ක්‍රීඩා

අදටත් නොවිසඳුණු අභිරහසක්ව ඇති ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අපකීර්තිමත්ම ඉනිම

සුනිල් ගවස්කාර් කියන්නේ ඉන්දියානු කණ්ඩායමෙන් බිහිවුණු ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙක්. විස්තර විචාරකයෙක් හැටියට අද වෙද්දි ප්‍රසිද්ධ, ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් අතර ගරු බුහුමනට ලක්වූ තැනැත්තෙක්. ඒ වගේම ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් අදටත් ලැජ්ජාවෙන් සඳහන් කරන, ඉන්දියානු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පමණක් නෙමෙයි, සමහරවිට මුලු ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේම අපකීර්තිමත්ම ඉනිම ක්‍රීඩා කරපු තැනැත්තා වන්නේත් ඔහුයි. සුනිල්ගේ මේ විශ්වාස කළ නොහැකි ඉනිම ගැන අදටත් නොයෙකුත් මතවාද තියනවා. ඒත් ඒ ඉනිම ක්‍රීඩා කරන්න හේතු වුණ කරුණු මොනවාද කියලා අදටත් හරියට​ම දන්නේ සුනිල් ගවස්කාර් විතරක්ම වෙන්නැති.

 

1. තරඟය

1975 ලෝක කුසලාන එංගලන්ත කණ්ඩාය​ම
Image Source – amazonaws.com

දවස 1975 ජූනි 7 වැනිදා. ඒ පළමුවරට පවත්වනු ලැබූ ක්‍රිකට් ලෝක කුසලානයේ මංගල තරඟය. මේ තරඟයට ක්‍රීඩා කරන්නේ ඉන්දියාවට එරෙහිව එංගලන්තයයි. පන්දුවාර 60කින් සමන්විත වූ මේ තරඟයේ මුලින්ම පන්දුවට පහර දෙන එංගලන්තය පන්දුවාර 60 තුළදී කඩුලු 4කට ලකුණු 334ක් ලබා ගන්නවා. දැවැන්ත ඉලක්කයක් හඹාගෙන යෑමට පිටියට පිවිසෙන ඉන්දීය පිලේ ආරම්භක පිතිකරුවා හැටියට ක්‍රීඩා කරන්නේ සුනිල් ගවස්කාර්. ඔහු තරඟය අවසන් වන තුරුම නොදැවී ඉන්නට සමත් වෙනවා.

නමුත් ඔහු ලබාගන්නේ පන්දු 174ක් තුළදී ලකුණු 36ක් පමණයි.

 

2. ඉන්දීය ඉනිම

මන්ගදගාමී ඉනිම ක්‍රීඩා කරන ​ගවස්කාර්ගෙන් වැරෙන් පහරක්

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම තමන්ගේ පන්දුවාර 60ම ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ දැවී යන්නේත් කඩුලු 3ක් විතරයි. නමුත් අවසානයේදී ඔවුන් රැස් කරගන්නේ ලකුණු 132ක් පමණයි. මුල සිටම මේ ලකුණු ප්‍රමාණය හඹායන්නට ඔවුන් කිසිම උත්සාහයක් ගන්නේ නැහැ. තරඟයේ මුලු පන්දු ප්‍රමාණයෙන් අඩක​ට පම​ණ මුහුණ දෙන සුනිල් ගවස්කාර් එල්ල කරන්නේ එක හතරේ පහරක් පමණයි.

 

3. එක්දින ක්‍රීඩාවට ආධුනිකකමද?

සුනිල් ගවස්කාර්ගේ මේ අපකීර්තිමත් ඉනිම ගැන අපිට වැඩිපුරම ඇහෙන එක කතාවක් තියනවා. ඒ තමයි ඒ වෙද්දි එක්දින ක්‍රීඩාවට ඉතාම ආගන්තුක වුණු ඉන්දියානුවෝ මේ ලකුණු ප්‍රමාණය සැලැස්මකින් යුතු​ව හඹායන හැටි ගැන අවබෝධයකින් නොහිටියාය කියන එක. ඒ වගේම සමහරු කියනවා එතෙක් ටෙස්ට් තරඟවලට හුරුවෙලා හිටපු සුනිල් ගවස්කාර්, කඩුලු දැවී ගියේ නැත්නම් එක්දින තරඟත් ටෙස්ට් වගේම ජය පරාජයෙන් තොරව නිමා වෙනවාය කියලා හිතන් හිටියාය කියලා. ඒ හින්දා ලකුණු වේගය ගැන නොසිතා කඩුල්ලේ රැඳී සිටියාය කියලා.

 

4. සුනිල්ගේ කතාව

මේ ඉනිම ගැන සුනිල් ගවස්කාර් කියන්නේ වෙනම කතාවක්. ඔහු කියන්නේ අදාළ දැවැන්ත ඉලක්කයේ ඇති අසීරුබව ගැන ඉන්දීය පිතිකරුවනුත් තමනුත් මුළ ඉඳන්ම දැනන් හිටියාය කියලයි. මන්දගාමී තණතීරුවේ ලකුණු ඉක්මනින් රැස් කරන්නට අසීරු වූ බවත්, තමන් ඒ ගැන ක්‍රීඩාගාරයට දැන්වූ වගත්, ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණු නිසා දිගටම නොදැවී ක්‍රීඩා කළා වැනි වූ කතාවක් තමයි සුනිල් ගවස්කාර් කියන්නේ.

 

5. අනිත් පැත්තට තවත් කතාවක්

තමන්ට මේ තණතිල්ලේ ලකුණු රැස්කිරීමට අසීරු බව ක්‍රීඩාගාරයට දැන්වූවාය කියලා සුනිල් කියද්දී, තවත් සමහරු කියනවා සුනිල් ඉතා මන්දගාමීව ක්‍රීඩා කරද්දී ක්‍රීඩාගාරයේ හිටපු ඉන්දීය කණ්ඩායමේ පිරිස සුනිල්ට ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කරන්නට කියලා උපදෙස් දුන්න බව. නමුත් සුනිල් මේ උපදෙස් කණකට ගත් බවක් පෙනෙන්නට තිබ්බේ නැති බවත් ඒ අය ප්‍රකාශ කරනවා.

 

6. දේශපාලනයද?

මේ ගැන බොහෝ ඉන්දියානු  රසිකයන් අතර මුල් බැසගෙන තියෙන මතය තමයි මේක. ඒ තමයි සුනිල් මේ ඉනිම ක්‍රීඩා කළේ ඉන්දීය කණ්ඩායමට විරෝධතාවය පළකරන්නටය කියලා. සුනිල් ගවස්කාර්ට ඉන්දීය කණ්ඩායම තුළ රැඳී ඉන්න යම් දේශපාලන බලයකුත් ඉවහල් වුණා කියලා කතා තියනවා. ලෝක කුසලානයට රැගෙන ගිය කණ්ඩායම ගැන සුනිල්ගේ හිතේ තිබුණ නොසතුටත්, ශ්‍රී නිවාස් වෙන්කටරාඝවන් හට ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ලබාදීමත් නිසා සුනිල් මේ අපකීර්තිමත් ඉනිම පළිගැනීමක් හැටියට ක්‍රීඩා කළා කිය එකයි බහුතරයක් ඉන්දීය ප්‍රේක්ෂකයන් අතර පැතිරිලා තියන මතය.

 

7. තවත් කතා

සුනිල් ගවස්කාර් කියන විදිහට මේ අපකීර්තිමත් ඉනිමේ මුලදීම තමන් කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දෙනවලු. නමුත් කවුරුවත් දැවී යාමක් හැටියට ඉල්ලීමක් නොකරන නිසා ඔහුට තව දුරටත් ක්‍රීඩා කිරීමේ වාසනාව හිමි වෙනවලු. ඒ වගේම මේ ඉනිම සම්බන්ධයෙන් කියන තව කතාවක් තමයි, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට පෙරම ඉන්දීය කණ්ඩායම මේ තරඟයේ පරාජය බාර අරගෙන හිටියාය කියන එක. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්ත ගවස්කාර් පන්දුවට පහරදීම පුහුණු වන්නට මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මේ අති මන්දගාමී ඉනිම ක්‍රීඩා කළාය කියන එක.

 

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අපකීර්තිමත්ම ඉනිමක් වෙච්ච මේ ඉනිමට හේතු වූ සැබෑ කරුණ කුමක්ද කියන එක අදටත් නොවිසඳුණු අභිරහසක්ය කියලා තමයි අපිට අවසානෙදි කියන්න වෙන්නෙ. මේ ඉනිම ගැන ඔබටත් යම් මතයක් ඇති. එහෙම තියනවනම් ඒ ගැන අපිට කියන්​න

 

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago