රෙදි කන්දක් ගොඩ ගැහිලා, හෝදන්න මැසිමකුත් නැත්තම් ඉබේම අපිට හිතෙනවා. “දෙයියනේ මොකටද මිනිස්සු ඇඳුම් අඳින්න ගත්තේ” කියලා. ඒත් රෙදි අඳින්නේ නැතුව ඉන්න බැහැ නේ. කොහොමහරි හෝදගන්නත් ඕනි නේ. ව්‍යායාමය සහ වෙන හේතු පිට මැෂිමක් ගන්නේ නැතුව හිටියත් ඔන්න වැස්සක් එහෙම ආවම රෙදි හේදුවට වේලාගන්න විදියක් නැති වෙනවා. වොෂින් මැෂින් එකක් තියෙන අයටත් අලුත් එකකට යන්න නොයෙක් හේතු එනවා. නිතර ලෙඩ දෙන, හරියට හේදෙන් නැති, සෑහෙන පරණ, කරන්ට් එක පුච්චන මැෂිමක හිමි කාරයෙක් නම් ඒ අය ආසයි අලුත් රෙදි සෝදන මැෂිමකට යන්න. ඉතින් අපි බලමු රෙදි හෝදන මැෂිම ගන්න කලින් බලන්න ඕනි දේවල්.
1. ගෙදර තියෙන ලෝඩ් එක

Image Source – popularmechanics.com
රෙදි සෝදන මැෂින් තියෙනවා කිලෝ 6 ඉඳන්. කිලෝ 6 යන්ත්‍රය සාමාන්‍යයෙන් දෙන්නෙක් ගේ රෙදි හෝදගන්න ඇති. කිලෝ 8 දරුවෝ තුන්හතර දෙනෙක් ඉන්න පවුලකට ඇති. ඒ අනුව සාමාන්‍ය රෙදි හේදීමකට කිලෝ 7 යන්ත්‍රයක් ගැලපෙනවා.
2. මැෂින් ටයිප් එක
වොෂින් මැෂින් මූලිකව වර්ග දෙකයි. උඩින් රෙදි දාන ටයිප් එක ටොප් ලෝඩ්, ඉස්සරහින් රෙදි දාන ටයිප් එක ෆ්‍රන්ට් ලෝඩ් එක. උඩින් රෙදි දාන එකේ වර්ග දෙකයි. ෆුලි ඔටෝමැටික් සහ සෙමි ඔටෝ කියලා. සෙමි ඔටෝ එකේ රෙදි ටික හේදුනාට පස්සෙ වේලාගන්න වෙනම කුටීරයකට දාන්න ඕනි. මැෂින් තුනෙන් පහසුව අතින් නම් ෆුලි ඔටෝ මැෂින් ලේසියි. ඒ වගේම රෙදි සේදීම කොලිටිය අතින් නම් ෆ්රන්ට් ලෝඩ් මැෂිම ඉස්සරහින් ඉන්නවා.
3. විදුලිය ජලය පිරිමැස්ම
ඉස්සරහින් රෙදි දාන්න තියෙන ෆ්‍රන්ට් ලෝඩ් මැෂිමට විදුලිය යන්නේ අඩුවෙන්. ඒ වගේම ජලය අඩු ප්‍රමාණයකින් රෙදි හෝදන්නත් මේ මැෂිමට පුළුවන්. උඩින් රෙදි දාන අපේ ගොඩක් ගෙවල තියෙන වොෂින් මැෂිමට ටිකක් විදුලිය යනවා වැඩියි. වොෂින් මැෂින් වල වෙළඳ නාමය සහ මාදිලිය අනුවත් විදුලිය පිච්චෙන ප්‍රමාණ වෙනස් වෙනවා. දැන් නම් එනර්ජි ස්ටාර්ස් අනුව අපිට බලාගන්න පුළුවන් හොඳටම විදුලිය පිරිමහින මොඩල් මොනවාද කියලා.
4. කල්පැවැත්ම සහ නඩත්තුව

Image Source – consumerreports.org
වොෂින් මැෂිම කියන්නේ පාවිච්චි කරනකොට ඇතුළ ලොකුවට චලනය වන උපකරණයක්. හොඳ නමගිය වොෂින් මැෂින් මාදිලි නම් ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ අපිට නම් දැන් දේශීයව නිපදවපු වොෂින් මැෂින් ජාතිත් තියෙනවා. දේශීයව නිපදවපු දම්රෝ වගේ වොෂින් මැෂින් රට ඒවා තරම්ම හැඩ නැහැ. ඒත් ලංකාවේ හදන නිසා මැෂිමේ අලුත්වැඩියා කටයුත්තක් ආවොත් පාට්ස් හොයාගන්න වගේම ලේසියෙන් හදාගන්නත් පුළුවන් කම ලැබෙනවා.
5. මිල සැසඳීම
මිල කියන්නේ අපට තියෙන ලොකු ප්‍රශ්නයක් නෙ. කොච්චර හොඳ මැෂිමක් වුනත් ඉතින් ලක්ෂ ගාණක් වෙනවා නම් අපි ගොඩක් දෙනෙක්ට ඒවා ගන්න අමාරුයි. ඉස්සරහින් රෙදි දාන ෆ්රන්ට් ලෝඩ් මැෂිම කාර්යක්ෂමතාවයෙන් වැඩියි. ඒත් ඇමරිකාවේ පවා තවමත් බහුතර ගෙවල් වල තියෙන්නේ උඩින් රෙදි දාන මැෂින්ම තමයි. මොකද ටොප් ලෝඩ් වොෂින් මැෂිම ඇමරිකාවෙත් ෆ්රන්ට් ලෝඩ් මැෂිමට වඩා ලාබයි. දැන් කාලේ නම් සෙමි ඔටෝ හෙවත් අපි රෙදි වේලගන්න වෙනම කුටියකට දාන මැෂිම ගන්න එක තේරුමක් නැහැ වගේ. මොකද දාහේ කොළ කීපයක වෙනසක් විතරයි සෙමි සහ ෆුල් ඔටෝ මැෂින් අතර තියෙන්නේ. මිල ගැන කියද්දි පහසු ගෙවීමේ ක්‍රමයට සහ කාඩ් වලින් ගෙවන්න පහසුව ගැනත් ටිකක් හොයල බලන එක වටිනවා.
6. මැෂිමේ තියෙන ඔප්ෂන්ස්

Image Source – ishopping.pk
දැන් හැම යන්ත්‍රයක්ම ස්මාට් වෙලා. නමගිය බ්‍රෑන්ඩ් වල වොෂින් මැෂිනුත් දැන් ස්මාට් වෙලා තියෙනවා. ඒ වගේම ඔෆිස් ඇඳුම්, සොෆ්ට් ඇඳුම් අනුව මැෂිමේ සෙටින්ග්ස් අතින් වෙනස් කරන්න ඕනි නැහැ කෙලින්ම ඒ අදාළ තනි බොත්තම් වලින් අපේ ඇඳුම් අනුව සෙටින්ග්ස් ටික වෙනස් කරගන්න මැෂින් දැන් තියෙනවා. ශෝ රූම් එකකට ගියාම වොෂින් මැෂින් ගොඩක් තියෙනවා. ඒ එක එක ඒවයෙ තියෙන අමතර පහසුකම් ගැන අපිට ඒ ඒ වෙළඳ සැල් වල ඉන්න සේවකයින්ගෙන් අහලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා.
7. ඉන්ස්ටෝල් කරන තැන

Image Source – youtube.com
වොෂින් මැෂින් එකක් කියන්නේ ටිකක් වැඩිපුර ඇම්පියර් ගාණක් අවශ්‍ය වෙන යන්ත්‍රයක් නිසා එයට ගැලපෙන විදුලි සැපයුමක් තියෙන තැනක් යොදාගන්න වෙනවා. ඒ වගේම වොෂින් මැෂින් එක සෙට් කරන තැනට වතුර ලයින් එකක් තියෙන්නත් ඕනි. ගොඩක් වෙලාවට ලස්සන ගෙදරක් ගැන හිතන අය ටිකක් කුස්සියට, නානකාමරයට කිට්ටු තැනක වොෂින් මැෂින් එක ඉන්ස්ටෝල් කරනවා. ඒ වගේම ගෙදර ඒ තැනට ගැලපෙන පාට සහ සයිස් එක තෝරාගන්නත් වොෂින් මැෂින් එකක් ගනිද්දි සැලකිලිමත් වෙන්න ඕනා.
වොෂින් මැෂින් එකක් කියන්නේ දැන් නම් ඉස්සර වගේ ලොකු මැජික්ස් එකක් නෙමෙයි. ගොඩක් ගමේ ගෙවල් වල පවා විදුලිය තියෙනවා නම් වොෂින් මැෂින් එකක් තියෙනවා. ඉතින් තියෙන වොෂින් මැෂින් එක එක අලුත් කරන්න හරි අලුතින් එකක් ගන්න හරි අදහසක් තියෙන කෙනෙක්ට මේ ටිප්ස් ටික බොහොම වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේ අයට පේන්නත් එක්ක ඔයාල මේ වොෂින් මැෂින් පෝස්ට් එක ෂෙයා කරගෙන යන්න අමතක කරන්න එපා.
Leave a Reply