ක්ෂණික නූඩ්ල්ස් වලින් රස කෑම ටිකක් හදමුද?

නූඩ්ල්ස් පැකට් එකේ තියෙන විදියෙන් එහාට වෙනසක් කරනව නම් අපේ අ​ය කරන්නෙ පොඩි තෙම්පරාදුවක් දාන එක විතරමයි. මැගී, කොත්තුමී කියන්නෙ පොඩි බඩගින්නට ඉක්ම​නට කන්න අපි හැමෝම ලේසියෙන්ම හදාගන්න කෑමක්. අද මේ කියන්න හදන්නෙ එහෙම හදන් කන ක්ෂණික නූඩ්ල්ස් එකට රස වෙනසක් කරන්න ක්රම කීපයක්. හදලම බලන්නකො රස. මේ රෙසිපි වල විදියට නූඩ්ල්ස් පැකට් එකේ රසකාරකය එකතු කරගන්න අකමැති නම් වෙනුවට ගරම් මසාලා, සුදුළූණු පව්ඩර්, චිකන් ස්ටොක් පවුඩර් සහ අමු පහේ වගේ දේවල් ඔබේ රස අනුව එක් කරගන්නත් පුළුවන්.

 

1. නූඩ්ල්ස් කට්ලට්ස්

Image Source – archanaskitchen.com

අවශ් ද්රව්

  1. ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක්
  2. චොප් කරගත් ළූණු මේස හැඳි 3ක්
  3. චොප් කරගත් අමුමිරිස් මේස හැන්දක්
  4. චොප් කරගත් කැරට් මේස හැඳි 2
  5. තම්බා පොඩි කරගත් අල පොඩි ගෙඩි 2
  6. පාන් කුඩු
  7. බිත්තරයක්
  8. පාන් පිටි ටිකක්
  9. රස අනුව ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස්

 

  • නූඩ්ල්ස් පැකට් එක කුඩාවට කඩාගෙන තම්බා වතුර පෙරා ගන්න. එයට පාන් පිටි, පාන් කුඩු සහ බිත්තරය හැර අනිත් සියල්ල එක් කර හොඳින් මිශ් කරගන්න.
  • මිශ්රණයෙන් කුඩා බෝල සාදා පැතලි කරගෙන පාන් පිටි වල දවටාගෙන බිත්තර සාරු තවරා පාන් කුඩු වල දවටාගන්න.
  • තෙල් අඟල් භාගයක් පමණ උසට හිටින ලෙස පැතලි නන්ස්ටික් තැටියක රත් කරගෙන සාදාගත් කට්ලට් දමා දෙපැත්ත බැදගන්න.

 

2. චීසි නූඩ්ල්ස් බ්රෙඩ් රෝල්ස්

Image Source – kitchenwithamna.com

අවශ් ද්රව්

  1. ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක්
  2. පොඩියට කපාගත් කැරට් පොඩි අලයක්
  3. පොඩියට කපාගත් මාළු මිරිස් කරලක්
  4. ගාගත් චී කප් 1ක් (කැමති චීස් වර්ගයකින්)
  5. වතුර කප් 1ක්
  6. රස අනුව ගම්මිරිස්
  7. පාන් පෙති කීපයක්
  8. බිත්තරයක්
  9. දියකරගත් බටර් ටිකක්

 

  • වතුර කප් එක භාජනයකට දාල උතුරන්න තියන්න. වතුර උතුරන කොට ඒකට මාළු මිරිස් සහ කැරට් එකතු කරගෙන විනාඩියක් විතර මද ගින්නේ තැම්බෙන්න අරින්න.
  • ඒකට නූඩ්ල්ස් පැකට්ටුවේ ඇති රසකාරකය සහ පොඩියට කඩාගත්ත නූඩ්ල්ස් ටික එකතු කරන් වතුර හොඳින් හිඳෙනකම් විටින් විට කලවම් කරමින් තම්බගන්න.
  • හොඳටම හිඳුනාට පසුව චීස් සහ රස අනුව ගම්මිරිස් එකතු කරගෙන හොඳින් මිශ් කරගෙන ලිප නිවාගන්න.
  • පාන් පෙති වල වාටි කපා ඉවත් කරගෙන රෝලින් පින් එකකින් හෝ වීදුරු බෝතලයකින් පාන් පෙත්ත තලාගෙන සාදාගත් නූඩ්ල්ස් මිශ්රණය කෙලවරකින් තබා රෝල් කරගන්න.
  • කෙලවර බිත්තර සාරු වලින් අලවාගෙන බටර් තවරාගත් තැටියක තබා රෝල්ස් මත දියකරගත් බටර් තවරාගන්න. සෙල්සියස් 180 ප්රීහීට් කරගත් අවන් එකක විනාඩි 10ක් බේක් කරගෙන අනෙක් පස හරවා තවත් විනාඩි 5ක් බේක් කරගන්න.
  • කැමති නම් බටර් තැවරූ නන්ස්ටික් පෑන් එකක් ලිපේ තියලත් බැදගන්න පුළුවන්.

 

3. නූඩ්ල්ස් වෙජිටේරියන් ඔම්ලට්

Image Source – wikihow.com

අවශ් ද්රව්

  1. ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක්
  2. කඩල පිටි කප් 1
  3. රුලං කප් 1
  4. චොප් කරගත් ළූණු කප් 1/4
  5. ගාගත් කැරට් කප් 1/4
  6. චොප් කරගත් අමු මිරිස් කරල් 2
  7. චොප් කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
  8. රස අනුව ලුණු

 

  • නූඩ්ල්ස් පැකට්ටුව තම්බා වතුර පෙරා පැත්තකින් තියාගන්න. වෙනම බඳුනක ඉතිරි ද්රව් සියල්ල සහ නූඩ්ල්ස් පැකට්ටුවේ රසකාරකය එක් කර ගෙන මිශ් කරගන්න.
  • එයට නූඩ්ල්ස් ටිකත් එක් කරගෙන වතුර කප් 2ක් දමා හොඳින් කලවම් කරගන්න.
  • නන්ස්ටික් පෑන් එකක තෙල් තවරා මිශ්රණයෙන් හැන්දක් දමා තුනී කරගෙන හොඳින් දෙපැත්තම බැදගන්න. උණුවෙන්ම රස බලන්න.

 

4. එග් ඇන්ඩ් චීස් ඊසි නූඩ්ල්ස්

Image Source – wikihow.com

අවශ් ද්රව්

  1. ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක්
  2. බිත්තරයක්
  3. ග්රේට් කරගත් චීස් කප් 1/2 (කැමති චීස් වර්ගයකින්)
  4. රස අනුව ලුණු ගම්මිරිස්

 

  • වතුර කප් 1 1/2ක් උතුරන්නට හැර නූඩ්ල්ස් පැකට් එක සහ රසකාරකය එක් ක​රගෙන නුඩ්ල්ස් එක හොඳින් තැම්බෙන්නට හරින්න.
  • හොඳින් තැම්බුන පසු එයටම ලුණු ගම්මිරිස් එක් කර මදක් බීට් කරගත් බිත්තරය දමා වැඩි ගින්දරේ බිත්තරය පිසෙන තුරු කලවම් කරමින් පිසගන්න. එයට චීස් එක් කර හොඳින් මිශ් කරගෙන උණුවෙන්ම පිළිගන්වන්න.

 

5. නූඩ්ල්ස් පකෝරා

Image Source – thekitchenmagpie.com

අවශ් ද්රව්

  • ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක්
  • කඩල පිටි මේස හැඳි 2
  • පනීර් ග්රෑම් 150
  • චොප් කරගත් අමු මිරිස් කරල් 2
  • චොප් කරගත් කොත්තමල්ලි කොළ
  • මිරිස් කුඩු සහ ලුණු රස අනුව

 

  • නූඩ්ල්ස් පැකට් එක තම්බා වතුර පෙරා ඉවත් කරගන්න. රසකාරකය හා ඉතිරි ද්රව් සියල්ල එක් කර හොඳින් මිශ් කරගන්න.
  • මිශ්රණයෙන් කුඩා බෝල සාදා ගැඹුරු තෙලේ බැදගන්න. උණුවෙන්ම තක්කාලි සෝස් සමඟ පිළිගන්වන්න.

 

6. නූඩ්ල්ස් බර්ගර්

Image Source – instructables.com

අවශ් ද්රව්

  1. ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක්
  2. අඹරාගත් කැමති මස් වර්ගයක්
  3. බිත්තර 2ක්
  4. රස අනුව ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු
  5. චීස් ස්ලයිස් එකක්
  6. සලාද කොළයක්
  7. තක්කලි සහ ළූණු පෙති

 

  • නූඩ්ල්ස් තම්බා වතුර පෙරා ඉවත් කරගෙන එයට ලුණු සහ ගම්මිරිස් එක් කර ගසාගත් බිත්තර 1ක් දමා මිශ් කරගන්න.
  • කුඩා පැතලි රවුම් භාජන දෙකක් ගෙන නූඩ්ල්ස් මිශ්රණය දෙකට කඩා භාජන වලට දමා හොඳින් තද කර, අධි ශීතකරණයේ විනාඩි 10ක් තියාගන්න.
  • අතරතුර අඹරාගත් මස් වලට නූඩ්ල්ස් පැකට්ටුවේ රසකාරකය සහ බිත්තරයක් සමඟ අවශ් පරිදි ලුණු ගම්මිරිස් සහ මිරිස් කුඩු එක් කර හොඳින් අනාගන්න.
  • එයත් නූඩ්ල්ස් එක පරිදිම රවුම් භාජනයක දමා තද කර අධිශීතකරණයේ විනාඩි 10ක් තියාගන්න.
  • නූඩ්ල්ස් රවුම් දෙක ගෙන නන්ස්ටික් තැටියක බටර් හෝ තෙල් තවරා හොඳින් දෙපැත්තම බැදගන්න. සකසාගත් බර්ගර් පැටේ එකත් විදියටම හොඳින් පිසෙන තුරු තැටියක බැදගන්න.
  • එක් නූඩ්ල්ස් රවුමක් මත බර්ගර් පැටේ එක තබා මත චීස්, සලාද කොළ, තක්කාලි සහ ළූණු පෙති පිළිවෙලින් තබා අනෙක් නූඩ්ල්ස් රවුමෙන් වසා සෝස් සමඟ පිළිගන්වන්න.

 

7. ඉටෑලියන් ස්ටයිල් නූඩ්ල්ස්

Image Source – pxhere.com

අවශ් ද්රව්

  1. ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක්
  2. චොප් කරගත් සුදු ළූණු බික් දෙකක්
  3. කපාගත් හතු කප් 1
  4. පාස්ටා සෝස් කප් 1/2 (නැත්නම් තක්කලි සෝස් කප් 1/2)
  5. වියළි ඔරිගානෝ තේ හැඳි 1/4
  6. පාමසන් චීස් කුඩු මේස හැඳි 2ක් (වෙනත් චීස් වර්ගයක් උනත් කමක් නෑ)
  7. රස අනුව ලුණු

 

  • නූඩ්ල්ස් තබා පෙරා පසෙකින් තියාගන්න. තෙල් ස්වල්පයක් රත් වෙන්න හැර එයට සුදු ළූණු සහ හතු එක් කර විනාඩි දෙකක් පමණ තෙම්පරාදු කරගන්න.
  • එයට ලුණු , පාස්ටා සෝස් සහ ඔරිගානෝ එක් කරගන්න. හොඳින් මිශ් කර නූඩ්ල්ස් ටික එක් කරගන්න. විනාඩි දෙක තුනක් පිසෙන්නට හැර උණුවෙන්ම බඳුනකට දමා, චීස් උඩින් දමා පිළිගන්වන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *