ස්මාට්ෆෝන් එකක් නැති මිනිස්සු නැති තරම්. ඒ ස්මාට්ෆෝන් එකේ වට්ස්ඇප්, ටෙලිග්‍රම්, වයිබර්, මෙසෙන්ජර් නැති මිනිස්සු නැති තරම්. ඒ චැට් සර්විස්වල ගෘප් චැට් නොකරන මිනිස්සු නැති තරම්. අන්න එහෙම ඈයො වැඩිපුරම ඉන්න ගෘප් චැට් ටිකක් ගැනයි මේ කියන්න යන්නෙ. මෙහෙම කිවුව කියල හෙල්ලිල යන්නෙපා. ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිල්ල ඔයා ඉන්නවද මේකක? කියල ඇහුවොත් පිස්සුද මයෙ සුදු අම්මි කියල ෂේප් වෙන එක ඔයාගෙ වැඩක්. හැබැයි මෙහෙම ඇක්ටිවු චැට් ගෘප් තියෙනවනං ඔයත් ආතල් එකේ ඉන්න ඩයල් එකක් කියල කියන්න පුළුවන්.
1. ඔෆිස්
මේ චැට් ගෘප් එකේ පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන. මොකද මේකෙ බොසා ඉන්නව. බොසා නැතත් බොසාට ගොට්ට අල්ලන උන් ඉන්නව. අන්න ඒ නිසා කියන දේවල් දුර දිග හිතලා කිරලා මැනලා කියන්න ඕන. හැබැයි ඔෆිස් බුවාලගෙ පොලිටික්ස් හොඳින්ම දැනගන්න පුළුවන් තැනක් තමයි මේ චැට් ගෘප් කියන්නෙ. මොකද අපේ ඈයො තමුන්ට ලද අවස්ථාවෙන් අනෙකාට බැට දෙන්න සැදී පැහැදී ඉන්නවනෙ. අන්න ඒ නිසා මොලේ කල්පනා කරලා චැට් ගෘප්වල ඉන්න ඈයොන්ට අවුල් තැවුල් ඉක්මනින් තේරෙනව. ඒ වගේම අපි අතරෙ ඉන්න සමහරු ටොයිං ටොයිං ගෘප්වලට ෂෙයා කරන්න තියෙන සමහරක් වීඩියෝ වැරදිලා ඔෆිස් ගෘප් එකට දාලා චාටර් වෙලත් තියෙනවා. නම් ගම් ටැග් කරන්න යන්නෙපා ඉතිං!
2. කසින්ස්
නෑදෑ ප්රාණියොන්ගෙන් අවුලක් නැතුව ආශ්‍රය කරන්න පුළුවන් කට්ටිය ඉන්නෙ සීමිත ප්‍රමාණයක්. බොහෝමයක් නයි පැටවු ඉතිං පිය මවු පාර්ශවවල ආර අරගන්න නිසා කතා බහ කරන්න වෙන්නෙ ෂේප් එකේනෙ. නැත්තං ඉතිං චැට් එකේ කියන දේවල් පහුවදාට අම්මගෙ කනට ඇවිත් තියෙයි. අන්න ඒ නිසා එසේ නොවන හොඳ නෑදෑ ප්‍රාණියො ටික විතරක් එකතු කරලා හදන ගෘප් චැට් කියන්නෙ ආතල් ගුහාවල්. මහ නෑයොන්ට බැනලා, උන්දැලගෙ වැරදිවලට හිනා වෙලා, ගන්න ආතල් ඔය ෆේස්බුක්වල මීම් ෂෙයා කරලා ගන්න බෑ. අන්න ඒ නිසා ඔයත් ආතල් නෑදෑ චැට් ගෘප් එකක සිටිය යුතුමයි.
3. බෙබා
බෙබ්ස්ලා කියා පොෂ් ලෙසින් හඳුන්වන බේබද්දොන්ටත් තියෙනව බේබදු ගෘප්. මෙවුව තමයි අම්මලා, වයිෆ්ලා, ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා නොදැකිය යුතු ගෘප්. මගෙ අම්මේ කලින් දවසෙ බීපු හැටි, බීපු ප්‍රමාණ, වමනෙ දාන ෆොටෝ, කවන ෆොටෝ, නටන ෆොටෝ, බීලා ඉන්න ගමන් කියපු කතා, ආයෙ බොන්න ඉන්න දවස්, පාටියට කීය ගාණ ෂෙයා කරනවද කියල කියපු ගණං, බොන්න ඉඩක් නැති නිසා වයිෆ්ලට බැනපුවා, ගර්ල්ෆ්‍රෙන්ඩ්ව අතාරින්න දීපු ප්‍රතිඥා ඇතුළු එකී මෙකී නොකී සියළු දෑ තියෙනව මෙතන. ඉතිං මෙහෙම දෙයක් මම අර මුලින් කිවුව අම්මට හරි, වයිෆ්ට හරි, ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි සෙට් වුනා කියන්නෙ බඩු බනිස්නෙ.
4. විනෝදාංශ
ඔය අතරෙ විනෝදාංශ කරන බුවාලටත් තියෙනව ගෘප්. මුලින් කියපු එකත් විනෝදාංශ කැටගරියට අයිති නොවුනට ඒකත් මේ ලෝකෙ පරණම විනෝදාංශයක්නෙ. හැබැයි ඉතිං විනෝදාංශ කියල හඳුන්වන වැඩි කතාබහක් සිද්ධ විය යුතු ගෘප් තියෙනව. උදාහරණෙකට ෆොටෝග්‍රැෆි කරන අයගෙ ගෘප්. එහෙමත් නැත්තං ට්‍රැවල් කරන අයගෙ ගෘප්. අර කන්දට හයික් යන්නෙ කවද්ද? යන්න හොඳ නැත්තෙ කවද්ද? යද්දි අරං යන්නෝන මොනාද? එහෙදි මොනවද දකින්න පුළුවන්? එහෙට යද්දි ගෙනියන්න හොඳ ලෙන්ස් මොනවද? පින්න නිසා ලෙන්ස් එකේ ආරක්ෂාවට මොකද කරන්න ඕන වගේ ප්‍රශ්න කතාවෙන්න මේ වගේ ගෘප් මරු.
5. ඉස්කෝල
බොහෝදෙනෙකුට ඉස්කෝලෙ ඈයො එකතු වෙලා හදාගන්න මේ වගේ චැට් ගෘප් එකකුත් තියෙනව. මේවයෙ බොහෝවිට කතාවෙන්නෙ නොස්ටැල්ජික් සටහන් නොහොත් අතීතකාමරේ සුන්දර මතක. ඒ කාලෙ හිතිං බැන බැන දහ දුක් විඳගෙන කරපුවා දිහා හොඳටම සතුටෙන් හිනා වෙවී බලන්න පුළුවන් තැනක් තමයි මේ. ඊට අමතරව ඔය ඕල්ඩ් බෝයි මීටින්, බිග් මැච් ටීෂර්ට් එහෙම විකුණගන්නත් මේ තැන් බොහෝමයක් දෙනා පාවිච්චි කරනව.
6. අම්මලා ගෲප්
බොහෝදෙනෙක් නොදන්නව වුනාට අම්මලා ගෘප් කියලත් දෙයක් තියෙනව මේ ලෝකෙ. ඉන්නෙ අම්මලා. ෆේක් එකවුන්ට් හදාගෙන තාත්තලාත් ඉන්න පුළුවන්. හැබැයි එයාලගෙ යටි අරමුණු ඉටු කරගන්න මේවයෙ තැනක් නෑ. මේවයෙ කරන්න පුළුවන් දරුවොන්ගෙ අවුල් ගැන කතා කරන්න විතරයි. දරුවට හදිස්සියට කන්න මොනවද හදල දුන්නෙ? දත් ආවෙ මොන වයසෙන්ද? දුව තාම අකුරු නොකියන එක ඕකේද ඇතුළු අටෝරාසියක් ප්‍රශ්නවලට එතන විශේෂඥ සහ අත්දැකීමෙන් දෙන උත්තර තියෙනවා. ඇත්තටම එහෙම දෙයක් නං හැම අලුත් දෙමවුපියෙක්ටම වටිනවා.
7. ඩිස්ඩිඩිං
මේන්න ගෙනවා වැදගත්ම ගෘප් එක. මෙවුව හැදුවෙ කවුද? මෙවුවට දේවල් දාන්නෙ කවුද කියල හොයල වැඩක් නෑ. හැමෝම වගේ රහසින් හෝ මෙහෙම ගෘප් එකක ඉන්න එක නවත්තන්න විදියකුත් නෑ. මෙහෙම ගෘප්වල දේශිය වශයෙන් වැදගත් වෙන සියළු අසැබි දර්ශන සහිත වීඩියෝ, ඕඩියෝ සහ ෆොටෝ සංසරණය වෙනවා. ඉතිං සීයෙ ඇයි? කිය කිය හොයන්න දෙයක් නෑ, හැම දේම ලඟට ගෙනත් දෙන දේවතාවො වගේ ජාතියක් තමයි මේවයෙ ඉන්නෙ.
Leave a Reply