අන්තර්ජාලයේ දී ඇස ගැටෙන ​මේ ශ්‍රී ලාංකේය කාන්තා චරිත ඔබටත් සිහින හඹායන්න ගැම්මක් සපයාවි

ජීවිතය පිළිබඳ අලුත් අලුත් දේවල් ඉදිරිපත් කරන එක මාධ්‍යයක් බවට අන්තර්ජාලය අද වෙනකොට පත් වෙලා තියෙනවා. ගෑණු පිරිමි භේදයකින් තොරව අන්තර්ජාලය සිය ජීවිතයේ කොටසක් කරගත් අය ඉන්නවා. ඒ අතරින් සමහරු අන්තර්ජාලය පාවිච්චි කරනවා. තවත් අය අන්තර්ජාලයෙන් පාවිච්චි වෙනවා. ඒ විදියට පාවිච්චි නොවී අන්තර්ජාලය තමන්ගේ යටතට ගත්තු කාන්තා චරිත කීපයක් ලාංකේය අන්තර්ජාල වපසරිය අස්සේ දී හම්බ වුණා. නිකන් ම අයත් නෙවෙයි පරමාදර්ශී අය.

1. චෙෆ් ගර්ල්

ඉවිල්ල කියන්නේ දෙයියනේ කියලා අපේ රටේ කාන්තාවන්ට පිහිටලා තියෙන දෙයක්. ඉතා ම සාම්ප්‍රදායික කෑම විදිවල ඉඳලා නම කියනකොට කට පෙරළෙන තරමේ ඕනම කෑම වර්ගයක් හදන විදිය ප්‍රගුණ කරා ම හදන්න අපේ කාන්තාවන්ට පුළුවන්. මේ දේ භාවිත කිරීමෙන් යූටියුබ් පැත්තේ කෑම වට්ටෝරු ගැන වීඩියෝ කරන උදවිය අපේ රටේ ඉන්නවා. Anoma’s Kitchen සහ අපේ අම්මා කියන්නේ මේ සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධම කාන්තා යුවළටයි. ඊට අමතර ව තමාගේ පිසින කලාව ගැන ලස්සන ඉන්ස්ටා පෝස්ට් දාලා ඒ දිහා බලන මිනිස්සුන්ට ඉවීමේ තියෙන අරුමය පෙන්වන තැනට මිනිස්සු පොළඹවන්න අන්තර්ජාලය භාවිත කරන අය ඉන්නවා. බුකියෙන් පවා තමාගේ දැනුම බෙදා හදාගෙන ඉස්සරහට යන එකට, එහෙමත් නැත්නම් අපේ ආහාර කලාවේ හෙට දවස සුරක්ෂිත කරන්න ඉවුම් පිහුම්ගෙන් ලැබෙන රුකුල සුළුපටු නෑ.


2. ජිම් ගර්ල්

ආවට ගියාට ජිම් ගිහින් කණ්ණාඩියට මූණ පෙන්නලා පොටෝ එකක් ගහලා එනවට වඩා වෙන ආස හිතෙන දෙයක් ජිම් සංස්කෘතිය තුළ හදන්න ම බැරිද? අපොයි පුළුවන්. ගයියා කොඩිතුවක්කු කියන්නේ එහෙම එකක් කරපු ජිම් ගර්ල් කෙනෙක්. එයාගේ ඉන්ස්ටා අකවුන්ට් එක පුරා තියෙන්නේ මේ දැන් වුණත් ජිම් යන්න තරම් ගටක් එන තරමේ ඒවා තමයි. ඇය පුහුණුකාරිනියක්. නිකන් ම එහෙම කෙනෙක් නෙවෙයි. 2018 වසරේ ලංකාවේ ඉන්ස්ටාග්‍රෑම් ඉන්ෆ්ලුවන්සර්ලා දහ දෙනා අතරෙත් ඉන්නවා.

 

3. කවර් ගර්ල්

සින්දු කවර්ස් විදියට නමුත් තමන්ගේ ම ආරකට ගායනා කිරීම දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒත් එතනට එන සීමාව වෙන කවදාටවත් වඩා පුළුල් වෙලා තියෙනවා. නොහිතපු විදියේ ජනතා ආකර්ෂණයක් තමන්ගේ කවර්ස්වලින් ලබාගත්තු ස්ටෙෆනී සහ යොහානි කියන දෙපළ ඒ අතින් ඉස්තරම්. රැප් එකක් වුණත් වතුර ගලාගෙන යනවා වගේ කියන්න ලේසියෙන් කෙල්ලෙක්ට බැහැනේ. ඒත් ඒ පැත්තෙන් යොහානී මාර ම දක්ෂයි. මේ වගේ කරන්න බැහැයි කියලා හිතපු දේවල් කරන්න පුළුවන්  තත්ත්වෙට ගීතයෙන් ගන්න එක කවර් ගර්ල් ප්‍රායෝගික ව දෙන පාඩමයි.


4. ඇවිදින ගර්ල්

ඇවිදින්න, අලුත් තැන් ගවේෂණය කරන්න තියෙන පිස්සුව හැමෝට ම තියෙන්න ඕනි එකක්. හැබැයි ඒකට පොඩි උත්තේජනයක් හෙම තියෙනවා නම් කාන්තාවට තරම් ලස්සනට ඒක දෙන්න කාටවත් බැරි වෙයි. මොකද ඉතින් වත්තේ හතර මායිමෙන් ගෑල්​ළමයා එළියට දාන්න නොදෙන සමාජයක දේශසීමා පවා තරණය කරලා ඇවිදින උණක් තියෙන කෙල්ලෝ ඉන්නවා. @senurana, @ayshmarq වගේ ම @travel_with_wife එකෙත් වයිපරේ එහෙම ගර්ල් කෙනෙක්. එයාලගේ ඉන්ස්ටා අකවුන්ට් බලන්න බලන්න ආසයි. මෙයාලා අර Free Spirit කියන සංකල්පෙට හොඳට ම ගැලපෙන අය.

5. ෆුඩී ගර්ල්

කෑමවල පොටෝ ගහලා අන්තර්ජාලයට මුහු කරන එක සමහර අයට විහිළුවක්. එහෙම වෙන්නේ ඒ සම්බන්ධයෙන් තියන අවබෝධය මදිකම නිසයි. ෆුඩ් බ්ලොගර් කෙනෙක්ගේ අන්තර්ජාල භාවිතය හරහා එක එක විදියේ උත්තේජනයන් ලබා ගන්න අය ඉන්නවා. බොහොමයක් මේ වගේ දේවල් ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවෙන නිසා ඉංග්‍රීසි කියැවීමට පෙළඹෙනවා. ඊළඟට රහ ඇහැට පේන පොටෝ කෑලි දැක්කා ම තෝරා බේරගෙන අපටත් රස බලන්න හිතෙනවා. කෑමෙන් පවා ජීවිතය විඳින මේ වගේ චරිතවලට ඉන්ස්ටා පැත්තේ ඉන්න හොඳ උදාහරණ ද්විත්වයක් තමයි @love.plate සහ @kaalameriyan කියන්නේ.

6. බිස්නස් ගර්ල්

අන්තර්ජාලය භාවිත කිරීමෙන් අලුත් බිස්නස් වැඩවලට අත ගහලා සාර්ථක ව්‍යවසායකයන් වුණ කාන්තා චරිත තමයි මේ. මේ සඳහා උදාහරණ විදියට limitededition.com එකේ සුවිනි සහ @Kraftsylk එකේ ක්‍රිස්ටල් ව හඳුන්වන්න පුළුවන්. එයාලා තමන්ගෙ ශ්‍රමය මුදල් බවට පත් කරන්න අන්තර්ජාලයම භාවිත කරද්දී අපිට විතරක් එකම තැන ඉඳ බලා ඉන්න බැහැනේ.

7. ඇක්ටිවිස්ට් ගර්ල්

ඒ කිව්වේ ඔය සමාජ ක්‍රියාකාරිනියන්ට. වීඩියෝවකින්, ලිපියකින් නැත්තම් පොඩි පොටෝ කෑල්ලකින් හරි සමාජයේ පවතින ප්‍රශ්නයක් පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරන එක අපේ වගේ රටවල තාම අවුලක්. එහෙමයි කියලා කට වහන්නම් කිව්ව අය වහගෙනම නැහැ. තමන්ට ආදරය කිරීමට දන්නා සමාජයක සමාජ ප්‍රශ්න ගැන වද වෙන්නට දෙයක් නොමැති බව ඕකේ අදහස වගේ ගලපලා දෙනවා. @toalways_ පැත්තේ ගියා නම් තමන්ට තැන දීමෙන් සතුට සොයා යන දෙපළක් දැකගන්න පුළුවන්. ඉතින් එකාගෙන් පටන් ගත් ජීවිතය විඳින එක දෙකා තුන වෙලා ඉස්සරහට යන ප්‍රවේශය ගැන කතාවක් යනවා. අසාධාරණය පෙන්නන්න බැරි වුණා ම අසාධාරණය රජ කරන තැන් ගැන රහසින් නොකියා ලොවට ම ඇහෙන්න ඒ ගැන ලියන සහ කියවන එක නවත්තන්න අමාරුයි. නවත්තන්නත් හොඳ නෑ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *