ඔබේ යෙහෙළියන් සමඟ සතිඅන්තය ගත කිරීමට ස්ථාන 7ක්

ගෑල්ලමයි වෙලා බත් තම්බ තම්බා විතරක් හිටපු කාලේ ගියා. දැන් කාලේ ගෑල්ලමයි කියන්නේ අලුත් අභියෝග සහ අත්දැකීම් හොයන් ඒවා පස්සේ පන්නාගෙන යන කොට්ඨාසයකට. හන්දියේ කඩේට යන්නත් ගෙදර ඉන්න මල්ලිව යවන වටපිටාවක රටේ ලස්සන බලන්න ගෙදරින් තනියෙන් යවන අවස්ථා හරි ම විරලයි. මේ තැන්වලට නම් යාළුවෝ ටිකත් එක්ක බය නැතුව ම ගිහින් එන්න පුළුවන්.

 

1. මකුල්දොල බංගලාව

Image Source – makuludolabungalow.com

දකුණු රටේ මාතර තමයි තියෙන්නේ. මාතර තෙලිජ්ජවිල කියන ග්‍රාමයේ සාමාන්‍ය බිම් ප්‍රමාණයට වඩා මදක් උඩකට වෙන්න පිහිටලා තියෙන නිසා පළාතක් ම පේනවත් එක්ක. මකුල්දොල වතුයායේ පිහිටලා තියෙන නිසා මේ බංගලාවට මේ නම වැටිලා තියෙනවා. ගෑල්ලමයි නඩයකට කිසිම අවුලක් නැතුව ගිහින් එන්න පුළුවන් ප්‍රධාන ම හේතුව තමයි ආදරණීය නෝනා කෙනෙක්ගෙයි මහත්තයා කෙනෙක්ගෙයි රැකවරණය බංගලාවට ගොඩ වැදුණ මොහොතේ ඉඳන් ලැබෙන එක. ආය ඉතින් වෙන ඕනි නැහැ ගෙදර ඉඳන් තවත් ගෙදරකට ගියා වගෙයි. Infinity pool එකකුත් තියෙන නිසා හොඳ ෆොටෝ ටිකක් ගන්නත් පුළුවන්. පූල් එක නිසා විතරක් නෙවෙයි වටපිටාව හරි ම ලස්සනයි.

 

2. නෙස්ට් වුඩ් බංගලාව

Image Source – flickr.com

ඔව් දැන් මේ කූඩු කරන්නයි යන්නේ. කලවාන පැත්තේ දෙල්ගොඩ කියන ග්‍රාමයේ පොඩ්ඩක් ඇතුළට වෙන්න පිහිටලා තියෙන මේ කූඩුව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එහි ආගන්තුක සත්කාරයටමයි. කඳු වළල්ලකින් වට වෙලා තියන නිසා ස්වාභාවික ආරක්ෂාවක් වගේ එකක් දැනෙන ගතියකුත් තියෙනවා. ඔක්කොටමත් වඩා සුහදශීලි සේවා සපයන පිරිසක් ඉන්න නිසා බය වෙන්න දෙයක් නැහැ. කූඩු වෙලා ඉන්න තියෙන්නේ දැවයෙන් කළ කූඩුවක. මේකෙත් infinity pool එකක් තියනවා. තරුණ ප්‍රජාව අතර ඉතා ම ප්‍රසිද්ධයි.

 

3. The Beach Cabanas Retreat & Spa

Image Source – thebeachcabanas.com

කොග්ගල පැත්තේ යනවා නම් බජට් එකට සෙට් වෙන්න සුපිරි ම වගේ ම ආරක්ෂාව තියෙන තැනක් තමයි මේ. කාමර පිහිටලා තියෙන්නේ කෙලින් ම මුහුද දර්ශනය වෙන්නයි. හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් කබානා එකක ඉන්න පොඩි පැකිලීමක් එනවා මේ වෙරළාශ්‍රිත ව තියන සංස්කෘතියක් එක්ක එන චකිතය නිසා ම. හැබැයි මෙතන එහෙම හිතට කිසිදු බයක් දැනෙන්නේ නැහැ. ඉතා ම සුහදශීලී සේවා සපයන පිරිසක් ඉන්නවා. මහා ගොඩක් කබානා ගොඩ ගහගෙන වැඩේ අච්චාරුවක් කරලත් නෑ. ඉතා ම වැදගත් විදියට කාලයක් තිස්සේ මේ පැත්තේ කරගෙන යන ව්‍යාපාරයක් නිසා බය නැතුව එන්න පුළුවන්.

