Traveler කෙනෙක් වෙන්නෙ කොහොමද?

ට්‍රැවලින් කියන්නේ අද කාලේ හුඟ දෙනෙකුගේ විනෝදාංශයක්. තවත් විදිහකට කිව්වොත් ආර්ට් එකක්. ඒ කියන්නෙ හරියට දැනගෙන කළොත් ලොකු ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් ලස්සන විෂයයක්. හැබැයි දැන්නම් හුඟ දෙනෙක් ට්‍රැවල් කරන්නෙ ට්‍රෙන්ඩ් එකට. ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දාන්න, රැල්ලට යන්න තමයි හුඟක් අයගේ උවමනාව. හැබැයි මේ කතාවනම් එයාලට නෙමෙයි. හදවතින්ම ට්‍රැවලින් වලට ආදරේ කරන, ජීවිතේට හොඳ මතකයන්, අත්දැකීම් එකතු කරගන්න ට්‍රැවල් කරන්න අසාවෙන් ඉන්න අයට. ඉතින් අපි බලමු හිතේ ආසාව හැබෑවක් කරගෙන ඇත්තටම හොඳ ට්‍රැවලර් කෙනෙක් වෙන්නෙ කොහොමද කියල.

 

1. හිතේ කැමැත්ත

Image Source – hmsies.wordpress.com

මේක තමයි වැදගත්ම කාරණාව. ට්‍රැවල් කරන්නම් මුලින්ම හිතේ තියෙන්න ඕනෙ ඒ ගැන කැමැත්තක්. නිකං සුළුපටු කැමැත්තක්නම් මදි. ට්‍රැවලින් කියන සබ්ජෙක්ට් එකට තියෙන්න ඕනෙ දැවෙන ආසාවක්. ඒ කියන්නෙ burning desire එකක්.

ඊළඟට බලන්න ඕනෙ ට්‍රැවලින් වලත් තමන් කවර් කරන්න කැමති ඒරියා එක මොකක්ද කියල. සමහරු කැමතියි පිටරටවල සංචාරය කරන්න. තවත් සමහරු වයිල්ඩ් ලයිෆ් එකට, රජකාලේ තැන් බලන්න. ඔන්න ඔය විදිහට විවිධ ආසාවන් තියෙන අය ඉන්නවනේ. ඔය අතරින් තමන් කැමතිම ඒරියා එකක් හෝ කිහිපයක් හොයාගන්න ඕන.

 

2. බය නැති කරගන්න

Image Source – bbc.com

ඊළඟ දේ තමයි ට්‍රැවලින් වලට තියෙන බය නැති කරගන්න එක. මේ බය කිව්වම ඇවිදින්න තියෙන බයම නෙමෙයි. ට්‍රැවලින් වලට ඇබ්බැහි උනාම ලෝකයා මොනවා කියයිද? රස්තියාදුකාරයා වගේ නමක් පටබැඳෙයිද? ගැහැණු ළමයෙකුටනම් එක එක කතන්දර හදයිද වගේ රටේ නැති ප්‍රශ්න ඉතින්. ඊළඟට ඇවිදින්න තියෙන බය, ලෙඩ රෝග හැදෙයිද, පින්නට, අව්වට වැස්සට තියෙන බය කියන ඔක්කොම පැත්තකින් තියල තමයි මේ වැඩේට බහින්න ඕන. මඟට බැස්සට පස්සේ අව්වට වැස්සට නවතින්න තියාගන්න බැහැනේ.

 

3. බජට් එක

Image Source – indietraveller.co

තමන් තෝරගන්න ට්‍රැවල් ඒරියා එක අනුව ඊළඟට බලන්න ඕන තමන්ගේ බජට් එක. එක එක ඒරියා වලට වගේම තමන් තෝරාගන්න ට්‍රැවල් මෙතඩ් එක, නවතින්න තෝරාගන්න තැන් කියන හැමදේම අනුව බජට් එක වෙනස් වෙනවා. හොඳ සැපපහසු නවාතැනක ඉඳගෙන, සුපිරි කෑම වර්ගත් එක්ක අත්දැකීමක් ගන්න එක හොඳයි උනාට ට්‍රැවල් උණ තියෙන කෙනෙක්ටනම් මේ වැඩේ අවාසියි. අඩුම බජට් එකට වැඩි ඒරියා එකක් කවර කරන්න පුළුවන් වෙන්න තමන්ගේ ට්‍රැවල් ප්ලෑන් එක හදාගන්න ඕන. මොකද සැප ගන්න ට්‍රිප් එකක් යනව කියන එකයි ට්‍රැවලින් උණ හොඳ කරගන්න ඇවිදින එකයි කියන්නෙ සම්පුර්ණයෙන්ම වෙනස් කරණා දෙකක්.

 

4. වෙලාව හදාගන්න

Image Source – everysteph.com

වෙලාව කියන්නෙනම් ඉතින් අපි කාටත් රත්තරන් වගේ තමයි. දාහකුත් එකක් වැඩ රාජකාරි වලට තියෙන වෙලාව මදිත් තරම්. එතකොට ඒ ඔක්කෝටම අමතරව තව ට්‍රැවලින් පිස්සුවක් හැදුනම වෙලාව කළමනාකරණය කර නොගත්තොත්නම් සොරිම තමයි. විශේෂයෙන්ම රැකියාවක් කරන කෙනෙක්නම් තමන්ගේ නිවාඩු හොඳටම කළමනාකරණය කරගන්න ඕන. කම්මැලිකමට උදේට නිවාඩු දාල ගෙදර ඉන්න හිතෙන හිතෙන දවසට නිවාඩු දැම්මොත් ට්‍රැවල් කරන්න නිවාඩු දානව බොරු. ඒ නිසා තමන්ට වසරකට ලැබෙන වාර්ෂික නිවාඩු හොඳින් ප්ලෑන් කරලා අවුරුද්දේ මුලම ලීව් ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්නම් හොඳයි.

 

5. ට්‍රැවල් මෙතඩ් එක

Image Source – theadventurejunkies.com

ට්‍රැවල් කරන්න තමන් තෝරාගන්න මාධ්‍ය තමයි මේ කතා කරන්න යන්නෙ. කෝච්චියෙද? බස් එකක යනවද? බයිසිකලේකින් රට වටේ යනවද? එහෙමත් නැත්තම් තමන්ගේම වාහනයකින් යනවද කියන එක. මේකත් තමන්ගේ කැමැත්ත, බජට් එක කියන දේවල් අනුව වෙනස් වෙනවා. ලංකාව ඇතුලේ හුඟක්ම ප්‍රසිද්ධ නැති උනාට පිටරටවලනම් මේ ට්‍රැවල් උන හැදුන හුඟ දෙනෙක් caravan ජීවිත ගත කරනව. වාහනයක් ඇතුලේම තමයි ජීවිතේ. කන්න බොන්න, උයන්න, ඇඳුම් හැමදේම වාහනේට දාගෙන සති ගණන්, මාස ගණන් එක දිගට ට්‍රැවල් කරනව. මේකත් එක පැත්තකින් බැලුවම ජීවිතේ ඒකාකාරී නොවී තියාගන්න පුළුවන් අමුතුම ක්‍රමයක්.

 

6. යාළුවො සෙට් එකක්

Image Source – workaway.info

ඔන්න මේක තමයි ඔය ඔක්කොම අතරින් වැදගත්ම දේ. කාත් එක්කද ට්‍රැවල් කරන්නෙ කියන එක. තමන්ට හිතට හරියන යාළුවො සෙට් එකක් ඉන්නවනම්, එක එක කතන්දර නොකියා කියන වෙලාවට වැඩේට සෙට් වෙන්න ලෑස්ති නම් ඔන්න ඔයා සුපිරිම සෙට් එකක් හොයාගෙන තියෙනවා. හැබැයි අනේ අද බෑ හෙට බෑ, එහෙ බෑ මෙහෙ බෑ වගේ දෙකට දෙවාරනෙන් යන සෙට් එකක් එක්ක ජොයින් වෙන්න ඉන්නවනම් ඊට වඩා සෑහෙන්න හොඳයි ඔයා තනියම ගමන යන එක.

මෙහෙම යාළුවො සෙට් එකක් නැති තනියම ගමන් යන්නත් අකමැති අයටත් හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. දැන් කාලේ තරුණ තරුණියෝ හුඟ දෙනෙක් එකතු වෙලා ඉන්නව ෆේස් බුක් එකේ ට්‍රැවල් ගෘප් එක්ක. “ඇවිදින්නෝ, ට්‍රිප් යමු” වගේ ගෘප් උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. එකිනෙකා අඳුරන්නේ නැති උනත් ගමන හරිම ලස්සනට ගිහින් පාඩුවේ එන්න පුළුවන්, ඒ වගේම ට්‍රැවල් උණ තියෙන හොඳ හොඳ යාළුවො අඳුරගන්න පුළුවන්, ට්‍රැවලින් ගැන එක්ස්පර්ට්ස්ලගෙන්ම ඉගෙන ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේක. බොහොම සාධාරණ මිලකට ගමන, අවශ්‍ය උපදෙස්, ලස්සන ෆොටෝ කවරේජ් එකක් එහෙම මෙයාලා ලබාදෙනවා.

 

7. ට්‍රැවල් ප්ලෑන් එකක්

Image Source – ournextadventure.co

අනික් හැමදේකටම වගේම ට්‍රැවලින් වලටත් ප්ලෑන් එකක් නැත්තම් වැඩක් නැහැ ඔන්න. ලාවට ආස හිතුන දවසේ ඉඳන්ම යන්න ඕන තැන් ප්ලෑන් කරන්න. දැනට අතේ තියෙන මුදලින් ඉස්සෙල්ලම කවර් කරන්න පුළුවන් කොතනද කියල හිතන්න. මේකට හොඳම ක්‍රමයක් තමයි ට්‍රැවල් බුක් එකක් මේන්ටේන් කරන එක. පොතක් අරන් තමන් යන්න කැමති, ඒ කිව්වේ dream destinations වලට පිටුවක් හෝ දෙකක් ගාණෙ වෙන් කරන්න. ඒවගේ පින්තූර අලවල ලස්සනට පේජ් එක හදාගන්න. බැලුවම යන්න ආස හිතෙන්න. ගිහින් ආවමත් එකතු කරගත්ත මතක එහෙම ඒකටම එකතු කරලා තියන්න. වයසට ගියාම බල බල සතුටු වෙන්න පුළුවන්.

අනිත් කාරණේ තමයි ගමන ප්ලෑන් කරන එක. කලිනුත් කිව්වා වගේ යන වෙලාව, යන රූට් එක, නවතින තැන්, පාරට ගත කරන වෙලාව, කන බොන තැන් වගේ හැමදේම පුළුවන් තරම් කලින් ප්ලෑන් කරගන්න. ගූගල් මැප්ස් වලින් බලලා පාරවල්, පාරට යන වෙලාව එහෙම කලින්ම ගණනය කරන්න පුළුවන්. Agoda, Trip Advisor වගේ සයිට්ස් බැලුවම තමන්ගේ බජට් එකට නවතින්න තැන් ඕනතරම් හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හැමදේම කලින් ප්ලෑන් කරලා ගියාම බොරුවට පාරට නාස්ති වෙන කාලය සෑහෙන්න අඩුකරගන්න පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *