“සාමාන්‍ය මිනිහෙක් අලුතින් පොඩියට ව්‍යාපාරයක් පටන්ගන්න කොට ඊට අවශ්‍ය මූලික වියදම හොයාගන්නෙ සමහර විට රත්තරන් බඩු උගස් කරලා, නැත්නම් දේපළක් ඇපේට තියලා. එහෙම පොඩියට ව්‍යාපාරයක් පටන්ගත්තු කෙනෙකුට නොහිතපු විදියට රුපියල් මිලියනයක තෑග්ගක් ලැබෙනවා කියන්නෙ, ඒ ව්‍යාපාරය දියුණු කරගන්න ලැබෙන වටිනා අවස්ථාවක්. ඒකයි මගේ අත්දැකීම.” මේ සිදුවීමට සම්බන්ධ වාසනාවන්තයා වේවැල්දෙණියේ, ඉහළගම, E A S S ප්‍රේමජයන්ත මහතා අප සමඟ සුහද සල්ලාපය අරඹමින් කීවේය.
“ඔබතුමා මොන වගේ ව්‍යාපාරයක ද දැනට යෙදිල ඉන්නේ?”
“තෑග්ග ලැබෙන කොටත් මම කරමින් හිටියේ මේ විසිතුරු මල් පැළ අළෙවි කිරීමේ ව්‍යාපාරයම තමයි. ඒක වැඩි දියුණු කරගන්න ලොකු ඕනැකමක් මට තිබුණා. ඕකිඩ් තවානක් හදාගන්නත් උවමනාව තිබුණා. ඒ වැඩවලට අවශ්‍ය ප්‍රමාණයට මුදල් වැය කළා. තව… වාහන ෆිනෑන්ස් ප්‍රශ්නයකුත් තිබුණා. ඒකත් ගෙවලා නිදහස් වුණා.”
“ඒ කියන්නේ, DIalog Mega වාසනාවෙන් මිලියනයක තෑග්ගක් ලැබීම නිසා ඔබතුමාගෙ ජීවිතයේ විශාල වෙනසක් සිද්ධ වුණා?”
“අනිවාර්යයෙන්ම, ඒක හරිම පැහැදිලියිනේ. හමුදා සේවයෙන් ඉවත් වුණාට පස්සෙ මගෙ ජීවිතයේ ලොකුම වෙනස ඇති කරන්න මේ තෑග්ග තමයි හේතු වුණේ. Dialog සමාගමට ගොඩක් පින්. ඒ ආයතනයට මම හෘදයංගම ස්තුතිය පිරිනමනවා. මට වෙන කිසිම කෙනෙකුගෙන් නොලැබුණු අත්වැලක් මේක.”
“ඔබතුමා සම්පූර්ණ තෑගි මුදලම ආයෝජනය කළා ද?”
“ඔව්. ඇත්තටම සම්පූර්ණයෙන්ම වාගේ ආයොජනයට තමයි වියදම් කළේ. ලක්ෂ 10ක් කියන්නෙ උත්සාහවන්තයෙකුට අලුතින් ව්‍යාපාරයක් පටන් අරගෙන, වාහනයක් එහෙමත් අරගෙන ගොඩයන්න පුළුවන් තරමෙ රුකුලක්, ඒ කියන්නෙ ලොකු අත් උදවුවක්. මට දැනුණු සතුට වචනයෙන් කියන්න බෑ. ඒ අවස්ථාවෙ හැටියට මෙහෙම විශාල මුදලක් ලැබීම මට ලොකු දෙයක්.”
“මල් පැළ ව්‍යාපාරය පටන් අරගෙන කොච්චර කල් ද?”
“අවුරුද්දක් විතර ඇති.”
“ඇයි ඔබතුමා මල් පැළ වගේ ව්‍යාපාරයක් තෝරාගන්න අදහස් කෙරුවේ?”
“මේ ව්‍යාපාරයට මම අලුත් වුණාට විසිතුරු මල් වගාවට සම්බන්ධ වුණේ හුඟක් ඉස්සර. මට ඉස්සර ඉඳලම විසිතුරු මල් වගාව ගැන ආසාවක් තිබුණා. ඒ නිසා උද්‍යාන අලංකරණය පිළිබඳ පාඨමාලාවකුත් මම හැදෑරුවා. යෞවන සමාජ මට්ටමෙන් ඒ ගැන දැනුවත් වෙලයි ඊට යොමු වුණේ. ඊට පස්සෙ මම හඳුනන සර් කෙනෙක් ළඟ වැඩ කළ නිසා, මල් පැළ බද්ධ කිරීමේ ක්‍රම ඇතුළු ශිල්ප ක්‍රම ගැන ප්‍රායෝගික දැනීමක් ලබාගැනීමේ අවස්ථාව ලැබුණා.”
“මෙවැනි තෑගි හිමි වෙන අයට උපදෙසක් දුන්නොත්…”
“දැන් මට වාහන දෙකක් තියනවා. ව්‍යාපාරය තවත් දියුණු කරගන්නයි අදහස. වාසනාවන්ත තවත් අයට මේ වාගෙ විශාල තෑගි මුදල් ඉදිරියේදි ලැබේවි. ඒත් වැදගත් වෙන්නෙ නැති නාස්ති කරගන්නෙ නැතුව ජීවිතය සාර්ථක කරගන්න ඒ මුදල් ඥානවන්ත ව යොදවන එකයි…” යනුවෙන් අප සමුගන්නා මොහොතේ ප්‍රේමජයන්ත මහතා කීවේ Dialog Mega වාසනා දිනුම් ඇදීමෙන් බිහි වන බෙහෝ ජයග්‍රාහකයන්ට ද දෙන අවවාදයක් වශයෙනි.
Leave a Reply