 

4. Kithala Resorts

Image Source – booking.com

Theme Resorts & Spas කියන කට්ටිය තිස්සමහාරාම පැත්තේ කුඹුරු යායකට මුහුණ දාලා හදපු ලස්සන හෝටලයක් තමයි මේ කිතල රිසෝර්ට්ස් කියන්නේ. ඉන්නේ දකුණේ නිසා කොහොමත් හිතට ගින්නක් ගන්න දෙයක් නැහැ. අනික් කාරණය තමයි Theme Resorts කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ විශාල කීර්ති නාමයක් අත්පත් කරගත් අය. ඉතින් මොන ම විදියකින්වත් හිඩැසක් ඇති වෙන්න විදියක් නැහැ. මැනේජර් මහත්තයයි සේවක පිරිසයි හැම වෙලේ ම සේවය සපයන්න අවධානෙන් ඉන්නේ. ඒ නිසා ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැහැ.

 

5. Jetwing St. Andrews

Image Source – jetwinghotels.com

දැන් යන්නේ නුවරඑළිය පැත්තට. මේක Jetwing Hotels කට්ටියගේ බංගලාවක්. ෆැමිලිවලට වගේ ම කපල්වලට ගොඩක් රෙකමදාරු කරන තැනක්. අනික් එක තමයි මේ වගේ තැනක දී ඔබේ ආරක්ෂාව ගැන අවධානය නිරායාසයෙන් ම වගේ යොමු වෙලා තියෙන එක. මොකද ඉතින් මහා පරිමාණ ප්‍රදේශයක විසිරිලත් නැහැනේ. අනික වෘත්තියමය ගෞරවය ආරක්ෂා කරගෙන වසර ගණනක පළපුරුද්ද තියෙන අය තමයි මේක පවත්වාගෙන යන්නෙත්. නොයෙක් වර්ගවල මල් එහෙම තියෙන ලොකු ගෙවත්තක් තියෙනවා.

 

6. Randholee Resorts & Spa

දැන් එන්නේ සෙංකඩගල රාජධානියටයි. මහනුවර නගරයේ කලබලයෙන් පිරුණ වීදි මග ඇරලා බෝවලවත්ත කියන ග්‍රාමයට ආවමයි මේ සුවිසල් හෝටලය මුණ ගැහෙන්නේ. නුවර උස ම තැනක ඉන්නවා වගේ හැඟීමක් තමයි ගියාම දැනෙන්නේ. මෙහෙත් තියෙනවා වෙන කොහෙවත් නැති තරමේ ලස්සන infinity pool එකක්. කාමර ගැන කතා කළොත් සුවපහසුයි වගේ ම විශාලයි. සුහදශීලි කාර්‍යමණ්ඩලයක් ඉන්න නිසා බය වෙන්න කාරියක් නැහැ. කොහොමත් ගම්බද ව ඉන්නකොට කාගෙන්වත් කරදරයක් කාරිය නැහැනෙ.

 

7. Blue Beach Hotel

Image Source – booking.com

වාද්දුව කියන්නෙත් හෝටල් ආකරයක් තියෙන පැත්තක්නේ. මොකක් තෝරගන්න ද කියලා හිතාගන්නත් අමාරුයි. මේ හෝටලය මුහුණ ලා තියෙන වෙරළ අයිති ඔවුන්ටයි. ඒ වගේ ම බාත්රූම් නිදියාගන්න පුළුවන් තරමට පිරිසිදුයි. ගෑල්ලමයි පිරිසිදුකම ගැන හරියට හිතන නිසා ඒකත් හරි. කාලෙක ඉඳන් දන්න යාළුවො ටිකක් වගේ සේවක පිරිසක් ඉන්නවා ඕන ම දේකට. සතිඅන්තේ පවුල්වලින් පිරිලා යනවා ගොඩක් වෙලාවට. ඒ තරමට විශ්වසනීයයි.

තව එකක්. මේ දවස්වල මේ හැම හෝටලේ ම ඩිස්කවුන්ට් පාරක් තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *