටම් විකුණන ඕනෑ ම වෙළඳසලකින් පුළුවන්. නම් වශයෙන් තැනක් කිව්වොත් අනිවා ආර්පිකෝ සුපර් සෙන්ටර්වල නම් තියෙනවා.
3. තිරය පිටුපස
දැන් ඔන්න තමන් කේක් ගෙඩිය කපන පොටෝව ගෙඩිය පිටින් ඉන්ස්ටා දැම්මොත් ඒක හරි ම ගතානුගතික දෙයක් වෙනවා. දැන් මේ පොඩ්ඩක් වෙනස් කරලා ගන්න යන නිසා තිරය පිටුපස වෙන වැඩක් කාට හරි පොටෝ එකකට නගන්න කියලා ඒක ඉල්ලගෙන අප්ලෝඩ් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයා කේක් එක කපන එක වෙන කෙනෙක් තමන්ගේ ෆෝන් එකෙන් ගන්නවා. අන්න ඒ මොහොත නැත්නම් ඒ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ෆෝකස් කරලා ෆොටෝ එකක් ගන්න තියේ නම් පට්ට.
4. වදනක්
ඉන්ස්ටා එකේ කැප්ෂන් එකට කොටන වදන ගැන නම් නෙවෙයි මේ කියන්නේ. ඔයාට පුංචි කොළ කෑල්ලක තමන්ගේ දවසට හරියන්න වචනයක් දෙකක් බලි ගාලා ඒක සුදුසු පසුබිමක අල්ලගෙන ඉන්න ෆොටෝ එකක් ගන්න පුළුවන්. වයසට යන එක ගැන, ඉපදීම ගැන, මේ තාක් කල් හිමි අහිමි වුණ දේවල්, අනාගත බලාපොරොත්තු කියන මේ දේවලින් මොනා ම හරි කමක් නෑ ඉතින් වදන් නම් වදන්. කොහොමත් මේ වැඩේට අපි දක්ෂයිනේ.
5. පරණ ෆොටෝ
මීට අවුරුදු 20කට 10කට එහා ඔයා උපන්දිනය සමරපු විදිය සිහි වෙන්න ගත්තු පොටෝ කෑල්ලක් හොයාගන්න. ඊට පස්සේ ඕනෑ නම් ඇල්බම් තට්ටු ගොඩක් උඩ ඒක තියලා පොටෝව ගන්න පුළුවන්. ඒ නැත්නම් එක අතකින් ඒ පොටෝ එක අල්ලගෙන සෙල්ෆී ඡායාරූපයකට මූණ ඔබාගන්න පුළුවන්. ඒත් නැත්තම් ටිකාක් විතර මහන්සි වෙලා ඒ දවසේ තිබ්බා වගේ ම ඇඳුමක් මහගෙන, ඒ වගේ ම පසුතලයක් එහෙන් මෙහෙන් හදාගෙන කොලාජ් එකක් ලස්සනට හදලා දාන්න පුළුවන්. ෆොටෝ එකකට මෙච්චර දෙයක් කරන්න ඕනි ද කියලත් හිතෙන්න පුළුවන්. හැබැයි ඉතින් සමහරු මේ වගේ සුකුරුත්තම් වැඩවලට මීට වඩා දේවල් කරනවා.
6. බොඳ වුණ මතකයක්
ඒ දවස හොඳින් ම මතක තියෙන්න බොඳ වුණ පොටෝ එකක් ගන්න. ඔව් ඒක හොල්මන් ද පොල් කොළ වගේ කතාවක් තමයි. හැබැයි ඒක වෙනස් වැඩක්. උපන්දින පාටියට ආපු යාළුවෝ එලෝ මෙලෝ නැතුව නටන පොටෝ එකක් ගත්තොත් ඒක කොහොමත් බොඳ වෙලා තමයි පේන්නේ. තව එතකොට ඔයා කේක් ගෙඩියේ ඉටිපන්දම් පිඹිනකොට ඒකත් සාමාන්‍ය විදියට ගන්න පොටෝ එකකට වඩා පොඩ්ඩක් බොඳ කරලා කාට හරි ගන්න පුළුවන් නම් ඒකේ වෙනම පොඩි ආටිස්ටික් ගතියක් එනවා.
7. කලු සුදු කැන්ඩිඩ් පොටෝවක්
ඒක නිකන් ආදි කාලේ ස්ටුඩියෝ එකකට ගිහින් ගත්තු ෆොටෝ එකක් වගේ තියෙන්න ඕනි. හැබැයි හිනා වෙනවා නම් එහෙමයි. බුම්මං ඉන්නවා නම් එහෙමයි. දෙකට ම නැතුව සීරියස් පිට ඇත්තට ම ස්ටුඩියෝ මූණ නම් පෙන්නන් ඉන්න එපා. කැන්ඩිඩ් කියන්නේ කොහොමත් කෙලින් ම කැමරාවක් දිහා බලන් ඉන්න එකට නෙවෙයි නේ. ටෙක්නිකල් නොවන භාෂාවෙන් කියනවා නම් රැන්ඩම්. අන්න එහෙම එකකට මහප්‍රාණ කැප්ෂන් පාරක් දාලා ගත්තම ඒක හෙන ම ඉන්ස්ටාග්රෑමිෂ්.
Leave a Reply