රස වෑහෙන පුඩිං වර්ග 7කට රෙසිපි මෙන්න

කටට රසට කන්න කැමති අයට රසම රසට පැණි බේරෙන, කිරි රසට ආදී මෙකී නොකී හැම විදියටම හදාගන්න පුළුවන් පුඩින් රෙසිපි ටිකක් ගෙනාවා ඔන්න. ලේසි ද්‍රව්‍ය ටිකක් අරගෙන ඉක්මනින්ම හදාගන්න පුළුවන් මේ හැම රෙසිපි එකක්ම. ට්‍රයි කරලා බලන්නකො එහෙනම්…

 

1. ෆෘට් පුඩින්

Image Source – macheesmo.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කිරි කෝප්ප 3
  2. ජෙලටින් තේ හැඳි 4
  3. විපින් ක්‍රීම් කෝප්ප 1
  4. වැනිලා තේ හැන්දක් පමණ
  5. ස්ට්‍රෝබෙරි කැබලි, අන්නාසි කැබලි, බ්ලූබෙරි, ප්ලම්ස්, ඇපල්, මිදි

 

  • මුලින්ම ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න.
  • කිරි ටිකට වැනිලා එකතු කරලා ඒකට බීට් කරගත් විපින් ක්‍රීම් එකතු කරගන්න.
  • දැන් මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාගන්න.
  • හොඳට සෙට් උනාම උඩින් පලතුරු කෑලි ටික දාලා ලස්සනට සරසගන්න.

 

2. පාන් පුඩින්

Image Source – livewellbakeoften.com

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. වාටි ඉවත් කළ පාන් පෙති ටිකක්
  2. කිරි කෝප්ප 4
  3. බිත්තර 4
  4. සීනි
  5. වැනිලා
  6. ඩ්‍රෙසින් එකට කජු හා ප්ලම්ස්

 

  • මුලින්ම සීනි, බිත්තර සහ කිරි බීට් කරගන්න.
  • ඒකට සාමාන්‍ය සයිස් කෑලි කඩාගත් පාන් එකතු කරන්න.
  • ඒකට වැනිලා එක්කරගන්න.
  • කිරි එකතු කළාම පාන් වලට උඩින් කිරි එන්න ඕනේ. ඒක තමා හරි විදිය.
  • දැන් කජු හා ප්ලම්ස් උඩින් දාලා අංශක 180°ට විනාඩි 20ක් විතර බේක් කරගන්න.

 

3. කැරමල් පුඩින්

Image Source – runawayrice.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කිරි කෝප්ප 2 1/4
  2. බිත්තර 4
  3. සීනි මේසහැඳි 6
  4. සුවඳ කුඩු ටිකක්
  5. වැනිලා තේ හැන්දක්
  6. කැරමල් එක සඳහා සීනි මේස හැඳි 5ක්

 

  • මුලින්ම භාජනයක් ලිප තියලා සීනි මේසභැඳි 5ක් දාලා කැරමල් එක හදාගන්න.
  • ඒ කැරමල් ටික පුඩින් හදන භාජනේ අඩියට දාගන්න.
  • ඊට පස්සෙ භාජනයකට කිරි ටික දාලා, බිත්තර, සුවඳ කුඩු හා සීනි කලවම් කරලා විස්ක් කරගන්න. නැත්තන් බ්ලෙන්ඩ් කරගන්න
  • මේක කැරමල් දාපු භාජනයට දාලා විනාඩි 40ක් විතර ස්ටීම් කරගන්න.
  • නැත්තන් අංශක 180°ට රත්කළ අවන් එකේ විනාඩි 30ක් බේක් කරගන්න.

 

4. ජෙලි පුඩින්

Image Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාට තුනකින් ජෙලි පැකට්
  2. මිල්ක්මේඩ් 390 ml
  3. ජෙලටින් තේ හැඳි 6
  4. සීනි රස අනුව

 

  • ජෙලි පැකට් 3 වෙන වෙනම හදාගන්න. හැබැයි වෙනදා හදනකොට දාන වතුර ප්‍රමාණෙට වඩා කෝප්පයක් අඩුවෙන් හදාගන්න. ඒ කියන්නෙ පැකට් එකකට වතුර කෝප්ප 2ක් වගේ.
  • ඒ වගේ ඝනට හදාගත්තු ජෙලි ෆ්‍රිජ් එකේ දාන්න.
  • දැන් බෝල් එකක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක කඩලා දාගන්න.
  • ඒකෙන්ම වතුර කෝප්පයක් අරන් ඒකත් කලවම් කරන්න.
  • ජෙලටින් ටික ඩබල් බොයිල් කරලා කැටි නොගැහෙන්න කලවම් කරලා මේ කිරි එකට එකතු කරන්න. ඊටපස්සෙ ඔක්කොම කලවම් කරන්න.
  • දැන් ෆ්‍රිජ් එකේ දාපු ජෙලි ට්‍රේස් එලියට අරන් කොටුවට ජෙලි කෑලි කපාගන්න.
  • බටර් ගාගත් භාජනයකට ජෙලි කෑලි ලස්සනට අතුරලා ඊට උඩින් අර කිරි එක වක්කරලා ෆ්‍රිජ් එකට දාන්න සෙට් වෙන්න.

 

5. මාරි බිස්කට් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. මාරි බිස්කට් 200g පැකට් එකක්
  2. කිරි ටිකක්
  3. බටර් 50g
  4. අයිසින් ෂුගර් 200g
  5. චොක්ලට් පව්ඩර් මේස හැදි 2 ක් පමණ

 

  • මුලින්ම බෝල් එකක් ගන්න. බිස්කට් එකින් එක අරන් කිරි වල පොඟවලා බෝල් එකේ ඇතුළතින් එක ලේයර් එකක් අතුරගන්න.
  • ඊට පස්සෙ බටර්, අයිසින් ෂුගර්, චොක්ලට් පවුඩර් එකතු කරලා චොක්ලට් බටර් අයිසින් එක හදාගන්න.
  • ඉන්පසු අර බිස්කට් ලේයර් එකට උඩින් අයිසින් ලේයර් එකක් අතුරගන්න.
  • ඊට පස්සෙ ආයෙ කිරි වල පොඟවපු බිස්කට් ලේයර් එකක් දාගන්න.
  • ආයෙත් අයිසින් ලේයර් එකක් දාගන්න. ඒ වගෙ බෝල් එක පිරෙන්නම ලේයර්ස් දාගන්න.
  • අන්තිමට චොක්ලට් අයිසින් ගාගෙන ලන්ච් ශීට් එකකින් වහලා ෆ්‍රිජ් එකට දාගන්න.
  • කූල් උනාට පස්සෙ එළියට අරන් ලා රස්නෙ වතුර භාජනේක ටිකක් වෙලා දාගෙන ඉඳලා අනික් පැත්ත හරවන්න.

 

6. බනානා පුඩින්

Image Source – thecountrycook.net

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ඇම්බුන් වගේ කෙසෙල් ගෙඩි ටිකක්
  2. සීනි මේස හැඳි 4ක්
  3. දෙහි යුෂ ස්වල්පයක්
  4. බනානා එසන්ස්
  5. ජෙලටින් තේ හැඳි 3ක්
  6. කහපාට කලරින්
  7. විපින් ක්‍රීම්

 

  • මුලින්ම ඇම්බුන් ගෙඩි ටික පෙති කපලා සීනි හා දෙහි යුෂ දාලා රත්කරලා ටිකක් ස්ටූ කරගන්න.
  • ජෙලටින් තේ හැඳි 2ක් ඩබල් බොයිල් කරලා වතුර කෝප්ප බාගෙකට දාලා ඒකට බනානා එසන්ස් හා කහපාට කලරින් දාලා ජෙලි එකක් ගෙදරම හදාගන්න.
  • දැන් මේකට ස්ටූ කරගත්තු කෙසෙල් ටික දාගෙන ෆ්‍රිජ් එකේ දාන්න.
  • සෙට් උනාම එළියට අරන් විපින් ක්‍රීම් බීට් කර නොසල් එකකින් ඩ්‍රෙස් කරගන්න.

 

7. චොක්ලට් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කිරි කෝප්ප 3
  2. ජෙලටින් තේ හැඳි 5
  3. බිත්තර 3
  4. චොක්ලට් පව්ඩර් මේස හැඳි 2
  5. සීනි
  6. වැනිලා තේ හැඳි 2

 

  • මුලින්ම බිත්තර කහමද වලට සීනි එකතු කර ටිකක් බීට් කරගන්න. ඒකට කිරි ටික දාලා ලිපේ තියන්න.
  • ඒක උතුරනකොට චොක්ලට් පව්ඩර් දාලා කලවම් කරන්න.
  • ඉන්පසු ලිපෙන් බාගන්න.
  • ජෙලටින් ටික ඩබල් බොයිල් කරගන්න. කැටි නොගැහෙන්න හොඳට හැඳිගාන්න. මේකට වැනිලා ටිකකුත් එකතු කරන්න.
  • බිත්තර සුදු මද ටික හිම වගේ ඝන වෙනකල් බීට් කරගන්න.
  • සියල්ලම කිරි මිශ්‍රණයට කලවම් කරන්න.
  • මේක ෆ්‍රිජ් එකේ දාලා උඩින් චොක්ලට් ග්‍රේට් කරලා ඩ්‍රෙස් කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *