සෙස් චැට් ඕකේද? කොහොමද සෙ(ක්)ස් චැට් කරන්නේ?

සෙක්ස් චැට්, එහෙමත් නැතිනම් අපේ සමහර අයියලා කියන විදියට සෙස් චැට් කියන්නේ මහ අමුතු, නොදන්න දෙයක් නෙවෙයිනේ. හැබැයි ඉතින් ඕක හරියටම කරගන්නේ කොහොමද කියන එක නම් හැමෝම දන්නවයි කියන්න බෑ. හරි ඒක එහෙම වෙච්චාවෙකො. එහෙමයි කියලා අධෛර්‍යමත් වෙන්න ඕනැන්නෙ නෑ. අපි කියලා දෙන්න ලැහැස්තියි හරියට සෙක්ස් චැට් එකක් කරගෙන යන්නේ කොහොමද කියලා. හැබැයි ඉතින් හරියට එක පියවරක්වත් අත නොහැර වැඩේ කරගෙන යන්ඩෝනෑ. හරි එහෙනං පටාං ගමු!

 

1. කාත් එක්කද සෙක්ස් චැට් කරන්නේ?

මේන්න මේක තමයි මේ ආටිකල් එකේ වැදගත්ම කොටස. දැන් අපි දකිනවා සමහර වෙලාවට ගෑණු ළමයෙක් ෆොටෝ එකක් දැම්ම ගමන් සමහර අයියලා ඒකට කමෙන්ට් කරනවා “සෙස් චැට් ඕකේද?” කියලා. ආන්න එව්වා හරි හිරිකිතයිනේ. අන්න ඒ නිසා මතක තියාගන්න, සෙක්ස් චැට් ෆේස්බුක් එකේ හරි වෙන ඕනම එකක හරි ඉන්න ඕනම ඩයල් එකක් එක්ක කරන්න යන්න බෑ. එහෙම උත්සාහ කරන එකත් ලිංගික හිරිහැරයක් විදියට තමයි ගණන් ගැනෙන්නේ. ඕන නම් දිගින් දිගටම එහෙම සෙක්ස් චැට් කරන්න වාත වෙන උන්දැලව නීතිය ඉස්සරහට ගේන්නත් පුළුවන්.

එහෙමනම් කාත් එක්කද සෙක්ස් චැට් හරියන්නේ? හරියටම හරියන්නෙ නම් තමන්ට බහ දීලා ඉන්න ගෑල්ලමයා හෝ පිරිමි ළමයා එක්ක තමා. ඕන නං කරකාරෙට ගත්තු නෝනා හරි මහත්තයා හරි එක්ක සෙක්ස් චැට් කරන්නත් පුළුවන්. එහෙමත් බැරි නම් ඉතින් අඩූම තරමින් තමන්ට කැමැත්තක් තියෙනවාය කියලා අඩුම තරමින් කට වචනෙන් හෝ කැමැත්ත දීපු කෙනෙක් එක්ක තමයි සෙක්ස් චැට් වලට යන්න ඕන. මෙන්න මේක බොහොම වගකීම් සහගත විය යුතු තැනක්. ඒ වගේම තමන්ගේ පරිස්සමටත් ඒක හොඳයි!

 

2. කෙලින්ම එන්ටර් එපා!

සමහරුන්ට අර සංවාද කුසලතාවය කියන නහරේ පිහිටලා නැහැනේ. ඉතින් එහෙම හාදයෝ කෙලින්ම චැට් එක පටන් ගත්තු ගමන් අහයි “හායි ඔයා මොකද්ද ඇඳලා ඉන්නෙ” කියලා. ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ තමයි එතනින්ම කතන්දරේ ඉවර වෙන එක. තමන්ගේම කසාද නෝනා වුනත් එක පාරටම ඔහොම අහපු ගමන් ෆුල් සරාගී මූඩ් එකකට එන්නෙ නෑ. ඒ වෙනුවට බලයි මේ මිනිහට මොන මදන යකා වැහිලද කියලා.

අන්න ඒ නිසා කතාව නිකම් සාමාන්‍ය දේකින් පටන් ගන්න. හැබැයි බරසාර මාතෘකා දිහාට කතාව ගෙනියන්නත් එපා. මොකද සමනළ ආචරණය වගේ බරසාර ටොපික් එකකට ගිහින් ඉන් පස්සේ සෙක්ස් චැට් දිහාට එන එක ටිකක් අමාරුයි ආධුනිකයෙක්ට. හැබැයි සාමාන්‍ය දේකින් කතාව පටන් ගන්නවා කියන්නේ බෝරින් කතාවක් කියන එකත් නෙවෙයි. හොඳම දේ තමයි දවසේ වුණු දේවල් ගැන අහන එක. ඒ වගේම වැඩියෙන් එයාට සවන් දෙන එක.

 

3. ටැග් ලයින් එකක්

ගොඩක් දෙනෙක්ගේ ජනප්‍රිය සෙක්ස් චැට් පටන් ගන්න ලයින් එක තමයි අපි උඩින් කිව්වේ. “මොනවද ඔයා ඇඳලා ඉන්නේ?”!! හැබැයි ඉතින් ඕක විතරයිම නම් සෙක්ස් චැට් එකක් පටන් ගන්න තියෙන්නේ ඒක කණගාටුවට කරුණක්. සෙක්ස් චැට් එකකට ඊට වඩා සන්නිවේදන කුසලතා ඕන කරනවා. ඒ නිසා එක ලයින් එකක් නැතුව ලයින් ගණනාවක් තියාගන්න. ඕන නම් කියන්න පුළුවන් “මම මේ නෝටි ෆිල්ම් එකක් බල බල හිටියෙ” කියලා. එහෙම කියනකොට ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් දන්නවා මූ මොකාටද හැරෙන්නේ කියලා. එහෙම නොතේරෙන නෑඹුල් ලව් එකක කෙනෙක්, පොඩ්ඩක් ලැජ්ජාවෙන් ඇඹරිලා සද්ද නැතුව හිටියොත් එහෙම කියන්න පුළුවන් “මේකේ ඔයා වගේම සෙක්සි ළමයෙක් ඉන්නවා” කියලා!

 

4. පුදන කොටම කාපි යකා!

සමහරු ඉන්නවා, අනික් පැත්තෙන් සෙක්ස් චැට් එකට කොළ එළිය වැටුණු ගමන් ඉහිලුම් නැතිවෙනවා. කෙලින්ම වැඩේට බහින්න තමයි එතකොට ඒ අයට ඕන. එක්කෝ පැනපු ගමන් “ඔයාගෙ පොටෝ එකක් එවන්නකෝ” කියයි. එහෙම නැතිනම් “ඔයාට මම මෙහෙම කරනවා, අරෙහෙම කරනවා” කියලා ලොකු එකෙන්ම එන්ටර් වෙයි. ආන්න ඒක තමන්ගේම වයිෆ් එක්ක වුනත් නොකළ යුතු දෙයක්. ඒ කියන්නේ මේකයි. දැන් ඔය සෙක්ස් කරනවා කියන එක බොහොම හෙමින් පියවරෙන් පියවර ඉස්සරහට යන්න ඕන දෙයක්නේ. ෆෝර්ප්ලේ කියලා කියන්නේ ඕක තමයි. අන්න ඒ හුරුව තියෙන්න ඕන සෙක්ස් චැට් කරනකොටත්. ටික ටික රාගය අවුස්සමින් ටිකෙන් ටික ඉස්සරහට යනකොට තමයි ඒකේ ගතිය තියෙන්නේ.

 

5. මොකුත් ඇඳලා නැති පොටෝ එකක්!

මෙන්න මේක ටිකක් සංවේදී කාරණාවක්. සෙක්ස් චැට් සහ නියුඩ් ෆොටෝ කියන්නේ බොහොම ලඟින් තියෙන දේවල් දෙකක්. ඇත්තටම සෙක්ස් චැට් එකක් වඩාත් රසවත් කරන්නත් පුළුවන් නියුඩ් ෆොටෝස් වලට. හැබැයි නියුඩ් ෆොටෝස් හුවමාරු කරගන්න එක අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් අතිශයින්ම විශ්වාසවන්තයන්ට විතරයි. මේ විශ්වාසවන්ත කියන්නේ සතියකට කලින් ෆේස්බුක් එකේ මුණගැහිලා, චැට් එකෙන් අයි ලව් යූ කියපු අයියට නියුඩ් ෆොටෝස් යවන එක නෙවෙයි. අන්න ඒක තේරුම් ගත යුතුයි. මේ කියන්නේ ඊට වඩා, ලොකු කාලයක් එක්ක ලොකු විශ්වාසයක් ගොඩ නැගුණු කෙනෙක් වෙන්න ඕන කියන එක. ඒ වගේම කොයි තරම් විශ්වාසවන්තයෙක් වුනත්, මැටි හරකෙක් විදියට ක්‍රියාකරයි කියලා සැකයක් තියෙන නිසා, ප්‍රයිවසි එක උපරිම තියෙන ඇප් එකක් පාවිච්චි කරලා ඔව්වා යැව්වට කාරි නෑ. අනික පුළුවන් නම් එහෙම යවන ෆොටෝ සේව් කරගන්න බැරි ප්ලැට්ෆෝම් එකක් පාවිච්චි කරලා, නියුඩ් ෆොටෝ එක අනික් පැත්තේ කෙනා දැක්කට පස්සේ දෙපැත්තෙන්ම එක පාර ඩිලිට් කරලා දාන්නත් පුළුවන්.

 

6. මොකවත් කරනවද?

දැන් ඔය සෙක්ස් චැට් වගේ දෙයක් කරන්නේ සෙක්ස් ගැන ඉගෙනගන්නද? නැහැනේ. එතන තියෙන්නේ ලිංගික තෘප්තිය ලබාගැනීම. එතකොට ඔය ලිංගික තෘප්තිය ලබාගැනීම කියන කතන්දරේදී මානසිකව විතරක් නෙවෙයි, ශාරීරිකවත් ඕක අවශ්‍ය වෙනවනේ. ඒ කියන්නේ කොටින්ම සෙක්ස් චැට් වගේ සීන් එකක් අතරේ ස්වයං වින්දනයක් වගේ දෙයක් වුනත් ගැටළුවක් නැහැනේ. හැබැයි එහෙම දෙන්නම හරි එක්කෙනෙක් හරි ස්වයං වින්දනය කරනවා කියන එක අනෙකාත් දන්නවා නම් වඩාත් හොඳයි. ඒ වගේම දෙන්නම ස්වයං වින්දනයකට යනවා නම්, තමන්ගේ වැඩේ ඉවර වුනාට පස්සේ තමන්ගේ වයිෆ්ට වුනත් චැට් එකෙන් බායි කියලා යන එක නම් අප්සට්. සෙක්ස් චැට් එකක් කියන්නේ දෙන්නෙක්ගේ කාරියක්. ඒකෙදී දෙන්නම සතුටක් ලැබිය යුතුමයි.

 

7. ඉගෙනුම් මාධ්‍යයක් විදියටත් හොඳයි!

ඒ කුණුහරුපෙ මොකද්ද? මෙහෙමයි. දැන් අපි කියමු සෙක්ස් චැට් කරන්න යන්නේ එකිනෙකා එක්ක ආදරෙන් බැඳුණු, ඒත් තාම ඇත්තට මොනවත් කරලා නැති, කරන්න ආසාව තියෙන කපල් එකක් කියලා. මේ වගේ දෙන්නෙක් අතර ලිංගිකත්වය සම්බන්ධයෙන් සෑහෙන්න කථා බස් ඇතිවිය යුතුයි. ඒ කියන්නේ තමන් ආස දේවල්, අනික් කෙනා ආස දේවල්, අනික් කෙනා තමන් කරනවට ආස දේවල් වගේ එකිනෙකාගේ ලිංගික රුචි අරුචි කම් ගැන හොඳ අවබෝධයක් දෙන්නටම ඇති වෙන්න ඕන, විවාහ වෙන්න කලින්. ඉතින් ආන්න ඒ වගේ දේවල් සාකච්ඡා කරන්න සෙක්ස් චැට් තරම් ෆන් අවස්ථාවක් තියෙනවද? නිකම් “අපි කොහොමද අපේ පුංචි ගෙදර හදාගන්නේ?” වගේ දෙයක් සාකච්ඡා කරනවට වඩා, බොහොම සංවේදී, සරාගී මට්ටමකින් දේවල් සාකච්ඡා කරන්න, තමන්ගේ ආදරවන්තයාගේ/ආදරවන්තියගේ ලිංගික රුචි අරුචිකම් ගැන ඉගෙන ගන්න සෙක්ස් චැට් එකකින් පුළුවන්!

 

එහෙමනම් මතක තියාගන්න, සෙක්ස් චැට් කරන්න ඕන සම්පූර්ණයෙන්ම නාඳුනන අහඹු ඩයල් එක්ක නෙවෙයි. තමන්ට යම් ගමනක් යන්න පුළුවන් කියලා ෂුවර් මනුස්සයෙක් එක්ක. එහෙම නැතුව නාඳුනන ඩයල් එක්ක සෙක්ස් චැට් එකට යන එකෙන් ආතල් කුඩු වෙලා, රෙදිත් ගැලවෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *