අපි ඉතින් ඔය ආදරේ පොඩ්ඩක් වැඩි වුණු වෙලාවක ගෑණු ළමයට වුනත්, පිරිමි ළමයට වුනත් ආදරේට “මගෙ කප් කේක්” එක වගේ නමක් වුනත් කියනවනේ. හැබැයි ඔහොම ආදර නමක් කියන එක ටක්කෙටම හරියන්න නම්, එයාට කලින්ම රස වෑහෙන කප් කේක් එකක් අරගෙන දීලා තියෙන්න ඕන. එක්කෝ කප් කේක් එකක් කාලා, මිල්ක්ෂේක් එකක් බොන්න හොඳ තැනකට එක්කගෙන යන්න පුළුවන්. එහෙමත් නැතිනම් කොළඹ රටේ තියෙන සුපිරි ලෙවල් එකේ කප් කේක් විකුණන තැනකින් විවිධ රස සමගින් කප් කේක් පැක් එකක් අරගෙන තෑගි දෙන්නත් පුළුවන්. ඔය කොහොමහරි ක්‍රමේකින් කප් කේක් එකක රස වැට්ටුවට පස්සේ, ආදරවන්තයාට/ආදරවන්තීට “මගෙ කප් කේක් එක” කියලා ආමන්ත්‍රණය කරන එකෙන් ආදරේ ඩබල් වෙලා ලැබෙන්න තියෙන ඉඩ වැඩියි.
ආන්න ඒකට මුල පිරීමක් විදියට අපි සූදානම්, කොළඹ අවට තියෙන හොඳ කප්කේක් විකුණන තැන් කීපයක් ගැන කියන්න.
1. A&M Cupcakes

Image Source – facebook.com
ගාලු පාරේ බෙයාෆුට් එක ඉස්සරහා පාරෙ අනික් පැත්තේ තියෙන පොඩි කප් කේක් ෂොප් එකක් තමයි A&M cupcakes කියන්නේ. මෙතන චූට්ටක් විතර ගාණ වැඩි කප්කේක් තිබුණත්, රස බැලුවහම ඒ ගාණ අවුලක් නෑ කියලා හිතෙනවා. විශේෂයෙන්ම තෑගි දෙන්නත් මේ කප්කේක් සෙට් එකක් මරු. එතකොට මෙතන ආමන්ඩ් රෝස්ට් කප්කේක්, මිනි චොක් චිප් කප්කේක්, හේස්ල්නට් මිනි කප්කේක් වගේ හිත් ඇදගන්නා සුළු රසවලින් කප්කේක් තියෙනවා.
තැන:
දුරකතන අංක: 072 244 2244
2. Everybody Loves Cupcakes

Image Source – butterbasilandbreadcrumbs.com
කප් කේක් වලට හැමෝම ආසයි තමයි. ආන්න ඒ නිසා තමයි මේ අය තමන් කැමති විදියේ කප්කේක් එකක් ඩිසයින් කරගන්න ඉඩ දීලා තියෙන්නේ. මුලින්ම කරන්න තියෙන්නේ මේ අයගේ වෙබ් සයිට් එකට ගිහින් ඒකේ තියෙන කප්කේක් වර්ග වලින් ආස කප්කේක් වර්ගයක් තියෙනවද කියලා බලන එක. එහෙම නැතිනම් ඒ කප්කේක් වලින් අදහසක් අරගෙන වෙනමම කප්කේක් එකක් තමන්ට ආස විදියට හදවාගන්නත් පුළුවන්. ඒකට දෙවෙනි පියවර තමයි මේ අයගේ ෆේස්බුක් පේජ් එකට ගිහින් තමන් කැමති විදියේ කප්කේප් එක ගැන කියලා, තමන්ට ඕන විශේෂ ඩිසයින් එකක් තියෙනවා නම් ඒකත් ගැන කියලා මෙසේජ් එකක් දාන එක. එතකොට එක්කෝ මේ අය කප්කේක් ඩිලිවර් කරයි, නැතිනම් අපිට ගිහින් ගන්න තැන කියයි.!
තැන:
දුරකතන අංක: 077 270 5397
ෆේස්බුක්: https://www.facebook.com/elc.lk/
3. Butter Boutique

Image Source – yamu.lk
බටර් බුටීක් එක ඉස්සර ප්‍රසිද්ධ වෙලා තිබුණේ කේක් වලට. ගුඩ් මාකට් එකේ ස්ටෝල් එකක් විදියට තමයි පටන් ගත්තේත්. හැබැයි දැන් වෙනකොට සෑහෙන්න ලොකු රෙස්ටුරන්ට් එකක් වෙලා තියෙන බටර් බුටීක් එකේ කප් කේක් ගැන තමයි අපි ප්‍රධාන වශයෙන් කථාබහ කරන්න යන්නේ. මේ අයගේ විශේෂයෙන්ම ලොකු රේන්ජ් එකක කප් කේක් නැහැ. උදාහරණයක් විදියට කිව්වොත් අපි ගියපු දවසේ තිබුණේ චොකලට් කප් කේක් විතරයි. ඒත් වැඩිය පැණිරස නැති, අපූරු රසයක් මේ අයගේ චොකලට් කප් කේක් එකේ තිබුණා. අන්න ඒ නිසා අපි බටර් බුටික් එක අපේ ලිස්ට් එකට ගන්නවා.
තැන:
දුරකතන අංක: 0112 690 028
4. Ambrosia

Image Source – lifesambrosia.com
කොළඹ 7 ගිරිගෝරි පාරේ තියෙන ඇම්බ්‍රෝසියා එක පටන් අරගෙන අවුරුද්දකට වැඩි වුනත් තාමත් ගොඩක් දෙනෙක් දන්න තැනක් නෙවෙයි. හැබැයි ඉතින් කප් කේක් ලෝලියෙක් නම් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මෙතන. විශේෂයෙන්ම මේ අයගේ තියෙන විශාල පරාසයක කප්කේක් විවිධත්වය මරු. ඕරියෝ ක්‍රීම් කප්කේක්, රෙඩ් වෙල්වට් කප්කේක්, ස්ට්‍රෝබෙරි කප්කේක්, ගනාෂ් කප්කේක් වගේ විවිධ රස ගණනාවක් මෙතන තියෙනවා. ෆැන්සි විදියට පෙට්ටි නැති වුනාට, තෑග්ගක් දෙන්නත් මෙතන කප් කේක් මරු! ඕන නම් වෙන වෙන පොඩි කෑම ජාතිත් තියෙනවා!
තැන:
දුරකතන අංක: 0777 772 052
5. Cake Whisperer

Image Source – facebook.com
විවිධාකාරයේ කප්කේක් රස බලන්න ඕන නම් යන්න කදිම තවත් තැනක් තමයි කිරුළපනේ Cake Whisperer කියන්නේ. ඇත්තටම දැන් අවුරුදු කීපයක් ගත වුණත්, තාමත් මෙතන කප් කේක් වල රස වෙනසක් නෑ. චොකලට් කප්කේක්, චොකලට් චිප් කප්කේක්, වැනිලා කප්කේක්, කොෆී කප්කේක් වගේ බොහොම සරල රසයන්ගෙන් වගේම, අලිගැටපේර වගේ අමුතු රසයන්ගෙනුත් මෙතන කප්කේක් ගන්න පුළුවන්.
තැන:
දුරකතන අංක: 077 800 3035
6. Cuppies

Image Source – facebook.com
විවිධාකාරයේ රස රැසකින්, වර්ණවත් නිමාවන්ගෙන් යුතු කප් කේක් වලට යන්න ඕන තැන මෙන්න! ඇත්තටම කපීස් කියන්නේ පහුගිය කාලේ ඔන්ලයින් ඉතා ජනප්‍රිය වුණු කප්කේක් බිස්නස් එකක්. විශේෂයෙන්ම තෑගි දෙන්න මේ කප් කේක් අපූරුයි, රසත් උපරිමයි, ගාණත් අඩුයි. ඒ වගේම තමන්ට වුවමනා විශේෂ ආකාරයකට වුනත් කප් කේක් සෙට් එකක් හදව ගන්න පුළුවන් කපීස් කට්ටියට කථා කරලා! විශ්වාස කරන්න, කපීප්ස්ලාගේ කප්කේක් දිව්‍යලෝක රහයි!
තැන:
දුරකතන අංක: 071 332 2362
7. Sits Cakes & Desserts

Image Source – facebook.com
කේක්, අතුරුපස සහ කප්කේක් වලට විශේෂ වුණු තවත් තැනක් තමයි මේ සිට්ස් කේක්ස් ඇන්ඩ් ඩිසර්ට්ස් කියන්නේ. එලිබෑන්ක් පාරේ හුරුබුහුටි බූටික් එකක තියෙන මේ කප්කේක්, කේක් සහ අතුරුපස විමානය දැක්කත් බඩ පිරෙන තරම්. මෙතනට ගිහින් කප්කේක් අරගෙන යන්න හෝ ඩිලිවරි කරවාගන්න පුළුවන්. මෙතන වැනිලා, චොකලට්, රෙඩ් වෙල්වට්, චොකලට් මොකා, චොකලට් ගනාචේ, නුටෙලා, ලෙමන්/පැෂන් කර්ඩ්, ලෙමන්, පැෂන් මෙරින්ගේ, කොෆී, ඕරියෝ, පීනට් බටර්, සෝල්ටඩ් කැරමට්, කැරට් කියන රස වර්ගයන්ගෙන් ඕන විදියේ කප්කේක් එකක් හෝ පැක් එකක් ලබාගන්න පුළුවන්. එතකොට රස? අතිවිශිෂ්ටයි පුතා!
තැන:
දුරකතන අංක: 077 773 0793
Leave a Reply