මාසිකව සිදුවන ඔසප් වීමේ දී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

මාසික ව සිදුවන ඔසප් වීම නැත්තම් සිංහල භාෂාවෙන් කියන පීරියඩ්ස්වල දී සමහර අපේ කාන්තා උදවිය අපා දුක් විඳිනවා. ඒ වේදනාව සමනය කරගන්න හැටි ගැන ලියවුණ අපේ ලියම​න මෙතනින් බලතෑකි.

අද මේ කියන්නේ මේ සියලු කාරණා කැටි කරලා ගත්තාම පොදුවේ සැලකිලිමත් විය යුතු දේවල් ගැනයි.

1. පිරිසිදුකම

Image Source – flo.health

අංක එක මේකයි. සනීපාරක්ෂක තුවාය වේවා භාවිත කරන කපු රෙද්ද වේවා ඉතා පිරිසිදු වෙන්න ඕනි. ඒක පිරිසිදු වෙලා විතරක් මදි ඉතින්. නිරන්තර රුධිර වහනය එක්ක යෝනි මාර්ගය සහ ඒ අවට ප්‍රදේශය අපිරිසිදුවයි තියෙන්නේ. හරිහැටි සෝදා පිරිසිදු නොකිරීමෙන් වෙන්නේ තමන්ට ම දරාගන්න බැරි තරමේ දුර්ගන්ධයක්, කැසිල්ලක් සහ ඒ එක්ක ම අප්‍රියතාවක් ඇති වෙන එකයි. ඉතින් දොස්තර මහත්තුරු නම් කියන්නේ අවම වශයෙන් දවසට දෙපාරක්වත් හොඳින් සෝදන්න කියලයි. මේ සේදීමේ දී සබන් භාවිත කරනවට වඩා යෝග්‍ය නිකන්ම වතුර විතරක් භාවිත කරන එකයි. මොකද සබන් භාවිත කරොත් හිතකර බැක්ටීරියා පවා නැති වෙන්න පුළුවන් නිසා.



2. සනීපාරක්ෂක තුවා මාරු කිරීම

මුල් දවස් කීපයේ වේවා නැතා වේවා සනීපාරක්ෂක තුවායක් පැය 4කට වඩා ඇඳන් ඉන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ ඇයි ද කියනවා නම් ​ඒකට එකතු වුණ රුධිරයේ බැක්ටීරියාවක් වර්ධනය වෙලා දුර්ගන්ධයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි වීම. යෝනි ප්‍රදේශයටත් දාඩිය දානවා. උණුසුම් ව තියෙනවා. රුධිරයත් තියෙනවා. ඇහැට නොපෙනෙන ක්ෂුද්‍රජීවීන්ට හිතේ හැටියට ඉන්න පුළුවන්. ඒ වගේ ම මෙහෙම පැය ගණනකට වරක් තුවාය මාරු කිරීමෙන් රුධිරය අනවශ්‍ය විදියට එහෙ මෙහෙ ගෑවෙන්න තියෙන ඉඩත් නැති වෙනවා.

3. සනීපාරක්ෂක තුවා ඉවතලීම

භාවිත කරලා අවසන් වුණ තුවායක් කෙහෙල් ගෙඩියක ලෙල්ල විසි කරනවා වගේ එහෙ මෙහෙ දාන්න ඕනි දෙයක් නෙවෙයි. කුණු බඳුනකට දාන්න කලින් තුවායේ ආවරණය අරගෙන ඒකෙන් ඉතා හොඳින් තුවාය ආවරණය කරන්න ඕනි ආයෙ නිකන් සීල් තිබ්බා වගේ. සමහර ඒවායේ නම් ගම් සහිත ආවරණයක් තියෙනවා. එහෙම නැති නම් පත්තර කොළ කෑල්ලක එතුවත් කමක් නෑ. නිකන් ම විසි කිරීමෙන් දුර්ගන්ධය ඇති වෙන්නත් පුළුවන්.



4. ලිංගිකව එකතු වීම

ඔසප් වීම වන අතර සංසර්ගයේ යෙදෙන එක එපා කරපු දෙයක් වගේ චිත්ත රූප මැවුණට එයින් වෙන තරමක් වාසි වෙනවා. අධික වේදනාව, හිසරදය නැති වෙනවා වගේම ඉතාම අඩු දවස් කීපයකින් ඔසප් වීම අහවර වෙන එකත් වෙනවා. හැබැයි කොන්ඩම් එකක් පාවිච්චි කරන්න වෙනවා. හැම තැන ම රුධිරය ගෑවීමෙන් වෙන අපිරිසිදුබවට වඩා වෙන එකක් තියෙනවා. ඒ තමයි මේ අපිරිසිදු රුධිරයේ ඉන්න ජීවින් නිසා ලිංගිකව ඇති වෙන HIV වගේ රෝග ලෑල්ලට පාගලා සම්ප්‍රේෂණය වෙන්න තියෙන ඉඩ. ඉතින් දෙයියනේ කියලා කොන්ඩම් එකක් පාවිච්චි කරන්න.

 

5. ස්නානය කිරීම පුරුද්දක් කිරීම

අපි පළවෙනි එකේම කතා කළ පිරිසිදුකමත් එක්ක ම තමයි මේ කතාවත් යන්නේ. මිත්‍යා මතයක් තියෙනවා මේ කාලයට ස්නානය කිරීම කාන්තාවට අකැපයි කියලා. ඒක ඇත්තටම ඉන්දියාවේ ඉඳන් ආපු එකක්. ඒ ඔවුන් පූජනීයත්වයෙන් අදහපු ස්ථානවල ජලය අපවිත්‍ර වෙනවා කියලා. ඒත් දැන් ගෙදරම හදපු කෑම කාමර තරම් විශාල නාන කාමර තියෙන නිසා වැඩි වෙලාවක් අරගෙන නාලා යෝනිය පිරිසිදු කරන්න පුළුවන්.

 

6. අනවශ්‍ය කලබලයෙන් නිදහස් වෙන්න

ඔසප් වීම ළං වෙන්න දවස් කීපෙකට කලින් තමයි හිතේ වේදනාව ඇති වෙන්නේ. එහෙම මහා බරපතල දෙයක් විදියට කිසිම දෙයක් ගන්න නරකයි. සාමාන්‍ය සිද්ධියක් විදියට සැහැල්ලුවෙන් අරගත්තම ඇත්තටම වේදනාව සමනය වෙනවා. ලෙඩේ හිතේ තියාගත්තොත් ලෙඩ ම තමයි.

7. ඉවතට යන රුධිර ප්‍රමාණය

දවස් හතරක විතර ඔසප් චක්‍රයේ දී තේ හැඳි 16ක වගේ ප්‍රමාණයක් රුධිරය ඉවතට යනවා. ඉතින් ඒ නිසයි ජලය සහ යකඩ මිශ්‍ර ආහාර අනුභවය සෙල්ලමක් දක්වා යන්නේ. මේ කාලෙ විජලනයකට ලක් වෙනවා නැත්තම් වෙන්න ඉඩ දෙනවා කියන්නේ දේව සාපයක්. මේ නිසා හොඳින් වතුර බොන්න මතක තියාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *