කාටූන් ලෝකේ අපේ හතුරො 7ක්

පොඩි කාලේ වගේම අපි දැනුත් කාටූන් එකක් දැක්කොත් අතාරින්නෙ නෑනේ. ඒත් අපි ඉස්සර ගොඩක් ආසාවෙන් බලපු කාටූන් වල අපේ හිත් රිද්දන්න හිටපු අය ගැන තමයි අද අපි කතා කරන්නෙ. ඒ කිව්වේ කාටූන් හතුරො ගැන.

 

1. සාකියා හා මොළකාරයා

Image Source – screenrant.com

අපි රජ ඉබ්බො කියන්​නෙ ඒ කාලෙ ෆේමස් කාටූන් එකක්නේ. මේකේ ඉන්න රජ ඉබ්බෝ හතර දෙනා කාටත් මතක ඇතිනේ. ඊටත් වඩා හැමවෙලේම මෙයාලට කරදර කරන, ලෝක පාලනය අතට ගන්න ට්‍රයි කරන කෙනෙක් තමා මේ සාකියා. එයාගෙ බොස් තමා මොළකාරයා කියන්නේ. මේ දෙන්න එකතුවෙලා නවීන විද්‍යාව උපයෝගී කරගෙන කරන දේවල් නිසා රටේ ජනතාව වගේම රජ ඉබ්බො ටිකත් ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. අපිට උනත් ඒ කාලේ මෙයාලව පෙන්නන්න බෑනේ. රජ ඉබ්බන්ගේ මාස්ටර්ගේ ස්වරූපය වෙනස් කරලා වෘක පෙනුමක් ක​ළේ මේ සාකියයි මොළකාරයයි තමා ඉතින්. හැමදාම රජ ඉබ්බො ටික එකතු වෙලා මේ දෙන්නව පරාද කරන එක තමා ඉතින් වෙන්නේ. අපි​ට හරී සතුටුයි නේද එතකොට?

 

2. රොබෝ ටික්කා

සොනික් කතාවේ රොබෝටික්කා කියන්නෙ සොනික්ලගේ පරම හතුරා. සැලී කුමරියයි සොනික්ගේ සෙට් එකයි එකතු වෙලා මේ රොබෝ ටික්කා උතුමාණන්ව පරද්දවන්න තමයි උත්සහ කරන්නේ. සොනික් කියන්නෙ ගොඩක් වේගෙන් යන්න එන්න පුළුවන් කෙනෙක්නේ. එයාගේ ඒ වේගේ නිසා එයාලට මේ වැඩේ ගොඩක් පහසුයි. හැබැයි රොබෝ ටික්කා නම් ගේම අතාරින්නෙම නෑ. එයාට ලොකු බලයක් තියනවා. එයා උතුමාණන් කෙනෙක්නේ. එයා මෙයාලට අනතුරක් කරන්නයි හැමවෙලේම බලන්නේ. අපි හැමදාමත් වීරයගෙ පැත්තෙනෙ. ඉතින් අර බත​ල රොබෝ ටික්කා පරාද වෙනවා අපි බලන් ඉන්නෙ ගොඩක් ආසාවෙන්. එහෙම නේද ඔයාලත් ඉස්සර?

 

3. සීසර් ඇතුළු රෝමන්කාරයෝ

Image Source – screenrant.com

නම ඇහුවමත් අපිට හිනා යනවා නෙහ්? හම්මෝ ඒ කාලේ ජනප්‍රියම කාටූන් එකක්නේ සූර පප්පා කියන්නේ. ඒ වගේම ජනප්‍රියයි රෝමන්කාරයොත්. ගෝල් දේශේ, ඒ කියන්නෙ සූර පප්පලෑ ගම යටත් කරගන්න සීසර්ගේ ගෝලයෝ හැමදාම ට්‍රයි කරනවා. ඒත් කවදාවත් එයාලට ඒක කරගන්න ලැබෙන්නෙ නෑනේ. රෝමන් කාරයින් සියදහස් ගාණක් ආවත් සූර පප්පයි ජිම් පප්පයි ඇතුළු පප්පා ගමේ කට්ටිය එකතු වෙලා මැජික් අරිෂ්‍ඨයේ බලෙන් උන්ව පන්නලා දානවා. රෝමන්කාරයො එක එක විදියට මේ ගෝල් දේශය යටත් කරගන්න උත්සහ කළත් සීසර්ට කවදාවත්ම කරන්න බැරි උන වැඩේ තමයි මේක යටත් කරගන්න එක. රෝමන්කාරයොත් ඉතින් පිම්​බත් වැටෙන සයිස් එකට නෙව ඉන්නේ. ඒකත් ඉතින් එක හේතුවක් තමා.

 

4. මඩයා ඇතුළු ෆැමිලි එක

අපි හරි ආසාවෙන් බලපු කාටුන් එකක්නේ පැංචා  කාටූන් එක. ඒකෙ පැංචගේ යාලුවො සෙට් එකේ එක්කෙනෙක් උනත්, මේ මඩයා කැමති නෑ පැංචා කරන වැඩ වලට. ඒ වගේමයි එයාගේ මුළු පවුලම ඉන්නෙ පැංචලාට විරුද්ධව. අර හැලයයි සීදේවිගෙයි ගැට වලට අහුවෙලා හැමදාම බේරගන්න එන්නෙත් පැංචලම තමා. ඒත් මඩයා ඉන්නෙ ඉතින් හරහටමයි. මඩයා කිව්වම දන්න​වනේ ​ඒ ඌරු ෆැමිලි එක? ඉන්නෙත් මඩ ගොඩේමයි.

 

5. ටොම්

ටොම් ඇන්ඩ් ජෙරී කතාවේ ටොම් කියන්නෙ පූසෙක්. ජෙරී ඉතින් මීයනේ. මේ මී පැට්ටව අල්ලගන්න නොවිඳිනා දුක් විඳින්නෙ මේ ටොම් තමයි. හැබැයි මේ දෙන්නට දෙන්නා නැතුවත් බෑ, ඇතුවත් බෑ. ටොම් ගහන ප්ලෑන් මේ ජෙරියව මාට්ටු කරගන්න. හැබැයි එකක්වත් වැඩ කරන්නෙ නෑ ඉතින්. ජෙරියත් ඉතින් එසේ මෙසේ බඩ්ඩක් නෙමෙයි. එයා කරන්නෙ ඊ​ට එහා වැඩ. මෙයාලගෙ මේ කතාව බලනකොට ඉතින් වෙලාවකට අපිට ටොම් ගැන තරහකුත් ඇති වෙනවා. සමහර වෙලාවට දුකකුත්. ඇයි අනේ කරන කරන වැඩේ චොර වෙලා යනවනේ. ඒ උනත් එයාගෙ අරමුණ හොඳ එකක් නෙමේ නිසා අපිට හිතින්වත් ටොම්ට උදව් කරන්න හිතෙන්නෙ නෑ නෙහ්?

 

6. බබාලන්තේ කුරුමිටි ලොක්කා

Image Source – youtube.com

බබාලන්තේ කියන්නෙ ඉස්සර කොච්චර ආසාවෙන් බලපු කාටූන් එකක්ද? චූටි බබාලා පාලනය කරන නගරයක්නේ මේක. මේකෙ අය කොච්චර සතුටින් හිටියත් මෙයාලගේ සිටි එකට උඩින් අහස් යානයක ඉඳන් ගේම් ගහන කුරුමිටි ලොක්කා හැම වෙලේම බබාලන්තේ ගැන ඇහැ ගහගෙනමයි ඉන්නේ. එයාලා අලුතෙන් මොනවහරි හැදුවත් ඒක මෙයාට අරගන්නයි ඕනේ. ඒ වගේම බබාලන්තේ පාලනය කොහොමහරි මෙයාගෙ යටතට ගන්න හදන නපුරු කෙනෙක් තමයි මෙයා. මෙයාගෙ සහචරයින් සෙට් එක කුරුමිටි බබාලා කියලයි හඳුන්වන්නේ. බබාලන්තෙ අයට වැඩි​ය වැඩි බලයක් මෙයාට තියන නිසා සතුරු ආක්‍රමණ වැඩියෙන් එල්ල කරනවා. අනේ ඒත් බබාලන්තෙ සෙට් එක හැමවෙලේම සූදානම් වෙලා ඉන්නෙ මේවට මුහුණ දෙන්න. ඒ වගේ ලස්සනට යන කතාවේ මේ වගේ සතුරෙක් හිටියේ ඇයිද මන්දා නෙහ්?

 

7. සාජන් – පිස්සු පූසෝ

Image Source – youtube.com

‘පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ…’ කොහේ හිටියත් ටීවී එක ඉස්සරහට දුවගෙන එන්න මේ ටික ඇහුනම ඇතිනෙ අපිට. පිස්සු පූසා තමා කතාවේ ප්‍රධානියා. මෙයාට ගෝල බා​ලයො සෙට් එකක් ඉන්නවා. මේ කට්ටිය එකතු වෙලා කරන වැඩ වලට ඉන්න ප්‍රධාන බාධකේ තමයි සාජන් මහත්තයා. කොයි වෙලේ බැලුවත් පූසො ටික පස්සෙන්මයි. ඒත් පූසෝ කරන්නෙත් ම​හ විකාරනේ. ඕවා පෙන්නන්න බෑ සාජන්ට. ඒකයි අවුල. මේ විදියට තමා මේ කතාව ඇදිලා යන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *