අපි පොඩි කාලෙ බලපු කාටුන් වල ආස හිතෙන කපල් 7ක්

කාටුන් කිව්වම ඉතින් ඉස්සර අපිට වෙන වැඩක් නැති තරම්නේ. ඒ තරම් අපි කාටුන් වලට ඇබ්බැහි වෙලා වගේ උන්නෙ. අද අපි කියන්නෙ 90 දශකයේ ඉපදුණ අය අතර ගොඩක් ජනප්‍රිය වුන කාටුන් වල හිටපු කපල් ටිකක් ගැනයි.

 

1. දඟයා හා මාග්‍රට්

Image Source – giphy.com

අපි කොයි කවුරුත් ආසාවෙන් බලපු කාටූන් එකක්නෙ දඟයා කියන්නෙ. ඒකෙ ඉන්න ප්‍රධාන චරිතේ උන දඟයා ඇතුළු පොඩ්ඩා, මාග්‍රට්, රතු ඇස්කොට් කියන්නෙ ඒ කාලේ අපේ කාටුන් ලෝකේ ප්‍රමුඛයො.

මේකේ දඟයා කියන්නෙ ලෝක අණ්ඩයා. කරන කියන වැඩ ඉතිං විල්සන් නැන්දා ඉවසුවට විල්සන් මාමට නම් දිරවන්නෙම නෑ. මේ අතරේ දඟයට ලයින් දාගෙන එන්නෙ මාග්‍රට් තමා. පියරු නාගෙන ඉන්න මාග්‍රට්ව නම් දඟයට අල්ලන්නෙම නෑ. හැබැයි ඒ අඩුව පුරවන්න තමයි පොඩ්ඩා ඉන්නෙ. මාග්‍රට් යාලුවොත් එක්ක දඟයා එන එන තැනට එනවා. මාග්‍රට් නම් හරි ආසයි දඟයට හාද්දක් දෙන්න. ඒත් ඉතින් ඒ හාද්ද ලැබෙන්නෙ හැමදාම දඟයා පොකට් එකේ දාගෙන ඉන්න ගෙඹි රාළගෙන් තමයි. ඒ වගේම දඟයගෙ අම්මටයි තාත්තාටයි දඟයා ගැන පැමිණිලි ගොඩායි. මේ වගේ ලස්සන සිදුවීම් අතරෙ ගලාගෙන ගිය හුරුබුහුටි කාටුන් අපි ආයෙ කවදා බලන්නද නෙහ්?

 

2. ගුරුතුමී සහ පැංචාගෙ තාත්තා

Image Source – twitter.com

සෙනසුරාදා උදේ අට වෙනකොට වරද්දන්නෙ නැතුව ටීවී එක ඉස්සරහට එන්නෙ පැංචා බලන්නනේ. මේකෙ අපි හැමදාම එකතු වෙයි කියලා බලන් ඉන්න දෙන්නෙක් තමයි පැංචගෙ තාත්තායි ගුරුතුමීයි කියන්නෙ. අනේ ඒක කවදාවත් උනේ නෑ. ඉතින් ඒ උනාට පැංචාගෙ තාත්තත් ගුරුතුමීත් එකිනෙකාට කැමතියි. පුංචි පැංචාත් ඉතින් හරී කැමතිලු ගුරුතුමීට. මොකද එයා හරි හොඳයිනේ. අම්මත් නැතුව ඉන්න පැංචාට ගුරුතුමීත් හරිම ආදරෙයි.

එයාලා ඉන්නෙ හරි ලස්සන ගස් බෙනේක හදපු ගෙදරක. ඒ වගේම එයාලගෙ වතුරෙ යන වාහනේ. මේවා ඒ කාලෙ අපිව හීන ලෝක වල තියාගෙන හිටියේ. හරිම ලස්සන කතාවක්නෙ මේකෙ යන්නේ. හැබැයි දුකට කාරණේ කාටුන් එක ඉවර වෙනකල්වත් මේ ඩබල එකතු උනේ නම් නෑ.

 

3. බොරලු හා විමලා

Image Source – closerweekly.com

ගිරිපුර ඇත්තෝ කතාවේ බොරලුයි විමලයි කියන්නෙ ඉතින් ගොඩක් ෆේමස් දෙන්නෙක්නේ. මේක ගල් වලින් හැදුණු කතාවක් කිව්වොත් ගොඩක් නිවැරදියි. හැමදෙයක්ම ගල් වලින්. මේ ගමේ ගෙදරක තමයි මේ බොරලුයි විමලයි පදිංචි වෙලා ඉන්නෙ. මෙයාලගෙ යාලුවො තමයි ඩොටී හා ගල්පාත කියන්නෙ. ඩොටීටයි විමලටයි හැමදාම ඕනෙ තමන්ගෙ හස්බන්ඩ්ලට වඩා ටිකක් හරි ඉදිරියෙන් ඉන්න. ඒකට මෙයාලා නොකරන දෙයක් නෑ. ඒත් මෙයාලා හරි සමඟියෙන් මේ ගමේ ඉන්නවා. බොරලු නම් කරන තරමක් කරන්නෙ ගොන් වැඩම තමා. විමලටත් සද්දේ දානවා ඉතින්. කොහොමහරි මේ දෙන්නා ගල්පාත ෆැමිලි එකත් එක්ක ජීවත් වෙන එක තමා මේ කාටුන් එකෙන් කියවෙන්නෙ.

 

4. හැලයා සීදේවී

Image Source – giphy.com

කාටූන් ලෝකේ හොඳම ස්වාමිපුරුෂයා ඉන්නෙ පැංචා කතාවෙ තමයි. ඒ කියන්නෙ අපේ දන්න නමින් කිව්වොත් හැලයා. සීදේවිගෙ හස්බන්ඩා වෙන හැලයා එක්ක සීදේවි එකතු වෙලා පැංචා ඇතුළු යාලුවන්ව ගොදුරු කරගන්න තමයි මේ දෙන්න ට්‍රයි කරන්නෙ. මේ ගොල්ලො කිඹුල් පවුලක්. හැමදාම ගහන ප්ලෑන් අසාර්ථක උනත් සීදේවී හැලයටත්, හැලයා සීදේවිටත් හැමදාම ඉන්නවා. රණ්ඩු වෙවී ගහ මරාගෙන හරි හැලයා මේ හැම එකම ඉවසා වදාරගෙන ඉන්නෙ සීදේවිට ආදරේ නිසාමයි. මේ දෙන්න දිහා බැලුවම අද කාලේ සමහර පෙම්‍ යුවලවල් එහෙමත් ඉනන්වා ඒ වගේ.

 

5. ජිම්පප්පා හා මල්කුමාරි

Image Source – asterix.fandom.com

සූර පප්පා කාටූන් එක මතක් කරනකොටත් ආසයි නේද? අපි කොච්චර ආසාවෙන් ඒක බැලුවද ඒ කාලේ. මේකේ ඉතින් මුළු කතාවම යන්නෙ සූර පප්පයි ජිම් පප්පයි එකතු වෙලා රෝමන් කාරයන්ට ගහන ඒවමනෙ. හැබැයි ඒ අතරෙ ජිම් පප්පාට සෙට් වෙනවා කෑල්ලක්. ඒ තමා මල් කුමාරි. අනේ පප්පා ගමේ හැමෝම ආදරෙයි මල් කුමාරිට. මල් කුමාරයා තමා ගොඩක්ම ඉතින්. ඒත් මල් කුමාරි ආදරේ ජිම් පප්පට. ජිම් පප්පත් ඉතින් ආස නැත්තෙ නෑ. එයත් ටොයින් ටොයින්ග්. හැබැයි කොල්ලා වැඩිපුරම ලව් චූටි කුකූටයි වල් ඌරන්ටයි තමා. මල් කුමාරිලව වහල් වෙළෙඳාමට අරන් ගිහින් විකුණනකොට ජිමා තමයි ගිහින් බේරගන්නෙ. අරිෂ්ටෙ නැතුව ගේමට බහින පප්පා ගමේ එකම එක්කෙනානේ. ඉතින් මල් කුමාරි හෙන ලව්. ජිම් පප්පාත් ඉතින් මල් එහෙම ගෙනිහින් දෙන්න අමතක කරන්නෙ නෑ. ඉඳලා හිටලා සූර පප්පා මේ ලව් එකට උදැල්ල දාන්නත් එනවා. ඔහොම තමා ඒ ස්ටෝරි එක ගියේ.

 

6. වලස් මාමා හා වලස් නැන්දා

Image Source – youtu.be

කාටුන් ලෝකෙ තවත් ප්‍රසිද්ධ කපල් එකක් තමයි මේ. කොයිවෙලෙත් රණ්ඩු වෙවී ඉන්න මේ දෙන්නාගෙ වැඩ හබක් වෙන්නෙ වලස් මාමගෙ තියන පණ්ඩිතකම හින්දමයි. මේ නිසා මෙයාලගෙ පුංචි පුතත් හරි අපහසුතාවයට පත් වෙන වාර එමටයි. මේ වලස් පවුල කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න හැදුවට එයාලට තමයි හැමවෙලේම කරදර එන්නෙ. ඒ ඉතින් එයාලා කරන ගොන් වැඩ හින්දම තමා. මේ කාටුන් එකේ ප්‍රසිද්ධ සින්දුව ඔයාල කවුරුත් දන්නවා ඇතිනේ?

 

කවුරුද කවුරුද රණ්ඩු කරන්නේ

නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ

මාමා… වලස් මාමා… නැන්දා… වලස් නැන්දා…

 

7. කූඹිච්චී හා කුරුකුරූ

කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි…

මේක ඇහෙනකොට කොහෙ හිටියත් ඉතින් ටීවි එක ඉස්සරහට දුවගෙන එනවා අපි. මේක කූඹි ගමක් වටා ගෙතුණු කතාවක්. මේකෙ කූඹිච්චි තමා අපේ හිතවතිය. හරිම හොඳයි. එයා හැමවෙලේම අනිත් අයට උදව් කරගෙන ඉන්නෙ. කූඹි ගමේ බල්ලොත් ඉතින් කූඹිම තමා. ඔය අතරේ තමා කුරු කුරු මේ ගමට එන්නෙ. අදටත් හිතාගන්න බැරි ප්‍රශ්නේ මේ කුරුකුරු ගෑණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා. ඒ කොහොම උනත් කුරුකුරුවා ලයින් කූඹිච්චිට. එයා ප්‍රසිද්ධ නළුවෙක්ලුනේ. අනේ ඉතින් කූඹිච්චිට නම් ගාණක්වත් නෑ ඒ ගැන. කුරු කුරු දන්න වැඩකෑලි ඔක්කොම කූඹිච්චි ඉස්සරහ දානවා එයාගෙ හිත දිනාගන්න. ඇත්තටම එතන යන්නෙ ඒකපාර්ශ්වික ආදරයක් වගේ. කොහොමහරි කුරුකුරු, කූඹිච්චි ලව් එක ගෑවී නොගෑවී වගේ මේ කාටුන් එකේ යන්නෙ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *