ඒ ඒ මෝස්තරේට ගැලපෙන අයිසින් නොසල්ස් වර්ග හඳුනාගමු

කේක් එකක් තනියම හදල ඕක ලස්සනට අයිසින් කරගන්න එක උයන පිහන වැඩවලට මනාප හුඟක් ගෑණු ළමයින්ගෙ ආසාවක්. අයිසින් වර්ග ගැන මීට කලින් ලිපි දෙකකින්ම අපි කතා කළා ලයිෆි පාඨක ඔයාලට මතක ඇති. අද මේ කියන්න හදන්නෙ බටර් අයිසින් වලින් කේක් එකක් ඩෙකරේට් කරගන්න අපිට නැතුවම බැරි අයිසින් නොසල්ස් ගැන.

 

1. පයිපින් බෑග්ස් සහ නොසල්ස්

කේක් සැරසිලි වලට ආධුනික කෙනෙක් නම් සිලිකන් පයිපින් බෑග් වෙනුවට තුනී පොලිතින් එකෙන් එන ඩිස්පෝසබල් පයිපින් බෑග්ස් ගන්න එක තමා වඩා සුදුසු. නැත්නම් පයිප් කරන්න අපහසු ගතියක් දැනෙන්න පුළුවන් අත නුහුරු නිසා.

සාමාන්යෙන් ඔය පේමන්ට් එකේ අතන මෙතන හැමතැනම විකුණන්න තියෙන අයිසින් නොසල්ස් වලට වඩා විල්ටන් වගේ හොඳ වර්ගයේ අයිසින් නොසල්ස් අරගන්න. නිවැරදි විදියට අයිසින් මල් සහ සැරසිලි කරගන්න ඒක පහසුවක්.

 

2. පයිපින් ඈන්ගල්ස්

මූලිකම පයිපින් ඈන්ගල් දෙක තමයි අංශක 90 සහ අංශක 45. අංශක 90 ඈන්ගල් එක කියන්නෙ කේක් එකේ මතුපිටට හරි කෙලින් පයිපින් බෑග් එක අල්ලගන්නෙ තරු සහ පැතලි මල් පෙති වගේ අයිසින් කරන කොට. අංශක 45කට බෑග් එක ඇල කරන්නෙ බෝඩර්ස් දාන්න සහ අකුරු ලියන්න.

මතක තියාගන්න ඕන දේ තමයි වමත්කරුවන් දකුණේ සිට වමටත් දකුණත්කරුවන් වමේ සිට දකුණටත් අයිසින් කරන්න පටන් ගන්න එක පහසුයි කියන එ​ක.

 

3. රවුම් තුඩ (Round Tip)

කේක් එකක අකුරු ලියන්න, ලයින් ආර්ට්ස් වලට, අවුට්ලයින්ස් වලට ගන්නෙ මේ නොසල් එක. සයිස් එක අනුව නොසල් එකේ සිදුරේ විශාලත්වය වෙනස් වෙනව.

 

4. ඇරුණු තරු තුඩ (Open Star Tip)

කුඩා තරු, මල් සහ බෝඩර්ස් වලට මේ නොසල් එක හුඟක්ම පාවිච්චි වෙනව.

 

5. වැසුණු තරු තුඩ (Closed Star Tip)

මල් සහ බෝඩර්ස් වලට වඩාත්ම පාවිච්චි වෙන ශෙල් ඩිසයින් එක දාගන්නෙ මේ නොසල් එකෙන්. ටිකක් ලොකු සයිස් එකෙන් ගත්තම පහසුවෙන්ම කප් කේක් ඩෙකරේට් කරන්න පුළුවන් මේ නොසල් එකෙන්.

 

6. කොළ තුඩ (Leaf Tip)

කොළ, සහ බෝඩර්ස් දාගන්න මේ නොසල් එක පාවිච්චි කරන්න පුළුවන්. අත ගස්සන්නේ නැතුවම දාගත්තොත් ප්ලේන් කොළයක්ද පොඩි සෙලවීමක් එක්ක රැලි වැටුණ නැමි සහිත කොළද මේ නොසල් එකෙන් දාගන්න පුළුවන්.

 

7. සිදුරු කීපයක් සහිත තුඩ (Multi Opening Tip)

එක එක හැඩයේ සිදුරු කීපයක් තියෙන මේ නොසල් එක කේක් වල තණකොල ඩිසයින් එකක් දාගන්න සහ ටෙඩි බෙයා කේක් වල මවිල් ඩිසයින් එක දාගන්න හුඟක්ම පාවිච්චි වෙනව.

 

8. බාස්කට්වීව් තුඩ (Basketweave Tip)

බාස්කට් ගෙතුම එහෙම නැත්නම් බාස්කට් වීවින්ග් වලට ගන්නෙ මේ නොසල් එක. සම්පූර්ණ කේක් එකක් මේ ඩිසයින් එකෙන් කවර් කරගන්න පුළුවන්.

 

9. රිබන් තුඩ (Ribbon/ Ruffle/ Swag Tip)

රිබන්, බෝ, රැලි වැනි විශේෂ මෝස්තර මේ නොසල් එකෙන් දාගන්න පුළුවන්.

 

10. මල් මෝස්තර තුඩ (Drop Flower Tip)

එක තෙරපුමකින් සම්පූර්ණ මලක් ලැබෙන නොසල් එකක්. ෆොගෙට්මී නොට් වැනි චූටි මල් මේ නොසල් එකෙන් කරගන්න පුළුවන්.

 

11. මල් පෙති තුඩ (Petal Tip)

විවිධ හැඩයේ මල් පෙති දාගන්න මේ නොසල් එක පාවිච්චි වෙනව. ටිකක් ලොකු සයිස් පෙටල් නොසල් එකෙන් කේක් එකක සයිඩ්ස් කවර් කරන්නත් පුළුවන්.

 

12. විශේෂ තුඩ (Speciality Tip)

හාට්ස්, ක්රිස්මස් ගස්, ශෙල් ඩිසයින්ස් වගේ විශේෂිත හැඩ මේ නොසල් වලින් දාගන්න පුළුවන්. හැඩ කීපයකම නොසල්ස් තියෙනව.

 

13. බෝල හිසැති නොසල්ස් (Ball head Nozzles)

පහසුවෙන්ම කප් කේක්ස් අයිසින් කරගන්න මේ නොසල්ස් පාවිච්චි කරන්න පුළුවන්. විවිධ හැඩයන්ගෙන් මේ බෝල් හෙඩ් නොසල්ස් ලබාගන්න පුළුවන්.

 

14. රශියන් නොසල්ස් (Russian Nozzles)

සම්පූර්ණ මලක් මෙයින් පයිප් කරගන්න පුළුවන්. කප් කේක් වලට වගේම කේක් එකක මල් ඩිසයින්ස් දාගන්න මේ නොසල් එක ප්රයෝජනවත්.

 

15. අයිසින් නොසල්ස් පාවිච්චියෙන් පසු

සබන් මිශ් උණුවතුරෙන් සෝදා නැවත පිරිසිදු උණුවතුරෙන් සෝදා, වතුර බේරෙන්න තියන්න. හොඳින් වියළුනාට පස්සෙ තුඩ උඩ අතට හිටින්න ගබඩා කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *