පැස්ටා කිව්වම සමහර අයට ලෝකෙම අමතක වෙලා යනවා. ඒ වගේ ලොවෙත් නැති පැස්ටා රෙසිපි ටිකක් අද ගෙනාවා ඔන්න.
1. පැස්ටා සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- පැස්ටා 250g
- මස්ටර්ඩ් සෝස්
- මයෝනේස්
- කොටුවට කපා තම්බාගත් කැරට්
- තම්බාගත් ග්‍රීන්පීස්
- සීනි හා ලුණු ටිකක්
- ගම්මිරිස් කුඩු
- ස්වීට් කෝන්
- ලෙමන්
- පැස්ටා ටික තම්බ ගන්න. ඉන් පස්සේ බෝල් එකක් අරගෙන ඒකට මයෝනේස් ටික දාලා මස්ටර්ඩ් සෝස් එක දාගන්න. ඒකටම සීනි, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.
- ඒ ටික හොඳට කලවම් කරලා පේස්ට් එකක් හදාගෙන ඒකට තම්බලා ගත්තු කැරට් ටික, ග්‍රීන්පීස් හා ස්වීට් කෝන් එකතු කරන්න.
- දැන් ලෙමන් ටිකක් දාලා හොඳට කලවම් කරලා කෑමට ගන්න.
2. ලෙමන් ගාලික් ශ්‍රිම්ප් පැස්ටා
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්පෙගටි 250g
- කටු ඉවත් කළ චිකන් ග්‍රෑම් 200g
- සුද්ද කළ ඉස්සො ග්‍රෑම් 100g
- චොප් කරගත් සුදුළූණු
- ඔලිව් ඔයිල් ටිකක්
- කරාබු නැටි
- ගම්මිරිස්කුඩු හා ලුණුකුඩු
- බේබි ස්පිනැච්
- බටර් මේස හැඳි 2ක්
- පාමසාන් චීස් කෝප්ප 1/4
- පාස්ලි කොළ
- ලෙමන් යුෂ
- මුලින්ම ස්පෙගටි ටික තම්බගන්න.
- භාජනයක් අරගෙන ඔලිව් ඔයිල් ටිකක් දාගෙන ඒකටම බටර් මේස හැඳි 2ක් දාගන්න.
- දැන් මේකට කරාබු නැටි දෙකක්, චොප් කරගත්තු සුදුළූණු සහ කෑලි මිරිස් එකතු කරන්න.
- හොඳට කලවම් කරලා ඉස්සො ටික දාගෙන ගම්මිරිස්කුඩු හා ලුණු කුඩු දාගන්න. පොඩි නිවිති කොළ ටිකත් එකතු කරගන්න.
- දැන් තම්බගත්තු ස්පෙගටි ටිකට පාමසාන් චීස් සහ චොප් කරගත් පාස්ලි එකතු කරන් හොඳට කලවම් කරලා උඩින් ලෙමන් ටිකක් ඉහලා කෑමට ගන්න.
3. බේක්ඩ් පැස්ටා විත් චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය
- පැස්ටා 500g
- කටු අයින් කළ චිකන් 250g
- ඔලිව් ඔයිල් ටිකක්
- චිකන් බ්‍රොත් එක
- හෙවි ක්‍රීම් කෝප්පයක්
- පාමසාන් චීස් ටිකක්
- ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්
- චොප් කරගත් ගාලික්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- භාජනයක් අරන් ඔලිව් ඔයිල් දාගෙන කටු ඉවත් කරපු චිකන් ටික දාලා ෆ්‍රයි වෙන්න දෙන්න.
- මේකට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා චොප් කරගත් සුදුළූණු ටිකත් දාලා හොඳට හැඳිගාන්න.
- චිකන් බ්‍රොත් සහ.හෙවි ක්‍රීම් ටික දාගෙන ඒකටම පැස්ටා ටිකත් එක්කර හොඳට කලවම් කරලා විනාඩි 15-20ක් වගේ තැම්බෙන්න දෙන්න.
- දැන් මේකට පාමසාන් චීස් ටික දාලා තව ටිකක් හැඳිගාන්න.
- බෝල් එකක් හරි ට්‍රේ එකක් හරි අරගෙන ඔලිව් ඔයිල් ගාලා ඒකට පැස්ටා ලේයර් එකක් දාගන්න.
- ග්‍රේට් කරගත් මොසරැල්ලා ටිකක් දාගෙන ආයේ පැස්ටා ලේයර් එකක් දාලා ආයෙම මොසරැල්ලා දාගන්න.
- දැන් මේකට පාමසාන් චීස් ඉහලා විනාඩි 15ක් විතර බේක් කරගන්න.
4. චිකන් විත් ෆහීටා පැස්ටා
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු අයින් කළ චිකන් 250g
- කපාගත් බෙල් පෙපර් (පාට 3න්ම)
- පොඩියට කපාගත් ළූණු ටිකක්
- ලුණු හා ගම්මිරිස් කුඩු
- ගාලික් පව්ඩර්
- මිරිස්කුඩු
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 1/2
- පාමසාන් චීස් ටිකක්
- තෙල් ටිකක් පෑන් එකට දාගෙන චිකන් කෑලි ටික දාලා ෆ්‍රයි කරගන්න.
- දැන් ඒ ටික අයින් කරන් ඒ පෑන් එකටම කපාගත් බෙල් පෙපර් වර්ග 3 සහ කපාගත් ළූණු ටික දාගන්න.
- විනාඩි 2ක් විතර තෙම්පරාදු කරගෙන බැදගත් චිකන් ටික එකතු කරන්න.
- ලුණු, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු හා ගාලික් පව්ඩර් දාගෙන හොඳට මික්ස් කරලා ෆ්‍රෙශ් මිල්ක් ටික දාගන්න.
- පැස්ටා ටිකත් දාගෙන කිරෙන්ම තැම්බෙන්න අරින්න.
- පාමසාන් චීස් ටික දාගෙන හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.
5. ක්‍රීමි ශ්‍රිම්ප් පැස්ටා
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පැස්ටා 500g
- ඉස්සො 250g
- බටර් මේස හැඳි 2
- කොටුවට කපාගත් තක්කාලි
- ළූණු කොළ
- පාස්ලි කොළ
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- භාජනයක් අරගෙන බටර් ටිකක් දාලා දියවෙන්න ඇරලා ඒකට සුද්දකරගත් ඉස්සො ටික දාන්න.
- දැන් කොටුවට කපාගත් තක්කාලි දාගන්න. ළූණු කොළත් පොඩියට කපලා දාන්න. ඒකටම මිරිස්කුඩු දාලා පාස්ලි කොළ ටිකක් දාන්න.
- දැන් මේකට ලුණු හා ගම්මිරිස්කුඩු එක්ක ෆ්‍රෙශ් ක්‍රීම් ටික එකතු කරන්න.හොඳට උතුරනකොට තම්බාගත් පැස්ටා ටික එකතු කර ආහාරයට පිළිගන්වන්න.
6. චිකන් ස්පිනැච් පැස්ටා
අවශ්‍ය ද්‍රව්‍ය
- පැස්ටා 500g
- කටුඅයින් කළ චිකන් 250g
- පොඩියට කපාගත් බේකන් 100g
- බටර් මේස හැඳි 2
- චොප් කරගත් සුදුළූණු
- බේබි ස්පිනැච්
- හෙවි ක්‍රීම් කෝප්ප 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- පාමසාන් චීස් කෝප්ප කාලක්
- භාජනයකට බටර් දාලා චිකන් ටික දාලා ෆ්‍රයි කරන්න.
- දැන් මේකට චොප් කරගත් සුදුළූණු වගේම බැදගත් බේකන් ටික දාගන්න.
- දැන් පොඩි නිවිති කොළ සහ රස අනුව ලුණු ගම්මිරිස්කුඩු එකතු කරන්න. මේකටම හෙවි ක්‍රීම් එකතු කර තම්බාගත් පැස්ටා ටික එකතු කරලා පාමසාන් චීස් දාන්න.
- හොඳට කලවම් කරගෙන කෑමට පිළිගන්වන්න.
7. ලෙමන් බටර් චිකන් පැස්ටා
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු අයින් කරගත් චිකන් 250g
- පැස්ටා 500g
- කපාගත් බී ළූණු ටිකක්
- බටර් මේස හැඳි 2
- චොප් කරගත් සුදු ළූණු
- කරාබුනැටි
- ගම්මිරිස්කුඩු හා ලුණුකුඩු
- කෑලි මිරිස් තේ හැන්දක්
- ලෙමන් ගෙඩියක යුෂ
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්පයක්
- වතුර කෝප්පයක්
- බේබි ස්පිනැච් ටිකක්
- පාමසාන් චීස්
- පෑන් එකට බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි දාලා චිකන් ටික දාගන්න.
- ෆ්‍රයි උනාම ඒකෙන් අයින් කරලා වෙන භාජනයකට බටර් ටිකක් දාලා ඒකට කපාගත් ළූණු ටික දාගන්න. ඒකට චොප් කරගත් සුදු ළූණු ටිකත් දාලා කරාබු නැට්ටක් දාන්න.ලෙමන් යුෂ එකතු කරන්න.
- කෑලි මිරිස්, ගම්මිරිස්කුඩු ටිකක් මේකටම දාගන්න දැන් මේ මිශ්‍රණයට වතුර කෝප්ප දෙකක් එක්ක ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්පයක් එකතු කරන්න.
- දැන් මේකට පොඩි නිවිති කොළ ටික දාගන්න.
- ඊටපස්සෙ ෆ්‍රයි උන චිකන් ටික දාගෙන තම්බගත්තු පැස්ටා ටික එකතු කරන්න. මේකටම පාමසාන් චීස් මේස හැඳි 2කුත් දාලා කලවම් කරන්න.
Leave a Reply