මානසික රෝගයක් එහෙමත් නැත්තම් මානසික අසමතුලිතතාවයක් කිව්වම අපි හැමෝටම ඉස්සෙල්ලම මතක් වෙන්නේ පිස්සුවක් කියන වචනෙනෙ. ඔව්, ලංකාව ඇතුළෙනම් ඇත්තටම මානසික ගැටළුවක් තියෙන ඕනෙම පුද්ගලයෙක් පිස්සෙක් විදිහට තමයි සැලකෙන්නෙ. හැබැයි මේ මානසික රෝග කියල කියන්නෙ අපි හිතන තරම්ම දරුණු එහෙමත් නැත්තම් සමාජෙන් කොන් කළ යුතු අවස්ථාවන් නෙමෙයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි හුඟ දෙනෙක් මොකක්ම හරි විදිහක මානසික ගැටලුවකින් පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම තමයි මේ මානසික රෝග ගැනත්, මානසික සෞඛ්‍ය ආරක්ෂා කිරීම ගැනත් අද කාලේ හුඟක්ම සමාජයේ බහුලවම කතාබහට ලක්වෙන්නෙ. ඉතින් අපිත් හිතුව අපේ සමාජයේ වැඩි වශයෙන්ම දකින්න තියෙන මානසික රෝග කිහිපයක් ගැන විස්තර කතා කරන්න.
1. කාංසාව
Anxiety Disorder එහෙමත් නැත්තම් කාංසාව විදිහට හඳුන්වන මේ මානසික ව්‍යාධි තත්ත්වය සමාජයේ පුද්ගලයන් අතර බොහොම සුලභව දකින්න පුළුවන්. මේ මානසික තත්ත්වය තියෙන පුද්ගලයින් තමන්ගේ අවට පරිසරයේ සිදුවෙන බොහෝ සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන්නෙ බයෙන් සහ බොහොම කලබලකාරී විදිහට. සුළු මට්ටමේ ඉඳන් තමන්ගේ ප්‍රතිචාර හෝ ආවේග පාලනය කරගත නොහැකි දරුණු මට්ටමක් දක්වා මේ රෝගය උත්සන්න වෙනවා. මුල් අවධියේදී සමහර සිදුවීම් වලදි අනවශ්‍ය ලෙස ඇතිවෙන හෘද ස්පන්දනය, දහදිය දැමීම වගේ ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම මේ තත්ත්වයේ ලක්ෂණ විදිහට කියන්න පුළුවන්.
2. මනෝව්‍යාධි තත්ත්වය
මේ මනෝ ව්‍යාධි තත්ත්වය විදිහට හඳුන්වන්නේ විකෘති වැටහීම් සහ සිතුවිලි වලින් සමන්විත වීම. ඒ කියන්නේ තමන් අවට ඇත්තටම පවතින්නේ නැති ශබ්ද හෝ රූප ඇසීම හෝ පෙනීම, නොයෙක් කටහඬවල් වලින් තමන්ට කතා කරන බව සිතීම, ඒ වගේම වැරදි මතයන් තරයේ විශ්වාස කිරීම වගේ දේවල්. නමුත් ඇත්තටම හොයල බැලුවොත් ඔවුන් මේ කියන ශබ්ද හෝ රූප වලට කිසිම ප්‍රායෝගික සාක්ෂියක් නැහැ. මේ මනෝව්‍යාධික එහෙමත් නැත්තම් psychotic disorder කියන තත්ත්වයේ උදාහරණයක් තමයි භින්නෝන්මාදය කියන්නෙ. ඒ කියන්නේ සමාජයෙන් තනිවෙලා තමන් විශ්වාස කරන රූප, ශබ්ද සමඟ ගනුදෙනු කරමින් ජීවත් වෙන තත්ත්වයක්.
3. ආවේග දරාගැනීමේ නොහැකියාව
මේ තත්ත්වය සමාජයේ බොහෝ දෙනෙක් අතරේ පොදුවේ දකින්න පුළුවන් තත්ත්වයක්. සුළු මට්ටමින් තියෙන අවස්ථාවේදී මානසික ගැටළුවක් බව හඳුනාගන්න පවා අපහසු තත්ත්වයක්. මේ පුද්ගලයින්ට තමන්ට හෝ අවට ඉන්න වෙනත් කෙනෙකුට හානියක් වියහැකි සිදුවීම් වලට තමන් තුළින්ම විරුද්ධත්වය දක්වන්න, ඒ කියන්නේ ඒ අදාළ දේ නොකර ඉන්න හැකියාවක් නැහැ. හදිසියේ ඇතිවෙන පෙළඹවීම මත ගිනි තැබීම, සොරකම් කිරීම් වගේ දරුණු ක්‍රියාවන් වලට යොමු වෙන්න මොවුන් පෙළඹෙනවා. මේ තත්ත්වය ඇති පුද්ගලයින් බොහෝවිට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමත් දකින්න පුළුවන්.
4. ADHD
ADHD එහෙමත් නැත්නම් Attention Deficit Hyperactive Disorder කියන්නෙ පුද්ගලයෙකුගේ ස්නායු සංවර්ධනයට සෘජුවම සම්බන්ධකමක් තියෙන තත්ත්වයක්. අවධානය යොමු කිරීමේ නොහැකියාව, අධික ක්‍රියාකාරී බව, පසු ප්‍රතිඵල ගැන අවබෝධයකින් තොරව යම් යම් ක්‍රියාවන්හි යෙදීම වගේ ලක්ෂණ මේ තත්ත්වයෙදී දකින්න පුළුවන්. මේක ගැන හොඳ අවධානයකින් පසුවුනොතින් දරුවෙක් පුංචි කාලෙදිම හඳුනාගන්න පුළුවන් තත්ත්වයක්. මේ රෝගයේ ලක්ෂණ දරුවෙක් අවුරුදු 12ක් පසුකරන්න කලින් පෙන්නුම් කරනව. පාසල් විෂය සම්බන්ධ ක්‍රියාකාරකම් වලින් හෝ ගෙදරදී දක්වන අසාමාන්‍ය ලක්ෂණ වලින් රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට යොමු වෙන්න පුළුවන්.
5. භීතිකාව
භීතිකාව එහෙමත් නැත්තම් Phobia කියන්නෙ අපි මුලදී කතා කරපු කාංසාව කියන රෝගයේ ප්‍රධානම තත්ත්වයක්.ඒ කියන්නේ පුද්ගලයෙකු තුළ පවතින තර්කානුකුල නොවන අධික බිය. මේ තත්ත්වයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. යම්කිසි ක්‍රියාවකට දක්වන අහේතුක බිය, සමාජයේ පුද්ගලයින් සමඟ ගැවසීමට ඇති බිය, සමහර ස්ථාන වලදී ඇතිවෙන අධික කලබලකාරී තත්ත්වය. සර්පයන්, කැරපොත්තන් වගේ සතුන් කෙරෙහි දක්වන බිය වගේ සුළු සුළු තත්ත්වයන් උනත් මේ භීතිකාව කියන තත්ත්වයට ඇතුළත් උනත් ඒ දේවල් එදිනෙදා ජීවිතයට ලොකු බලපෑමක් නොකරන නිසා ලොකු ගැටළු විදිහට සැලකෙන්නෙ නැහැ. නමුත් කලින් කියපු තත්ත්වයන් නම් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු මානසික මට්ටමක් විදිහට තමයි සැලකෙන්නෙ.
6. චිත්ත වික්ෂේපය – Dementia
මේක ප්‍රධාන වශයෙන්ම මොළය කේන්ද්‍ර කොටගෙන ඇතිවෙන තත්ත්වයක්. පුද්ගලයෙකුට එදිනෙදා ජීවිතය සාමාන්‍ය විදිහට ගත කරන්න අපහසු වෙන මට්ටම දක්වාම සිතීමේ සහ මතක තබා ගැනීමේ හැකියාව දුර්වල වීම තමයි චිත්ත වික්ෂේපය එහෙමත් නැත්තම් Dementia කියල හඳුන්වන්නෙ. භාෂා හැසිරවීමේ අපහසුව, කිසිම ක්‍රියාවක් සඳහා පෙළඹවීමක් නැති වීම වගේ දේවල් මේ රෝගය නිසා කෙටි කාලීනව ඇතිවෙන්න පුළුවන්. දැනට පවතින සිහියේ මද භාවයක් හෝ ගැටළුවක් මේ රෝගය නිසා ඇතිවෙන්නෙ නැහැ. නමුත් මතකය සහ සිතීමේ හැකියාව තමයි දුර්වල වෙන්නේ.
7. විෂාදය
මෙන්න මේ රෝග තත්ත්වයනම් ලංකාවේ අපි ඕනතරම් අහල ඇති. ඒ තරමටම විෂාදය ගැන අපි කතාබහ කරනව සමාජයේදී. මොකද කිව්වොත් ඒ තරම්ම සුලභ හැබැයි කතාකරන්න හෝ පිළිගන්න බය තත්ත්වයක් මේක. තමාට බාහිර සමාජයෙන් එල්ලවෙන විවිධ බලපෑම් මත ඇතිවෙන්න පුළුවන් මේ තත්ත්වය දිගුකාලීනව පැවතුනොත් සහ නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවුනොත් සියදිවි නසාගැනීම් වගේ දරුණු ක්‍රියාවකට පවා යොමුවෙන්න පුළුවන් තත්ත්වයක්. අධික ශෝකය, දුර්වල පෙළඹවීම, කලින් කැමැත්තෙන් කරපු ක්‍රියාකාරකම් වලට දක්වන අකමැත්ත, ආහාර අරුචිය, නින්ද අඩුවීම වගේ ලක්ෂණ මුල් අවධියේදී දකින්න පුළුවන්. මුල්ම අවධියේදී හඳුනාගත්තොත් උපදේශන මාර්ගයෙනුත්, තත්ත්වය උත්සන්න වෙලා තියෙන අවස්ථාවකනම් උපදේශනයත් එක්ක වෛද්‍ය ප්‍රතිකාර මඟිනුත් රෝගය සුව කරන්න පුළුවන්.
ඉතින් ඔය කියපු මානසික රෝග අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජයේ හුඟ දෙනෙක් අතරේ තියෙනවා. නමුත් අපේ සමාජයේ මානසික රෝගියෙක් පිස්සෙක් විදිහට කොන් කරන්න පුරුදු වෙලා ඉන්න නිසාම මේ දේවල් සඟවාගෙන ඉන්නත්, පස්සේ දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නත් මේ රෝගීන් හැම කෙනෙක්ටම සිද්ධ වෙනවා. මානසික රෝග හැම එකක්ම ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන්ම සුව කරන්න හෝ එහෙමත් නැත්තම අඩුම තරමින් පාලනය කරන්න හරි පුළුවන්. ඒ නිසා අපි හැමෝම මේ රෝග ගැන දැනුවත් වෙලා ඒ ගැන තියෙන දුර්මත සමාජයෙන් ඉවත් කිරීමයි මුලිකවම සිදුවෙන්න ඕන.
Leave a Reply